කටාර් ගුවන් යානාවලට පහර දෙනවා - සෞදිය

hemalsmd

Member
May 5, 2008
185
26
0
කටාර් ගුවන් යානාවලට පහර දෙනවා - සෞදිය

කටාර් ගුවන් යානා තම ගුවන් කලාපයට පිවිසුණොත්, පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි සෞදිය කියයි.

කටාර් රාජ්‍යය සමඟ සබඳකම් නවතා දැමීමෙන් පසු, සෞදිය කටාරයට දන්වා ඇත්තේ සෞදි ගුවන් සීමාවේ ගුවන් යානා පියාසර කිරීමෙන් වළකින ලෙසටය.

කටාරය ඊට කන් නොදී කටයුතු කරන්නේ නම්, කටාර් යානා පහර දී බිම දමනවා යැයි සෞදිය අනතුරු ඇඟවීම් කර තිබේ.

තම ගුවන් යානා සහ මිසයිල පද්ධති ඒ වෙනුවෙන් සීරුවෙන් තබා ඇතැයි ද සෞදි රජය වැඩි දුරටත් කියා සිටී.
image_e58aaf5e92.jpg


(ප්‍රෙස් ටීවී)