ඕනෑවට වඩා ලැඡ්ජා බය යනු සමාජ භීතිකාවය

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ඕනෑවට වඩා ලැඡ්ජා බය යනු සමාජ භීතිකාවය

    "ගෑනු ළමයෙක්‌ හරි පිරිමි ළමයෙක්‌ හරි ලැජ්ජා බය ඇතිව හැදෙන්න ඕනෑ නැත්තං සමාජයටම මහ වින්නැහියක්‌ වෙන්නේ" මේ කතාව කුඩා වියේ පටන් ඔබ අප කොතෙකුත් වැඩිහිටියන්ගෙන් අසා ඇති. ඒ අනුව ලැඡ්ජා බය ඇතිව හැදුණු ළමයින් පාසල තුළ හොඳ හික්‌මීමක්‌ ඇති ළමයින් වෙනවා. ගුරු මණ්‌ඩලයේ ආදරය දිනා ගන්නවා. විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයටත් යනවා. නමුත් ඔන්න එතැනදී රැකියාවක්‌ කිරීමට යන විට ඒ අයව මේ තත්ත්වයට ගෙන ආ ලැඡ්ජාව හරහට හිටිනවා. තමන්ගේ සේවා ස්‌ථානයේ එකට සේවය කරන අය ඇසුරු කිරීමට බයයි. තම අදහස්‌ ප්‍රකාශ කිරීමට බයයි. රැකියාවට අදාළව සභාවක්‌ ඉදිරිපිට යම් ඉදිරිපත් කිරීමක්‌ සිදු කිරීමට වූ විට එයට බයයි. ඒවා මඟ හරිනවා. තම සගයින් ඉදිරියේ, තමන්ගේ ව්‍යාපාරික ස්‌ථානයේ පාරිභෝගිකයන් ඉදිරියේ සිනාසී සැහැල්ලුවෙන් සිටිය නොහැකියි. එවිට ඔවුන් හිතන්නේ මේ පුද්ගලයා උඩඟු කෙනෙක්‌ විදියටයි. අවසානයේ රැකියාවත් එපා වෙනවා. එක්‌කෝ රැකියාව වෙනස්‌ කරනවා. එසේ නැතිනම් ගෙදර නවතිනවා. කෙනෙක්‌ මේ තත්ත්වයට පත්වන්නේ ඇයි? අප මේ සතියේ කතා කිරීමට අපේක්‌ෂා කළේ ඒ පිළිබඳවයි.

    වෛද්‍යතුමනි අප පෙර සඳහන් කළ පරිදි අපේ සමාජය ලැඡ්ජා බය වටිනා ගුණාංගයක්‌ විදියට සලකනවා. නමුත් මේ තත්ත්වය අපටත් නොදැනීම පමණ ඉක්‌මවා යනවා. ඉන් පසු එය ජීවිතයේ ඉදිරි ගමනට බාධාවක්‌ වෙනවා. මේ ගැන ඔබේ අදහස දැන ගැනීමට කැමතියි?

    ඔව් ඔබ පවසන දේ නිවැරදියි. අපේ සමාජය ලැඡ්ජා බය ගැන පමණට වඩා තකනවා. ළමයි හදන විට ලැඡ්ජාව වැදගත් අගැයීමක්‌ විදියට සලකනවා. අන්තිමේදී එවැනි ළමයින් වැඩිහිටියන් වූ පසු අධික ලැඡ්ජාශීලී බව නිසා අසීරුතාවයට පත්විය හැකියි මේ තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ සමාජ භීතිකාව (Social phobia) ලෙසයි.

    සමාජ භීතිකාව ගැන තව පැහැදිලි කළොත්?

    සමාජ භීතිකාව යනු සමාජයීය අවස්‌ථාවන්ට මුහුණ දීමට ඇති වන බයයි. ඒ නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේ සමාජයීය අවස්‌ථාවලට මුහුණ දීමේදී අධික ආතතියට පත් වෙනවා. ඒ හේතුවෙන් ඔවුන් සමාජයීය අවස්‌ථා වලට මුහුණ නොදී ඒවායින් පලා යනවා. ඔවුන්ට ඇති බයවල් වන්නේ තමන් සමාජයීය අවස්‌ථාවකට මුහුණ දීමේදී තමා අසරණ වෙයි, කලන්තය හැදෙයි එසේත් නැතිනම් තමා විවේචනයට ලක්‌වෙයි යන්නයි. මේ බය නිසා ඔවුන් පිරිසක්‌ ඉදිරියේ කතා කිරීමට මැළි වෙනවා. පිරිසක්‌ සමඟ සෙල්ලම් කිරීම සාදයකට යන්න බය වෙනවා. පිරිසක්‌ ඉදිරියේ කෑම ගැනීමට මැළි වෙනවා. කැපී පෙනෙන ඇඳුමක්‌ අඳින්න මැළි වෙනවා. වෙනකක්‌ තබා ප්‍රසිද්ධ වැසිකිළියක්‌ පාවිච්චි කිරීමට පවා අකමැතියි. ඉතින් එවැනි අයට ඇති එකම පිහිට වන්නේ මත්පැන් පමණයි. මත්පැන් ගත් විට එම බියවල් නැති වෙනවා. වීරයෙක්‌ වෙනවා. මේ විදියට මත්පැන්වලට ඇබ්බැහි වෙන්නත් මෙය හේතුවක්‌ වෙනවා.

    ස්‌තූතියි වෛද්‍යතුමනි ඔබ සමාජ භීතිකාව කුමක්‌දැයි හොඳින් පැහැදිලි කළා. අධික ලැඡ්ජාව යනුවෙන් හඳුන්වන්නේත් සමාජ භීතිකාවමද?

    අධික ලැඡ්ජාව අනිවාර්යෙන්ම සමාජ භීතිකාවකි. නමුත් අධික ලැ-ජාව නැති පුද්ගලයින්ටත් සමාජ භීතිකාව ඇතිවිය හැකියි. සමහර පුද්ගලයින් සාමාන්‍ය ජීවිතයේ ලැඡ්ජාවෙන් පෙළෙන්නේ නැහැ. නමුත් පිරිසක්‌ ඉදිරියේ කතාවක්‌ පැවැත්වීමට කීවොත් ඔවුන් කලන්තේ දාලා වැටෙනවා. ඒ වගේම අනෙක්‌ අය ඉදිරියේ ලියන්න බැහැ. එයින් පෙනෙන්නේ සමාජ භීතිකාව යනු සාමාන්‍ය ලැඡ්ජාවට වඩා පුළුල් තත්ත්වයක්‌.

    සමාජ භීතිකාව කුඩා ළමයින්ටත් තිබෙනවාද?

    ඔව් අපි කෙනෙකු කුඩා අවධියේ සමාජ භීතිකාව යන වචනය පාවිච්චි කරන්නේ නැහැ. සමහර ළමයින් ගෙදරින් එළියට ගිය විට කතා කරන්නේ නැහැ. පාසල් යන්න බැහැ කියා ගෙදර නවතින ළමයින් සිටිනවා. අධික ලැඡ්ජාව නිසා කවුරුන් හෝ ආවොත් සැඟවෙන ළමයින් සිටිනවා. මේවා කුඩා කාලයේ දකින ලක්‌ෂණයි.

    මෙවැනි ළමයින් සියලු දෙනාම ලොකු වන විට අධික ලැඡ්ජාවෙන් පෙළෙන ළමයින් වෙනවා. සමාජ භීතිකාවට ලක්‌ වන ළමයින්. සාමාන්‍යයෙන් නියම සමාජ භීතිකා ලක්‌ෂණ ඇති වන්නේ ගැටවර වයසේදීයි. එනම් අවුරුදු 14 සිට 18 දක්‌වා ඇති වයසේ. ඒ සම්බන්ධ සියලු ලක්‌ෂණ මතු වන්නේ ඒ කාලයේදීයි.

    සමාජ භීතිකාව අනෙක්‌ මානසික ප්‍රශ්න වගේ නොවෙයි එක්‌ එක්‌ සමාජවලට අඩු වැඩියෙන් බලපාන බව මා අසා තිබෙනවා. ඔබ ඒ ගැන පවසන්නේ කුමක්‌ද?

    ඔව් සමාජ භීතිකාවට සංස්‌කෘතිය අධික ලෙස බලපානවා. ඔබ මුලින් පැවසුවා වගේ ලැඡ්ජාව සහ බය කේන්ද්‍ර කර ගෙන ළමයි හදන සමාජවල සමාජ භීතිකාව වැඩියි. හොඳම උදාහරණය වන්නේ ලංකාව සහ ජපානයයි. එසේ නොකර ළමයින්ට තම අදහස්‌ ප්‍රකාශ කිරීමට ඉඩ දී නිදහසේ වැඩෙන්න ඉඩ දෙන සමාජවල සමාජ භීතිකාව අඩුයි. එයට හොඳම උදාහරණය වන්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදය සහ ඉන්දියාවයි. එම රටවල්වල ලැඡ්ජාව සහ සමාජ භීතිකාව අඩුයි.

    ජපානය වැනි දියුණු රටක එවැනි දෙයක්‌ වුණේ ඇයි?

    මෙහිදී වැදගත් වන්නේ රටක දුප්පත්කම හෝ පොහොසත්කම නොවෙයි. එම රටේ මූලික සංස්‌කෘතික අගැයීම් පද්ධතියයි. අද වුණත් ඔබට ජපානයේ වැඩිහිටියෙක්‌ හා ඉන්දියාවේ වැඩිහිටියෙක්‌ මුණගැසුණොත් ජපන් ජාතිකයා වචන දෙකක්‌ කතා කරන විට ඉන්දියානු ජාතිකයා වචන 15 ක්‌ කතා කොට අවසන් බව ඔබට පෙනේවි. එයට හේතුව ජපානයේ සංස්‌කෘතියයි. මෙම තත්ත්වය කෙතරම් බරපතළද කීවොත් ජපානයේ තරුණයින්ට හැදෙන මානසික අසනීපයක්‌ තිබෙනවා. එය හඳුන්වන්නේ “Hikimomari” නමින්. වයස අවුරුදු 13 සිට 25 දක්‌වා සිටින තරුණ තරුණියෝ අධික ලැඡ්ජාව නිසා තමන්ගේ කාමරයට කොටු වී අවුරුදු ගණන් ගත කරනවා. එළිsයට යන්නේ නැහැ. බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ පරිගණකය තුළින්. අපේ රටේත් ඔය “Hikimomari” ලෙස හඳුන්වන අසනීප තත්ත්වය අපි දකිනවා.

    මෙම තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

    පළමුවෙන්ම එම පුද්ගලයා තමන්ට ඇති මෙම අපහසුතාවය සමාජ භීතිකාවක්‌ බව හඳුනා ගත යුතුයි. පවුලේ අයත් මෙය හඳුනා ගන්න ඕනෑ. එසේ නැතිව මෙය අපල කාලයක්‌ මෙය තව අවුරුද්දකින් දෙකකින් හරි යාවි යෑයි සිතා නිහඬ වීම නිෂ්ඵල දෙයක්‌. දෙවැන්න ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕනෑ. ප්‍රතිකාරවලදී වැදගත් වන්නේ එම පුද්ගලයා සමාජ අවශ්‍යතාවලට ක්‍රමයෙන් යොමු කිරීමයි. එසේම ඔහුගේ හෝ ඇයගේ සමාජයීය කුසලතා දියුණු කළ යුතුයි. ඒවා කිරීමට නම් අර බය අඩු කරන ඖෂධ ලබා ගන්නත් ඕනෑ. එසේ නැතිව බලෙන් මෙම තත්ත්වය වෙනස්‌ කළ නොහැකියි. හිතලා බලන්න අධික බය නිසා පාසල් යා නොහැකි ගැටවරයෙක්‌ සාදයකට යන්නේ කොහොමද?

    ඔබ කී විදියට මෙම තත්ත්වය කුඩා කාලයේ සිට හැදෙන ක්‍රමය නිසා ඇති වෙනවා. ඒ නිසා කුඩා කල සිටම අපි මේ ප්‍රශ්නය ගැන කල්පනාවෙන් සිටිය යුතුයි?

    ඔව් කුඩා කාලයේ සිට ළමයි හදන විදිය බලපානවා. නමුත් ජානවලින් වුවත් බලපෑම් ඇති වෙනවා. පියා හෝ මව සමාජ භීතිකාවෙන් පෙළෙනවා නම් ළමයිනුත් එම පැත්තට යන්න ඇති ඉඩකඩ වැඩියි. ජාන බලපෑම් තිබුණත් නැතත් කුඩා කල සිට ළමයි ක්‍රිඩාවලට යොමු කිරීම සමාජයීය අවස්‌ථාවලට යොමු කිරීම සහ ඔවුන්ගේ අදහස්‌ ප්‍රකාශ කිරීමට ධෛර්ය දීම තුළින් මෙම තත්ත්වය අඩු කර ගන්න පුළුවනි. නමුත් අද අපේ දෙමාපියන් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ දේවල්. අපි ළමයින් පමණට වඩා ආරක්‌ෂා කරනවා. එළියට යන්න දෙන්නේ නැහැ. පාඩම් නොකරන සෑම විටම කියන්නේ පාඩම් කරන්න කියලයි·

    විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
    සාකච්ඡා කළේ ප්‍රියන්ති මැණිකේ නවරත්න


    Source:divaina
     
    Last edited:
    • Like
    Reactions: liosri

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සමාජ භීතිකාව ඔය සමයං සේරම නිකන් හිතෙන් හදාගත්ත මනස්ගාත හු@#$ල්. මිනිස්සු එක්ක කතා බහ කරපන්. උන් උඹලව කපන්න, රෝන්ග් ටෝක් දෙන්න ආවොත් උඹත් ඒ විදියටම ටෝක් එක දියන්. බය වෙන්නෙපා. ලැජ්ජා බය කියන්නේ හිරි ඔතප් කියන දේට. පව් කරන්න බය එකට ඒ කියන්නේ. නැතුව සමාජෙ ආශ්‍රයට මිනිස්සු එක්ක කතා බහට නෙවෙයි. නමුත් කෙල්ලො වුනාම කොල්ලො හෝ මිනිස්සු එක්ක අනවශ්‍ය විදියට කතාවට යන්නෙපා. මොකද එතකොට උන්ව වේසියෝ විදියට දකිනවා සමහර උන්.
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමාජ භීතිකාව ඔය සමයං සේරම නිකන් හිතෙන් හදාගත්ත මනස්ගාත හු@#$ල්. මිනිස්සු එක්ක කතා බහ කරපන්. උන් උඹලව කපන්න, රෝන්ග් ටෝක් දෙන්න ආවොත් උඹත් ඒ විදියටම ටෝක් එක දියන්. බය වෙන්නෙපා. ලැජ්ජා බය කියන්නේ හිරි ඔතප් කියන දේට. පව් කරන්න බය එකට ඒ කියන්නේ. නැතුව සමාජෙ ආශ්‍රයට මිනිස්සු එක්ක කතා බහට නෙවෙයි. නමුත් කෙල්ලො වුනාම කොල්ලො හෝ මිනිස්සු එක්ක අනවශ්‍ය විදියට කතාවට යන්නෙපා. මොකද එතකොට උන්ව වේසියෝ විදියට දකිනවා සමහර උන්.

    Sahathika aththa..:yes::yes: rep added
     
    • Like
    Reactions: pradeeplk1025

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඕක අපේ රටේ වෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවක්..

    ස්ත්‍රී දූෂණ ළමා අපචාර සේරටම ඕක හේතුවක්..

    පුද්ගලයෙක්ගෙ සාර්ථකත්වය රඳාපවතින්නේ ඔහුගේ ඇයගේ personality එක මතයි
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සමාජ භීතිකාව ඔය සමයං සේරම නිකන් හිතෙන් හදාගත්ත මනස්ගාත හු@#$ල්. මිනිස්සු එක්ක කතා බහ කරපන්. උන් උඹලව කපන්න, රෝන්ග් ටෝක් දෙන්න ආවොත් උඹත් ඒ විදියටම ටෝක් එක දියන්. බය වෙන්නෙපා. ලැජ්ජා බය කියන්නේ හිරි ඔතප් කියන දේට. පව් කරන්න බය එකට ඒ කියන්නේ. නැතුව සමාජෙ ආශ්‍රයට මිනිස්සු එක්ක කතා බහට නෙවෙයි. නමුත් කෙල්ලො වුනාම කොල්ලො හෝ මිනිස්සු එක්ක අනවශ්‍ය විදියට කතාවට යන්නෙපා. මොකද එතකොට උන්ව වේසියෝ විදියට දකිනවා සමහර උන්.
    :yes::yes:
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    ඕක අපේ රටේ වෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවක්..

    ස්ත්‍රී දූෂණ ළමා අපචාර සේරටම ඕක හේතුවක්..

    පුද්ගලයෙක්ගෙ සාර්ථකත්වය රඳාපවතින්නේ ඔහුගේ ඇයගේ personality එක මතයි

    :yes::yes::(:(
     

    Similar threads