කජුඇටේ

ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටී.වී. බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා, මනුස්සය රටකජු ගොට්ටක් ලග තියාගෙන ඕක කකා ටී වී බලනවලු. මූ මේක කන්නෙත් අමුතු විදිහට, රටකජු ඇටේ උඩ දාලා කටට දාගන්නවලු. ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවේ ගෑනි මොකක්ද ප්රුශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රට කජු ඇටේ වැටිච්චි කන ඇතුලටම. මල හත්ඉලව්වයි දැන් ගෑනියි මිනි...හයි දෙන්නම එකතු වෙලා ඕක ගන්න හදනවලු ඒත් වෙන්නෙම ඇතුලටම යන එක විතරලු. දැන් වැඩේ හරියන්නෙම නැති හින්දා ලෑස්ති උනාලු ඉස්පිරිතාලෙට යන්න.
ඔන්න ඉතින් යන්න එලියට බහිද්දිම උඩ තට්ටුවේ පාඩම් කර කර හිටපු මේ ඩබලගේ දොනියැන්දා පාඩම් උගන්න අවිත් හිටපු කොලුගැටයයි දුවගෙන ආවලු මේ කලබලේට. ඉතින් දැන් උන් දෙන්නටත් කිව්වලු වෙච්ච අකරතැබ්බය. ඔක අහන් හිටපු කොල්ල කිව්වලු අයියෝ මම ඕක අරන් දෙන්නම් කියල තාත්තව පුටුවක වාඩි කරල ඇගිලි දෙකක් නහයට ගහල කිවවලු හයියෙන් පිබින්න කියල. ඕක කරා විතරයි රට කජු ඇටේ එලියට ආවලු . ඒක දැකපු අම්මයි දුවයි උඩ පැන්නලු සතුටට. දැන් ඉතින් ඔක්කොම ජරමර ඉවර වෙලා ඕවත් මහලොකු කජ්ජක්ද ගානට ආයෙත් ගියාලු පාඩම් කරන්න........
දැන් අම්මට සතුටුයිලු ඉතින් ගෑනි , මනුස්සයගෙන් ඇහුවලු “අනේ ෂෝක් නේද? අනේ හරි සීදේවි දක්ෂ දරැවෙක් නේද? ඔයා හිතන්නේ ඒ ළමය ලොකු උනාම කවුරු වෙයිද කියලා?...........”
තාත්තා කිව්වලු....





“ඕකා මොකා නොවුනත් ඇගිලි දෙකෙන් ආපු ගදෙන්නම් කියන්න පුලුවන් ඌ අනිවාර්යයෙන්ම අපේ බෑනා වෙයි ...... “කියලා.



:lol::lol::lol::lol::lol::lol::lol::lol:++++REP