ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස් වෙයි 💊🩻

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    ඖෂධ මාෆියාව ජයගනී..!
    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ
    ප්‍රධාන විධායක නිළධාරියා
    ඉල්ලා අස්වෙයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී සවීන් සේමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
    ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හේතුවෙනි.

    පසුගිය මැයි නම වන දා මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී පුද්ගලයන් දෙදෙනෙකු අනවසරයෙන් ඔහුගේ නිවසට ඇතුළු වී සිටින අයුරු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ අනාවරණය විය.

    අනවසර පුද්ගලයන් දෙදෙනා, සවීන් සේමගේ මහතා නිදා සිටින දෙස බලා සිටින ආකාරයද සී.සී.ටී.වී දර්ශනවල දක්නට ලැබුණි. එම අවස්ථාවේ දී ඔහුගේ බිරිද සහ දරුවන්ද නිවසේ සිට ඇත.

    සවීන් සේමගේ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කරන ලද්දේ 2024 වසරේ ජනවාරියේ දී ය.

    කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී එම ධූරයෙන් ඉවත් වූ සවීන් සේමගේ මහතා නැවත එම ධූරයට පත් කරන ලද්දේ රමේශ් පතිරණ අමාත්‍යවරයා විසිනි.

    වෛද්‍ය සවීන් සේමගේ මහතා, ඖෂධ මාෆියාවට එරෙහිව සටන් කළ නිර්භීත නිළධාරියෙක-ු ලෙස කීර්තියක් අත්කරගත් අයෙකි.

    ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී ධූරයෙන් ඉවත් කිරීමට ඖෂධ මාෆියාවට අවශ්‍යව තිබුණු බව පැවසේ.

    මධ්‍යම රාත්‍රියේ අනවසර පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ නිවසට කඩා වැදුනේ ද ඉවත් වීම සදහා ඔහුට තර්ජනය කිරීම සදහා බව වෛද්‍ය සවීන් සේමගේ මහතා පවසා තිබුණි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    මධ්‍යම රාත්‍රියේ අනවසර පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ නිවසට කඩා වැදුනේ ද ඉවත් වීම සදහා ඔහුට තර්ජනය කිරීම සදහා බව වෛද්‍ය සවීන් සේමගේ මහතා පවසා තිබුණි.
    ජෙප්පො ඕකටත් කියයි "ආහ් ඔය රට පනින්න ඩ්‍රාම එකක්" කියලා. :yes: :yes:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මට හරියට කියපම්! ලපෙයාගෙ ඇග ඇතුලෙ ඉන්නෙ නාකි මයිනා වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: thomian

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඕකා හොරෙක් බං..... ඌම ඩ්‍රාමා එකක් දාලා, අයින් වෙලා වගේ....එදිරිමුණියා පට්ට බිසී ඇති... 😂
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Similar threads