අපි මෙහෙම තේරුම් ගමු.. විඤ්ඤාණයේ ස්වභාවය නම්,
"දූරංගම ඒක චරං
අසරිරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර භන්ධනා"
ඕකනෙ බුදු දහම පැහැදිලි කිරීම...
ජීවත් වීම හෝ නොවීම තීරනය කරන්නෙ විඤ්ඤාණය නෙමේ ''කර්ම විපාක''..කර්ම විපාකවලට අනුකූලව ජීවත් වෙන්ඩ පුලුවන් නම් සහ ජනන කර්මය බලවත් නම් ඖෂධ බලයෙන් මිනිස්සු ජිවත කරවන්ඩ පුලුවන් කියල,බලoගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවො පැහැදිලි කරල තියෙනව..


කර්මය පැත්තකින් තිබ්බොත්. විඤ්ඤාණය පවතින්නෙ අපේ ශරීරයෙ. විඤ්ඤාණය ශරීරයෙන් අයින් වෙච්ච ගමන් ශරීරයෙ ප්‍රාණය නැති වෙලා කඩා ගෙන වැටෙනවා.
කොහොම උනත් මවු කුසේදි විඤ්ඤාණය පැවතුනේ හදවතක් මොළයක් තියා කිසිම දෙයක් නොවැඩුන කළලයෙයි.




