ඕට්ස් ආහාරයට ගැනීමෙන්

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ඕට්ස් ආහාරයට ගැනීමෙන්

    ඕට්ස් ආහාරයට ගැනීමෙන්

    ඔබට වඩාත් සොඳුරු සමක් හිමි වේවි
    ඕට්ස් සමේ ඇති වන ආසාදන අඩු වීමට බලපානවා. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න සමක් ඔබට ලබා දෙනවා. ඕට්ස් වල විටමින් සහ අනෙකුත් පෝෂණ ගුණ බහුලව අඩංගු වෙනවා. එහි අඩංගු සින්ක් සම පිරිසිඳු කිරීමටත්, සමේ විෂබීජ ඉවත් කිරීමටත් උපකාරී වෙනවා. සමේ සිදුරු හකුලා සමට තරුණ පෙනුමක් ලබා දෙනවා. ඕට්ස් වල අඩංගු යකඩ සමේ සෛල වලට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. ඕට්ස්හි අඩංගු වන මැන්ගනීස් රුධිර සංසරණය ප්‍රාණවත් කර, සමේ සෛල ප්‍රතිසංස්කරණය කරනවා.

    ඔබේ මස් පිඬු වලට ප්‍රෝටීන් ලැබීම වැඩි වෙනවා
    ඕට්ස් මේස හැඳි අටකින් ඔබේ සිරුරට දිනකට අවශ්‍ය ප්‍රෝටීන් වලින් 15%ක් ලැබෙනවා. ඕට්ස් වල අඩංගු ප්‍රෝටීන්, විටමින් E, ප්‍රතිඔක්සිකාරක සහ ග්ලූටමයින් ඔබේ මස් පිඬු වේගයෙන් ශක්තිමත් කරවනවා.

    ප්‍රතිඔක්සිකාරක මඟින් ප්‍රයෝජන රැසක් අත් කර දෙනවා
    ඕට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරකයන් බහුල ආහාරයක්. සමේ ඇති වන කැසීම්, අනෙකුත් ආසාදන සහ රුධිර පීඩනය සුවපත් කිරීමේ මනා හැකියාවක් මේ ප්‍රතිඔක්සිකාරක වල තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, එහි අඩංගු බීටා ග්ලුටන් විසින් රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරවනවා. ඕට්ස් සමඟ විටමින් C අඩංගු යමක් ආහාරයට ගැනීමෙන් මේ ප්‍රතිඵල ඉහල යනවා.
    උදා : ඕට්ස් සමඟ දොඩම් යුෂ වීදුරුවක්

    ඔබව ශක්තිමත් කරනවා
    ඕට්ස් වල කාබෝහයිඩ්රේට් යහමින් අඩංගු වන අතර, එය ඔබව ශක්තිමත් කරනවා. ඕට්ස් ආහාරයට ගැනීමෙන් පසු ඔබේ කුස පිරී යනවා. දිගු වෙලාවක් ගත වන තුරු ඔබට නැවත බඩගිනි වන්නේවත්, වෙනත් ආහාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතු වන්නේවත් නැහැ.

    ඔබේ සිරුරේ බර අඩු වෙනවා
    දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු වෙනවා. උදේ ආහාරය ලෙස ඕට්ස් ලබා ගැනීම නිසා දවස අතරතුර වෙනත් ආහාර ලබා ගැනීම සීමා වෙනවා. එමඟින් ඔබේ සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය සීමා වෙනවා. ඕට්ස් වල අඩංගු වන්නේ මන්දගාමී කාබෝහයිඩ්රේට්ය J. එය ඔබේ කුසගින්න පාලනය කරනවා.
    ඕට්ස් සිරුරේ සාමාන්‍ය රුධිර සීනි මට්ටම පවත්වාගෙන යාමට, පරිවෘත්තීය වේගවත් කිරීමට, ශරීරයේ මේදය හා විෂ ඉවත් කිරීමට හා අවශ්‍ය ප්‍රමාණයට වඩා ලෙස ආහාර ලබා ගැනීමේ පුරුද්දෙන් අපව මුදවාලීමට කටයුතු කරයි.

    කොලෙස්ටරෝල් අඩු වෙනවා
    ඔට්ස්හි අඩංගු beta-glucan තන්තු වර්ගය ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වෙනවා. ඕට්ස් වල ලිනොලයික් අම්ලය සහ තන්තු අඩංගු නිසා, ඒවා රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. ඕට්ස් ධමනි බිත්ති වලින් මේදය ඉවත් කර, හෘදයාබාධ සහ ආඝාතය වැනි බරපතල රෝග වැළඳීමේ අවදානමෙන් අපේ ශරීරය ආරක්ෂා කරනවා.

    හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරවනවා
    ඔට්ස්හි ඇති මේදය සෞඛ්‍යයට හිතකරය. හදවතේ සෛල වලට සහ රුධිර සංසරණය හිතකර බලපෑම් එල්ල කරනවා. ඕට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක නිසා රුධිර වාහිනී බිත්ති වලට සිදු වීමේ සම්භාවිතාව අඩු වෙනවා.

    ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් වෙනවා
    විශේෂඥයන් විසින් ඕට්ස් ග්‍රෑම් 25-35 දිනපතා ආහාරයට ගැනීම යෝජනා කර තිබෙනවා. මෙය ආහාර ජීර්ණය ක්‍රියාවලිය පහසු සඳහා උපකාරී වේ. දවසකට අපේ සිරුරට අවශ්‍ය යැයි නිර්දේශ කර තිබෙන තන්තු ප්‍රමාණයෙන් 1/5ක්ම ඕට්ස් වල අඩංගු වෙනවා. ඕට්ස් ඔබේ බඩවැල්වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යාමට ඔබට උදව් වෙනවා.



    Source-Facebook
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    oka pani rasata arenna wena hadaganna kramayak nedda ban? mama pani rasata asa ne :(


    යලුවෙක් දුන්නේ මචන් කොහෙන්ද කියල නම් දන්නේ නෑ, මට ටෙස්ට් කරන්න බෑරි උනා

    ඕට්ස් ඔම්ලට්


    අවශ්‍ය ද්‍රව්‍ය :
    නටන ජලය කෝප්ප 1 ක්
    ඕට්ස් අවශ්‍ය පමණ
    ලුණු
    බිත්තර 2 ක්
    හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි
    කපන ලද අමු මිරිස් කරල් 3 යි
    අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි
    සාදන ක්‍රමය :
    නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න.

    පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    hoda guna kamak...

    kanna tikak amaruy ne. :(

    thanks bokka

    Manna ganne Sunsol mango cocnut chia and greek yogurt eka..skim milk daala tikak rath karala blue berries tikakui strawberries tikakui dammama maru..udeta wadata yana gaman traffic eke kaka yanawa
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    oka pani rasata arenna wena hadaganna kramayak nedda ban? mama pani rasata asa ne :(

    කිරි ටිකකට ඇපල් හරි කෙසෙල්හරි පොඩියට කෑලි කපල ඕට්ස් කලවම් කරල හැන්දකින් කාපන්.
     
    • Like
    Reactions: Error365!

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    කිරි ටිකකට ඇපල් හරි කෙසෙල්හරි පොඩියට කෑලි කපල ඕට්ස් කලවම් කරල හැන්දකින් කාපන්.

    AI bn dried fruits ehema daapuwa nadda lankawe? plums berries wagew
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ


    යලුවෙක් දුන්නේ මචන් කොහෙන්ද කියල නම් දන්නේ නෑ, මට ටෙස්ට් කරන්න බෑරි උනා

    ඕට්ස් ඔම්ලට්


    අවශ්‍ය ද්‍රව්‍ය :
    නටන ජලය කෝප්ප 1 ක්
    ඕට්ස් අවශ්‍ය පමණ
    ලුණු
    බිත්තර 2 ක්
    හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි
    කපන ලද අමු මිරිස් කරල් 3 යි
    අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි
    සාදන ක්‍රමය :
    නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න.

    පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්.


    machan e widihen oats wala protein walata awulak wenne nathi weida?

    try karala balannam ban :) +++
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    යලුවෙක් දුන්නේ මචන් කොහෙන්ද කියල නම් දන්නේ නෑ, මට ටෙස්ට් කරන්න බෑරි උනා

    ඕට්ස් ඔම්ලට්


    අවශ්‍ය ද්‍රව්‍ය :
    නටන ජලය කෝප්ප 1 ක්
    ඕට්ස් අවශ්‍ය පමණ
    ලුණු
    බිත්තර 2 ක්
    හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි
    කපන ලද අමු මිරිස් කරල් 3 යි
    අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි
    සාදන ක්‍රමය :
    නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න.

    පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්.


    මේකෙන් නැතිවෙන කොලෙස්ටරෝල් ටික ආපහු ඇගට එයි මචන්:nerd::nerd: . රෙප් 18++
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    hamadama kanawa :):) , machan meka nisa mahath wenne na kiyanne athada ? , mage bara wadi wenne na oats kanna patan gatha dawase idan :(:(