ඕරෝරා ගැන දැනගනිමු

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    137313596_2941702436088326_120090129054463299_n.jpg

    137493188_2941702629421640_2478302083328420801_n.jpg

    මේ ඔබ දකින ජායාරූප පෙල පරිගණකයෙන් නිර්මාණය කල ඒවා නොවේ.සැබෑවටම උත්තරාර්ධගෝලයේ ධ්‍රැවාසන්නයේ ජීවත් වන මිනිසුන් සමහර දින වල රාත්‍රී කාලයේ දකින අපූරු දර්ශන පෙලකි.රාත්‍රී අහස තුල හිරු නැග එන්නාක් මෙන් මන්ද ආලෝකයක් පලමුව පැතිර යයි.දෙවනුව ඇතිවනුයේ විවිධාකාර හැඩ වලින්‍ යුත් ආලෝක රටා පෙලකි.උතුරු දෙසින් එන කොල හා රතු පහැති ආලෝක ධාරාවන් අහසේ ඉහලට නැගී චමත්කාරජනක දඟර ආලෝක රටා මවයි.මෙම සංසිද්ධිය "ඕරෝරා"(Aurora) ලෙස හදුන්වනු ලබයි.මෑතක් වනතුරුම මෙය පර්යේෂකයන්ට විසදිය නොහැකි අභිරහසක් විය.ඒ නිසා එකල ජනයා මෙය දෙවියන්ගේ නැටුම් සංදර්ශනයක් ලෙස හැදින්වූහ.
    මෙම ඕරෝරා වැඩිපුරම දිස්වන්නේ උතුරු අක්ෂාංශ 65 ත් 72ත් අතර කලාපයේ පිහිටි රටවලය.ඕස්ට්‍රේලියාව ඇතුළු දකුණු අර්ධගෝලයේ රටවල් වල ජනයාද දැනට සියවස් දෙකකට පමණ ඉහතදී නැගෙනහිර අහසේදි මෙවැනි එළි දැක තිබෙනවා.ඒ අනුව උත්තරාර්ධගෝලයේ දිස් වන ආලෝක ධහරා "ඕරෝරා බෙරියාලිස්"ලෙසද දක්ශිණාර්ධගෝලයේ ආලෝක ධහරා "ඕරෝරා ඔස්ට්‍රාලිස්"ලෙසද නම් කරනු ලැබුවා.දියුණු කරන ලද දුරේක්ෂ ඇසුරෙන් අහස පිරික්සන පර්යේෂකයන්ට බ්‍රහස්පති,යුරේනස්,සෙනසුරු සහ නෙප්චූන් යන ග්‍රහලෝක වලට ඉහලින්ද මෙම ඕරෝරා එලි දැකගත හැකිවිය.එමෙන්ම සෑම වසර 11කට වරක්ම සූර්‍යයා මතුපිට ඇතිවන ප්‍රචන්ඩකාරී සූර්‍යය කුණාටු සමග ඕරෝරා වල ආලෝකයේ තීව්‍රතාව වැඩි වනබව හෙලිදරව් වුනා.මේ නිසා සූර්‍යයා සහා ඕරෝරා ආලෝක ධහරා අතර සම්බන්ධයක් ඇති බව පර්යේෂකයන් විසින් තහවරු කරගනු ලැබුවා.
    ඕරෝරා එලි දිස්වන අනෙක් ග්‍රහලෝක හා පෘතුවිය අතර ප්‍රධාන සමානකමක් තිබේ.ඒ සෑම ග්‍රහලෝකයකම ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වේ.සූර්‍යයාගේ සිට පැමිණෙන සූර්ය සුළගෙහි ආරෝපිත අංශු පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රයට හසුවීමෙන් ඕරෝරා ආලෝක ධහරා ඇති වන බව පර්යේෂකයන් විසින් සොයාගන්නා ලදී.පොළොවට සැතපුම් 80ක් පමණ ඉහලදී වායුගෝලයේ ඉහල ස්ථරය වූ අයන ගෝලයෙහි සූර්ය සුළග ගැටීමෙන් ඕරෝරා එලි ඇතිවේ.දෙවියන්ගේ නැටුම් සංදර්ශනයේ අභිරහස විසදුවේ එලෙසය.මේ අපූරු සංසිද්ධිය දැකගැනීමට සංචාරකයන් දහස් ගණනාවක් උත්තරාර්ධගෝලයේ රටවල් කරා පැමිණෙති.ඒ සදහා නැරඹුම් කුටිද ඉදිකර තිබේ.අනෙක් අයටත් දැක ගැනීමට බෙදාගන්න.සුරංගනා ලොවක අපව ගෙනයන මෙහි වීඩියෝ දර්ශනයක් නැරඹීමට


    වැදගත් දෙයක් දැගත්තා නම් සබි කරන් යන්න යාලුවනේ http://bit.ly/3szphn6