කංචන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කංචනයක් වූ කංචන ඔබ අපට ආදර්ශයක්.....

    47041_516193178432770_1417421576_n.jpg


    පසුගිය සතියේ ජනප්‍රිය නළු කංචන කොඩිතුවක්කු ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණා. එහි සඳහන් වූයේ මේ විදිහටයි. ‘මගේ උපන් දිනේ පෙබරවාරි 18 වැනි දා. රාගම රණවිරු සෙවණේ පොඩි වැඩක් කරනවා. පුළුවන්කමක් තියෙනවානම් එදා උදේ 10 ට රණවිරු සෙවණට පැමිණෙන්න කියලා ආරධනා කරනවා.’

    පසුගිය යුද්ධයෙන් පාද අහිමි වූ රණවිරුවන් පනස් දෙනකුට කංචන තම පෞද්ගලික ධනයෙන් කෘතිම පාද පනහක් පරිත්‍යාග කිරීමට තීරණය කරලා. මේ කර්තව්‍යය ගැන මට කනට වැටුණේ කංචනගේ විවාහ මංගල්‍ය ය දවසේ යි.

    පසුගිය දෙසැම්බර් මාසේ විවාහ දිවියට පා තැබූ කංචනත් ඔහුගේ සහකාරිය ශානිකාත් මේ තීරණය ගත්තේ විවාහ උත්සවයට මාස කිහිපයකට කලින්. ඔවුන්ගේ මංගල උත්සවයේ මත්පැන්, කේක්, දුසිම් ගණන් දෙවෙනි මනාල මනාලියෝ මල් කුමර කුමරියන් ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ නිසරු වියදම් කපා හැර ඔවුන් දෙදෙනා නිවෙසේදීම අරමුදලක් පිහිටුවා ගත්තා. මංගල දිනයේ නෑදෑ හිතවතුන්ගෙන් ලැබුණු මුදලුත් අරමුදලට බැර කළා. මේ සියලු මුදල් එකතුකරගෙන තමයි කංචනයි, ශානිකායි දෙමවුපියනුත් හවුල් කරගෙන මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙලා තියෙන්නේ.

    ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි අයෝමා රාජපක්‍ෂ මැතිනිය, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් රොහාන් දළුවත්ත ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් මේ පින්කමට රණවිරු සෙවණට රැස්ව සිටියා.

    ඒ වනතෙක් කිහිලි කරුවලින් ඇවිදගෙන ගිය මේ රණවිරුවන් කංචන පරිත්‍යාග කළ කෘතිම පාද එවෙලේම පැලඳ ගන්නා අයුරු දුටු කාගේත් නෙත්වලට කඳුළු උණන දසුනක් වූවා. උත්සව සභාව මෙහෙය වූයේ කපිතාන් නොයෙල් රාජපක්‍ෂ යි.

    කෘතිම පාද පැලඳ ගත්තාට පසු කංචනට ඔහුගේ උපන් දිනයට සුබ පතන්නැයි කපිතාන්වරයා රණවිරු කැලගෙන් ඉල්ලා සිටියා. ඔවුන් යුහුසුළුව නැඟී සිට අත්වාරු පසෙකට දමා කංචන වෙත පැමිණ ඔහුගේ දෑත් අල්ලා මහත් වූ සෙනෙහසින් ඔහුට සුබ පතද්දී කංචනගේ දෑසින් කඳුළු රූරා වැටෙන අයුරු දැක කාගේත් දෙනෙත් තෙත් වූවා. ඒ හැඟීම්බර මොහොත වඩාත් ත්‍රීව කරමින් කපිතාන් නොයෙල් රාජපක්‍ෂ මෙසේ පැවසුවා.

    ‘මේ සද්කාර්යයට දායක වූ කංචන, කොඩිතුවක්කු මහතා කෙරෙහි මේ පරිත්‍යාගයන් ලැබූ රණවිරුවන් ගේ සිත්තුළ ඇත්තේ අසීමිත භක්ත්‍යාදරයක්. ඔවුන්ගේ මුවින් එය නොකීවාට, ඔවුන්ගේ හද පත්ලෙන් ඔවුන් මේ විදියට මුමුනනවා ඇති.’

    “දයාබර කංචන අත්වාරුවල ආධාරයෙන් සක්මන් කළ අපිට නිදහසේ ඇවිදින්න ඔබ ලබා දුන් මේ වටිනා තෑග්ගට ඔබට ගොඩක් පින්. නැවත එන්න මේ විරු සෙවණට අපිව බලන්න තවත් දවසක. තෑගි එපා බලලා යන්න විතරක් එන්න. මේ දුන්න තෑග්ගට වඩා වෙන තෑග්ගක් අපිට කොයින්ද?”​

    උපුටාගැනීම බුකියෙනි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඉන්න නලුවෝ කියාගන්න අය අතර රඟපාන්න පුලුවං නලුවෙක්... මේකෙන් තේරුනා කංචන හිත හොද මනුස්සයෙක් කියලත්... කලා කාරයෝ හැමෝම මෙහෙම මනුස්සකම් වලින් පිරිච්ච අය වෙනවනම් කොච්චර හොඳයිද...?
    කංචන ඔබට දීර්ඝායු වේවා... :)
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ලංකාවෙ ඉන්න ගොබ්බ නලු නිලියො අතර ශ්‍රේෂ්ඨ නලුවෙක්. ඒ වගේම කාංචනගෙ බිරිඳවත් මතක් කරන්න ඕන. ලංකාවෙ ඉන්න කෙල්ලොන්ගෙන් කීයෙන් කීදෙනාද විවාහ මංගලෝත්සවයට තියාගෙන හිටපු මුදල් මේ වගේ දෙයකට යොදවන්න කැමති. හැම කෙල්ලගෙම බොලඳ ආසාව ලෝකෙට පේන්න මඟුල් ගන්න එක නෙ.

    මේ දෙදෙනා නලු නිලියන්ට විතරක් නෙවේ. ලංකාවෙ දෙශපාලුවොන්ට වගේම අපි ඇතුලු හැම කෙනාටම ආදර්ශයක්

    දීර්ඝායුශ වේවා කාංචන සහ දායක වූ සැමටම. තව තවත් මෙවන් පින් ඉටු කිරීමට ශක්තිය ලැබේවා!!!