සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව
”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් මානසිකත්වය දීම) සඳහා කිතුණු පූජක වරුන් විසින් නිමවන ලද ගීයක් බව දන්නෝ දනිති.. එම ගීය තහනමට හේතු වූයේ එය නිසා කළු දරුවන් පාසැල් වලදී අපහසුතාවයට ලක් වන බවට කළු ජනතාවගේ සංවිධානයක් කළ පෙන්වා දීමය..
මේ පුවත ඇසූ මට, අපේ රටේ දරුවන් අතර තවමත් කෙරෙන “කං කං බූරු” නම් කවිය වටා ගොණු වූ අමන ක්‍රීඩාව සිහියට නැඟිණි.. ඒ ක්‍රීඩාවද පෘතුගීසින් විසින් සිංහල දරුවන්ට වහල් අවනත භාවය හුරු කරවීම සඳහා නිමවන ලද්දකි.. එහිම පිලිපීන අනුවාදයක්ද, මුරුසි අනුවාදයක්ද, ගෝවේ අනුවාදයක්ද ඇත..
”බා බා බ්ලැක් ෂීප්” ගීතයෙන් කළු නීග්‍රෝ දරුවන්ට ක්රිස්තියානියට කීකරු වීම මුලින් ඉගැන්වේ.. ක්‍රිස්තියානි බයිබලයේ ජනතා සමූහයන් “බැටළුවන්” ලෙස හැඳින්වෙන අතර ජේසුස් වහන්සේ, පේදුරු තුමන් ප්‍රධාන පූජකයන් සියල්ල “එඬේරුන්” ලෙස හැඳින්වේ.. (උදා: අපේ රටේ අග රදගුරු තුමෙකු පත් වූ විට, එතුමා හඳුන්වනු ලබන්නේ “කොළඹ එඬේරාණෝ” යනුවෙනි.. හලාවත රදගුරු වරයට පත්වුවහොත් “සලාපුර එඬේරාණෝය”.. ජේසුස් වහන්සේ “යහපත් එඬේරා” වෙති..) .. ඒ අනුව අඬ ගසන විට එයට අවනතව එන “බැටළුවන්” මුලින් හුරු කරන ලදී.. අනතුරුව එයට “බ්ලැක්” යන්න යෙදීමෙන්, “සුදු” සම ඇති අයට අවනත වන පණිවිඩය එයට කවන ලදී.. එවිට සුදු ජාතිකයන් යමක් අසන විට “Yes Sir, Yes Sir” කියා කීකරුව පිළිතුරු දීම හුරුවේ.. ඉන් පසුව ඔවුන් කරන්නට අණ කරන සේවාව කීකරුව ඔවුන්ට කර දීමට හුරු කෙරේ.. සුදු ජාතිකයන් “ස්වාමියන් ලෙස සහ ස්වාමි දියණියන්” ලෙස සැළකීමට හුරු කිරීමද මෙයට අන්තර්ගතය.. (“One for my master..” යනාදි වශයෙන්) .. අනතුරුව “One for the little boy who lives down the lane” යන පදයෙන්, “අනාගතයේ වැඩිහිටියන් වන්නට සිටින, වත්මන් සුදු ජාතික දරු පරපුරටද, එලෙසෙම දාස කම් කරන බවට” නීග්‍රෝ දරුවන් ලවා කියවා ගනිති..
අපේ සිංහල දරුවන් අතර තාමත් ජනප්‍රිය තකතීරු ක්‍රීඩාවක් වන “කං කං බූරු” ක්‍රීඩාවද එවැනිම සම්භවයක් සහිත ක්‍රීඩාවකි.. (එය ආවේද පල්ලියෙන් වග දන්නෝ දනිති..) .. පෘතුගීසියෙන් “බෝයිර්, බොයා, බූරු” ආදියෙන් හඳුන්වනු ලබන සත්වයාට අප “බූරුවා” කියන්නට පටන් ගත්තේ, ඒ බසෙන් ආ උරුමයක් ලෙසය.. “එන්න, එන්න” කීම, ලතිනාක්ෂර හෝඩිය කර ගත් පෘතුගීසි බසින්ද “කම්, කම්” (Come, Come) යන්නම වෙයි.. (මෙය ඉංග්‍රීසියෙන්ද මෙසේමය..) .. ඒ අනුව පාදිලි තුමා හෝ ඔවුන් පත් කරනු ලබන ගුරුවරයෙකු, සිංහල පැටවුන්ට “කම්, කම් බූරු” (මෙහෙ වරෙං බූරුවෝ) කියා අඬ ගසති.. පෘතුගීසි බසින් (සහ යුරෝපා භාෂා රැසකින්) “Si” යනු “ඔව්” (Yes) යන්නය.. එබසින්ම “සිංඥ්ඥෝරු” යන්න “මහත්තයා, උත්තමයා, උතුමා” (Mister, Lord, My Lord, Eminence) යන අරුත් සහිතය.. එවිට “සී, සිංඥ්ඥෝරු” යනු “ඔව් මහත්තයා හෝ ඔව් උත්තමයෝ” යන්න වන්නේය.. සිංහල පැටියාට “වරෙං වරෙං බූරුවෝ” කියන විට, ඒකා “ඔව්, උත්තමයෝ” කියාගෙන දුවගෙන එයි.. එතනින් එහාට “මම කියන දේ අහනවද?..” “ඔව්..” “එහෙනම් දුවලා, දුවලා ගිහින්..” ඒ කොටස් එලෙස සැකසී ඇත්තේ ඇයි දැයි දැනටමත් ඔබට වැටහී ඇතුවාට සැක නැත..
“බා බා බ්ලැක් ෂීප්” තුළින් පරම්පරා ගාණක් තිස්සේ ඔළුවට කවන ලද දෙය නීග්‍රෝ සහෝදරවරුන් ඔළුවෙන් බිමට බා ඇතත්, “කං කං බූරු” හරහා ඔළුවට ඔබන ලද දෙය තවමත් බා ගන්නට අසමත් ඇත්තෝ සුදු ජාතිකයන් කියන දෙය “විචාර බුද්ධියෙන්” නොබලා, දණ්ඩ නමස්කාරයෙන් පිළිගනිති..