ඕර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    ඕර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය

    ඕර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය

    රටක ත්‍රිවිධ හමුදාව තමා රටේ ආරක්ශාව හා සාමය පිළිබදව වගකියන ප්‍රධාන ඒකකය වෙන්නේ. රෑකියාවකට වඩා එහාගිය මානුශීය සේවයක් කරන මේ ඒකක තුනෙන් යුධ හමුදාව විශේෂයි.පසුගිය යුධ සමයේ වෑවියෙන්ම ත්‍රස්තවාදීන් හා ගෑටුනේ ඔවුන්.

    ඉතින් මේ යුධ හමුදාවේ යුධ ශක්තිය සහ ශ්‍රී විභූතිය පෙන්වන කෞතුකාගාරයක් දෑන් ත්‍රිකුණාමලයේත් ආරම්භ කරලා තියෙනවා..

    මේක තියෙන්නෙ ත්‍රිකුණාමලය ටවුන් එකේමයි. ඔර්ස් හිල් කියන්නේ පොඩි ක්දු ගෑටයක්. ආණ්ඩුකාර නිල නිවාස හරියෙන් ඉස්සරහට යනකොට මේ කෞතුකාගාරය තියෙනවා.. පලාත්සභා ගොඩනැගිල්ල තියෙන්නේත් මේ කිට්ටුවමයි. හොයාගන්න ලේසි. ගූගල් මැප් එකෙත් තියෙනවා…

    ඇතුල්වීමට රුපියල් 30ක ටිකට් එකක් ගන්නවා.. ඇතුලේ බලන්න දේවල් නම් ගොඩයි. සුලු අවි බර අවි සන්නිවේදන උපකරණ සැහැල්ලු අවි එකී මෙකී නොකී දේවල් ගොඩායි... සන්නද්ධ රථ ඒ අතරින් විශෙෂයි..

    යන හැමෝටම වායු රයිෆල් වෙඩිතැබීමේ අද්දැකීමකුත් ලබන්න මෙතන අවස්ථාවක් තියෙනවා.. ඒ දේ විශෙෂයි..

    Paintball ගිහින් මාසයක් නෑ... එතනදි අපි පාවිච්චි කරපු ගන් එකත් යුද්ධ කාලේ ත්‍රස්තවාදීන් පාවිච්චි කරලා තිබුණා දෑක්කම ආව ෆීලින්ග් එක කියාගන්න බැ..

    ත්‍රස්තවාදීන්ගෙන් අල්ලාගත්ත අවිත් මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා.ගිහින් දෑකබලාගන්න වටින තැනක්. යන්න ගිහින්ම බලන්න. අපිටත් කියන්න.

    සටහන - සසියා
    search


    search


    search


    search