කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
පවනට සැලෙනා පහන්සිලක්වන්
අනියත මනු දිවියේ
කතරක හමුවූ දිය දෝතක්සේ
එකම සරණ ඒ අමා බුදු දහමයි
කඳමලු පුරවා යන දුක් ගැල්පෙල සේ
ගෙවමින් යන මේ අස්ථිර ජීවිතයේ
කෙලෙසුන් දුරුකර ඉමක් සොයා යන
ලොවේ දහම ඒ නිමල බුදු දහමයි
උදයම පිබිදී පරවෙන පුෂ්පිතසේ
සැනසුම දුකමුසු අනියත දිවි ගමනේ
නිවනේ මඟ රැඳි නිදුකාණන් දෙසු
උතුම් දහම ඒ නිමල බුදු දහමයි
:yes:

:yes::yes::yes:
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කතෝලික කෙනෙක්.. ඒ වගේම හැම ආගමක් ගැනම දැනගන්න ආසයි ඒ වගේම හැම ආගමකතාම ගරු කරනවා... හැම අගමකින්ම ජිවිතේ හොද දේවල් කියල දෙන එකයි සමාජයේ ජිවත් වෙන්න ඔන පිළිවෙලයි කියල දෙනවා. අපේ ආගමේ වගේම හැම ආගමකම පිළිමයක් පිළිරුවක් දකිනකොට හිතට අමුතු නිදහසක් දැනෙනවා.. මේ පිළිමය දිහා බලනකොට උනත් දැනෙන්නේ හිතට අමුතුම ශාන්ත බවක්...