ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම
ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා

සංකර පරිභෝජන පුරුදු තමා. අපේ අම්මලා තාත්තලා පුරුදු වෙලා හිටියෙ පරිභෝජනය අනාගතයට තියලා අද මහන්සිවෙලා හම්බකරන මොඩලයකට. නමුත් වර්තමාන ආර්ථික පුරුදු එක්ක අපි "ණය" කියන සංකල්පයට හුරුවෙලා ඒක එක්තරා අන්තගාමී තැනකට අරන් ගිහින් තියනවා.
ණයට ගන්නකොට අපි හිතන්නේ අපි ණයට ගන්නෙ "සැලරිය උගසට තියලා, වත්ත, ඉඩම වාහනය උගසට තියලා" කියල. මතුපිට අර්ථයෙන් ඒක නිවැරදි වුනාට ගැඹුරු අර්ථය ඊට බරපතලයි. ටිකක් කල්පනා කලොත් පෙනෙනවා අපි ණයට ගන්නෙ අපේම අනාගතය උගස් කරලා කියන එක. සැලරිය පෙන්වලා ණයක් ගන්නකොට අපි හිතන්නේ බැංකුව අපේ සැලරි ස්ලිප් එක දැකලා ණය දෙනවා කියලා. නමුත් ඇත්තටම එතන වෙන්නෙ අපි බැංකුවට කියනවා මගේ මාසික ජීවිත්වීමේ චර්යාවන්ට (අතපය සෙලවීම්, කට සෙලවීම් සහ මනස මෙහෙයවීම්) ලැබෙන මූල්‍යමය වටිනාකම මෙන්න මෙච්චරයි, මට අනාගතයේත් මෙහෙම අතපය හොලවලා, කට හොලවලා මනස මෙහෙයවලා මේ මූල්‍යමය වටිනාකම ගන්න පුලුවන් ඒ නිසා මම අනාගතයේ ඒ විදිහට අතපය, කට සොලවන්න සහ මනස මෙහෙයවන්න පොරොන්දු වෙනවා, ඒ පොරොන්දුව මත මට මුදල් දෙන්න කියලා. ඉතින් එතනින් පස්සේ අපේ ජීවිතයෙන් කොටසක් අයිති බැංකුවට.
ඒ කියන්නේ අපි දවසට ගතකරන පැය විසිහතරෙන් යම්කිසි පැයගානක අයිතිකාරයා බැංකුව බවට පත්වෙනවා. ණය වැඩිවෙන තරමට බැංකුවට අයිතිවෙන පැයගාන වැඩිවෙනවා.
ඔන්න ඔය විදිහට "ණයට" දාලා තියන අයිසින් ටික දියවෙලා ණය වීමෙ බරපතලකම ගැඹුරින් හිතට දැනෙන්න පැහැදිලි වුනොත්
කකුලු ඉරණම තේරුම් ගිහින් ඉවක් බවක් නැතිව ණය ගන්න එකෙන් මිනිස්සු ටිකක් හරි මිදේවි...
Edited - grammar