මචන් මගේ ගාවත් තියෙන්නේ 660 සුසුකි k6A එන්ජින් එක තියන කාර් එකක්. ඔය සීන් එක එන්න පුළුවන් හේතු ගොඩක් තියනවා.
1) ගෑස් අඩු වීම
මේක නම් හේතුව චෙක් කරලා ගෑස් ගහන්න ඕන. සරලව ගෙදරදී බලන්න විදියක් තමයි AC ඔන් කරලා නවත්තලා තිබ්බාම සැරින් සැරේ AC කම්ප්‍රෙෂර් එක ඔන් ඕෆ් වෙන එක. (මේකත් එක්ක සද්දෙට රේඩියේටර් ෆෑන් එකත් වැඩ කරන්න ගන්නවා) මෙහෙම නොවී එක දිගටම දුවනවා නම් බොහෝ විට ගෑස් මදි. අඩු පුරවලා ගොඩ දාගන්නත් පුළුවන් රුපියල් 1000කට විතර. හරි විදිය නම් ගෑස් වෙනුවට නයිට්‍රජන් ගහලා ජොයින්ට් වලට සබන් වතුර දාලා ලීක් බලලා /ප්‍රෙෂර් බහිනවාද බලලා පස්සේ ගෑස් ගහන එක (3500ක් 4000ක් යයි)
2) කැබින් එයා ෆිල්ටර් එකේ කුණු බැඳීම
පැසෙන්ජර් සීට් එක ගාව යට එයා ෆිල්ටර් එකක් තියනවා. ඒක කුණු බැඳිලා සවුත්තු උනාම A/C අඩු වෙනවා. එයා ෆ්ලෝ එක අඩු වෙනවා බ්ලෝවර් එකෙන් එලියට එන. ෆිල්ටරේ ගලවලා බලන්න කොහොමද තත්වෙ කියලා.
3) එක්ස්පෑන්ෂන් වෑල්ව් එක (ඔය AC එකේ බට දෙක එන්ජිම ගාවින් කැබින් ඇතුලට යන එකතු වෙලා යන තැන තියෙන්නේ) බ්ලොක් වීම. මේක උනොත් එන්ජිම ගාව තියන පොඩි ac බටේ අල්ලන්න බැරි තරමට රත් වෙනවා. සාමාන්‍යෙන් අල්ලන්න පුළුවන් තරමට විතරයි ඕක රත් වෙන්න ඕන. මේක බ්ලොක් වෙලා නම් 1000කට විතර රීකන්ඩිෂන් එකක් දාන්න පුළුවන්. ඉන්දියන් එකත් හරියනවා ඒකත් එක්දාස් ගානක්. ඒත් ජපන් රීකන්ඩිෂන් ඊට වඩා හොඳයි ලු. බ්‍රෑන්ඩ් නිව් ජපන් එක 3500ක් විතර වෙනවා. (මේක මාරු කලොත් ගෑස් ගහන්නත් වෙනවා) කලින් කම්ප්‍රෙෂර් එක දැම්මා කියන්නේ ගොඩක් වෙලාවට තිබ්බ එක කැපිලා සිස්ටම් එකට කෑලි යන්න ඇති. ඒවා හරියට සුද්ද නොවුනොත් මේ වෑල් එක බ්ලොක් වෙනවා. සීන් එක මේකනම් ඉක්මනට හදා ගන්න නැත්නම් කම්ප්‍රෙෂර් එක යන්න පුලුවන්.
4) හීටර් එක වැඩ කිරීම.
AC එක ෆුල් කූල් වලට දාලා තිබ්බට සමහර වෙලාවට හීටර් එක හරහා හුලන් එනවා වෙන්න පුලුවන්. මොකද ඔය කන්ට්‍රෝල් කරන්න තියන කරකවන කෑල්ලෙන් මිකැනිකලි පොඩි දොරක් වගේ එකින් හුලන් යන පැත්ත කන්ට්‍රෝල් කරන්නේ. මේකේ අවුලක්ද කියලා බලන්න පුලුවන් හොඳට දුවලා එන්ජිම රත් වෙලා තියන වෙලාවක AC ඕෆ් කරලා බ්ලෝවර් එක තියෙන්න දෙන්න. ටික වෙලාවකින් යන්තම් හරි රත්වෙච්ච (සීතල අඩුවීම නෙමෙයි රත්වීම) හුලන් එනවා කියන්නේ මෙතන අවුල. මේක වෙලා නම් බ්ලෝවර් එක ෆුල් ස්පීඩ් දාලා කන්ට්‍රෝල් එක කීප පාරක් එහෙට මෙහෙට කරකවලා බලන්න. හරි ගියේ නැත්නම් ගෙනිහින් කේබල් එකක් තියනවා adjust කරන්න.
5) යනකොට AC හොඳයි එකතැන තියනකොට AC මදි වගේ නම්
AC කන්ඩෙන්සර් එක තියෙන්නේ රේඩියේටර් එක ඉස්සරහින් නේ. ඔය දෙක අතරේ ස්පොන්ජ් එනවා. මොකද ෆැන් එකෙන් හුලන් අදිනකොට AC කන්ඩෙන්සර් එක හරහා එන්න ඕන නිසා. සමහරු කන්ඩෙන්සර් එක මාරු කරනකොට හරියට ඒවා දාන්නේ නෑ. එතකොට නවත්තලා AC දාලා තියනකොට ෆෑන් එකෙන් අදින හුලන් කන්ඩෙන්සර් එක හරහා එන්නේ නැතුව එන නිසා ඒක රත් වෙලා කූල් එක නැතිවෙනවා. දුවනකොට ඉස්සරහින් වදින හුළඟ නිසා කූල් වෙනවා. මේක හදන්න ලොකු කරදරයක් නෑ. සේපොන්ජ් දැම්මම වැඩේ ගොඩ.
6) ඔය මොඩල් වල නම්බර්ප්ලේට් එක පේලි දෙකට ගහන්න ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් ලංකාවේ දිග ප්ලේට් දෙන නිසා සමහරු ඕක ගහන්නේ AC කන්ඩෙන්සරේට හුලන් එන තැන බ්ලොක් වෙන විදියට. එහෙම නම් එක වෙනස් කර ගන්න.
7) තව ඔය කම්ප්‍රෙෂර් වල වෑල්ව් එකක් තියනවා සමහර වෙලාවට බ්ලොක් වෙන. (සමහර මොඩල් වල) තව සෙයනවා අර ගෑස් යනවා පේන වීදුරුව තියන තැන මේවා අවුල් උනත් වෙන්න පුලුවන් (rare cases)න්සර් එකක් ති
https://www.google.lk/maps/@6.79899...6YEKSk080I26mfsDOKXQ!2e0!7i13312!8i6656?hl=si
මේක තියෙන්නේ පිළියන්දල ඉඳලා මොරටු පැත්තට පොඩ්ඩ දුරක් ගියාම. මම ඉස්සර ගියේ මෙතෙන්ට. වැඩ නම් සුපිරි. (ගෝලයෝ නෑ ඩයල් එක තමයි ඔක්කොම වැඩ කරන්නේ) හැබැයි දැන් මාර විදියට ගණන්. ඒක නිසා මම දැන් කටුබැද්දට කිට්ටු තැනක කරන්නේ. එතන නම් ගණන් සාදාරණයි. (මෙතන ගෝලයෝ කීප දෙනෙක් ඉන්නවා. මගේ එක නම් අවුලක් නැතුව කලා. ඒත් අපේ තාත්තාගේ වාහනේ හරියට කරලා නැතුව අර මුලින් කිව්ව තැනින් ආයෙත් කලා) දැන් යන තැන:
https://www.google.lk/maps/@6.79780...pIY3RzKwB_5yotC2-hqQ!2e0!7i13312!8i6656?hl=si