ඕලන්දයේ-විද්‍යාගාරයක-බිහිවෙන-අනාගතයේ-ගො&

krishan78

Member
Apr 27, 2012
469
118
0
ඕලන්දයේ-විද්‍යාගාරයක-බිහිවෙන-අනාගතයේ-ගො&

6_Netherlands_Sunless_Farming_.sff_custom.jpg

හිරු එළිය නොමැතිව රතු-නිළ් ආලෝකයේ වැවෙන මාළුමිරිස් පැළ

අදවන විට ලෝකය උග්‍ර ආහාර අර්බුදයක එලිපත්තට පිවිසෙමින් තිබේ. ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් දැනටමත් මන්දපෝෂණයෙන් පෙලෙන අතර කාළගුණික විපර්යාස හා ස්වභාවික ව්‍යසනයන් නිසා පලදාව අඩුවෙමින් පවතින අතර පෙර නොවූ විරූ ලෙස ආහාරද්‍රව්‍ය වල මිලගණන් ඉහල යමින් පවතී. මේ අතරම ලොව බොහෝ රටවල් නියඟයෙන් පීඩාවිඳින අතර තවත් රටවල්වල නිරන්තර ජලගැලීම් නිසා වගාවන් විනාශවී යයි. අද බිලියන 6.8වන ලෝක ජනගහනය 2050වන විට බිලියන 9 දක්වා ඉහල යාහැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන්බලා තිබේ. මේ වැඩිවන ජනගහනයට, ජලය හිඟ, පලදාව අඩු වගාබිම් වලින් ආහාර සපයන්නේ කෙසේද? වැඩිවන ජනගහනය සඳහා ආහාර සැපයිමට තවතවත් වනාන්තර කපාදමමින් වගාබිම් පුලුල් කළයුතු අතර පරිසරයට විනාශකාරී කෘත්‍රිම පොහොර හා රසායණික වල්නාශක හා කෘමිණාශක භාවිතය ඉහල දැමිය යුතු වෙනවා. ඒ වගේම ජල හිඟය විසඳුමක් නොමැති ගැටලුවක්.ඉතාම නුදුරු අනාගතයේදී ලෝකයේ බොහෝ රටවල්වලට මුහුණපෑමට සිදුවන බරපතල ගැටලුවකි මෙය.

මේ ගැටලුවට පිලියමක් තමන් සොයාගෙන ඇතිබව ඕලන්දයේ පෞද්ගලික පර්යේශණ ආයතනයක් වන ප්ලාන්ට්ලැබ් ආයතනය පවසයි.


"අප ජීවත් වන ලෝකය ආරක්ශාකර ගැනීමටත්, වැඩිවන ජනගහනයට සෑහෙන ලෙස ආහාර නිශ්පාදනය කරගැනීමටත් අපට අපගේ වගාක්‍රම වෙනස්කරගන්නට වෙනවා..."ප්ලාන්ට් ලැබ් ආයතනයේ ප්‍රධාන පර්යේශකයෙකු වන ගර්ට්ජන් මීවුස් පවසයි.


ගර්ට්ජන් හා තවත් ඕලන්ද ජීව ඉන්ජිනේරුවන් දෙදෙනෙකු අප සැම අසා ඇති "ග්‍රීන් හවුස්" නම් වගා සංකල්පය තවත් එක් පියවරක් ඉදිරියට ගෙනගොස් තිබෙනවා. ඔවුන්ගේ විද්‍යාගාරය තුල සාමාන්‍ය සූර්යාලෝකයද නොමැතිව සරුසාරව වැවෙන වගාබිමක් නිර්මාණය වී තිබෙනවා.
7_Netherlands_Sunless_Farming_.sff_custom.jpg

Plant Lab ගෘහස්ථ පැල තවානක්
මේ වගාබිම ආලෝකමත් වන්නේ ඉතා කාර්යක්ශම LED විදුලි බුබුලුවලින්. LED විදුලිබුබුලක් පැය 50,000ක් එනම් නොකඩවා වසර 5ක් එකදිගට දැල්විය හැකිවන අතර CFL බල්බවලට වඩා බලශක්තිය ඉතිරිකරනවා. එමෙන්ම මෙම විදුලිබුබුලු වලින් නිකුත්වන්නේ සාමාන්‍ය සුදු ආලෝකය නොව පැලෑටි වර්ධනය සඳහා අවශ්‍ය රතු හා නිල් ආලෝකය පමනයි. රතු හා නිල් ආලෝකය පමණක් නිකුත්කරන LED බල්බ සුදු ආලෝකය නිකුත් කරන LED බල්බ වලටත් වඩා බලශක්තිය ඉතුරු කරනවා.

"ඇත්තටම පැලෑටි වැවීමට හිරු එලිය අවශ්‍ය නෑ. පැලෑටි වැවීමට අවශ්‍යවන්නේ නිල් හා රතු තරංග ආයාම වල ආලෝකය පමණයි. ඒ විතරක් නොවෙයි සූර්‍යාලෝකය වැඩිපුර ලැබීම පැලෑටිවල වර්ධනය බාල කරනවා. අපේ ගෘහස්ථ ගොවිපොලේ ආලෝකය ලබාදෙන්නේ පැලෑටි වලට අවශ්‍ය නියම ප්‍රමාණයට පමනයි..' ප්ලාන්ට් ලැබ් ප්‍රධාන ජීව ඉන්ජිනේරු ගර්ට්ජන් මිවුස් පවසනවා.
1_Netherlands_Sunless_Farming.sff_vert.jpg

ජීව ඉංජිනේරු ගර්ජන්ට් මීවුස් ප්ලාන්ට් ලැබ් විද්‍යාගාරයේ එක් ගෘහස්ථ වගාබිමක මාළුමිරිස්, ස්ට්‍රෝබෙරි හා කෙසෙල් ගස් නිල් හා රතු ආලෝකයෙන් නැහැවෙමින් සරුසාරව වැඩී ඇති අතර පලෑටි වවා ඇති තැටිවලට ඉතා ක්‍රමාණුකූලව හෙමින් ජලය කාන්දුවීමට සකස්කොට තිබෙනවා. මෙහි උශ්ණත්වය සෑම විටම නොවෙනස්ව පවතින ලෙස පරිගණකයක් මගින් පාලනය කරන අතර දිවා රාත්‍රී චක්‍රය ඇඟවීම සඳහා පැය 10-12 අතර කාළයක් බල්බ නිවී පැලෑටි අඳුරේ තැබෙනවා.


ජලය, නිල්/රතු ආලෝකය හා උශ්ණත්වය නියමාකාරයට පාළණය කලවිට බෝග වර්ග ඉතාම කාර්යක්ශම ලෙස වැවෙනවා. මේ නිසා පැලෑටිවලට මල්, ගෙඩි, කරල් හා අල වැනි මිනිසාට ප්‍රයෝජනවත් කොටස් වර්ධනය කිරීම ඉක්මණට කරන්නට පුලුවන් හරියටම බ්‍රොයිලර් කුකුල් ගොවිපොලවල් වල නියමාකාරයට කළමණාකරණය කල බ්‍රොයිලර් කුකුලන් දින 45 ඇතුලත නියම බරට වැඩෙනවා වගේ. දැනට ගොවීන් බෝග වගාකරන ක්‍රම ඉස්සර බ්‍රොයිලර් ක්‍රමය ප්‍රචලිතවීමට පෙර කුකුලන් ඇති කිරීම වගේ. පැලෑටි වල ශක්තිය නිරපරාදේ පරිසරයට ඔරොත්තු දෙන්නට වැයවී ප්‍රයෝජනවත් අල, කරල්, ගෙඩි නිශ්පාදනය අඩුවෙනවා. ගෘහස්ථවගාබිම් වල මේ සියලු සාධක හොඳින් පාලණය වන නිසා පැලෑටි කාර්යක්ශමව වැඩී පළදාව ඉක්මණින් ලැබෙනවා.


ප්ලාන්ට් ලැබ් ගෘහස්ථ වගාබිම්වල බෝග සඳහා ජලය ඉතා අඩුවෙන් වැය වෙනවා. සාමාන්‍යයෙන් බෝගයක් සඳහා අවශ්‍යකරන ජල ප්‍රමාණයට වඩා 75% අඩු ජලප්‍රමාණයකින් ඔවුන් වැඩි පලදාවක් ලබාගෙන තිබෙනවා.උදාහරණයක් විධියට ඉතා හොඳින් ජල කළමණාකරණයක් තිබෙන ඊශ්‍රායලයේ වගාබිමක තක්කාලි කිලෝවක් වැවීම සඳහා ලීටර් 60ක පමණ ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහෙත් ප්ලාන්ට් ලැබ් වගාබිමේ තක්කාලි කිලෝවක පලදාවක් ලබාගැනීමට වැය වන්නේ ලීටර් 15ක් පමණයි.


මෙතනින් ගත්තේ ......
http://vidya-gaweshana.blogspot.in/
රි පොස්ට් නම් සොරි වෙන්න
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ගුඩ් පෝස්ට් මචන්...
අන්තිමට අපි කන්නේ මොනාද කියලා හිතාගන්න බැරි වෙයි නේ.. ඒත් ඉතින් දියුනු වෙන වැඩි වන ජනගහනයත් එක්ක කරන්න වෙන දෙයකුත් නෑ.. ( උබලා ඊශ්‍රායල් වල ෆාම් එකක් දැකලා තියනවද අෆ්ෆට තක්කලි එහෙම වවලා තියන හැටි දැක්කම තනි ඇහැට ඇඩෙනවා)
මේකේ ඒතරම් සරුවට නෑ ඒත් මම ටීවී එකේ දකිනවා පිස්සු හැදෙන වගාවල් :P
 

krishan78

Member
Apr 27, 2012
469
118
0
ela news eka


ගුඩ් පෝස්ට් මචන්...
අන්තිමට අපි කන්නේ මොනාද කියලා හිතාගන්න බැරි වෙයි නේ.. ඒත් ඉතින් දියුනු වෙන වැඩි වන ජනගහනයත් එක්ක කරන්න වෙන දෙයකුත් නෑ.. ( උබලා ඊශ්‍රායල් වල ෆාම් එකක් දැකලා තියනවද අෆ්ෆට තක්කලි එහෙම වවලා තියන හැටි දැක්කම තනි ඇහැට ඇඩෙනවා)
මේකේ ඒතරම් සරුවට නෑ ඒත් මම ටීවී එකේ දකිනවා පිස්සු හැදෙන වගාවල් :P
thanks......................:):):):):)
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පර්යේෂණාත්මකව නම් මේක සාර්ථක වෙයි. නමුත් ප්‍රායෝගිකව අද කාලේ බලශක්ති අර්බුදයත් එක්ක විදුලිය භාවිතා කරගෙන මෙහෙම් වැඩක් විශාල වශයෙන් කරන්න පුලුවන් කියලා මම හිතෙන්නේ නෑ. හිරුඑළිය තරම් වියදමක් නැතුව කිසිම බලශක්ති ප්‍රභවයක් ගන්න බෑ. මේ වගේ දෙයක් ඇන්ටාක්ටිකාව වගේ පළාතකට හොඳයි. ඒ වගේම කවදා හරි අඟහරු ලෝකේ ජනාවාස පිහිටවපුවාම නම් වැඩක් තියෙයි.
    කොච්චර පරීක්ෂණ කරත් අවසානේ ඒවායේ සාර්ථකත්වය මනින එකම සාධකේ තමයි අඩු මිල. මේකෙන් හදන එළවළු අනිත් සාමාන්‍ය එළවළු වලට සමාන හෝ අඩුමිලට ගන්න පුලුවන් වෙනකන් මේ තාක්ෂණය ප්‍රායෝගිකව යොදාගන්න අමාරුයි.