කටාර් අර්බුදය : තිරය පිටුපස
කටාර් අර්බුදය හරහා මැදපෙරදිගට භූදේශපාලනික මැදිහත්වීම් කරන ලෝක බලවතුන් රාජ්‍යතාන්ත්‍රික කතිකාවත් රැසක් මෙන්ම දේශපාලනික සහ ආර්ථික ගනුදෙනු ඇතිකර ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
-ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 මැයි 10 වනදා ධවල මන්දිරයේදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව් රෝයි මුණගැසුණි.දෙපාර්ශ්වය පුළුල් පරාසයක ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරන ලදි.ඒවා අතර සිරියාව,යුක්‍රේනය සහ ද්වීපාර්ශ්වික ප්‍රශ්නද ඇතුලත් විය.
-මැයි 20දා ජනපති ට්‍රම්ප් සෞදි අරාබියට පැමිණියේය.එහි අරමුණ වූයේ ඉරාන විරෝධී පෙරමුණක් අරාබි ගල්ෆ් කලාපයේ ඇති කිරීමයි.ඔහු සෞදි රජය සමග ඇ.ඩො.මිලියන 750 වටිනා යුදෝපකරණ සැපයීමේ වෙළඳ ගිවිසුමක්ද අත්සන් කරන ලදි.
-ජූනි 5 වනදා කටාර් අර්බුදය ආරම්භ වූයේ සෞදි අරාබිය ඇතුලු ගල්ෆ් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමග තිබූ රාජ්‍යතාන්ත්‍රික සබදතාවලට තිත තැබීමත් සමගයි.ජනපති ට්‍රම්ප්ද සෞදි අරාබියේ කටාර් විරෝධී ක්‍රියාමාර්ග වලට සහාය පළ කරන ලද්දේ "මෙය ත්‍රස්තවාදයේ සංත්‍රාසය අවසන් කිරීමේ ආරම්භය බවට පත්විය හැකිය" යනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්ය.
මෙම සියලු දෑ සිදුවූයේ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කඩාවැටීමත් සමගයි.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය සහය පළ කරන බවට ප්‍රබල සැකයක් නැත.කෙසේවෙතත් දෝහා රජයට එම කාර්යය එක්සත් ජනපදය සහ එහි විශේෂ සේවාවල සහාය නැතිව කිරීමට හැකියාවක් නොමැත.මැදපෙරදිග තිබෙන ඇමෙරිකාව සතු විශාලතම හමුදා කඳවුර කටාර් රාජ්‍යයේ ස්ථානගත කර තිබේ.
අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති එක්සත් ජනපද ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ ඉරාකය,සිරියාව,ඇෆ්ගනිස්ථානය සහ තවත් රටවල් 17ක ගුවන් බලය පාලනය සහ අණදීම සිදුකරයි.
මේ වාතාවරණය යටතේ කටාරය ලෝක ප්‍රජාවගේ කසපහරට ලක්වන්නා බවට පත්ව තිබේ.එපමණක් නොවේ,කටාර් විරෝධී පාර්ශ්වවලට එරටට චෝදනා කිරීමට ඔවුන්ගේම හේතු කාරණා තිබේ.
-එක්සත් ජනපදය ඔවුන් ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනෙන් ලැබෙන ප්‍රසිද්ධියට ඇලුම් කරයි.නමුත් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යය යන ලේබලය ලබාගැනීම ඔබාමා පාලනතන්ත්‍රය අධික උත්සාහයක් ගන්නා ලදි.දැන් ට්‍රම්ප් පරිපාලනයට එය සමග ගනුදෙනු කරන්නට සිදුව තිබේ.
-සෞදි අරාබිය සහ ඊශ්‍රායලය සතුව තිබෙන්නේ එක සමාන ආශාවන්ය.කටාර් රාජ්‍යය සහාය දෙන පලස්තීනයේ හමාස් සංවිධානයට මෙන්ම මුස්ලිම් සහෝදරත්වය සංවිධානයටද මේ දෙරට විරුද්ධය.රියාද් සහ ටෙල් අවිව් රජයන් ඉරාන තර්ජනයට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක සිටියි.අනෙක් පස ,කටාරය සතුව නිදහසේ ක්‍රියා කිරීමේ හැකියාව තිබෙන අතර ඔවුන් ඉරානය සමග සමීපව කටයුතු කරයි.
-සිරියාවේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන එක් මූලාශ්‍රයක් වශයෙන් ක්‍රියා කරන කටාර් ඉවත් කිරීමට රුසියාවේද කැමැත්තක් තිබේ.සිරියාව තුල ජිහාඩ් කණ්ඩායම් වලට කටාරයේ සහාය හිමිවේ.තවදුරටත් කියන්නේ නම් දෝහා රජය රුසියාවේ දකුණු දිග දේශසීමාවල ක්‍රියාත්මක දැඩිමතධාරී ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන ප්‍රධාන මූලාශ්‍රයයි.
පෙනෙන හැටියට කටාරය රැකගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව තිබෙන එකම බලවතා තුර්කියයි.පසුගිය අගහරුවාදා තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් ප්‍රකාශ කලේ කටාරයට සම්බාධක පනවනවාට විරුද්ධත්වය පළ කරන බවයි.නමුත් ඒ ගැන වද වෙන්නේ කවුද?
මෙලෙස එක්සත් ජනපදය,සෞදි අරාබිය,ඊශ්‍රායලය සහ තුර්කිය කටාර් අර්බුදයේදී සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.රුසියාව සහ ඉරානය තවමත් මේ සම්බන්ධව උදාසීන පිළිවෙතක් අනුගමනය කරයි.වර්තමාන තත්ත්වය නිර්මාණය කිරීමට රුසියාවද යම් කාර්යයක් කර ඇතිබවට ශක්‍යතාවයක් තිබේ.
1.ඉරානය සමග තිබෙන සබදතා වර්ධනය කරගෙන අසල්වැසි රටවලින් එල්ලවන මහා පරිමාණ රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික අභියෝගයට මුහුණ දීමට ඉරානයේ හමුදාමය සහ රාජ්‍යතාන්ත්‍රික සහාය ලබාගනිවි.කටාරය දැඩි ලෙස යැපෙන්නේ ඔවුන්ගේ බලශක්ති අංශය මතයි.පර්සියානු බොක්ක හරහා තෙල් සහ ගෑස් වෙළදාමට අවශ්‍ය සහාය ටෙහෙරානයෙන් ලබාගනිවි.
2.තුර්කියේ සහාය සහිතව රුසියානු දිශානතියක් සහිත සබදතා ශක්තිමත් කරගැනීම.අවශ්‍ය වුවහොත් කටාරයට සිය හමුදා යැවීමට තුර්කි පාර්ලිමේන්තුව හරහා අනුමැතිය ලබාගන්නට තුර්කි රජය කටයුතු කල බව අද මාධ්‍ය වාර්තා කර තිබේ.
කටාර් අර්බුදය ත්‍රස්තවාදයට සහාය දීම නිසා ඇතිවූවක් බව සෞදිය ප්‍රමුඛ රටවල් ලෝකයට ඒත්තු ගැන්නුවද වර්තමාන තත්ත්වයට හේතුවූ අතුරු කතා කිහිපයක්ම දැන් සමාජගත වෙමින් ඇත.ඉන් එකක් වන්නේ කටාරය සතු ස්වභාවික වායු සම්පතයි.තවත් කතාවකින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට කප්පම් ගෙවීමකි ගැන කියවේ.මේවාහි සත්‍යය අසත්‍යතාවා කෙසේ වෙතත් මේ ප්‍රශ්නය හරහා කටාර් රජ්‍යයේ වෙසෙන විදේශිකයන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බව නම් සැබෑය.
Source:southfront.org
-HarshaLulzSec-

ඇමෙරිකානු ජනපති සහ රුසියානු විදේශ අමාත්‍යවරයාගේ හමුව
-මැයි 20දා ජනපති ට්‍රම්ප් සෞදි අරාබියට පැමිණියේය.එහි අරමුණ වූයේ ඉරාන විරෝධී පෙරමුණක් අරාබි ගල්ෆ් කලාපයේ ඇති කිරීමයි.ඔහු සෞදි රජය සමග ඇ.ඩො.මිලියන 750 වටිනා යුදෝපකරණ සැපයීමේ වෙළඳ ගිවිසුමක්ද අත්සන් කරන ලදි.
ඇමෙරිකානු සහ සෞදි අරාබි නායකයන්ගේ හමුව
-ජූනි 5 වනදා කටාර් අර්බුදය ආරම්භ වූයේ සෞදි අරාබිය ඇතුලු ගල්ෆ් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමග තිබූ රාජ්‍යතාන්ත්‍රික සබදතාවලට තිත තැබීමත් සමගයි.ජනපති ට්‍රම්ප්ද සෞදි අරාබියේ කටාර් විරෝධී ක්‍රියාමාර්ග වලට සහාය පළ කරන ලද්දේ "මෙය ත්‍රස්තවාදයේ සංත්‍රාසය අවසන් කිරීමේ ආරම්භය බවට පත්විය හැකිය" යනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්ය.
දැනට රටවල් හතක් කටාරය සමග තිබෙන සියලුම සබදතා අත්හිටුවා තිබේ
මෙම සියලු දෑ සිදුවූයේ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කඩාවැටීමත් සමගයි.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය සහය පළ කරන බවට ප්‍රබල සැකයක් නැත.කෙසේවෙතත් දෝහා රජයට එම කාර්යය එක්සත් ජනපදය සහ එහි විශේෂ සේවාවල සහාය නැතිව කිරීමට හැකියාවක් නොමැත.මැදපෙරදිග තිබෙන ඇමෙරිකාව සතු විශාලතම හමුදා කඳවුර කටාර් රාජ්‍යයේ ස්ථානගත කර තිබේ.
කටාරයේ පිහිටා ඇති අල් උඩෙයිඩ් නම් ඇමෙරිකානු හමුදා කඳවුර
අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති එක්සත් ජනපද ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ ඉරාකය,සිරියාව,ඇෆ්ගනිස්ථානය සහ තවත් රටවල් 17ක ගුවන් බලය පාලනය සහ අණදීම සිදුකරයි.
මේ වාතාවරණය යටතේ කටාරය ලෝක ප්‍රජාවගේ කසපහරට ලක්වන්නා බවට පත්ව තිබේ.එපමණක් නොවේ,කටාර් විරෝධී පාර්ශ්වවලට එරටට චෝදනා කිරීමට ඔවුන්ගේම හේතු කාරණා තිබේ.
-එක්සත් ජනපදය ඔවුන් ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනෙන් ලැබෙන ප්‍රසිද්ධියට ඇලුම් කරයි.නමුත් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යය යන ලේබලය ලබාගැනීම ඔබාමා පාලනතන්ත්‍රය අධික උත්සාහයක් ගන්නා ලදි.දැන් ට්‍රම්ප් පරිපාලනයට එය සමග ගනුදෙනු කරන්නට සිදුව තිබේ.
-සෞදි අරාබිය සහ ඊශ්‍රායලය සතුව තිබෙන්නේ එක සමාන ආශාවන්ය.කටාර් රාජ්‍යය සහාය දෙන පලස්තීනයේ හමාස් සංවිධානයට මෙන්ම මුස්ලිම් සහෝදරත්වය සංවිධානයටද මේ දෙරට විරුද්ධය.රියාද් සහ ටෙල් අවිව් රජයන් ඉරාන තර්ජනයට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක සිටියි.අනෙක් පස ,කටාරය සතුව නිදහසේ ක්‍රියා කිරීමේ හැකියාව තිබෙන අතර ඔවුන් ඉරානය සමග සමීපව කටයුතු කරයි.
-සිරියාවේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන එක් මූලාශ්‍රයක් වශයෙන් ක්‍රියා කරන කටාර් ඉවත් කිරීමට රුසියාවේද කැමැත්තක් තිබේ.සිරියාව තුල ජිහාඩ් කණ්ඩායම් වලට කටාරයේ සහාය හිමිවේ.තවදුරටත් කියන්නේ නම් දෝහා රජය රුසියාවේ දකුණු දිග දේශසීමාවල ක්‍රියාත්මක දැඩිමතධාරී ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන ප්‍රධාන මූලාශ්‍රයයි.
පෙනෙන හැටියට කටාරය රැකගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව තිබෙන එකම බලවතා තුර්කියයි.පසුගිය අගහරුවාදා තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් ප්‍රකාශ කලේ කටාරයට සම්බාධක පනවනවාට විරුද්ධත්වය පළ කරන බවයි.නමුත් ඒ ගැන වද වෙන්නේ කවුද?
කටාර් සහ තුර්කි රාජ්‍ය නායකයින් මුහුණ ගැසුණු අවස්ථාවක්
මෙලෙස එක්සත් ජනපදය,සෞදි අරාබිය,ඊශ්‍රායලය සහ තුර්කිය කටාර් අර්බුදයේදී සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.රුසියාව සහ ඉරානය තවමත් මේ සම්බන්ධව උදාසීන පිළිවෙතක් අනුගමනය කරයි.වර්තමාන තත්ත්වය නිර්මාණය කිරීමට රුසියාවද යම් කාර්යයක් කර ඇතිබවට ශක්‍යතාවයක් තිබේ.
කටාර් රාජ්‍යය මෙම අර්බුදයට ප්‍රතිචාර ලෙස අනුගමනය කරාවි යැයි අනුමාන කල හැකි පියවර