කටු අනෝදා

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කටු අනෝදා

    කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත‍්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප‍්‍රදේශවලට ආවේණික ශාකයකි. එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.

    ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප‍්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුළුවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුළුවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් ලෙස භාවිතා කරයි.


    ශ‍්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ‍්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය. වර්ථමානයේ වාර්ථාවෙන ඉතා පුදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා දසදහස් ගුණයකින් ප‍්‍රබල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.




    කාබෝහයිඩ්‍රේට්, පෘක්ටෝස්, විටමින් ක්‍ල විටමින් ඊ1 මෙන්ම විටමින් ඊ2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත‍්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප‍්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක‍්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප‍්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

    පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද
    මාරාන්තික ආසාදන වලක්වමින් ප‍්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බව
    ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද
    දරු ප‍්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද
    පාචනය හා උණ වලක්වන ප‍්‍රතිකාරකයක් ලෙසද කටු අනෝදා බීජ වල සාරය..
    අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද කටු අනෝදා පත‍්‍ර වල සාරය..
    අතන්ද්‍රතාවය හෙවත් රෝගීන් සදහා ප‍්‍රතිකාරකයක් ලෙසද>
    වැදගත් වන බව අනාවරණය වී ඇත.




    12804786_10153877988979034_9068762415036571459_n.jpg

    source-facebook
     
    Last edited: