කිචන් ටිප්ස් ටිකක්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,748
    3,099
    113
    ඔයාලට අවශ්‍ය කරන වැදගත් කිචන් ටිප්ස් ටිකක් මගෙන් :-

    1. පොල් ගෙඩිය කල් තියා ගන්න ඕනේ නම් පොල් මුඩ්ඩ උඩ අතට තියා ගන්න ඕනේ.

    2. හැමදාම පොල් ගාන්න අවශ්‍ය නැහැ . එකවර පොල් ගා ගෙන වැඩි පුර ඇති පොල් ටික අධි ශිතකරනයේ තියා ගන්න. ගන්න කොට මද රස්නය ඇති වතුර එකතු කර ගන්න.

    3. හොද්දට ලුණු වැඩි වුනොත් අල පෙති ටිකක් එකතු කරන්න.

    4. කරපිංචා කල් තියා ගන්න කරපිංචා කොළ ටික හුරලා බෝතලයකට දමා පාවිච්චියට ගන්න.

    5. උළුහාල් ඇට බැදලා බෝතලයකට දමා පාවිච්චි කරන්න. උයන කෑම සුවදයි , රසයි.

    6. කෑලි මිරිස් බැදලා බෝතලයකට දමා තියා ගන්න . සීනි සම්බෝල වගේ තෙල් දාන දේවල් වලට දමන්න. ( හාල්මැස්සන් , කරවල වගේ දේවල් වලට )

    7. පොල් සම්බෝල කොටන කොට දෙහි ලෙල්ල දමා කොටා ගන්න. සම්බෝලය ඉතාම රසවත්.
    සුදුලූනු බික් දෙක තුනකුත් එකතු කරන්න.

    8. මින්චි සම්බෝල හදන කොට පුංච් ඉගුරු කෑල්ලක් , සුදුලූනු බික් කීපයක් එකතු කර ගන්න. හරිම රසයි.

    9. කොළ මැල්ලුමක් මලවලා බා ගත්තායින් පස්සේ දෙහි යුෂ ටිකක් එකතු කරන්න. රසයි , ගුණයි දෙකම එකතු කර ගන්න පුලුවන්.

    10. කිරිබත් උයන කොට හාල් වලට ලුණු එකතු කර උයා ගන්න. හාල් තැම්බුනාට පස්සේ උකු කිරි ටිකක් එකතු කරන්න.

    11. ඔම්ලට් හදන කොට ගසා ගත් බිත්තර වලට වතුර තේ හැදි 1/4 එකතු කරන්න. හොදින් ගසා ගන්න. ඔම්ලට් එක පිපිලා එනවා.

    12. බිත්තර ඔම්ලට් එකට ලුනු , අමුමිරිස් , කරපිංචා එක්ක තක්කාලි ගෙඩි 1 ක් පුංචියට කපා එකතු කරන්න . ඔම්ලට් එක හරිම රසයි .

    13. වට්ටක්කා , පිපිඤ්ඤා උයනකොට අබ පේස්ට් එකතු කරන්න . අබ අඹරන්න අවශ්‍ය නැහැ .

    14. වට්ටක්කා , පිපිඤ්ඤා උයන කොට පොල් වලට අබ පේස්ට් , කහ, සුදුලූනු, ගම්මිරිස් කුඩු , කුරුදු එකතු කර අඹරා ගන්න. නැවත කිරි අවශ්‍ය නැහැ. වතුර ටිකක් එකතු කර ගන්න.

    15. හොද්දට ලුණු වැඩි නම් සීනි ස්වල්පයක් එකතු කරන්න.

    16. දෙහි මිරිකා ගැනීමට පෙර දෙහි ගෙඩිය හොදින් පොඩි කර ගන්න . එවිට ඉස්ම වැඩියෙන් ලබා ගන්න පුලුවන්.

    17. මස් පිසීමට පෙර අධ් ශිතකරනයේන් එළියට ගෙන විනාඩි 30 ක් තියා ගන්න.

    18. කිරි හොද්ද බා ගත් පසු දෙහි යුෂ ටිකක් එකතු කරන්න . හොද්ද සුවදයි , රසයි.

    19. මාළු කිරට උයන කොට කුරුදු හා උළුහාල් අනිවාර්යයෙන් එකතු කරන්න. ගොරකා ස්වල්පයක් එකතු කරන්න. හරිම රසයි .

    20. මිරිස් බදින කොට ලුණු වතුර ටිකක් දමා සිදුවා, තෙල් වල දමා බැද ගන්න. වරු ගනන් ලුණු වතුරේ දමා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ .

    21. උයපු බත් එක රොස් වුනොත් භාජනය වතුර එකක ගිල්වා තියන්න . රොස් සුවද නැති වෙනවා.

    22.මඤ්ඤොක්කා තම්බනවිට පියන වසා තම්බන්න එපා. මඤ්ඤොක්කා එක්ක ඉගුරු මිශ්‍ර කෑම කන්න එපා. ශරීරයට විශ වන නිසා.

    Copyed
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,569
    50,345

    @Sandy_Fdo mokada ban heart tiyena reaction ekak daala meekata? Kussiyata bahinna wena scene ekakda tiyenne umbata :ROFLMAO: :ROFLMAO: ?
     
    • Haha
    Reactions: Sandy_Fdo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,696
    113
    Miami
    කොස් සිවිඩි උයනකොට ක්‍රෝටන් කොල මලවනකොට අවශ්‍ය ටිප්ස් දාපං. මස් එක්ක බත් කන්න කොහේ තියෙන සල්ලිද. අපි රාජපස්සල කියල හිතුවද :angry: