කව්ද මේ මර්වින් ජානා ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,168
    1,624
    113
    colombo
    මර්වින් ජානා ගැනකියන්න හිතුනෙ ඊයෙ ගහපු නිව්ස් එකක් ගැන දෙරණෙ චතුර කියපු දෙයක් නිසා. චතුරට අනුව කංජපානි ඉම්‍රාන් එක්ක අල්ලපු සෙට් එකේ මර්වින් ජානාගෙ බිරිඳ ඉන්න එක පස්නයක්ලු, ඒගොල්ලො කෝමද එකට ඉන්නෙ කියලා අහන චතුර දන්නෙ නෑ... තවම ලංකාවෙ කුඩු වල රජා වෙලේ සුදා කියලත් මර්වින් ජානා කියන්නෙ වෙලේ සුදාට විරුද්ධ පැත්තෙ මිනිහෙක් කියන එකත්.

    ජානා හෙවත් ජානක දෙහිවලට ආසන්න අත්තිඩිය ප්‍රදේශයේ උපදින්නෙ 1980 දි, ඒ තමන්ගෙ පියා වන මර්වින්ගෙ නීත්‍යානුකූල බිරිඳට දාව පවුලෙ දෙවෙනි දරුවා හැටියට සහ එකම පිරිමි දරුවා හැටියට. පවුලෙ වැඩිමලා අක්කා උනේ මනෝරි නැත්නම් හැමෝම දන්න බේබි. ධනවත් බේකරි ව්‍යාපාරිකයෙක් උන මර්වින් තම කුඩා පවුල සමඟ කාලයක් සතුටින් ජීවත් උනත් මේ දෙවල් වෙනස් වෙන්නෙ ඔහුගෙ අනියම් ඇසුරක් සම්බන්ධ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් මව ගෙල වැල ලා ගෙන මිය යෑමෙන්. මේක සියදිවි නසා ගැනීමක්මද කියන සැකය තිබුණත් මර්වින් ගෙ බලපරක්‍රාමය ඒ වෙනවිට නීති විරෝධී මත්ද්‍රවය වෙළෙන්දන්ගෙන් සහ මැරයන්, පොලීසියේ දූෂිත නිළධරින් හරහා ප්‍රදේශයේ පැතිරීමට සමත්වෙලා තිබුණා.
    මර්වින් පිළිබඳව සහ ඔහුගෙ සහචරයන් උන පරෙයි සුනිල් වගේ උදවිය ප්‍රදේශය මැර බලය හොර අරක්කු ජාවාරම හරහා භීෂණය යම්තරමකට මුදාහැරපු කාලයක් තිබිලා තියෙනවා.

    මේ වෙනකොට ජානක දක්ෂ ලෙස ඉගෙනීම කරමින් තිබුණෙ ගල්කිස්ස, විද්‍යා විද්‍යාලයෙන් වන අතර පියා ඒ වන විට වෙනස්ම තලයක ජීවත් උනෙන් ඒ සම්බන්ධ තම දරුවන් ගැනත් අවධානයක් යොමු කර නෑ. කෙසේ නමුත් උසස් අධ්‍යාපනයට මොරටුව වේල්ස්කුමර විද්‍යාලයටත් ඇතුලත් වන ජානක එහි තම අවසන් වසර වන තෙක් අධ්‍යාපනය සාර්ථකව නිම කර තිබෙනවා.

    පාසල් කාලයේම තම මැරවර ක්‍රියා වලට මුල් පොත් තබන මොහු නිතර ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වෙලා තිබෙන්නෙ මොහුගෙ පියාගෙ ආභාශයෙන් නිතර අත ගැවසෙන මුදල් සහ ඇතැම් සහචරයෙන්ගෙ අනුදැනුමෙන් ලැබෙන මත්ද්‍රවය පවා භාවිතයෙන්.

    මේ වන විට හොර අරක්කු වෙනුවට කුඩු කොළඹට තදාසන්න ප්‍රදේශ වල සීග්‍රයෙන් ව්‍යාප්තවෙන කාලයක් සහ මර්වින් ක්‍රමයෙන් මේ වෙත යොමු වෙන්නෙ තමන්ගෙ බේකරි ව්‍යාපාරය ආවරණයක් හැටියට යොද ගනිමින්.
    මේ හරහා මර්වින් මුස්ලිම් ත්‍රස්ත කල්ලි සම්ඟ කිට්ටු සම්බන්ධයක් ගොඩ නගා ගනිමින් අවි ආයුධ ලබා ගෙන ඇති බව කියවෙනවා. වරක් මේ සම්බන්ධයෙන් මර්වින් අතඅඩංගුවට පත්ව පසුව නිදහස් වන අතර අසනීප තත්වයක් හේතුවෙන් මිය යන විට, ජානක ඔහුගේම අඩි පාරේ යමින් පාතාලයෙ අත්පොත් තබන්නට වෙනවා.

    තමන්ට ලැබෙන ප්‍රබලම ප්‍රතිවාදියාට මුහුණ දෙන්න මේ කාලයේ ඔහුට සිද්ධ වෙනවා. ඒ වෙලේ සුදා. ප්‍රාදේශීය මට්ටමෙන් බලය පතුරවන වෙලේ සුදා බඩෝවිට තම කුසු රාජධානිය බවට පත් කරගන්නෙ කුඩු වෙළඳාම ගෘහ කර්මාන්තයක් තරමට ව්‍යාප්ත කරමින්. පළමුව සීතල යුද්ධයක් ආකාරයට ගොඩ නැඟෙන ගැටුම් ජීවිත කිහිපයක් බිලිගනිමින් උච්චතම අවස්ථාවලට පත්වෙන අතර වෙලේ සුදා සිර ගත වීමෙන් යම් මට්ටමකට භීෂණ කාලය අඩු වෙනවා.

    ජානක තම පියාගෙ ව්‍යාපාරය හරහා චූන්පාන් ත්‍රීවිල් ජාලයක් පටන්ගන්නෙ කුඩු ව්‍යාපාරය නව මුහුණුව්‍රක් දෙමින්. අත්තිඩිය, දෙහිවල, බොරලැස්ගමුව, මහරගම, නුගේගොඩ සහ අනෙකුත් ආසන්න ප්‍රදේශ වල තම ජාලය හරහා සරුවට කුඩු ව්‍යාප්තිය කරන මොහු එක් අවස්ථාවකදි ප්‍රදේශයේම පොඩි ජානා නමින් හඳුනවන් තරුණයෙක් ඝාතනයත් සමඟ ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ජීවත් වෙන අතරම වෙලේ සුදාට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟ කිට්ටු සම්බන්ධයක් ගොඩ න්ගා ගනු ලැබුවත්... වසර කිහිපයකට පසු පානදුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අතඩංගුවට පත්වෙනවා. මේ සමඟම දේපල සහ මුදල් සම්බන්ධ විමර්ශන වලදී ඔහු සිය මත්ද්‍රව්‍ය ගනුදෙනු හරහා උපයන මුදල් තම බේකරියේ සාමාන්‍ය කුලී කරුවෙක් වන ගාමිණී නමින් සම්පත් බැංකුවේ ගිණුමක් අරබා තැන්පත් කර තිබෙන බවට හෙළිදරව්වෙනවා.
    ගාමිණී අතඩංගුවට පත්වෙන අතර ප්‍රදේශයේ ඔහුගේ කළු සල්ලි සුදු කරන්න ව්‍යාපාර වලට සහ ඉඩ කඩම් මිළදීබ්ගැනීම් වල ආයෝජනය කර තිබෙන බවද හෙළි වනවා.
    කෙසේ උවත් ගාමිණී වසර ගන්ණකට සිරගත වන අතර ජානක ඇප මත නිදහස් වෙමින් බම්බලපිටිය ප්‍රදේශයේ රත්‍රී සමාජශාලාවක් පවා පවත්වාගෙන ගොස් තිබෙනවා.

    සිය සහෝදරියද මුදල් අච්චු ගැසීමේ වරදකට මොහු හරහා පෙළඹි ඇති අතර මුදල් පොළියට දීම වැනි ප්‍රාථමික මට්ටමින් ඇයද ව්‍යාපාර වලට හවුල්වී ඇතිබව වාර්තා වෙනවා. නීත්‍යානුකූල විවාහයකින් දරුවන් දෙදෙනෙක්ගේ පියෙක් වන ජානකට පුතෙක් සහ දුවෙක් සිටින අතර ඔවුන් ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබා තිබෙනවා. ඔහු සිය දරුවන්ට සහ ප්‍රදේශයේ ජනතාවට සිය අණසක යටතෙ වෙනත් අකටයුතු කමක් කර ඇති බවට කිසිදු වාර්තාවක් නැති අතර මේ වසරේ මුල් භාගයේ ස්යි දියණිය නාන අවස්තාවක ඊට එබිකම් කල බව කියන ප්‍රදේශයේම කුඩුකාරයෙක්ට බරපතල පහරදීමක් කර තිබෙන බවත් ඊට පෞශ්ගලිකව ඔහු සහභාගි වී ඇති බවත් ප්‍රදේශයෙන් වාර්තාවෙන්නෙ ඔහුගෙ බිරියගේ අත් අඩංගුවට පත්වීම ගැන් වාර්තාවට පෙර වාර්තාවූ අවසන් සිද්ධිය ඒ බවට පත්වෙමින්.
     
    • Like
    Reactions: kinkon