ඕනෑම ගනණක් මම ගෙවනවා

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
ඕනෑම ගනණක් මම ගෙවනවා

:oo:මම මේ කතාව ඉතා කෙටියෙන් කියන්නම්....

දුප්පත් නමුත් උගත් පවුලක් හිටියා. ඒ අය තමන්ගෙ එදිනෙදා ගෙදරට අවශ්ය බඩු ගත්තෙ ගේ ලඟ කඩෙන්. මාසෙ අන්තිමට රුපියල් පන්දහස් ගනනක බිලක් ගෙවන්න එකතුවෙල තිබුනා. නමුත් ඔවුන්ට එම මුදල එම මාසෙදි ගෙවීමට අපහසු වුනා. කඩෙ මුදලාලි පනිවිඩ පිට පනිවිඩ එවනවා ණය බේරන්න කියල. පසුව ගෙදරට ඇවිත් අදම මෙ මුදල ගෙවන ලෙස තර්ජනය කලා. නමුත් දුප්පත් පවුලට එම මාසයේ මුදල් තිබුනෙ නැහැ. ඔවුන් ලඟ සන්තකෙටම තිබුනෙ රුපියල් දහයක් විතරයි. මෙකත් අතේ තියගෙන ඒ රුපියල් දහයෙ නෝට්ටුව දිහා බලාගෙන කල්පනා කරමින් සිටි ගෙදර ලොක්කා යමක් එම නෝට්ටුවෙ සඳහන්ව තියෙනවා දැක්ක. වහාම එම රුපියල් දහයෙ නෝට්ටුව ගෙදර පොඩි එකාට දීල ගිහිල්ල කඩේ ණය ගෙවල එන්න ඔහු පිටත් කලා. දැන් ගෙදර අයටත් හොල්මන්....

මෙන්න ක්ෂනයකින් මුදලාලි එනවා අම්මා, මුත්තා ඇතුව කෑගහගෙන.
ගෙදර ලොක්කත් අත හැරියෙ නැහැ. අර රුපියල් දහය අරගෙන මුදලාලිට කිව්ව

" නිකන් මෝඩයෙක් වගේ කෑගහන්නෙ නැතුව බලපන් ඕකෙ මොකක්ද ලියල තියෙන්නෙ කියල "

මුදලාලි ඒක කියවල උඩ ගියා.... ඇත්ත නෙන්නම්..... මේ බලපල්ලකෝ......

"ශ්‍රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රි ලංකාව අතුලත ඕනෑම මුදල් ගනණක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය".

පිස්සු හැදෙන සඳ නේද ????


කවුරුවත් මේක දැකල තිබුනද ????


හොඳයිද මගේ සොයා ගැනීම ?????

හොඳනම් ඉතින්......... තැන්ක් you කිව්ව ඔන්න.
images
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අනේ බන් උබ අදද ඕක හොයාගත්තේ ? ඔහොම යන් එතකොට තව දේවල් උබම හොයාගනීවි