ඖෂධ මාෆියාව ජයගනී..!
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ
ප්‍රධාන විධායක නිළධාරියා
ඉල්ලා අස්වෙයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී සවීන් සේමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හේතුවෙනි.
පසුගිය මැයි නම වන දා මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී පුද්ගලයන් දෙදෙනෙකු අනවසරයෙන් ඔහුගේ නිවසට ඇතුළු වී සිටින අයුරු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ අනාවරණය විය.
අනවසර පුද්ගලයන් දෙදෙනා, සවීන් සේමගේ මහතා නිදා සිටින දෙස බලා සිටින ආකාරයද සී.සී.ටී.වී දර්ශනවල දක්නට ලැබුණි. එම අවස්ථාවේ දී ඔහුගේ බිරිද සහ දරුවන්ද නිවසේ සිට ඇත.
සවීන් සේමගේ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කරන ලද්දේ 2024 වසරේ ජනවාරියේ දී ය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී එම ධූරයෙන් ඉවත් වූ සවීන් සේමගේ මහතා නැවත එම ධූරයට පත් කරන ලද්දේ රමේශ් පතිරණ අමාත්‍යවරයා විසිනි.
වෛද්‍ය සවීන් සේමගේ මහතා, ඖෂධ මාෆියාවට එරෙහිව සටන් කළ නිර්භීත නිළධාරියෙක-ු ලෙස කීර්තියක් අත්කරගත් අයෙකි.
ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී ධූරයෙන් ඉවත් කිරීමට ඖෂධ මාෆියාවට අවශ්‍යව තිබුණු බව පැවසේ.
මධ්‍යම රාත්‍රියේ අනවසර පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ නිවසට කඩා වැදුනේ ද ඉවත් වීම සදහා ඔහුට තර්ජනය කිරීම සදහා බව වෛද්‍ය සවීන් සේමගේ මහතා පවසා තිබුණි.