ඕමියක් වත් බලමු නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    11,603
    6,256
    113

    Bhathiya Arthanayake

    tSpolnsoreS2hhd ·

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගය යන අතරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් ක්‍රීඩාගාරයේ කාඩ් ක්‍රීඩාවේ යෙදෙන බව කියන රූපරාමු පෙලක් බුකියේ සංසරණය වෙනවා. ඒ නිසා මේ සටහන යොදන්න හිතුවා. මේක විවේචනයක් නෙවෙයි, තොරතුරු බෙදා ගනීමක් විතරයි.
    ක්‍රීඩාව කියන්නේ ඉස්සර වගේ සෙල්ලමක් නෙවෙයි. ඒක වෘත්තියක්. ඒ වෘත්තිය ඇතුලේ තමන් පුහුණු වෙනවා වගේ ම, ප්‍රතිවාදියා අධ්‍යනය කරනවා කියන්නෙත් ජයග්‍රහණයට හේතු හදන කාරණාවක්. ඒ නිසා ප්‍රතිවාදියා රීඩ් කරන එක කොච්චර වැදගත් ද කියන කාරණය ඔබට දනවන්න මම එක උදාහරණයක් කියන්නම්. (හේතුව මේ සටහන කියවන හැමෝම ක්‍රීඩකයෝ නොවෙන නිසා.)
    ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 20,000 (in all formats) කට එහා ගහපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුතෙක් පහුගිය දවසක මාව හමුවෙන්න ආවා. ඒ මගෙන් personal mentoring session එකක් කරගන්න. ඔහු තාම පාසල් වයසේ ක්‍රීඩකයෙක්. එදා අපි ඔය ප්‍රතිවාදියා රීඩ් කිරීම කියන කාරණාව ගැන කතා කලා. Observe කරන එකේ වැදගත්කම ගැන කතා කලා. මම ඔහුට කිව්වේ ඔයා සෙල්ලම් කරන වෙලාවට විතරක් නෙවෙයි, ඔයා ක්‍රීඩාගාරයේ ඉද්දිත් ඔයාට පුලුවන් වෙන්න ඕනේ කියලා ප්‍රතිවාදියාව අධ්‍යනය කරන්න. ඒක නැවත ක්‍රීඩා කිරීමෙදි පහසුවක් වේවි කියලා.
    " අංකල් ඔය කාරණාව ගැන කියද්දි මගෙ ඔලුවට ආවේ. මෙහෙ ඩොමෙස්ටික් මැච් එකක මායි තාත්තියි දෙන්නා දෙපැත්තෙන් බැට් කරමින් ඉන්නකොට, තාත්ති ඇහුවා ඔයා ටිකක් වේගයෙන් ඉහලින් ගහන්න ආසද කියලා. මම ඔව් කිව්වාම එයා කිව්වා ඊළඟ ඕවරේ මම අතින් සයින් එකක් දෙනවා, එතනදි බෝලර්ගේ අතින් බෝලේ ඔයාට වැටෙන්නේ හොදට ෆ්ලයිට් වෙලා, බය නැතුව ඉස්සරහට පැනලා ෆුල්ටොස් එක අරගෙන ගහන්න කියලා. මම එයාව විශ්වාස කලා. තාත්ති අතින් සංඥාව දෙනකොටම මම පැනලා ගැහුවා. හයයි. පස්සේ මම ඇහුවා තාත්ති කොහොමද මෙයා ඒ දාන්නේ හොදට ෆ්ලයිට් කරන බෝලයක් කියලා දැනගත්තේ කියලා. එවෙලාවේ තාත්ති කිව්වා එයා බෝලේ ෆ්ලයිට් කරන වෙලාවට එයාගේ පෙර පාදය තබන කෝණය වෙනස් වෙනවා, ඒක මම රීඩ් කලා කියලා."
    ලෝකේ බිහිවුණ අති දක්ෂ කෙටිදුර ධාවකයා යුසෙයින් බෝල්ට් වරක් මෙහෙම කියනවා.
    "Listen... competition is the easy part. But, the effort behind the scene is the most important part. If you cannot handle that, you will never success in competitions."
    (අහන්න. තරගය කියන්නේ ඉතාම ලේසි කොටස. තිරයෙන් පිටුපස කෑල්ල තමයි ඉතාමත් වැදගත්ම කෑල්ල. ඔබට ඒක කළමණාකරණය කරගන්න බැරි නම්, ඔබට තරගයේ දී කොහොමත් දිනන්න බෑ.)
    මම ඒකයි කියන්නේ, ක්‍රීඩාව කියන්නේ තවදුරටත් සෙල්ලමක් නෙවෙයි, ඒක වෘත්තියක් කියලා. යුද්දෙකදි සෙබළෙක් වෘත්තිමය නොවුනොත්, කාඩ් ගගහා ඉන්න ගියොත්, ප්‍රතිවාදියා ඔලුවට නෙලලා යනකම් දන්නේ නෑ. තරගය බලාගෙන ඉන්න එකෙන්, දකින දේවල් වලින් බ්‍රේන් එක සහ බොඩි එක අතර කොයි තරම් දේවල් වෙනවද? ඒවා මේ ක්‍රීඩකයෝ දන්නවා කියලා මම හිතන්නේ නෑ. එයාලා හිතන්නේ ක්‍රීඩාව කියන්නේ ඇඟේ හයිය කියලා. නෑ, ඒක වැරදියි.
    එක්තරා අවස්ථාවක මළල ක්‍රීඩා ජාතික ශූරතාවක් වෙලාවේ, මගේ අභිප්‍රේරණ සහය ලබපු තුන්පිම්ම ක්‍රීඩකයෙක් ඔහුගේ ජීවිතයේ හොදම පිම්මා ඇල්ලුවා. ඒ නිසාම ඔහු පුදුමාකාර උද්දාමයක හිටියේ. ඔහු පැනලා තිබ්බ හොදම එක උනේ මීටර් 15 යි සෙන්ටිමීටර් තිස් ගණනක්. හැබැයි එදා එයා 15 යි පනස් ගණනක් පැන්නා. ඒක එයා පුදුම විදියට සෙලිබ්‍රේට් කලා. මම ඒ ක්‍රීඩකයට කතා කරලා කිව්වා ඊළග එක දුවන්න පටන් ගන්න මාක් එකට ඇඟිලි පුරුක් තුනක් විතර පිටිපස්සේ ඉදන් කියලා.
    " කලින් එක බෝඩ් එකටම ආවා. ඉතින් ඇයි මේ පාර පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කියන්නේ. " ඔහු ඇහුවා.
    " මම කියනවට පොඩ්ඩක් පිටිපස්සට ගන්න. විශ්වාසෙන් දුවන්න. කකුල බෝඩ් එකටම එනවා."
    ක්‍රීඩකයා කිව්ව දේ කලා. හරියටම බෝඩ් එකට කකුල ආවා. පිම්ම මීටර් 15 යි සෙන්ටිමීටර් 90 ගණනක් වුනා. හොදම දක්ෂතාව තවත් වැඩිවීමක්.
    තරගේ ඉවර උනාම ඔහු මගෙන් ඇහුවා ඇයි පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කිව්වේ කියලා.
    " ඔයා පර්සනල් බෙස්ට් එක ගැහුවට පස්සේ හිටිය උද්දාමය මම දැක්කා. ඒ නිසාම ඔයාව ඊළග ජම්ප් එකට අනිවාර්‍යෙන් වැඩි වේගයකින් දිවවෙයි කියලා මට හිතුනා. හේතුව ඔයා හිටියේ ලොකු කික් එකකින්. ඉතින් මට ඕනෙ උනේ නෑ ඔයා ෆවුල් ජම්ප් එකක් ගහනවා බලන්න. ඒ නිසයි මම කිව්වේ පොඩ්ඩක් පිටිපස්සේ ඉදන් දුවන්න කියලා."
    මේ ලෝකේ අද වඩාත්ම වටින දේ තමයි Data. (තොරතුරු). තොරතුරු ඒකරාශී කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම කියන්නේ ව්‍යාපාරිකයෙකුට, ශිෂ්‍යයෙකුට, වෘත්තිකයෙකුට, ක්‍රීඩකයෙකුට තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවර දෙක.
    කාඩ් ගහන අතරේ, මිස් වෙන්නේ ඒ වැඩේ වෙන්න පුලුවන්. තුරුම්පු උනත් මස්ත බාල්දු වෙන්නේ එතකොට.
    භාතිය අර්ථනායක,
    අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    2,830
    1,711
    113
    කාලෙකින් කිරියේ දැක්ක වැදගත් ලිපියක්

    මේ ලෝකේ අද වඩාත්ම වටින දේ තමයි Data. (තොරතුරු). තොරතුරු ඒකරාශී කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම කියන්නේ ව්‍යාපාරිකයෙකුට, ශිෂ්‍යයෙකුට, වෘත්තිකයෙකුට, ක්‍රීඩකයෙකුට තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවර දෙක.
     

    Scotch

    Junior member
  • Jun 18, 2020
    74
    83
    18
    දැන් කවුද බන් ක්‍රිකට් මැච් බලන්නේ. ඒක නෙමෙයි ඔය ඕමි ගහන පොටෝ ටික දාහන්කො.
    FB_IMG_16107024361481753.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    11,603
    6,256
    113
    අවුරුදු ගාණකින් මැච් එකක් බලල නෑ. දැන් ටීම් එකේ ඉන්නෙ කවුද දන්නෙත් නෑ.
    මමත් බලන්නේ නෑ, මාලිංග ගේ විකට් 4 බැලුවට පස්සේ කුසල් ගේ බිංදු 4 ගැන තමා අවධානයට ලක් උනේ 🤭
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    620
    1,058
    93
    වෙන මොන team එකකවත් එකෙක් ඔහොම ඉන්නවා දැකලා තියෙනවද ?
    දැන් ඉන්න අපේ එවුන් ටිකට tattoo එකක් ගහලා ඉන්ස්ටා ෆොටෝස් දාන්න තිබ්බනම් ඇති . Fitness බින්දුවයි
    උන් දන්නවා කොහමත් සල්ලි එනවා කියලා . match බලන තරම් එවුන් තරන්වත් කැක්කුමක් උන්ට නැහැ
    ඉස්සර අර්ජුන ඉන්න කාලේ team එකේ මාර discipline එකක් තිබිලා තියෙන්නේ
    මහේල දවසක් කියලා තිබ්බා පොර ගොන් ෂොට් එකක් ගහලා out වෙලා dressing room එකට යන්න්නතුව පල්ලෙහා හිටියා කියලා බයේ
    ආයි ඒවගේ කාලයක් එන එකක් නැහැ බන්
    මාත් හුගක් වෙලාවට කරන්නේ ජයසුරිය ලා ඉස්සර ගහපු match බලන එක . මාර kick එකක් තාමත් එන්නේ
    දැන් ඉන්න කාලකන්නි ටික නම් හිටියත් එකක් නැතත් එකයි

    වෙනස තේරෙනවා නේ

    1610723100353.png