සපත්තු කතාවෙන් මෛත්‍රී පරළ වෙයි. සයිබර් මාධ්‍යයන් සොය සොයා පහර දෙයි.
වත්මන් ජනපතිතුමාගේ සපත්තු දෙක රුපියල් 75000.00 කටත් වැඩියි කියන කරුණ වසා දැමීම වෙනුවෙන් සරළ, මාධ්‍ය නිදහස අගයන ජනපතිතුමා දස අතේ දඟලා තිබේ. ෆේස් බුක් අඩවියේ අප පිටුවේ සටහන් වූ එම පෝස්ටුව පමණක් නොව ඒ හා සම්භන්ධ සියළු පෝස්ටු රිපෝට් කර ඇත්තේ බුද්ධිමය දේපළ හොරා ගැනීම ලෙස සටහන් කරමිනි.
රටක ජනපති, ඔහුගේ පිටුවේ පළකල පිංතූරයක් අප අරගෙන දානකොට වෙනදට බුද්ධිමය දේපල ගැටළු නැත. නමුත් සපත්තු දෙක යූරෝ 460යි, එහෙමත් නැත්නම් රුපියල් 75000.00කටත් වැඩියි කියන කොට, වෙනම කාර්‍ය මණ්ඩලයක් දමා බුද්ධිමය දේපළ කතා ගොතා සයිබර් මාධ්‍යවේදීන් ගේ ෆේස්බුක් එකවුන්ට් වලට පවා තර්ජනය කිරීම, බලයට එන්න පෙර කිවු සුරංගනා කතා වලට කොපමණ යෝග්‍ය දැයි ජනපති විසින් තීරණය කළ යුතුය.
කෙසේ වෙතත් අපේ රටේ ජනපතිවරයා විසින් සිදු කරන මෙවන් ලැජ්ජාසහගත, හිරිකිත ක්‍රියාවන් නිසා අපි රට වැසියන් ලෙස ලැජ්ජාවට පත් වෙමු.