ඕමන්තෙයි~කි.මී.165.09
කුරිරු යුද්ධයෙන් උතුරු දුම්රිය මාරිගයට වෙච්ච විනාසේ යුද්ධයෙන් පස්සේ ඔයාලාට දැක බලා ගන්නට පුලුවන් උනා. ඒ ගැන මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මතක ඇති. යුද්ධය නිසා උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය වවුනියාවට වෙනකන් සීමා උනා. උතුරු දුම්රිය මාර්ගය නැවත සෑදීමේ ව්‍යාපෘතිය "උතුරු මිතුරු" නමින් රජය ආරම්භකලේ 2009 මාර්තු 23 වෙනිදා. එදා පටන් ගත්ත වැඩ පිලිවෙලේ මුල් කොටස විදියට වවුනියාවේ සිට තාන්ඩිකුලම් වෙනකන් දුම්රිය මාර්ගය සාර්ථකව නිමකලා. මම ඒ ගැන කලිනුත් සඳහන් කලා. ඊගාව කොටස උනේ ඕමන්තෙයි වෙනකන් රේල් පාර හදන එක. කියන්න සන්තෝසයි ඒ වැඩ පිළිවෙල සර්ථකව නිම වේගෙන එනවා. ඕමන්තෙයි පාලම හදලා ඉවරයි. පළවෙනි අත්හදා බැලීම් චාරිකාව ජූලි 31 වෙනිදාට සැලසුම් කරලා තිබුනා. කලිනුත් සාමාජිකයන් කිහිප දෙනෙක් මේ ගැන මගෙන් ත්‍රෙඩ්ස් වල අහලා තිබුනා. හැම කෙනෙකුටම හැම අතින්ම වැදගත් වෙයි කියලා හිතුන නිසා මට හිතුනා මේ තොරතුරු ඔයාලා එක්ක බෙදාගන්න.
ඕමන්තේට ලං වෙන අපේ කෝච්චි පාර.
රේල් පීලී ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි.
නෝච්චිමොටේ දුම්රිය පාලම. ඔය වම් පැත්තෙන් පේන්නේ පැරණි පාලම.
නෝච්චිමොටේ පාලමට ඉදිරියෙන් සම්පූර්ණ වෙච්ච දුම්රිය පාර.
පීලී අතුරා ඇතු ඒත් වැඩ නිම නොවූ පාර. මේත් නෝච්චිමොටේමයි.
මෙහෙමයි නෝච්චිමොටේ නව පාලම හදන්නේ.
බඩු ප්‍රවාහනය කරනවා. උතුරු මාර්ගයේ 160 සැතපුම් කණුව. මේවා දකින එක මගේ නම් හීනයක්.
මේ මහන්සි වෙලා වැඩ කරන කම්කරුවන් කරන්නේ රටට මහා සේවයක්. ඔවුන්ට අපි හැමෝගෙම ආචාරය හිමිවිය යුතු වෙනවා.
අවුව වැස්ස ඔවුන්ට ගානක් නෑ. දුම්රිය මග හරහා වැටී ඇති මාර්ගයක්.
තාන්ඩිකුලම් ඉඳලා ඕමන්තෙයිට පාර හැදුන හැටි.
161 3/4
පාර හදන්න බඩු එන්නෙත් යාල් දේවි කෝච්චියෙන්මයි.
මෙන්න 159 1/2 සැතපුම් කණුව ගාව වැඩ කෙරුන හැටි.
තාන්ඩිකුලම් සිට ඕමන්තෙයි දක්වා පාර
තවත් කුඩා පාලමක් හැදෙනවා.
තවත් දර්ශන.
පොඩි Hunslet එක ලොකු සේවයක් කරනවා.
මේ හැදෙන්නේ ඕමන්තෙයි දුම්රිය පොල.
අවසානයට මම එක පින්තූරයක් පෙන්වන්නම්.
මේ තියෙන්නේ කන්කසන්තුරේ දුම්රියපොල.
මේ යන ගමනේ අවසානය මෙතනයි. යාල්දේවි දුම්රියෙන් ගිහිල්ලා අපි මෙතනින් බහිනා දවස එනකන් මම නම් ඉන්නේ නොඉවසිල්ලෙන්. කලින් ත්‍රෙඩ් එකේ වගේම මේක අවසානෙත් මට කියන්න තියෙන්නේ ඒ දවස වැඩි ඈතක වෙන්න එපා කියලා තමයි.
මේ පිළිබඳ වැඩි විස්ථර දැන ගැනීමත් මේ මහගූ කටයුත්තට දායක වෙන්නත් ඔයාලා කැමති නම් ඒ පිළිබඳ වැඩි විස්ථර උතුරු මිතුරු වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්.
Click Here
Thanks Guys!

Source : උතුරු මිතුරු වෙබ් අඩවිය