ඕලන්ද හිමිගේ ඝාතනය
~~~~~~~~~~~~~~
අපි අතුරින් බොහොමයක් තායිලන්තයේ සංචාරය කර ඇතුවා නිසැකය. එසේම තායිලන්තය කියා අපි සංචාරය කර ඇත්තේ බැංකොක් සහ පතායා බදු සංචාරකයන් නිතර යන එන තැන් බවත් නිසැකය. නමුත් ඔබට බැංකොක් වලින් සැතපුම් දහස් ගනනක් දුරින් පිහිටි ගමක දෙකක අප්‍රධාන නගරයක සති කීපයක් වාසය කරන්නට හැකිවිනි නම් සැබෑ තායිලන්තය අපි දකින මසාජ් ක්ලීනික් වලින් කොතරම් ඔබ්බටදැයි වැටහෙනු ඇත. මා එහිදි හොදින් නිරික්ෂණය කල කරුණක් වුයේ සැබෑ බෞද්ධ දර්ශනය හැදෑරීමට සහ අභ්‍යාස කිරීමට තායිලන්තයට පැමිණි දහස් සංඛ්‍යාත විදේශික භික්ෂූන් වහන්සේලාය. ඔවුන් අතරින් සමහරක් ප්‍රතමයෙන් ලිංගික සේවා ලබා ගැනීම සදහා තායිලන්තයට පැමිණියවුන්ය. සමහරක් තමන් වාසය කරන බටහිර රටවල උගතුන්ගේ නිර්දේශය මත පැමිණියවුන්ය. එසේම තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා රජයද බුදු දහම යමින් භාවිතා කරයි.
ඕලන්දය යනු යුරෝපයේ චින්තන විප්ලවයේ පුරෝගාමි රටකි. මාටින් ලුතර් ජර්මානු පාදිලිතුමා විසින් කතෝලික වතිකානු ආධිපත්‍යයට එරහිව ගැසු ධාර්මික කැරෙල්ලෙන් අභාෂය ලැබු ඇයද රෙපරමාදු ධර්මය වැලදගති. ඒ නිසා ඇයට සිය රටේ දකුණු ප්‍රදේශය අහිමිවු අතර කතෝලික ආගම ඇදහු බහුතරයක් විසු එම පෙදෙස බෙල්ජියම ලෙස අලුත් රටක් ලෙසකතෝලික ප්‍රංශයේ යුධ අධාර වල පිහිටෙන් වෙන්විය. අපි ඉස්කොලේ යනකාලේ ඉගෙන ගත්ත ඕලන්දය නම් රට නෙදර්ලන්තය බවට පත්විය. නේදර්ලන්ත මිනිසුන් ඉතා සාමකාමිය.
එබැවින් හිර ගෙවල් දිනපතා වැසී යයි.
නමුත් ගංජා නීතිගත කල පලමු රට ඇයයි.
ගණිකා වෘත්තිය නීතිගතය.
නෙදර්ලන්තයට යන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ගණිකා වෘත්තිය ජයට කෙරෙන Red Street බලන්න යනවාමය. එහි විදුරු කාමර වල බෝනික්කියන් බදු සුන්දර ලලනාවෝ බිකිණියෙන් පමනක් සැරසි ඉඟි බිඟි වලින් ඔබට ඇතුලට ආරාදනා කරත්.
අසල ඇති Majic Shop නම් කෝපි කඩවලින් නැගෙන ගංජා දුමාරය මත්වීමට ඇති ලෝලිත්වය තටුගසා අවදි කරවයි.
එසේම සමලිංගත්වය එහි නීතිගතය.
සමලිංගික විවාහ එහි වෙයි.
මේ සියල්ල කියවන ඔබට ඕලන්දය ලෙස මැවෙනුයේ මහා ජරා වනචර සංස්කෘතියක් නැති රටක් ලෙස නිසැකයි.
නමුත් එය එසේ නොවන බවට ඉහලම නිදසුන මෙලෙස තිරිසන් ලෙස ඝාතනය කර ඇතැයි සැලකෙන මේ ඕලන්ද ජාතික හිමිනමයි. මෙලෙස ජීවිතයේ සැනසීම තකා මහණ වුවන් දහස් ගනනකි.
දස දහස් ගනනින් ඉන්දියාවේ විවිධ වු "ගුරු"න් ගේ ආරාම වල භාවනා සහ විවිධ වෘතයන් පුරයි. සත්‍ය සෙවීම සදහා මොවුන්තුල ඇති පිපාසය ඉතා ඉහලය. ඉන්දියාවේ සංචාරක කර්මාන්තයෙත් වැදගත් පංගුවක් මේ සත්‍ය සොයා එන්නන්ගෙන් පිරෙයි. ලාංකිකයන්ගේ පවා ඉමහත් වන්දනාවට භාජනය වු සායිබාබා අදහන සුද්දන් මිලියන ගනනකි.
ආශ්‍රම සුද්දන්ගෙන් පිරි ඉතිරි යයි.
බුදු දහමට ලොල් ඕලන්ද වැසියන් ලංකාවට පුදුම ආදරයක් දක්වයි. ඔවුන් විසින් දරුකමට හදාගන්නට ගත් ලාංකේය දරුවන් දස දහස් ගනනකි.
මේ මරණය එබදු වැසියන්තුල මහා කම්පනයක් ඇතිකර තිබේ.
ආනන්දියන් තුලත් එබදු කම්පනයක් ඇති කර ඇතැයි මම සිතමි.
ආනන්දයේ පලමු විදුහල්පති ලෙට් බීටර් මැතිතුමා ඕලන්ද ජාතිකයෙකි.
ආනන්දය පිටකොටුවේ මැලිබන්වීදියේ පොල්අතු මඩුවක අරඹා පරණවාඩියට රැගෙනවිත් මහා මන්දිර ගොඩනැගීමට දායකවු පරම සත්‍යගවේෂි සංගමයේ අරමුදල් පෝෂණයවුයේ ඕලන්ද ගිල්ඩර් වලිනි.
ආනන්දයේ ප්‍රභල ආදි ආනන්දීය බෞද්ධ සංගමයක් සහ පාසල් සංගමයක් වෙයි.
මේ මරණයට සාධාරණයක් ඉටු කිරීමට මැදිහත්වීමට අපට අතහල නොහැකි වගකීමක් ඇත.
ජනාධිපතිවරයා ආනන්දීයෙකි.
ආරක්ෂක ලේඛම් ආනන්දීයෙකි.
පොලෝසීය බාර ඇමති ආනන්දියෙකි.
අමාත්‍යංශ ලේඛම් ආනන්දියෙකි.
පොලිස්පතිද ආනන්දියෙකි.
උදේ හවා TV තිරයේ දකින අජිත් රෝහනද ආනන්දියෙකි.
CID ලොක්කා ආනන්දියෙකි.
නීතිපති දෙපාර්තුමේතුවේ ඉහල නිලයන්ද ඔවුන්ය.
කොටින්ම අධිකරණ ඇමතිගේ ප්‍රධාන උපදේශක යු.ආර්.ඇල්. ද සිල්වා ආනන්දියෙකි.
මෙය ඝාතනයක් නම් එම ඝාතකයා නොඇල්ලීමෙන් අප අවමන් කරන්නේ ලෙට් බීටර්ටය. බැලැවැස්කි මැතිණියටය.
පාසැල ඇතුලට ගොස් අභිමානවත් ලෙට් බීටර් ගොඩනැගිල්ල ඉදිරියෙන් ඔබ කලිසමක් ඇදන් ගමන් කරන්නේ කෙසේදැයි මම නොදනමි.
ඔබ සැබෑ ආනන්දියෙකුනම් මේ සදහා කටයුතු කලයුතුය.
මේ සදහා හඩ නැගිය යුතුය.
" අනදාපාන ආනන්දේ පුත්තු" ඒ අභිමානවත් ගීතයට ඔබ සාදාරණයක් කලයුතුය.
බැරිනම් ඔබලාගේ "දේශපාලන මරණය" අපි ලියෙන්නෙමු.
මෙයට ශෝකයට පත් නිලංග සමරසිංහ.