ඩොලර් හොයන්න තාරුගේ සැලසුම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    "අමාරු කාලය ඇවිත්"

    "මහා දිගකතාවක්"
    "ඒත් ලියන්නේ ඔබට ගන්න දෙයක් තිබුනොත් එකතු කරගන්න"

    හෙටදවසේ වයිමා ආණ්ඩුව ගත්තත්,
    ඊළඟ අවුරුදු 3ට මුහුණ දෙන්න නම්
    ඔබ ශක්තිමත් වෙන්නම ඕන.

    "මම පොහොසත් පවුලක දරුවෙක් නෙමේ.
    බොහොම සාමාන්‍ය ජීවිත තිබුනේ..
    ගමේ පුංචි ඉස්කෝලෙට තමයි ගියේ..

    කැම්පස් ගියත්, degree එක
    ඉවර වෙල ඇවිල්ල Brand Manager
    රස්සාව කලේ රු.17500ට..

    අවුරුදු 7ක් කළමනාකරණ මට්ටමේ
    රැකියා කරන ගමන් ව්‍යාපාර නොකළ යුතු
    විදිය 80% ක්,
    කළයුතු හැටි 20%ක් ඉගන ගත්තා.

    කොහොම නමුත්,

    අම්මා ගැහැණියක් විදියට
    අවුරුදු තිස් ගානක්
    ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් කරල
    අයියටයි මටයි උගන්නන්න ජීවිතේම කැපකලා.

    එහෙම කරපු අම්ම බලන් ඉද්දි,
    එපා කියද්දි,

    ටයිපොලු ගලවලා,AC රූම් එකෙන්,
    සැප වගේ පේන ජීවිත වලින්,
    කැරකෙන පුටුවෙන් විසිවෙලා
    බිමට බහින එක තමයි
    ජීවිතේ ලොකුම ගේම"

    ඒත් බෝල නිදැල්ලේ ඇරලා
    විකට් එක රැකගන්න Defensive Attitude එකක්
    මට කවදාවත් තිබුනෙ නෑ.

    ලංකාවේ Reputed Company එකක
    Group HR Head
    විනාඩි 45ක මීටිමක් තියලා,

    This is a humble request from me”
    කියල 3 පාරක් නවතින්නම කියද්දි,

    වෙන රැකියාවකට යන්න
    Recommendation letter එකක්
    ලියන්න හදනකොට,

    එහෙම එකක් එපා, Mr…
    Thank you very much..

    කියල හිස් අතින් ගෙදර ආවෙ
    ලොකුකමකට නෙමේ,
    මටම දෙයක්
    කරන්න පුලුවන් විශ්වාසය තිබුනු නිසා!

    එළියට ආව බව දැනගන
    ආයතනයක Sales Manager
    තනතුරකට එන්න කියද්දි
    CEO කෙනෙක්ට බෑ කිව්වෙ,
    තනියම එහෙම මුදලක් උපයන්න තියා
    හිතාගන්නවත් බැරි වෙලාවක.

    ඇත්තටම මම ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම්
    කරන්නේ 2019 මුල.

    ඔබට බොරු ලියන්න ඕන නෑ.
    දුප්පත් එකෙක්ට ඒ මහන්සිය, කැපකිරීම, වෙහෙස
    එක මොහොතකවත් සුන්දර නෑ.
    අමාරුයි. ඒත් ඒක තමා ක්‍රමය.

    මම ව්‍යාපාරය කරන විදිය
    කොළ පිරෙනකම් ලිව්වා..
    නිවාඩු දවස් වල පාර දිගේ,
    කඩපිළ් දිගේ ඇවිදගන ගියා..
    Excel sheet වල දත්ත ගොනුකලා.
    සමහර තොරතුරු Graph වලට දැම්මා.
    ලෝකයම නිදි, මම වැඩ..

    මිනිස්සු නිශ්පාදනයක් ගන්නකොට
    හැසිරෙන විදිය හෙව්වා..
    ඈතට වෙලා බලන් හිටියා..

    Market segment එකක් තෝරලා,
    ඒ ඇතුළේ Serve කරන විදිය,
    product range එක
    Display,
    Stocks Management
    Branding
    අලුත් system ඒක සම්බන්ධ
    කරන හැටි හිතන්න ඕන.

    ඔබේ ව්‍යාපාරය තරඟයේදි
    Differentiate කරන
    Concept එක තමයි අනිවාර්යෙන් අවශ්‍ය.

    මේකටම මට මාස 10ක් ගියා..

    බැංකුවකට ණය වෙලා ගත්ත
    වාහනෙත් හිත හදාගන
    ලක්ශ 23කට විකුණුවේ Business Investment එකට.

    ව්‍යාපාරයට අවශ්‍ය සියල්ල
    වියදම් කරල, ආපහු හැරෙනකොට
    මගෙ අතේ තිබුනේ ලක්ශයක් විතර..

    මුල් මාසේ දෙකේ තුනේ මිනිස්සු කවුරුත්ම
    එන්නෙ නැති දවස්..

    සතියකින් ලක්ශ 5ක් විතර
    ගෙවන්න තියෙද්දි
    බැංකුවේ රු.20,000ක් තිබුනු
    දවස්...
    වාහනේකින් බස් එකට වැටිලා
    තෙරපිලා ඇවිත් ගෙදරට ආයෙමත්
    කිලෝමීටර් 2,3 පයින් යන දවස්..

    ඔලුවට අත් තියාගන
    ඊළඟ අදියර කල්පනා කරපු දවස්..

    ලොකු space එකක මම එදා තනියම.
    සේවකයත් මම, බිල් දාන්නෙත් මම,
    බඩු පටවන සේවකයත් මම..

    ආයෙ නොහැරෙන්න තීරණයක් අරන් ඉවරයි!

    මේ තරම් ඉගනගන,
    මාස ගානක් නිදිමරාගන,
    හදපු දේ ප්‍රතිඵල නැති වෙන්නෙ
    නැතිබව මම හැමදාම විශ්වාස කලා..

    2020 ඉදන් අද වෙනකම්
    දකින දකින ව්‍යාපාර කොරෝනා එක්ක
    වටෙන්ම වැටෙනකොට
    මමම හදපු Foundation එකක් එක්ක
    නිර්මාණය උන තැන
    අද වෙනකොට සෘජුව වක්‍රව මිනිස්සු 20කට
    විතර රැකියා දීලා..

    ඔව්.
    2020 සිට රට කඩන් වැටුනා.
    රුපියල් අඩුවෙන්න ගත්තා.
    මුදල් සංසරණය අඩු උනා.
    ඉදිකිරීම් ක්ෂේත්‍රය 80%කින් නැවතුනා.

    ඉතින් මම හිතන්නේ මෙහෙම.

    දැන් ගේම අලුත් උනා. වෙනස් උනා.
    අපි අඬමින් හිටියොත් කඳුලු වත් ඉතුරු වෙන්නෙ නෑ.

    මගෙන් මේ කාලේ ව්‍යවසායකත්වය ගැන අහන බොහෝ
    දෙනාට කියන්නේ ඩොලර් හොයන්න කාලය ඇවිත්..
    රුපියල් අමතක කරන්න කියලා..

    අපිනම් අන්තර්ජාතික වෙළෙදපළ එක තරඟ කරන්න
    සූදානම් වෙනව.

    ඩොලර් හොයන Factory එක සැලැසුම් ඇඳලා
    දැන් හදන්න පටන් ගත්තා.

    මේ අඳුර ලොකු අවස්ථාවක්.

    මේ වෙලාවෙ එළිය දැල්ලුවොත් ඔබේ වටිනාකම වැඩියි.
    "ඒක තමයි ඔබට මම එකතුකරන පණිවිඩය"

    අපේ Export වැඩේට නම් ඉතින්
    Quality ටීම් එකක් හොයනවා.
    International Market එකට
    Business Development Strategy හදන්න පුලුවන්,

    අලුතෙන් හිතන්න පුලුවන්,
    Results Oriented දක්ෂයෝ.

    ඒත් මේක තමයි අමාරුම.
    මේ රටේ නැත්තේම ගුණාත්මක මානව ප්‍රාග්ධනය..

    තමන් දක්ෂයෙක් කියල හිතන ඕනෑම
    කෙනෙක්ට [email protected]
    හරහා ඉල්ලුම් කරන්නත් පුලුවන්.

    "අඳුරු වළාවේ රිදී රේඛාව දකින්න"
    තාරුක රණවීර
     
    • Like
    Reactions: scorpion MW