උතුරේ කොටි නැගිටිනවා වගේ..වරද මහින්දගේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උතුරේ කොටි නැගිටිනවා වගේ..වරද මහින්දගේ

    හමුදා කදවුරු ගැලෙවුවා.. පොලීසිය එලවනවා.. උතුරේ කොටි නැගිටිනවා වගේ.. එහෙම වුනොත් වරද මහින්දගේ.. – හෙල උරුමය


    පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනකු මියයාම හා යාපනයේ ආරක්ෂක තත්ත්වය සම්න්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

    එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මධ්‍යම කාරක සභික නීතිඥ ටියුඩර් පෙරේරා යන අය සහභාගීවූහ.

    මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් උතුරු හා නැගෙනහිර පමණක් නොව රටේ කිසිම තැනක කවරෙකුටවත් නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ නොතැබිය යුතු බව ප්‍රකාශ කරන ලද අතර පසුගිය දිනවල මඩකලපුවේ වාකනේරි ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කළ විහාරස්ථානය ඉදිකිරීමට කටයුතු කළ යුතු බවත් මසක් ඇතුලත එසේ සිදුකිරිමට ආණ්ඩුකාරවරයා හා ජාතික සංහිඳියා අමාත්‍යවරයා කටයුතු නොකළහොත් මහා සංඝරත්නය ඇතුළු ජාතික මාමක පිරිස් එහි ගොස් එම විහාරස්ථානය ප්‍රතිශ්ඨාපනය කිරීමට සූදානම් බවත් ඔහු විසින් වඅඩිදුරටත් අවධාරණය කරන ලදි.

    එහිදී අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා –

    අද වන විට අපේ හමුදාව සහ පොලිසිය පිළිබඳව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුල වැරදි ආකල්පයක් ප්‍රචලිත කරවන්න අන්තවාදී දෙමළ දේශපාලඥයින් ක්‍රියාකරලා තියෙනවා. අපේ හමුදාව සහ පොලිසිය, පිටස්තර හමුදාවක් හා පිටස්තර පොලිසියක් ලෙස එහෙමත් නැත්නම් සිංහල පොලිසිය හා සිංහල හමුදාව ලෙස දකින තැනට ඒ ප්‍රදේශයවල සාමාන්‍ය ජනතාව සහ තරුණ ප්‍රජාව පත්කරන්නට ඔවුන් අද කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ පළාත් වල හෙල්මට් නැතිව යතුරු පැදි ධාවනය කරන්නට, අණනොතකා රිය ධාවනය කරන්නට ඒ පළාත් වල ජනතාව කටයුතු කරන්නේ. ඒ වගේම පොලිසිය හමුදාව ගණන් නොගන්නා තැනකට ඔවුන් පත්වෙලා තියෙන්නේ. මේ පසුපස ඇත්තේ ගෝත්‍රවාදී, ප්‍රාදේශීයවාදී හා බෙදුම්වාදී ආකල්ප බව අප පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මේ අවාසනාවන්ත මරණ වලට ඔවුන් වගකිව යුතුයි.

    ඒ වගේම නීතිය හා සාමය පිළිබඳ ඇමතිතුමන් පසුගිය දිනවල ප්‍රකාශ කළා යාපනයේ ජනජීවිතය පීඩාවට පත්කරන මෝටර් බයිසිකල් කණ්ඩායම් ක්‍රියාත්මක වනවා කියලා. ඒ අතරින් ආවා සහ බාවා යන නම්වලින් හඳුන්වන පාතාල කල්ලි මෝටර් බයිසිකල් ගැන් දෙකක් යාපනයේ සාමාන්‍ය ජනයා බිය වද්දමින් ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබාගනිමින් ජනතාව පීඩාවට පත්කරනවා කියලා ප්‍රකාශ කළා.

    අපිට මතකයි පසුගිය රාජපක්ෂ පාලන සමයේදී කොටි ත්‍රස්තවාදීන් 12600ක් පමණ ඉතා කෙටිකාලීන පුනරුත්ථාපනයකින් පසුව මුදා හැරියා. නමුත් අවි පුහුණුව ලැබූ අවසන් මොහොත තෙක්ම හමුදාවට එරෙහිව කටයුතු කළ මේ ත්‍රස්තවාදීන් මාසෙන් දෙකෙන් හෝ හයකින් පුනරුත්ථාපනය කළ නොහැකියි. මා කලින් සඳහන් කළ බයිසිකල් කල්ලිවල පුනරුත්ථාපනයට ලක්වූ සහ යුද ජයග්‍රහණය සමයේ සැඟව සිට නැවත සමාන්‍ය ජනතාව ලෙස පෙනී සිටින ත්‍රස්තවාදීන් සිටින බවත් ප්‍රසිද්ධ කාරණයක්. ඒ නිසා මේ 12600න් කවුරුන් හෝ යාපනයේ ත්‍රස්තවාදී කටයුතු වලට දායක වනවාද? එසේත් නැත්නම් ඔවුන් යාපනය ප්‍රදේශයේ ජනජීවිතයට බාධා කරනවාද? යන්න වහාම පරීක්ෂණය කර අවශ්‍ය නම් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගතයුතුයි.

    මේ අය කලින් කිව්වා හමුදාව එපා හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. දැන් කියනවා පොලිසිය එපා කියලා. ඒ වගේම පසුගිය දිනවල සිලාවතුර අරිප්පුව ප්‍රදේශයේදී නාවුක හමුදා නිළධාරීන්ට පහර දුන්නා. ඒ නිසා තම ගෞරවය රැකගන්න හමුදාවට සහ පොලිසියට ඉඩ ලබාදිමට හා ඒ සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

    ඒ වගේම පහුගිය දිනවල යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලිස් වෙඩිතැබීමකින් මියයාම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විශාල උද්යෝගයකින් කටයුතු කරන බවක් පෙනීයනවා. යුද්ධය පැවති සමයෙහි ත්‍රස්තවාදීන් විසින් දහස් ගණනකින් සාමාන්‍ය ජනතාව, පාසැල් සිසුන් වගේම විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් මරාදමන කොට, නැගෙනහිර පළාත මුදා ගැනීමෙන් පසු අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යාවක් අන්තවාදීන් අතින් මරුමුවට පත්වන විට හෝ පසුගිය දිනවලදී යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යන්යන් පීඩාවට පත්කරන විට අන්තරය හෝ වෙනත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන ඒ සම්බන්ධයෙන් හර්තාල් කළේ නෑ. එවැනි තත්වයක් තුළ මේ ශිෂ්‍යයන් දෙදෙනා දෙමළවීම නිසා අන්තරය ඔවුන් වෙනුවෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරනවාද යන ප්‍රශ්නයක් තියෙනවා.

    මෙහිදී අන්තවාදී දෙමළ කණ්ඩායම් වලට පණිවිඩයක් දෙන්නත් අප මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි, සිංහල ජාතිය කියන්නේ බොහොම සාමයට කැමති සහජීවනයට කැමති ජාතියක්. ඒත් අපේ ඒ ගුණය අපේ දුර්ලවතාවයක් ලෙස සලකන්න එපා. මෙය බියගුළු කමක් හා නිවටකමක් නොවේ. “ ඔබලාට කැමති නම් මැච් එක පටන් ගන්න. අපි මැච් එක ඉවර කරන්නම්” කියන පණිවිඩයයි.

    පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි –

    පසුගිය දිනවල උතුරු නැගෙනහිර සිංහල හා බෞද්ධ විරෝධී කටයුතු ගණනාවක් සිදුවුනා. මඩකලපුවේ වාකනේරි ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක් බිමට සමතලා කිරීම තුළින් උතුරේ හා නැගෙනහිර පළාතේ ආගමක් ඇදහීමේ අයිතිය පැහැර ගැනීමට අන්තවාදී කණ්ඩායම් කටයුතු කරලා තිබෙනවා. උතුරු නැගෙනහිර පන්සලක් බුදු පිළිමයක් ඉදිකරන්න නොදෙන තැනට අද පත්වෙලා තියෙනවා. 1983 කලබලයෙන් පසු කොළඹ හා අනෙකුත් සිංහල ප්‍රදේශ වල පදිංචිව සිටි දෙමළ ජනතාව යාපනය බලා පලාගියා. නමුත් ඒ උණුසුම පහව ගියපසු ඔවුන් නැවත කොළඹට හා තමන් පදිංචි ප්‍රදේශවලට පැමිණියාට ඔවුන් කිසිම තාඩනයකට පීඩනයකට ලක්වුනේ නැහැ. ඒ වගේම කොටි ත්‍රස්තවාදීන් 300 වාරයක් සිංහලයන් සමූල ඝාතනය කළත් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවූ දළදා මාලිගාවට පහර දුන්නත් සිංහලයෝ දෙමළ ජනතාවට පහර දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කොටි සාමාජිකයින් 12600ක් පමණ පුනරුත්ථාපනය කර නිදහස් කරන්න යනකොට අපි කවුරුවත් ඊට විරුද්ධ වුනේ නැහැ.

    යුධ සමයේ හමුදාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම පරීක්ෂණ කරනවා. නමුත් සාමාන්‍ය ජනතාව ඝාතනය කළ, හමුදා සෙබලුන් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ ක්‍රියාධරයන්ට වන්දි ගෙවන්න කථාකරනවා. එහෙම තත්වයක් උඩත් සිංහල සමාජය ඒවාට විරුද්ධව දැඩිව කටයුතු නොකරද්දීත් අද දෙමළ සමාජය තුළින්ම සාමය හා සහජීවනය බිඳ දැමීමට ක්‍රියාමර්ග ගනිමින් තිබෙන බව වාකනේරි විහාරස්ථානය බිමට සමතලා කිරීමෙන් ඔප්පු වෙනවා.

    ඒ වගේම සෝන් ගැන් (කඩු කල්ලිය), බයික් ගැන් (යතුරු පැදි කල්ලිය) කියලා උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන බව හඳුනාගෙන තිබෙනවා. මේ කණ්ඩායම් දෙකම අද සාමාන්‍ය දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරනවා. එල්.ටී.ටී.ඊ.යත් 60 දශකයේ සහ 70 දශකයේදී ඔවුන්ට ජාත්‍යන්තර අරමුදල් නොලැබෙන කාලයේදී සිදුකලේත් මේ දේමයි. ඔවුනුත් බැංකු මංකොල්ල කෑවා, සාමාන්‍ය ජනතාවගෙන් කප්පම් ගත්තා. ඒ තුළින් ඔවුන් තමන්ගේ සන්නද්ධ අංශ වලට අවශ්‍ය මුදල් එක්රැස් කරගනු ලැබුවා. අද මේ කල්ලිතුළ කටයුතු කරන්නේත් එදා එලෙස කටයුතු කළ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන් වෙන්න පුළුවන්. ඒ නිසා අප ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. උතුරු නැගෙනහිර බෞද්ධ ජනතාව ඇතුළුව සියලු ජනතාවගේ ආගමික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දෙන්න කියලා.

    නීතිඥ ටියුඩර් පෙරේරා මහතා –

    යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු මාර්ග බාධයකදී නොනවතා ධාවනයේදී පොලිසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අදහස් දැක්වූ අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා සඳහන් කළා තරුණයන් යතුරු පැදිවල වේගයෙන් යාම සාමාන්‍ය දෙයක් බවත් පොලිසියට 1000cc බයික් ලබාදී තිබෙන්නේ ඒවා ඇල්ලීමටයි කියලා. නමුත් එතුමාට මෙහිදී මතක් කළයුතුයි පොලිසියට මේ වනවිට ලබාදී ඇත්තේ 600cc ධාරිතාවයකින් යුතු යතුරු පැදි පමණයි. 1000cc බයික් ලබාදීලා තියෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශයට පමණයි. 1000cc මෝටර් සයිකල් ලංකාවේ තහනම්. ස්වයංක්‍රීය ආයුධයක් පොලීසියට ලබාදෙන්නේ පෑනක් වගේ සාක්කුවේ දාගෙන ඉන්න නොවේ.

    අනෙක් කාරණාව තමයි මේ වෙඩිතැබීම සිදුව තිබෙන්නේ මාර්ග බාධකයකදී පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කළ නිසයි. මෙලෙස පාන්දර 03ට පමණ පොලිස් අණ නොතකා ධාවනය කරන්නේ හොරුද?, මංකොල්ලකාරයෝද? එහෙම නැත්නම් සරසවි ශිෂ්‍යයෝද කියලා පූර්ව නිගමනය කිරීමට විශේෂ හැකියාවක් අපේ පොලිස් නිළධාරීන්ට නැහැ. මෙහිදී යතුරු පැදිය නොනවත්වා ධාවනය කර වරදකර ඇත්තේ සරසවි සිසුන් දෙදෙනායි. මෙහිදී පොලිසියට වගකීම පැවරීය නොහැකියි.

    මාධ්‍ය ඒකකය
    ජාතික හෙළ උරුමය
     
    • Like
    Reactions: ruka!

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    “ ඔබලාට කැමති නම් මැච් එක පටන් ගන්න. අපි මැච් එක ඉවර කරන්නම්”
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ඔය වර්ණසිංහ කියන ගොන් පකයට තියෙන්නේ මහා කකුස්සි කටක්... ඕකව ඔබන්න ඕනේ අල්ලලා සිරිකොතේ කකුස්සි වලේ. මුට ලැජ්ජාවක් නැහැ .. පුක පයින් ගහල ගෙදර ඇරියේ ඉසුර දේවප්‍රිය... මුන් තමා රට කෑවේ සිරා එක්ක එකතු වෙලා..
    හෙන ගහපන් ඕකට
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමල සන්ධානේ ඉල්ලීමට හුටන් කෑම්ප් ටික අයින් කරනකන් බලන් ඉදල දැන් කියවනවා ....
    තේරෙයි කල්යයි....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව ඉස්සරහට තව තේරෙයි,එතකොට පෙරහැර ගිහින් තියෙයි.:angry::angry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තව ඉස්සරහට තව තේරෙයි,එතකොට පෙරහැර ගිහින් තියෙයි.:angry::angry:


    මොනවා කරන්නද ලංකාවේ හැටි ඔහොම තමා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg

    14713773_201438733615914_1326576833239465751_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චම්පික රතන පොන් සේකා ඔයාලාගේ මව් පාර්ශවය හොදින්ද?