කංගැට්ටා ඝාතනය කරලා !

monson

Well-known member
  • May 7, 2007
    25,562
    28,453
    113
    කංගැට්ටා ඝාතනය කරලා !

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකරණ ලද බිහිසුණු අපරාද, මංකොල්ලකෑම්, පාතාල ජාවාරම්, අල්ලස් හා දූෂණ පිළිබඳව පවතින සාක්ෂි ඉවත් කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කෙරී ඇති බව හෙළි වේ.

    පසුගිය 21වනදා රාත්‍රියේ කොස්ගස්හන්දියේදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණු ප්‍රසාද් යනුවෙන් හැඳින්වෙන පුද්ගලයාගේ ඝාතනයත් සමග මෙම තොරතුරු හෙළිවෙමින් පවතී. මොහු මහත් ආණ්දෝලනයකට ලක් වූ කෞතුගාරයේ සොරකමට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින්නෙකි. මෙහි ප්‍රධාන සැකකරු කන්ගැට්ටා නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයාය. ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයාගේ සහෝදරයෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු බවද පැවසේ.

    මේ ආකාරයට පසුගිය ආණ්ඩුවේ දේශපාලනඥයින් සෘජුවම සම්බන්ධ වූ අපරාධ රාශියක සාක්ෂි ඉවත් කිරීම සඳහා පුද්ගලයින් ගණනාවක් ගාතනය කිරීමේ අනතුරක් මතුවී ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර විවිධ රාජ්‍ය ආයතනවල සිදු කරන ලද දූෂණ හා අක්‍රමික තා පිළිබඳ තොරතුරු අඩංගු ලිපිගොනු සහ පරිගණක දත්ත ගබඩා බොහෝමයක් මේ වන විටත් විනාශකර ඇති බව හෙළි වේ.


    -lankatruth