කට්ටක ප්රතිඵල....
අවුරුදු ගානක් කට්ට කාල කාල අන්තර් ජාලයෙන් හොයල හොයල, බ්ලොග් හදල හදල impression හිඟා කාල අද මගේම වන මගේම චැනල් එකකුත් හදල, මේ වෙනකොට අවුරුදු හයකින් චෙක් දෙකක් ගෙන්නාගෙන තියෙනවා. සතුටුයි බෑන්ඩ් කරගන්නේ නැතුව මෙතෙක් හෙමින් හෙමින් ආව ගමන ගැන. මම හැමෝටම කියන්නේ , ඇඩ්සෙන්ස් තමයි අවංකව සහ උත්සාහයෙන් නිර්මාණශීලිව කරනවානම් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තියෙන හොඳම මාර්ගය. මමත් කාලයක් අත හැරලා දාල හිටිය. එත් ඉවසීම කියන දේ ගොඩක් වටිනවා ඇඩ්සෙන්ස් කරනවානම්. තමන් genuine විදියට ගූගල් ලට හොර කරන්නේ නැතුව ( හොර කරත් අහුවෙන්නේ නැති විදියට ) කරනවානම් සුපිරිම අවස්ථාවක් තමයි ගූගල් ලෝකේ හැම කෙනෙක්ටම දීල තියෙන්නේ. එළකිරි එකෙනුත් මම ගොඩක් ප්රයෝජන උදව් ලැබිල තියෙනවා ගොඩක් අයගෙන්. ඒ හැමෝටම මං ස්තුති කරනවා. මගේ ගුරුවරු තමයි අන්තර් ජාලයේ ඇඩ්සෙන්ස් සම්බන්ධ කතිකාවත් ගොඩනගපු හැමෝම. මට අදාළ උනත් නැතත් , පුංචි පුංචි දේවල් වලින් මම ගොඩක් ඉගෙනගත්ත. ගැටළු සහගත තැන් විසඳ ගත්ත. පල්ලෙහා තියෙන්නේ මගේ චැනල් එක. ආරාධනා කරනවා එළකිරි එකේ යාලුවෝ හැමෝටම SUBSCRIBE කරලා සහයෝගයක් දෙන්න කියල. එතකොට ඕගොල්ලන්ට මම අප්ඩේට් කරන ඒවා mail එකට එයි.
මෙතෙක් ඉගෙන ගත්ත දේ හංගගෙන ඉන්නේ නෑ... මම ප්රවීනයෙකුත් නෙමේ. එත් යාළුවන්ට මම දන්නා දෙයක් තියෙනවනම් කියල දෙන්නම්, පුළුවන් විදියට. මම කරේ ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන්ම මේ පිලිබඳ ඉගෙන ගත්ත එක. ඒ වගේම කාල වෙලාව ටිකක් විතර අඩුයි මේ සඳහා යොමු කරන්න. එක නිසයි මෙච්චර කාලයක් ගියේ මෙතෙක් (2009 ඉඳන්) චෙක් දෙකක් විතරක් ගෙන්න ගන්න. එත් මේ පිලිබඳ උනන්දු වෙන හැමෝටම පුළුවන් විදියට උපදෙසක් දෙන්නම් මගේ අත්දැකීම් වලින්.
ප.ලි. : බකස් සයිට් වල ad ක්ලික් කරලා තේරුමක් නැතුව කලේ නාස්ති කරන්න එපා. මමත් කරා, මෙලෝ රහක් නෑ.... ඒ නිසා වීඩියෝ ටිකක් හදල නිර්මාණශීලීව දෙයක් කරන්න, අනිවා ඩෙෆා හරියනවා, කිරිගහට ඇන්න වගේ....
හොඳ හෝ නරක, සහ තව හදාගන්න පැති තියෙනවනම් ඒ සඳහා උපදෙස් මගේ එළකිරි යාලුවන්ගෙන් බලාපොරොත්තු වෙමි...

Attachments
Last edited: