කටට රසට මාතර ඇඹුල් තියල් හදමු (Mathata Abul Thiyal)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කටට රසට මාතර ඇඹුල් තියල් හදමු (Mathata Abul Thiyal) - Your Choice Way
    මාළු ඇඹුල් තියල් කියු සැණින් අපේ මතකයට එන්නේ දකුණු පළාත. ඔන්න අද අපි මාතර ආරෙට මාළු ඇඹුල් තියල් පිළියෙල කරගන්න අන්දම නිවැරැදිව කියා දෙනවා.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    • කෙලවල්ලා මාලු 250g
    • ගොරක කෑලි 5ක්
    • ලුනු කුඩු (කපල) මේස හැදි 1ක්
    • ලුනු කැට තේ හැදි 1ක්
    • ගම්මිරිස් මේස හැදි 2ක්
    • කුරුන්දු පොතු කැබලි 2ක්
    • කරපින්චා ඉති 3ක් හෝ කෙසෙල් කොල කැබැල්ලක්


    සාදාගන්න ආකාරය:
    1. මුලින්ම ගොරක ටිකට වතුර ස්වල්පයක් එකතු කර ලුනු කැට ටික දමා තම්බා ගන්න.
    2. ගොරකා හොදින් තැම්බුනු පසු වතුර පෙරා ගන්න.
    3. එයට කුරුන්දු පොතු කැබැල්ල එකතු කර ගම්මිරිස් හා ලුනු කුඩු එකතු කර හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.
    4. මේ මිශ්‍රණයේ ලුනු රස හොදින් දැනිය යුතුය.ඇම්බුල් රසට වඩා.
    5. එවිට තමා ලුනු මාලු කෑල්ලට හොදින් උරාගෙන ඇම්බුල්තියල් වල නියම රසය එන්නෙ.
    6. මැටි හට්ටියක යටට කරපින්චා අතුරා ගන්න.නැත්නම් කෙසෙල් කොලය එලා ගන්න.
    7. දැන් සාදා ගත් මිශ්‍රණය මාලු වල දවටා ගන්න.වැඩිපුර ටික හට්ටිය යටට අතුරා ගන්න.
    8. දැන් මාලු ටික හට්ටියෙ පිලිවෙලට අතුරා ගන්න.
    9. ගොරක ටික තම්බාගත් වතුර ටික ඉතුරුනම් හෝ අලුත් වතුර ටිකක් තැම්බෙන්න අවශ්‍ය තරමට එකතු කර ගන්න.
    10. දැන් මද ගින්නේ පිස ගන්න.හට්ටිය පියනකින් වහල හදන්න.
    11. උතුරගෙන එනකොට හට්ටිය දෙපසින් අල්ලා සොලවා ගන්න.
    12. කීප සැරයක් මෙහෙම කර ගන්න.මාලු පොඩි වෙනවා නිසා හැදිගාන්න එපා.
    13. රෑට හදල උදේට කන්න ගන්න පුලුවන්.එතකොට රස වැඩි වෙනවා.
    14. කල් තියා ගන්න ඕනි නම් බොර ටික හොදටම වේලෙනකල්ම ලිපේ තියා ගන්න.
    15. එවිට මාසයක් උනත් ෆිජ් දාන්නෙ නැතිව තියා ගන්න පුලුවන්.
    16. ඇම්බුල් බොර වලට කැමති නම් හොදටම වේලෙනකල් ලිපේ තියන්න එපා.හොදට උතුරනකොට ලිපෙන් බා ගන්න.
    17. එවිට දවස් 3ක්4ක් තියා ගන්න පුලුවන්.
    • බල මාලු තමය ඇම්බුල්තියල් රසම.දෙවනියට කෙලවල්ලා මාලු. ඔයාලත් හදල බලන්න.

    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න

    original Article Click Here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ආසම කෑමක් බන්
    Bump
    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අනේමන්ද බන් මටනම් මෙලෝ රහක් නැ ..රහයි කියා කියා කනවා අනෙමන්ද..ඔකේ එන්නේ ගොරක රහ අබුල් රහ විතරයි මාලු රහක් නැ ..ඕකට වැඩිය මළු කරි හෝ බැදලා රහයි ..(මම මාතර ඔර්ගිනල් කියන අබුල් තියල් ඕනෑතරම ටෙස්ට් කර ඇත)
     
    • Like
    Reactions: netudara