ඕෂධී_හිස_මුඩු_කරයි
හිස කෙස් කාන්තාවකට කොතරම් වටිනා ආභරණයක් ද? උපන් දා සිට ආදරෙන් රැකගත් මේ ආභරණය කපන්න සිද්ධ වුණොත් එය කොතරම් ලොකු කැපකිරීමක් ද? චරිතයකට එවැනි කැපවීමක් කළ තවත් ජනප්රිය තරුවක් තමයි ඕෂධී හේවාමද්දුම. සනත් අබේසේකර නිර්මාණය කරන මහින්දාගමනය චිත්රපටයේ අනුලා බිසවගේ චරිතය නිරූපණය කරමින් අවස්ථා දෙකකදීම වර්ෂාවෙන් බාධා ඇති වුවත් එය ආශිර්වාදයක් ලෙස සලකමින් බුද්ධ ධර්මය තුළ සිටි කඩඉම් චරිතයකට ඉතා සාර්ථක රංගයක් එක් කළ ඕෂධීගේ රංගන ජීවිතේ මේ සුවිශේෂී අවස්ථාව ගැන මීවිත අපි කතා බහක යෙදුණා.
ඇයි මේ කොණ්ඩේ කැපුවේ?
සනත් අබේසේකරගේ මහින්දාගමනය චිත්රපටයේ අනුලා බිසවගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. අතීත කතාවේ හැටියට අවසානයේ අනුලා බිසව මහණ වෙනවා. ඇගේ චරිතය නිරූපණය කරන මටත් මහණ වෙන්න සිද්ධ වුණා. ඒ නිසා චරිතය වෙනුවෙන් හිස බූ ගෑවා.
රංගනය වෙනුවෙන් මේතරම් කැපකිරීමක් කළේ ඇයි?
අනුලා බිසව කියන්නේ මනඃකල්පිත චරිතයක් නෙමෙයි. ලාංකීය ඉතිහාසයේ බුද්ධ ධර්මය තුළ ජීවත් වුණු කඩඉම් චරිතයක්. මහින්දාගමනය චරිත්රපටත් ඒ වගේම වෙහෙස මහන්සිවෙලා සාර්ථකව නිර්මාණය කරන චිත්රපටයක්. චිත්රපටයක සාර්ථකත්වය තියෙන්නේ ප්රේíක රසවින්දනය මත. ඒ නිසා ප්රේíකයා අතරට චරිතය කාවද්දන්න නම් අපි එය සාර්ථකව නිරූපනය කරන්න ඕන. මගේ ආගම ධර්මය වෙනුවෙන් සහ ඓතිහාසික චරිතයක් රඟපාන්න ලැබුණු උතුම් අවස්ථාව වෙනුවෙන් මගේ කොණ්ඩය කැප කළා.
ඒ කියන්නේ රංගනය වෙනුවෙන් මීට වඩා දෙයක් වුණත් කරන්න සූදානම්ද?
මම මෙතෙක් රඟපාපු හැම චරිතයක්ම කළේ උපරිම කැපකිරීමකින් වගේම ආසාවෙන්. ඒ වගේම ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්. මගේ පවුල් පසුබිම බොහොම වැදගත්. ඒ නිසා සංස්කෘතික සීමාවක් තුළ ඉඳගෙන තමයි රඟපාන්නේ. පෞද්ගලිකව ලිංගික හා නිරුවත් දර්ශන කවදාවත් මම රඟපාලවත් රඟපාන්නෙවත් නැහැ. අපි කරනදේ අවංකව කරන්න ඕන. ඒකට හැම මොහොහොතකම අපි බැඳිලා ඉන්නවා.
මහින්දාගමනය ඔබේ කීවෙනි චිත්රපටයද?
තුන්වැනි චිත්රපටය. මීට කලින් චන්න පෙරේරාගේ අංජලිකා හා සුමිත් කුමාරගේ රාමසැරය චිත්රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා.
තට්ටේ දැන් නිළියන්ට විලාසිතාවක් වෙලා නේද?
අනිත් අය ගැන මට කියන්න බැහැ. නමුත් මම කොයිම අවස්ථාවකවත් විච්චූරණ ඇඳුම් ඇඳලා තට්ටේ ප්රදර්ශනය කරන්නේ නැහැ. එහෙම කළොත් මගේ වෘත්තිය පැත්තෙන් ඒක අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා තට්ටේ මට විලාසිතාවක් නෙමෙයි.
එතකොට ඔබ සමාජය ඉදිරියට යන්නේ වෙස් වලාගෙනද?
තට්ටේ ගෑවට පස්සේ මගේ පුංචි මූණ තවත් ටිකක් පුංචි වෙලා කියලා හිතෙනවා. තට්ටේ පිටින් ගියොත් වෙනදට මගේ දිහා බලන ප්රේíකයෝ අමුතු විදිහට මගෙ දිහා බලයි. සමාජයට යන හැම මොහොතකම විග් පාවිච්චි කරනවා. එතකොට ජනතාව අතර මගේ කොණ්ඩ විලාසිතා විවිධත්වයක් ඇති වෙයි. මටත් මගේ මූණට හොඳ කොණ්ඩ විලාසිතාව තෝරගන්න පුළුවන් වෙයි.
මුල්ම කෙස් රොද කපද්දි ඇති වුණේ මොනවගේ හැඟීමක්ද?
සිල්මෑණිවරු පිරිත් කියමින් තමයි කොණ්ඩෙ කැපුවේ. ඒක ඇත්තටම දුකකුත් නැති වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. මගෙ විතරක් නෙමෙයි ෂුටින් කරපු තැන හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු ආවා මොහොතක්. මට ලොකු අභිමානයක් දැණුනා.
කොණ්ඩය ගැන තිබුණේ මොනවගේ සැළකීමක් ද?
මගෙ තාත්තා කොණ්ඩෙට හරි ආදරෙයි. ඒ නිසා කවදාවත් මගෙ කොණ්ඩේ බූගාලා නැහැ. උපන් කොණ්ඩේ තමයි එදා බූ ගෑවේ. වෘත්තියේ ස්භාවයට කොණ්ඩ විලාසිතා කළාට කොණ්ඩෙට හානියක් වෙන විදිහේ ආලේපන ගාලා විලාසිතා කරලා නැහැ.
හිස බූ ගාලා සිවුරු දරාගත්තහම ඇතිවුණු හැඟීම මොනවගේද?
හරිම පහන් හැඟීමක් ඇති වුණා. ඇත්තටම දස සිල් වුණා වගේ දැණුනා. මට හිතුනා සිවුර ගලවන්න බෑ කියලා. ගිහි ජීවිතේ ගැන දැනෙන්න ගත්තා. ඇත්තටම මහණ වුණා නම් හොඳයි කියලත් හිතුනා. ඒ වෙලාවේ එතන හිටපු දස සිල් මෑණිවරු කිව්වා එයාලත් එක්ක යන්න එන්න කියලා. මම කිව්වා මහත්තයයි අම්මයි තාත්තයි කැමතිනම් එන්නම් කියලා.
ඒ මොහොතේ ශාන්තව ගමන් කළේ හිතින් හිතලද?
මේ චරිතය නිසා මාස කිහිපයක ඉඳලා පන්සිල් පද පහ රකිමින් නිර්මාංශ වෙලා මම පේවුණා. ඒ විතරක් නෙමෙයි ජයසිරිමහ බෝධි හාමුදුරුවෝ ළඟට ගිහින් බාරවුණා. ඒ ගමන් කිරීමත් ඇති වුනේ ඉබේටමයි. දස සිල් රැකලා සිවුර ආරක්ෂා කරනවා කියලා දැඩි හැඟීමක් ඇති වුණා.
රංගන ජීවිතේ ඉදිරි වැඩවලට මෙය බාධාවක් නොවේද?
ලැබෙන හැම චරිතයක්ම රඟපාන්න නොලැබෙන නිසා නිර්මාණවල අඩුවක් වෙයි. නමුත් මට හැකියාවක් තිබුණත් අධ්යíවරයාගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ.
මෙවැනි චරිතයක් කරන්න යනවා කියලා දැනගත්තහම පවුලේ අය මොකද කිව්වේ?
මගෙ අම්මටත්, තාත්තටත් විශේෂයෙන් මහත්තයා ප්රදීප්ටත් පින් දෙනවා මෙවැනි කැපකිරීමකට මට ඉඩ දුන්නට. ඒ තුන්දෙනාගේ ආශිර්වාදය තමයි මගේ සාර්ථකත්වයට හේතුව.
සිවුර අත්හරින්න හිතුනෙම නැහැ...
මම විච්චූරණ කරල තට්ටෙ ප්රදර්ශනය කරන්නේ නෑ...

OH