" තවත් සුරංගනා කතාවක්.. මචන් මේ කඩේ වහලා දැන් මාස දෙකක් නෙවෙයි මාස 3ක් වෙනවා, මූ රක්ෂිත බන්ධනාගරයේ ඉන්න කතාව හරි, ඒත් මූ ඇවිත් උඹලා ඕය කියන මගුලක් හින්දා නෙවෙයි මූ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ.
මු ඇවිත් හුගාක් එවුන්ට ණයට බඩු දීලා අන්තිමේදි මු ලොස්ට් වේලා, ඒ අවස්ථාවේදි මූ බඩු අඩු මුදලට දීලා තියෙන්නේ, සාමන්‍යයෙන් රටේ නීතිය අනුව යම් නිෂ්පාදනයක නියමිත මිළට වඩා අඩු වියදමකින් බඩු ගෙනල්ලා විකුණන්න අවසර නෑ, ඒ වගේ අවස්ථාවකදි ඒ බේදා හරින ආයතන වලට වෙන අවාසිය හේතුවෙන් තමයි යම් කෙනෙක් ගේ පැමිණිල්ලක් හේතු කොටගෙන මොහුව සිරබාරයට අරන් තියෙන්නේ..
නැතුව උඹලා මේ හදාපු කතාවක් හින්දා නෙවෙයි,...
උඹලා මම කියපු මේ කතාව පිළිගන්නේ නැත්නම්, පුලුවන් නම් උඹලා කට් අවුට් එකක් අරන් ඇවිත් ඕය කියන කඩේ ඉස්සරහා පෙළපාලියක් දාපන්, ඒත් එක්කම කටුගස්තොට පොලීසියේ මේ කඩේ මුදලාලිව අත් අඩංගුවට ගත්ත හේතුවත් අහපන්, එතකොට මේ කතාවේ ඇත්ත නැත්ත උඹලාට තේරුම් යයි.. "
මම මේක ඊයේ දැම්මා එෆ්.බි එකේ ආටිකල් එකක් දැකලා.