~ උපුටාගැනීමකි ~
චක් ගුඩු සහ කංකං බූරු
මේ අහන්නකො මේක ලස්සන කතාවක්.....
සිංහල අලුත් අවුරුදු කාලේට අපි ගැමි සෙල්ලමක් කරනවා චක්ගුඩු කියලා. මම හිතන්නේ මේ ලිපිය කියවන බොහොමක් දෙනා ඒක කරලා ඇති.
ඒකෙදි කෙරෙන්නේ බිම ඉරක් ඇඳල කොල්ලො ටික දෙපැත්තට බෙදිලා ගුඩු ගුඩු කියාගෙන එක පිලක එකෙක් ඉරෙන් අනික් පැත්තට යන අතරෙ අනික් පිලේ අය වටලලා ඔහු අල්ලා ගන්න උස්සහ කරන එක. ඉර පැනලා ගිය එකා එකෙක් හරි ඇදගෙන තමන්ගේ පිල පැතතට එන්න බලනවා.
ඇත්තටම ඉර පැනලා අනික් පැත්තට ගිහින් එකෙක් ඇදන් එන්න යන්න ඔහුට හොඳ පෞර්ෂත්වයක් තියෙන්නට ඕනෑ. .විචක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනෑ. තමන්ගේ අරමුණ වෙනස් කරගන්න බැ. එක පිට එකා වැටුනත් දිනන්නයි බලන්නේ.තියුණු ඇහැක් තියෙන්න ඕනෙ කොයි පැත්තෙන් ඇවිත් වටලයිද බලන්න.
ඇග පතට හොදට හයිය හත්තිය තියෙන්න ඕනෑ. එකමුතුකම තියෙන්න ඕනෑ. අත් නොහරින උත්සාහය තියෙන්නට ඕනෑ. සුක්ෂම භාවය තියෙන්න අවශ්‍යයි. අනික් පැත්තෙ අය අල්ලා ගත්තොත් සරම නැතිවහරි එකෙක් ඇදන් ඉරෙන් මෙහාට ඇවිත් දිනන්නයි බලන්නේ.
ඇත්තම කියනවානම් සිංහල ජන සෙල්ලම පිරිමියෙක් නිර්මාණය කළා. ජන සෙල්ලම තුළ පෞර්ෂය වර්ධනය, තියුණු ඇස, ශක්තිමත් ශරිරය, සුක්ෂම භාවය, එකමුතු කම, රණ ශුරත්වය, අරමුණ කරා යෑමේ ශත්තිය ආදී පිරිමියෙක්ට අවශ්‍ය සියලු ලක්ෂණ ඇති කළා. කොටින්ම කියනවානම් ජන සෙල්ලම් තුළින් හොද එකමුතු පිරිමයෙක්, භටයෙක්, හෙළයෙක් නිර්මාණය වුණා.
ඔන්න ඔය අල්ල පනල්ලේ සුද්දෝ රටට බැහැලා රට කන්න සැලසුම් කළා. ඒ අතර මුලිකම කාරණයක් වුණේ, කුඩා ළමයාගේ පෞර්ෂය බිඳින එක .එයාලා සුක්ෂම ලස්සන සැලසුමක් හැදුවා. අතිශය සාර්ථකව ඒක එයලා පටන් ගත්තේ කෙළි සෙල්ලමෙන්මයි. අච්චර වටිනා චක්ගුඩු එපා කියලා උන් අපිට දුන්නා , කංකංබූරු. මම හිතන්නේ මේක කියවන මම ඇතුලු හැම බූරුවෙක්ම එකත් කරලා තියනවා කියලා.
අහන්නකො අපිට වුණ දෙයක් අපි වැටිච්ච වලක්...
චක්ගුඩු එපා කියලා උන් දීපු කං කං බූරු ( ඇත්ත නම කම් කම් බූරු) වැලඳ ගත්තා අපි. මේක කෙරෙන්නේ කොහොමද දන්නවාද? එකෙක් නායකයෙක් වෙලා එකා කියන දේ අනික් උන් කරන්නට ඕනෑ. එහෙයි එහෙයි කියන්නට ඕනෑ. මේ සෙල්ලමේ තියනවා භාෂා තුනක් සිංහල , ඉංග්‍රීසි, ලන්දේසි. නායකයා වෙච්ච එකා උඩකට නැගලා කියනවා "කම් කම් බූරූ" කියලා තේරුම; මුල ඉංග්‍රීසි අග සිංහල. "කම් කම් එන්න එන්න / බුරූ ,බූරුවෝ" කියලා ඒකා අපිට කියනවා, "එන්න එන්න බූරුවෝ කියලා". අනික් රොත්තම කියනවා සිං සිං නෝරු කියලා. ඒ කියන්නේ මොකද්ද දන්නවාද?
ලන්දේසි භාෂවෙන් 'සිං' කියන්නේ එනවා. 'නෝරු' කියන්නේ මහත්තයා කියලා. සරලව කියනවා නම් ඒකා අපිට "එන්න එන්න බූරුවෝ" කියද්දි, අපි ඒකාට "එනවා එනවා මහත්තයෝ" කියනවා. ඉන්පස්සේ අරූ අහනවා හයියෙන් "මම කියන දේ අහනවාද?" කියලා ඔන්න වැරදුන තැන. ඒකා ඒක කීව ගමන් අර රොත්ත පිටින්ම කියන්නට ඕනෑ "ඔව් ඔව් ඔව්" කියලා තුන් සැරයක්ම. අවස්ථා තුනකදිම ඔන්න අපි එහෙයියෝ වෙන්න පටන් ගත්තා. ඒ සෙල්ලමේ විදියට උඹ කියන දේ අපට අහන්න බෑ කියලා කියන්න බෑ හලෝ, ඔව් ඔව් කියනවා හැරෙන්ට.
ඉන් පස්සේ අරූ කියනවා "දුවලා දුවලා ගිහින් මලක් කඩන් එන්න" "කොස් කොලයක් කඩන් එන්න''ආදී වශයෙන්.
අහන්නකො කතාව, අපි හරි පව් අච්චර වටිනා මිනිහෙක් පිරිමියෙක් නිර්මාණය වුණ ජන සෙල්ලම, චක්ගුඩු අතැරලා සුද්දාගේ කම් කම් බූරූ භාරගත්ත. පුංචි කාලේ ඉඳලම එහෙයියෝ වෙන්න සිංහල ජාතිය සුද්දා හුරු කළේ ජන සෙල්ලම වෙනස් කරලා. උන්ගේ ඒවා දිලා අපට මනස වෙනස් කරලා. දැන් ඉන්න අපි නොදැනුවත්වම අහු වෙලා තියෙන්නෙම උගුලක.
මිනිසුනේ කවදාවත් තමන්ගේ දරුවට කංකංබූරු කරන්න දෙන්න එපා .ඒකාගෙ පෞර්ෂය බිඳෙනවා. එහෙයියෙක් වෙනවා. කියන හැම දේටම එහෙයි කියන ජාතියක් නිර්මාණය වෙනවා. අන්න ඒකේ ඵල විපාක තමා අපි මේ විදින්නේ. ගොනෙක් වේදිකාවක තියලා ඌ කියන දේ අහලා (ඒකාගේ මුහුණත් තහඩුව පපුවේ පචිච ගහපු හරකුත් හිටියේ පහුගිය කාලේ.) හුරේ දාලා කැගහනවා. එහෙම නේවෙයි මෙහෙම වෙන්න ඕනෑය කියන්න එකෙක් නිර්මාණය වුණේ නෑ. මේක ජාතික සාපයක් ඕයි!!!
ඉතිහාසය පුරාම අලුත් දෙවල් අල්ලන්න ගිහින් අපි වරද්දාගේන තියෙන්නෙ. ඒ නිසා පරිස්සමෙන් ඉස්සරහ බලාගෙන වැඩ කරමු. සිංහලයා වැලක් නෙවෙයි මේ රටේ. සිංහලයා කියන්නේ ගහක් තනියම නැගිටින. එ සුවිසල් ගහේ සේවණේ කාටත් ඉන්න පුළුවන් .
දරුවනි, අරගල කරපල්ලා. හැබැයි අපි අපේ වෙමු. මොකද්ද ?
අපි අපේ වෙමු.
ඇහුණ ද ? ආයෙත් කියන්න "අපි අපේ වෙමු".
හොද ළමයි!
මම ජාතියට ආදරේ කරන නෙල්ලිගල හාමුදුරුවෝ.

Last edited: