අලුත් රටවල් වල සම්පත් පරිභෝජනය කරල තියෙන්නෙ කුඩා ප්‍රමානයක්. ජන ඝනත්වය අඩුයි, සම්පත් බෙදී යාම අඩුයි, ඒ අතරෙ අර පැරණි රටවල් වලින් සම්පත් සූරා කෑමත් කලා. විශාල ඉතිහාසයක් තියන රටවල් සම්පත් ගොඩක් බුක්ති විඳල ඉවරයි. ජණ ඝනත්වය වැඩියි. සම්පත් බෙදී යාම වැඩියි. ඇත්තම කිව්වොත් පරණ රාජ්‍ය වල ස්වර්ණමය යුගය ඉවරයි, ලංකාවේ ස්වර්ණමය යුගය තිබ්බේ මහා පරාක්‍රම බාහූ කාලයේ. ලෝකයේ දියුණුම රටක් සාපේක්ෂව. එතනින් පස්සෙ ලොකු දියුණුවක් නෑ. මොකද රට දියුණු වෙලා අතමිට සරු උනාමත් සම්පත් වැඩියෙන් පරිභෝජනය කරල ටික කාලයකින් නැවත පරිහානියට පත් වෙනව. ඇත්තම කිව්වොත් අලුත් රටවල් වල ස්වර්ණමය යුගය දැන්. ඔවුන් ඉන්නෙ පීක් එකේ. පැරණි රටවල් පීක් එක පහු කරල සහස්‍රයක් විතර ගිහින්. ඒ නිසා ඔවුන් අර පරන රටවල් වලින් පවා සූරා කෑමක් කරනව. ඒ වගේම තමයි ආගම් කියන දේ මතු වෙන්නෙ මිනිස්සු අසරණ උනාම. අර අලුත් රටවල මිනිස්සු තවම අසරණ නෑ. ඔවුන් ඉන්නෙ පීක් එකේ නිසා. ඒ නිසා ඔවුන්ට ආගමක අවශ්‍යතාවයක් නෑ. ඒත් ඔවුන් පීක් එක පහු කරල නැවත් ප්‍රශ්නකාරී යුගයකට ආවම ආයිත් ආගම් කියන දේ ජන සමාජයට එකතු වෙනව. ආගම් නැති නිසා ඒ රටවල් දිය්නුණුයි නෙමෙයි. ඒ රටවල් දියුණු නිසා ආගම් නෑ. පීක් එකේ නිසා ආගම් නෑ.