කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල

    කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල



    මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළිගය හෙවත් රජවාසල පිහිටා තිබූ ස්ථානය මෙරට බොහෝ දෙනෙක් දන්නේ නැත. මහනුවර ජීවත්වන අයගෙන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටීම පුදුමයට කරුණකි. රජ මාළිගාව පිහිටා තිබුණේ ද, දළදා මාළිගය අසලමය. මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි.

    252.jpg



    දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද?

    ඉංග‍්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක‍්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ. වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික‍්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි.


    218.jpg



    වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස සෙංකඩගලපුර රජවාසල
    එදවස ජර්මන් ජාතික ජොහාන් වොල්ෆ්ගංග් හෙයිඞ්ට්, ඕලන්ද තානාපති ඩැනියෙල් ග‍්‍රීන් සමඟ පැමිණි අවස්ථාවක තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ. ”වත්මන් දළදා මාළිගාව අසල පිහිටි සෙංකඩගල රජවාසලට එදවස පිවිසිය යුතු වූයේ කළුගල් පඩි හෙවත් පියගැටපෙළ දහනවයක් පසු කරමිනි. අශ්වයන් පවා මෙම කළුගල්වලින් ගෙනවුත් රජුට පෙන්විය යුතුව තිබුණි. මාළිගයට ඇතුඵ වන දොරටුවේ ඉදිරිපස කළුගලින් සාදා ඇති ඝන තාප්පයකි. ඉන් ඇතුඵ වන විට දැකිය හැකි ගොඩනැගිලි මැටි බිත්තිවලින් ආවරණය කර ලී කණු මත සාදා ඇත. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුඵ වන විට පිවිසෙන්නේ එවන් ගොඩනැගිල්ලකටය. රජුගේ සෙබඵ ඉතාමත් පරීක්ෂාකාරීව සිටියෝය. ගොඩනැගිල්ල මැදින් තවදුරටත් ඉදිරියට යාමේදී කදිමට සකසා තිබූ මැද මිදුලකට පිවිසිය හැක. එහි මැද කොටසේ කළුගල් අතුරා සාදා ඇති මාර්ගයකින් තවත් ගොඩනැගිල්ලකට පිවිසිය යුතුව තිබේ. මෙය දිගින් සහ පළලින් තරමක් විශාල ගොඩනැගිල්ලකි. එහි වහලය ලී කණු පේලි දෙකක් මත ඉදිකර තිබුණි. එය මැදින් ඉදිරියට ගමන් කිරීමේ දී අවසානයට දකුණු පැත්තෙන් හමුවෙන්නේ එළිමහන් බිමකි. රජතුමා සිංහාසනාරූඪ සිට ඇත්තේ එහිය.”


    මෙය සනාථ කරන සිතියමක් නෙදර්ලන්ත හේග් නුවර කෞතුකාගාරයේ ද, එහි පිටපතක් මහනුවර ජාතික කෞතුකාගාරයෙත් තිබේ. මෙම සෙංකඩගලපුර රජවාසල සිතියම අඳින ලද්දේ ක‍්‍රි.ව 1765 වසරේ දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ දී ඕලන්ද ජාතිකයකු විසිනි. එම සිතියමට අනුව මහා වාසල සංකීර්ණය තුළ නරේන්ද්‍රසිංහ රජු සෑදු අලූත් විහාරය, විමලධර්මසූරිය රජු සෑදු දළදා මාළිගයේ පැරණි විහාරය, සිංහාසනය ඇති ස්ථානය, තනාපති මඟුල් මඩුව, ලැඟුම් ගේ, බේත් ගේ, බිසෝවරුන්ගේ ලැගුම් ගේ, රජතුමා සතු ඉස්තරම් භාණ්ඩ තබා ඇති කාමර, තුවක්කු ගබඩාව, දුනු හී ගබඩාව, කුඵබඩු කාමරය, රජතුමාගේ සොහොයුරන් සහ පවුලේ සාමාජිකයන් නැවතී සිටි කාමර, වෙඩිබෙහෙත් සහ තුවක්කු සාදන මඩු, රජුගේ අලූත් ලැඟුම් ගේ, වැසිකිළි, ඇත්හල ආදී ගොඩනැගිලි ආදිය පිහිටා තිබුණි. සංස්කෘතික ත‍්‍රිකෝණය මඟින් සිදු කරන ලද කැණීම්වල දී සිතියමේ සඳහන් කරුණු සනාථ කරගෙන ඇත.



    193.jpg





    ඉංග‍්‍රීසීන් අල්ලාගත් පසු රජ මාළිගය
    එහෙත් දැනට තිබෙන රජ මාළිගයේ ස්වරූපය ඊට වඩා බොහෝ වෙනස්ය. අද දක්නට ලැබෙන්නේ ක‍්‍රි.ව 1798 දී රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් අලූතින් සාදා එක් කරන ලද කොටස්ය. කෙසේ වුවත්, ලූතිනන් කර්නල් බාබට් මහනුවර ආක‍්‍රමණය කළ අවස්ථාවේ දී මෙය දක්නට ලැබුණු ආකාරය විස්තර කර තිබුණේ මෙසේය. ” රජ මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් හානිවී තිබුණි. එය දැවැන්ත රජ මාළිගාවකි. ප‍්‍රධාන දොරටුවෙන් මාළිගයට ඇතුඵ වන විටම ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ අලංකාර ලෙස කැටයම් කරන ලද, ගල් කුලූණුවලින් සාදා ඇති මහා ශාලාවකි. එම කුලූණු අතර සම දුරින් දැව ආධාරක මත සවි කරන ලද ඇත්දළය. මාළිගය මැද ආරක්ෂිත මිදුලකි. එම ඇත්දළ සහිත මහා ශාලාව පසුකර යන විට බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙයකි” යනුවෙනි. ක‍්‍රි.ව 1815 වසරේ හෝ ආසන්න දිනයක දී ලූතිනන් ලිට්ල්මන් අඳින ලද චිත‍්‍රයකට අනුව, අද දක්නට ලැබෙන රජවාසල එදාත් දැකගත හැකි විය. ජෝන් ඬේවිගේ විස්තරය ද ඒ හා සැසඳේ.


    කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් අඳින ලද සැලැස්මකට අනුව රජ මාළිගය සමන්විත වූ ආකාරය මෙසේ දැක්වේ. සටන් පුහුණු වන ස්ථානය (හරමක්කාර මඩුව), මහ වාසල, සැතපෙන ගේ, උල්පැන් ගේ, හලූ මණ්ඩපය, ආයුධ මණ්ඩපය, දකින ශාලාව (රජු සහ ප‍්‍රධානීන් හමුවන), මුද්දර මණ්ඩපය (රාජකීය මුද්‍රාව තිබූ), කවිකාර මණ්ඩපය, මඟුල් මඩුව, සාන්ති මණ්ඩපය (රජුට සෙත්සාන්ති කරන ස්ථානය), දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින ස්ථානය), මහ ගබඩාව සහ අරමුදල (මෙම ගොඩනැගිලි දෙක පිහිටා තිබුණේ ඉංග‍්‍රීසි සමයේ කච්චේරිය වශයෙන් හා පසුව මහ අධිකරණය වශයෙන් භාවිතා කළ ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේය), උඩ ගබඩාව, මැඳ වාහල, දළදා මැඳුර, පල්ලේ වාහල, දෙමළ ඉලංගම් මඩුව, කූණම් මඩුව, ජලතිලක මණ්ඩපය සහ ගබඩා අටුව වේ.



    204.jpg





    කෙසේ වුවත්, ඉංග‍්‍රීසින් සෙංකඩගල රජ මාළිගය අල්ලාගත් පසු, දැන් ඉතිරිව පවතින රජවාසල කොටස නිවහන කරගෙන ඇත්තේ මහනුවර ඉංග‍්‍රීසි නියෝජිතයා වූ ජෝන් ඩොයිලිය. ඉන්පසු ඉහළ ඉංග‍්‍රීසි නිලධාරීන්ගේ වාසය සඳහා රජවාසල ගොඩනැගිල්ල යොදාගෙන තිබේ. එහිදී පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. එසේ වුවද, පැරණි ස්වරූපයෙන්ම දැනට ද වෙනස් නොවී පවතින්නේ එහි ඉදිරිපස ප‍්‍රවේශය හා එයට සම්බන්ධ ශාලාව පමණි. ජෝන් ඩොයිලි ක‍්‍රි.ව 1811 වසරේ දී තබා ඇති සටහනකට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ දියණිය සහ කිරි අම්මා මියයාමෙන් පසු රජ මාළිගයේ විවිධ ආකාරයේ අද්භූත ශබ්ද ඇසීමට පටන්ගෙන තිබෙන බවට මතයක් පැවති බවත්, නොකඩවා ජනෙල්වලට තට්ටු කිරීම හා පය තබා යන අඩි ශබ්ද ඇසුණු බව කියැවේ.

    බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙම ගොඩනැගිල්ල දිසාවේ දිසාපතිවරුන්ගේ නිවාස බවටත් පත්වී තිබේ. එම කාලයේ රජ මැඳුරේ බිත්තිවල අලංකාර බිතුසිතුවම් ඇඳ තිබුණු අතර, ඔවුන් වසරක් පාසා බිත්තිවල හුණු දියර ආලේප කර තිබෙන්නේ එම චිත‍්‍ර වැසී යන අයුරිනි. ඉතිහාසයේ සොඳුරුතම සිහිවටන ඒ ආකාරයෙන් වියැකී ගියේ ඉංග‍්‍රීසීන්ගේ කුරිරු බව පසක් කරමිනි.



    ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරයට ඇතුල්වීමත් සමඟම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රජ මාළිගයට ගිනි තබා පලාගියේ රජ වාසලෙහි ඇති රහස්‍යභාවය ඔවුන්ගෙන් වසන් කිරීම සඳහා විය යුතුය. කෙසේ වෙතත්, රජවාසලට ඇතුළ්විය යුතු වූයේ දැවැන්ත උළුවස්සකිනි. එය උසින් අඩි නවයයි අඟල් තුනක් ද, පළලින් අඩි පහක් ද වේ. මෙම දොර උඵවස්සෙහි ඇති විශේෂත්වය නම්, උඵවස්සෙහි ඇතුඵ පැත්තේ කට්ටයක් කපා එයට දොර ඇතුළත් කර තිබීමයි. මෙම උඵවස්සට දොර පියන් පත් දෙකකි. උඵවස්ස වටේටම දිවෙන අලංකාර පලාපෙති මඟින් එදා ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කෙරේ. ප‍්‍රධාන උඵවස්ස දෙපස පිටත බිත්තියේ රාජකීයත්වය පෙන්නුම් කිරීම සඳහා ඉර හඳ දෙක හා ගජසිංහ රූප සහිත පිළිස්සූ මැටි පුවරු දක්නට ලැබේ. ගොඩනැගිල්ල එළියේ සහ ඇතුළත බිත්තිවල ද, සායම් කරන ලද සිංහ උඵ අල්ලා තිබෙනු දැකගත හැකිය. මෙහි ඇතුළත බිත්ති චිත‍්‍රවලින් අලංකාරව තිබී ඇති බව බිත්තිවල ආලේප කර ඇති හුණු ඉවත් කිරීමේ දී දැක ගැනීමට ලැබුණු බව ද සඳහන්ය. රජ වාසල ඇතුළත සී මැඳුරු කවුඵ පිහිටා තිබූ අතර, ශ‍්‍රී වික‍්‍රම රාජ සමයේ දී මෙම පෙදෙස ”දකින ශාලාව” වශයෙන් භාවිතා කර තිබෙන බව පෙනී යයි.




    අගබිසව වාසය කළ මැද වාහල
    මැද මිදුලක් සහිතව පිහිටි මෙම ගොඩනැගිල්ල පැරණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි ගොඩනැගිල්ලකි. මෙහි බිත්ති උසින් අඩුය. සමාන හතරැුස් ආකාරයෙන් පිහිටි ජනේල කුඩාය. ඒවාට බීරඵ සහිත පොලූ සවිකර තිබේ. වහලයට පෙති උඵ සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරකි. අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ලය. එදා පැවති ස්වරූපය වෙනස් නොකර අද ඒ ආකාරයෙන්ම පවතින ගොඩනැගිල්ලකි. දකින මණ්ඩපය (රජු හමුවීමට පැමිණෙන විදේශීය තනාපතිවරු, රජුගේ අවසරය ලැබෙන තෙක් නැවතී සිටි ස්ථානය) වශයෙන් පැවැති ගොඩනැගිල්ල අද දක්නට නොමැති අතර, එය මඟුල් මඩුව හා උඩ වාහල්කඩ (මෙයද අද නොමැත) අතර පිහිටා තිබුණි.



    පල්ලේ වාහල

    වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය වශයෙන් සඳහන් වන ස්ථානයේ පල්ලේ වාහල පිහිටා තිබුණි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා මෙහි පළමුවෙන්ම පදිංචිව සිටියා යැයි විශ්වාස කෙරේ. පසුව රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කෙරිණි. මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුවද සමාන ලක්ෂණ බොහොමයකි. දළදා මාළිගයට නැගෙනහිරින් උස භූමියක පිහිටා තිබෙන පල්ලේ වාහල මැද මිදුලක් සහිත මිටි ගොඩනැගිල්ලකි. කුඩා වා කවුළුවලින් යුක්තය. රටඋඵ සෙවිලි කර තිබේ. පල්ලේ වාහලට ඇතුඵවන උඵවස්ස දැව භාවිතා කර තිබුණ ද කැටයම් දක්නට නොලැබේ. උඵවස්ස දෙපස බිත්තියේ කලූගලින් නිම කළ කැටයම් සහිත පුවරු දෙකකි. වහලයේ මැටි කොත් දෙකකි. එහෙත් කුඩා වා කවුඵවලට බීරඵ පොලූ යොදා ඇත.



    222.jpg



    ජලතිලක මණ්ඩපය

    සෙංකඩගල පුරවරයට අපූර්ව අලංකාරයත් සුන්දරත්වයත් එක්කරන, කිරිමුහුද මැද පිහිටි කුඩා දුපත හෙවත් ”ජලතිලක මණ්ඩපය” රජතුමාගේ විවේකය ගත කිරීම සඳහා භාවිතා කළ ස්ථානයකි. මෙය ”කුණ්ඩසාලේ” යන නමින්ද ව්‍යවහාර කර තිබේ. ක‍්‍රි.ව 1850 වන විටත් මෙහි අෂ්ටාශ‍්‍ර කුටියක් තිබී ඇත. ඉංග‍්‍රීසීන් මහනුවර අල්ලා ගැනීමෙන් පසු වෙඩි බෙහෙත් ගබඩාවක් වශයෙන් භාවිතා කර, තවත් වසර කිහිපයක් ගත වීමෙන් පසු එම ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඇත. ජලතිලක මණ්ඩපය ද, පත්තිරිප්පුව, මඟුල් මඩුව ඉදිකළ දේවේන්ද්‍ර මුලාචාරියාගේ නිර්මාණයකි. ජෝන් ඩොයිලි ඔහුගේ දිනපොතෙහි ක‍්‍රි.ව 1812 ජූනි 12 දින තබන ලද සටහනකට අනුව මෙසේ සඳහන් කර තිබේ. ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් ළඟදී සාදන ලද වැව මැද කුණ්ඩ ශාලාවක් ගොඩනංවා කොකු උඵ සෙවිලි කරන ලදී. ඒ වැවෙහිම එකකට එක කුඹ ගස බැගින් වූ යාත‍්‍රා දෙකක් ද සාදා, පාරු දෙකක් ද සාදන ලදී. වැව මැද තිබෙන කුණ්ඩ ශාලාවට යාම සඳහා දිගහැරීමට හා හැකිළීමට හැකි පාලමක් ද රජු තැනෙව්වෝය” වශයෙනි.


    242.jpg





    උඩරට රජවරු සහ ඉංග‍්‍රීසීන් ඉදිකළ මඟුල් මඩුව

    උඩරට රජවරු සහ ඉංග‍්‍රීසි යන දෙපිරිසේම සහභාගිත්වයෙන් මෙරට ඉදිවූ එකම ගොඩනැගිල්ල මෙය වේ. ඒ අනුව, ක‍්‍රි.ව 1784 වසරේ දී ශ‍්‍රී රාජාධි රාජසිංහ රජතුමා විසින් මඟුල් මඩුව ඉදිකිරීම ආරම්භ කර ඇති බව ඉංග‍්‍රීසි ලේඛක ජේ. සී ලූවිස් සනාථ කර ඇත. ඔහු සඳහන් කරන ආකාරයට ක‍්‍රි.ව 1796 රාජාධි රාජසිංහ රජ සමයේ ඉංග‍්‍රීසීන් මහනුවරට ඇතුඵ වන විටත් මෙම ගොඩනැගිල්ල සාදා නිමකර නොමැත. මහා වංශයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව සඳහනක් නොමැත. කෙසේ වුවත්, කන්ද උඩරට නායක්කාර වංශික රජවරු දෙදෙනෙක් වන රාජාධි රාජසිංහ සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රට පාලන කටයුතු සිදු කළේ මෙම ගොඩනැගිල්ලේ සිටය. රාජ සභාව පවත්වාගෙන යාම, යුක්තිය පසිඳලමින් අධිකරණ කටයුතු මෙහෙය වූයේ ද මෙහි සිටය. එදා ”මහ නඩුව” යන නමින් ද මඟුල් මඩුව හඳුන්වා දී ඇත. මහ නඩුව යන්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යන තේරුම ද ලබා දෙයි. එදා රාජ සභාව පවත්වන අවස්ථාවල දී මෙම ගොඩනැගිල්ලේ ඇති දැව කුළුණු අතර රතු පැහැති රෙදිවලින් රැුළි පාලම් ඇද අලංකාර කර සරසා තිබුණි. මහනුවර යුගය දැව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ දක්ෂතා දක්වා තිබූ බවට මඟුල් මඩුව කදිම සාක්ෂියකි. මෙය පොලොන්නරු මඟුල් මඩුවෙන් ආභාෂය ලබා ඉදිකළ දැව ගොඩනැගිල්ලකි.


    රාජාධි රාජසිංහ රජු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා භාරදී තිබෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරියාටය. නාලන්දා කැලයෙන් කපාගෙන එන ලද හල්මිල්ල, නා ආදී දැව භාවිතා කර තිබේ. එහෙත් රාජාධි රාජසිංහ රජුට මෙය අවසන් කිරීමට ඉඩ ලැබී නැත. ඉන්පසු බලයට පත්වෙන මෙරට අවසන් රජුවන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද මෙහි ඉදිකිරීම්වලට සම්බන්ධවී ඇත. ක‍්‍රි.ව 1803 වසරේ දී ඉංග‍්‍රීසීන් සෙංකඩගල පුරවරය ආක‍්‍රමණයේ දී රාජකීය ගොඩනැගිලි බොහොමයක් ගිනි තබා විනාශ කරන ලද අතර, එහිදී මඟුල් මඩුවට ද හානි සිදුවෙන්නට ඇත. ඉංග‍්‍රීසීන් පාලනය ආරම්භ මුල් කාලයේ දී පමණ මෙහි වැඩ නිමවී තිබේ. ගල් පදනමක් මත ඉදිකරන ලද මඟුල් මඩුව ලී කණු පේලි හතරක් මත රැුඳුණු තද හැඩ සහිත පෙති උළු සෙවිලි කළ වහලයකි. එහි මුදුන දෙපස මැටි කොත් දෙකකි. සෑම පැත්තෙන්ම විවෘතය. කණු මත විශාල බාල්ක, කුරුපා හා යට ලී විසිතුරු ලෙස කැටයම් කර තිබුණි. ඒවා පිහිටියේ කැටයම් කළ පේකඩ මතය. වහලය සෑහෙන දුරක් කණුවලින් පිටතට නෙරා තිබේ. මෙහි දකුණු කෙළවරේ උස් වේදිකාවක් තිබූ බවට සළකුණකි. බොහෝ විට එහි රජවරු විනිශ්චය සභාව පැවැත්වීමට යොදාගත් ස්ථානය බව පෙනේ. ඉංග‍්‍රීසීන් විවෘත ගොඩනැගිල්ල වටා බිත්ති බැඳ භාවිතයට ගත්ත ද, ක‍්‍රි.ව 1875 හත්වැනි එඞ්වඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එම වටේ බිත්ති කඩා බිඳ දමා තවත් දික්කර ඇත. ඒ අනුව උඩරට රජවරුන් සහ ඉංග‍්‍රීසි ආණ්ඩුව යන කොටස් දෙක සම්බන්ධ වෙමින් මෙරට ඉදිකළ එකම ඓතිහාසික ගොඩනැගිල්ල මෙය වශයෙන් ඉතිහාසයට එක්වී අවසන්ය.




    බිසෝ උල්පැන්ගේ

    දළදා මාළිගය ඉදිරිපිට කිරිමුහුද ඉවුරේ පිහිටි සුදු පැහැති ගොඩනැගිල්ල බිසෝ උල්පැන්ගෙයයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ බිසෝවරු ස්නානය කිරීම සඳහා භාවිතා කළ ස්ථානයයි. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරමින් පවතී. ක‍්‍රි.ව 1806 වසරේ දී වැවේ ඉවුරෙහි කොටසක් අයත් වන ආකාරයෙන් සාදා ඇති දෙමහල් ගොඩනැගිල්ල තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබේ. උඩුමහලේ සොල්දර තට්ටුව ඇඳුම් මාරුකර ගැනීම සඳහා භාවිතා කර ඇත. මෙම ගොඩනැගිල්ල ද දේවේන්ද්‍ර මූලාචාරියාගේ නිර්මාණයකි. දියවඩන නිලමේ මෙම උල්පැන්ගෙයහි ද ප‍්‍රධානියා වේ. පහත මාලය වැව්දිය පිරි තටාකයකි. පැරණි ජල තටාකය අඩි 40 දිගක් ද, අඩි 25 පළලකින් ද සහ අඩි 5 ක ගැඹුරකින් ද යුක්තය. මෙම ජල තටාකයට බැසගත් බිසෝවරු ස්නානය, ජල ක‍්‍රීඩා, සහ මාලූන්ට කෑම ලබාදීම ආදිය සිදු කළහ. මෙහි සිට කිරිමුහුද මැද පිිටි ජලතිලක මණ්ඩපය දක්වා ගමන් කිරීම සඳහා කඹවලින් සෑදු පාලමකි. කි‍්‍ර.ව 1815 වසරේ ඉංග‍්‍රීසීන් විසින් සෙංකඩගල පුරවරයේ රාජකීය ගොඩනැගිලි සියල්ල ගිනි තබා විනාශ කළ අතර, මෙම ගොඩනැගිල්ල ද ඊට අයත් විය. ක‍්‍රි.ව 1857 දී නාන තටාකය ගල් සහ පස් යොදා වසා දැමූහ. ඉන්පසු විශාල කුළුණු සාදා දෙමහල් ගොඩනැගිල්ලක් සාදා පුස්තකාලයක් බවට පත්කර ඉංග‍්‍රීසි නිලධාරීන්, හමුදා නිලධාරීන්, වතු හිමියන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගත්හ. පසු කාලයේ මෙම පුස්තකාලය නඩත්තු කිරීම අපහසු වූ හෙයින් එහි පොත්පත් මහනුවර නාගරික පුස්තකාලයට ලබා දී තිබේ. ඉන්පසු මෑතක් වනතුරු පොලිස් මුරපොළක් වශයෙන් ද යොදා ගැණුනි.





    232.jpg





    183.jpg






     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දැන් වයිෆුත් මේ එකවුන්ට් එකෙන් ලොග් වෙනව ද බන්??
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek::eek:
    අප්පට සිරි ගමයා ත්‍රෙඩ් එකක් දාලා ,,,
    පසුව කියවා කොමන්ටුවක් දමන්නම්
    පොතේ මාර්ක් තියා ගතිමි :yes:

    +18
     
    • Like
    Reactions: dj gamaya

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උපුටාගැනීමක් හොදේ 21+
    :oo::baffled:
    නැහැ නැහැ බන්
    මම කිව්වේ මේ ලිපිය ගැන
    දළදා මාලිගාව ගැන කොහේද බන් 21+ කතා තියෙන්නේ :baffled:
    කොච්චර හොද දෙයක් දැම්මත් පුරුද්ද අතහරින්න බැහැ නේ ...
    :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :oo::baffled:
    නැහැ නැහැ බන්
    මම කිව්වේ මේ ලිපිය ගැන
    දළදා මාලිගාව ගැන කොහේද බන් 21+ කතා තියෙන්නේ :baffled:
    කොච්චර හොද දෙයක් දැම්මත් පුරුද්ද අතහරින්න බැහැ නේ ...
    :dull:


    යකෝ 21+ රේප් බොල .. අයියෝ සල්ලි