කටඇති-පුතෙක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට ඇති පුතුත්, රුව ඇති දුවත් සිටින අඹු සැමි යුවළ තරම් වාසනාවන්ත කිසිවෙක් මේ ලොව නැතැයි කියනු ලැබේ.. කට ඇති පුතෙක් සිටින නිසාම පහු ගිය ඉරිදා දිනයේදී අප කොතරම් වසනාවන්ත වූවාදැයි ඔබටම වටහා ගත හැකි වනු නොඅනුමානය.

    අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර
    ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ.

    "Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane...
    We got to wait and see. One day he will get them all by himself. You also do not know these things.
    So so let me handle it and do it like i say Darling.."

    මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ.
    නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය..
    "අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ "

    "ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ..
    එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?"

    "එතකොට තාත්තයි.."
    "ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ "

    මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත.

    "මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න"
    "හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ"

    මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම..

    "තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?"

    ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි.
    ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු.
    ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට.

    "අම්මේ මට චූ බරයි"

    මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී..

    "ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න"

    ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් ,

    "ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?"
    " පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ"

    ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු.

    "පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.."

    මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි.

    "ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.."
    "යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්"
    "පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න"

    බිරිඳගේ කටහඬ මට ඇසෙයි.

    "මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි"

    සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි..

    "හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.."

    බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි..

    "මරු කතා කියනවා ඒ පොඩි එකා.. "
    "මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. "
    "ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. "

    කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම,

    "අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් "

    මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි.

    "ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය "

    බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි.

    "එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා"

    අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි.

    "අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්"

    "ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. "

    අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී..
    මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ?

    "පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. "

    "එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"

    "පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ"

    මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත..
    වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු.
    මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී..

    "පුතා මොනවද ගත්තෙ ?"

    සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය.

    "මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි"


    අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම !


    කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු !





    stock-footage-young-caucasian-boy-telling-his-parents-about-the-book-he-has-been-reading.jpg

    උපුටා ගත්තෙ ඊමේල් එකකින්..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹටත් කියන්න තියෙන්නේ "පියාණෝ කෙනෙක් වෙලාම බලපන්කො ඒකෙ තියෙන රඟේ" කියලා තමා......
    මං හිතුවා ඔයා ඕක කියයි කියලා මෙයා :dull::rofl::rofl:

    මුගෙම පොඩි කාලේ වැඩක්ද කොහෙද මේක නම්....... :lol:
    උඹටත් කියන්න තියෙන්නේ "පියාණෝ කෙනෙක් වෙලාම බලපන්කො ඒකෙ තියෙන රඟේ" කියලා තමා...... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුගෙම පොඩි කාලේ වැඩක්ද කොහෙද මේක නම්....... :lol:

    අනේ මන්දා බං මටත් අම්බානක සැකයි......... අද දවසෙම දාන්නේ මේ හූනෝ චූවෝ ගැනමයි...... හූනෝස් (Who knows) තමා ඉතිං....... :P:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං හිතුවා ඔයා ඕක කියයි කියලා මෙයා :dull::rofl::rofl:

    එක හින්දම තමයි මෙයා මම එක කියලා දැම්මේ...... :P


    උඹටත් කියන්න තියෙන්නේ "පියාණෝ කෙනෙක් වෙලාම බලපන්කො ඒකෙ තියෙන රඟේ" කියලා තමා...... :rofl:

    රත්නේ ලිඳට දැමීම හෙලා දකිනවා........:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබට ඔය පුතාගෙන් පල දෙන්නෙ අපිට කියන කරන කුප්ප වැඩ තමා :lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්දා බං මටත් අම්බානක සැකයි......... අද දවසෙම දාන්නේ මේ හූනෝ චූවෝ ගැනමයි...... හූනෝස් (Who knows) තමා ඉතිං....... :P:lol::lol:
    lol එයාට දවස් මාරු වෙලා

    එක හින්දම තමයි මෙයා මම එක කියලා දැම්මේ...... :P

    :rofl::rofl:


    රත්නේ ලිඳට දැමීම හෙලා දකිනවා........:P
    :rofl::dull:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මුගෙම පොඩි කාලේ වැඩක්ද කොහෙද මේක නම්....... :lol:
    :rofl:
    අනේ මන්දා බං මටත් අම්බානක සැකයි......... අද දවසෙම දාන්නේ මේ හූනෝ චූවෝ ගැනමයි...... හූනෝස් (Who knows) තමා ඉතිං....... :P:lol::lol:
    :lol::rofl: