• Jul 6, 2012
    10,683
    2,905
    113
    උඹලට ඉතින් වෙනම කියන්න ඕන නෑ නෙ මහමුකලාන පැත්තට සිග්නල් කේස් නෙ.ඩොංගල් බාගේ ඔලුවෙ ගහගෙන වහල උඩ දිව්වත් මේ පැත්තටනම් ඉතින් සිග්නල් ලෝ ම තමයි:angry::angry:.ඒත් උඹලට ඩයලොග් වල දැන් ස්පීඩ් කේස් වෙන 1ත් කියන්න ඕන නෑ නෙ.මුං අන්ලිමිටඩ් කියලා පැකේජ් දුන්නට ලිමිට් පනින්න කලිනුත් ස්පීඩ් එක ගැන වෙනම කියලා දෙන්න ඕන නෑ නෙ.SLTකාරයොන්ගෙත් වෙනම කේස් තියනවා පස්සෙ ඒවත් කියන්නම්.:P:P:P:oo:


    දැන් ඉතිං කතාවට බහිමුකො.මම ඉස්සරවෙලාම ඉන්ටනෙට් ගියේ මොබිටෙල්.ඒ දවසට රුපියල් 25ක් දාලා ඩේලි ඩිලයිට් වලින්.ඒකෙන් දාවසකට 100MB හම්බ උනා:yes:.ස්පීඩ් 1ක ගැන නම් කතා කරන්න තරම් අවුලක් නැති උනත් මාසෙට ඔක්කොම දාන සල්ලි ප්‍රමාණෙ එකතු උනාම මාසෙට 800 පනිනවා.:nerd::nerd:



    ඉතින් ඒක නිසා මම ඊළඟට බැස්සා ඩයලොග් වලට.උන්ගෙ පැකේජ් වල නම් අලාබයක් නෑ.ගෙදරින් මාසෙකට ලොකු ගානක් ඉල්ලන්න බැරි නිසා හින්ද වගේම ලිමිට් පැන්නට පස්සෙ වැඩිපුර ගානක් කැපෙන්නෙ නැති නිසා මගෙ මුල් තේරීම වුනේ ඩයලොග් 2GB පැකේජ් 1ක.:D:Dමාසෙට Rs.600.01 ඊට වඩා සත පහක් ගෙවන්න ඕන නෑ.මුල් මාසෙ නම් ටිකක් ලොකු බිලක් එනවා.ඒත් ඊට පස්සෙ හැම මාසෙම මුල් ගාන තමයි.:rolleyes:

    ඔන්න දැන් තමයි පළවෙනි කට්ට.
    ඉස්සරවෙලාම මම කනෙක්ශන් එක ගන්න යන්න කලින් ඇහුවා උංගෙ හෙඩ් ඔෆීස් 1කට කතා කරලා උංගෙ පැකේජ් එක ගන්න කීයක් ගෙවන්න ඕනද කියලා.ඩිපොසිට් 1000යි කනෙක්ෂන් ෆී එක් ගන්නෙ නෑ ප්‍රොමෝශන් නිසා කියලා එහා පැත්තෙ නංගි කිව්වා.ආයෙ ඉතින් කවර කතා ද?:rofl::rofl:ලඟම හිටි බොක්ක එක්ක පැනලා දුවපි ආවොත් ආපහු නොයන පුරවරයේ ඩයලොග් ආකේඩ් එකට.ඇහුවා අයියගෙන් අයියේ දීපං මචං 2GB ඩයලොග් කනෙක්ෂන් 1ක්.එදා රෑ ඉන්ටනෙට් යන්න තිබුන උනට වැඩි විස්තර නැතුව කෙලින්ම ඩීටේල් ටික දාල Connection 1ක හරි ගස්සල දෙන්න කිව්වෙත් මේ කටින්මයි.ඌ ඉතිං ගානට ඔක්කොම හරි ගස්සලා කනෙක්ෂන් 1ත් දීලා 1500ක් ඉල්ලුවා.:dull::dull:එතකොට අයියෙ ප්‍රොමෝශන් මම ඇහුවා.මොන ප්‍රොමෝෂන් ද එහෙම 1ක් දන්නෙ නෑ .
    මුං වැඩේ දන්නෙ නෑ.මං ආපහු ඇහුවා අයියේ අක්කේ හෙඩ් ඔෆීස් 1න් අර ඇහුව කෙල්ල කියාපි ඩිපොසිට් දුන්නට පස්සෙ කනෙක්ෂන් ෆී නැතැයි කියාලා බොලාට ප්‍රොමෝෂන් සීසන් නොවෑ.කවුද පොඩි එකෝ තොට එහෙවු 1ක් කියපු එකී ඇරත් හෙඩ් ඔෆීස් 1කේ.(අපි නොදන්න නංගි නේද අයියේ?) ඇයි යකෝ අපි ඕකුන්ට කෝල් කරන්නෙ විස්තර අහගන්න මිසක උංගෙ කේන්දරේ කොපියක් ගන්නෙයි.මේක මුන්ට තේරෙන්නෙ නැති හැටි.ඒ පාර හෙමින් සීරුවේ පර්ස් එකේ සල්ලි කීයක් තියේද බැලුවා.සල්ලි නැති උනොත් අද මුං ෂුවර් 1කට මාව ඇන්ටනා කරනවා.අම්මේ ඇති යාන්තං 1700ක් තිබුනා පර්ස් 1කේ.එතනිං ඒ පාර 1500ක් දීලා මාරු උනේ හෙන ගේමක් දීලා. මතක තියා ගනිං කටු කෑම 1
    කොහොම හරි ඔහොම අවුරුද්දක් විතර ගියා.අවුලක් නෑ වැඩෙත් හොඳට කෙරීගෙන යනවා.ගේම තියෙන්නෙ ෆිල්ම් 1ක් එහෙම බාන්න උනොත් තමා.දැන් දවස් තුන හතරකට කලින් Dark Shadows ෆිල්ම් 1ක බෑවා උදේ 7ට පටං ගත්ත වැඩේ [IDM Downloader 1න්] ඉවර උනේ පස්සෙ දවසෙ උදේ 4ට.අන්තිමට බලනකොට බාගයක් යනකොට ලිමිට් පැනලා.අනිත් අවුල තමයි U-Tube වීඩියෝ 1ක් එහෙම බලන්න ගියාම තියන ප්‍රශ්නෙ.Buffering නම් වෙනව හිටු කියලා:D:baffled::baffled:
    ලිමිට් පැන්නට පස්සෙ තමයි මතක් වෙන්නෙ ඩයලොග් කාරයොංගෙ පරම්පරා ඔක්කොම.බුකිය පැත්තෙ නම් ගිහිං හමාරයි.කොටින්ම කිව්වොත් ලියන 1ක මැලවෙනවා වගේ වැඩක්.මේ දුක දරාගන්න බැරුව උන්න අපේ කස්ටිය එටිසලාට් වලට බැස්සා.අවුලක් නෑ.කනෙක්ෂන් 1ක නම් පට්ටම ස්පීඩ් බෆර් වෙන්නෙත් නෑ.:yes::yes:කොටින්ම කිව්වොත් ස්පිඩ් 1ක නම් සුපිරියි.ඕක අහපු මටත් ඉතිං ඔන්න දැන් එටිසලාට් උණ.ඉන්නම බැරුව ගිය නිසා ගියා මුලින්ම ඩයලොග් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න.කොහොමත් ඉතිං මම එළකිරි කොල්ල නේ ඕකුන්ට පොල්ලක් තියන්න හිත දුන්නට මාව පස්සෙන් අදිනවා වගේ.ආපහු ඉතිං නඩුවක් දාගෙන සැලෙන්ඩර් වෙන්නෙ මක්කටෙයි ගෙවල් වල තියන ප්‍රශ්න එක්ක.ගෙදරින් ඉතිං කොයි වැඩෙත් පිළිවෙළට කෙරෙනවට කැමතියි නෙ.ඒකට අපි??:P:P

    කොහොම හරි එතනත් යනකොට මුං ඩේටා වගයක් enter කර කර හිටියෙ.දැං මට ඩිපොසිට් එක ගන්නත් එපැයි.කොහොම හරි පැයක් විතර උංට කෙරෙන්න ඕන දේ කියලා හිටියා.මචං ලා මුං කනෙක්ෂන් එක ගන්න එනකොට තියන හදිසිය මේ වෙලාවට නෑ.:frown::frown:හරියට මුංගෙ කනෙක්ෂන් ලිමිට් පැන්නම වගේ.කොහොම හරි මුංට ඇණයක් ම වෙලා මුංට මගේ වැඩේ කරලම දෙන්න වෙන තත්වෙකට උං වැටුනා.දැං වැඩෙත් ඔන්න ඔහේ යනකොට අලි මදිවට හරක් කිව්වලු.මේක ඉල්ලුව නේද මගෙ Bank Account Number එකක් ඩිපොසිට් එක දාන්න.කාටද යකෝ ඕවා මතක?කොහොම හරි මම ගෙදරට කෝල් කරලා ඒකත් යන්තං ගොඩ දැම්මා.වැඩේ ගොඩ විනාඩි 10 වැඩේට මුං මාව පැය 2ක් රස්තියාදු කරා යකෝ.
    මේක කටු කෑම 2ක කියලා හිතා ගනිං ලා.




    ඊළඟට මම කතා කරා එටිසලාට් හෙඩ් ඔෆීස් එකට.මුං 42Mbps වෙනකං දෙනවලු නේ.පට්ටම ස්පීඩ්.කොහොම හරි ෆෝන් එක ගත්තෙ අර තමංගෙ මිනිහට චාරයක් නෑ කියලා එක එකා එක්ක කියන එකීගෙ නංගිද කොහෙද?:rofl:කොහොම උනත් හොඳ කෙල්ල.:love:මමත් ඉතිං මිස් කියලා පටං ගතිමි.මිස් මගෙ ගාව තියෙන්නෙ 3.6Mbps ඩොංගල් එක් මට අද එටිසලාට් කනෙක්ෂන් එකක් ගන්න ඕන.ඔයාලගෙ ගාව තියන packages මොනවද?මිසුත් එහෙමම විස්තර කර ගෙන ගියපි.:rofl::rolleyes:කොහොම හරි මගේ හිතෙත් තිබුනෙ 3GB පැකේජ් එක ගන්න.ඒක දැන් පැත්තක දාමුකො.ඊලඟ ප්‍රශ්නය බහුවර්ණ එටිසලාට් එකෙන් අපි පාවිච්චි කරපු ඩොංගල් එකක් වෙනුවට ඩිස්කවුන්ට් එකක් තියාගෙන හරි අළුත් කනෙක්ෂන් එක් දෙද්දි අළුත් ඩොංගල් එකක් දෙනවද? පොඩ්ඩක් ඉන්න.මිස් දන්නෙ නැති උනත් හරියටම දන්න එකෙක්ගෙන් හෝ එකියෙක්ගෙන් අහන්නට ගිය බව හිතාගන්නට පුළුවනි.ඔවු සර් පුළුවං.ඔයාට ලංගම තියන එටිසලාට් ශාඛාවකිං ඔබෙ ඩොංගලය අළුත්ම එටිසලට් ඩොංගලයකට මාරු කර ගන්න පුළුවං නොමිලේම.:yes::yes:ආපහු කියන්න ඕන නෑනෙ දැනුනු හැපිය.ආපහු නොහිතාම බයිසිකල් කට්ටෙන් ස්ටැන්ඩ් එකට ආපු මම බස් එකෙන් ගිහිං කෙලින්ම බැස්සෙ එටිසලාට් ශාඛාව ගාව.ඒකෙ ඇතුලට ගිහිං මට 3GB පැකේජ් එකක් ඉල්ලුවා.හොඳම හරිය.මම ඇහුව ඩොංගල් මාරුව ගැන.:dull::dull:එහෙම දෙයක් නම් මෙච්චර කාලෙකට කරලා නෑ සර්.මම ආපහු පාරක් කිව්වා මම පැය දෙකකට කලින් ඔයාලගෙ හෙඩ් ඔෆීස් එකට කතා කරලා කිව්වම ඒ කට්ටිය නම් කිව්වා ඩොංගල් එක මාරු කරලා දෙන්නම් කියලා.නැත්තං 7.2 වගෙ එකකට යනවනම් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියල.එහෙම දෙයක් කරන්න බෑ අපි මෙතන කරන්නෙ ඩොංගල් සල්ලි වලට ඒ අයගෙන් අරගෙන විකුණනවා.එතනින් එහාට කස්ටමර් කෙනෙක් අපිට එයාලා අරං ගිය ඩොංගල් එකක් ගෙනත් දීලා මේක මාරු කරලා දෙන්න කිව්වත් ඒක අපිට කරන්න බෑ.කතාව නම් ඇත්ත තමයි.මම කොහොම හරි කතාවෙන් ගේම දීලා දිනාගන්න බැරුව අන්තිමටම චා වෙලා තමයි එතනිං එලියට බැස්සෙ.:baffled::baffled:උං හිනා උනේ මට කිණ්ඩියට වගේ.:(:(ඈ යකෝ මුංගෙ හෙඩ් ඔෆීස් එකන් මට කියපු දේ මයි මම මුංට ආපහු කිව්වෙ?කොහොම උනත් මම එතනිං එළියට බැස්සෙත් අම්බානකට චා වෙලා. ඔය තමයි කටු කෑම 3.


    මේක මට අද දාන්න හිතුනෙ ලංකාව අද යන්නෙ කොයි අතට ද කියලා පෙන්නන්න.මෙතන එන කිසි දෙයක් මම අළුතෙන් ඇති කරපුව නෙමේ.ඔකොම ඇත්තට සිද්ද උන දේවල්.මේක ඩයලොග් හරි එටිසලාට් හරි අයට විරුද්දව කරන දෙයක් නෙමේ.මෙහෙම කේස් අනන්තවත් වෙලා තියනවා.කියන දේ නෙමෙයි තියෙන්නෙ.තියෙන දේ නෙමෙයි කියන්නෙ.මේක අනිත් ජංගම දුරකථන ජාලවලත් තියනවා.හැම එකකටම සම සමව පොදුයි කිව්වොත් මම හරි.මම මේ නූල දැම්මෙ එක හේතුවකට.ආණ්ඩුව නම් ඉතිං කොහොමත් අළුතෙන්ම හදන්න ඕන.පෙනවනෙ කරලා තියන විනාසෙ.:yes::yes:ඒක නෙමෙයි අපේ අදහස් වලත් වෙනසක් වෙන්න ඕන.අපි සමාගමක් පවත්වාගෙන යනවනම් එතනදි කියන කරන හැම දේකම වගකීම අපිම දරන්න ඕන.නැතුව ඒකෙන් පැනලා යන්න හදන්නෙපා.රට හදන්න මුලින්ම වෙනස් වෙන්න ඕන රටේ ඉන්න අපේ අයගෙ සිතුවිලි.;)


    මට මේකට රෙප් එකක් වත් ඕන නෑ.මම කිසි ආයතනයකට මඩක් ගහනවවත් නෙමේ.මොකද මම පෞද්ගලිකව අත් විඳලා තියෙන්නෙ මොබිටෙල් ඩයලොග් සහ එටිසලාට් ස්පීඩ් විතරයි. තුනේම සාවිස් එක ඔවුන්ගෙ ගාස්තුවට ගැලපෙන්න තියනවා.අද ඉඳංවත් හරි මිනිහෙක් වෙන්න හදමු.ලංකාවෙ මිනිහෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවං එතකොටයි
     
    Last edited:
    • Like
    Reactions: Sajee85 and RLR

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උඹනම් එළකිරි කොල්ලෙක්ම තමයි. හැබැයි පුතේ උඹට දීපු කට්ටට උඹ රිටන් එක දීල නෑනේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නිසි කලමනාකරනයක් නැහැ අනික බොරුවෙන් තම්යි බිස්නස් වැඩි කර ගන්න බලන්නෙ එකෙන් පැවැත්ම ටික කාලයයි කස්ටමර් රැකුනොත් තම්යි උනුත් රැකෙන්නෙ කියලා උන් හිතන්නෙ නැ ගොබ්බ යක්කු
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    machan mamath oita wadiya katu kala thiyanawa.habai mama unta return 1 deela thiyanawa.lankawe internet package walin ape minissunge salli wena ratawalwala ewun hooragena kanawa.okun nathi karanna one
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    මචංලා ඒ වෙලාවෙ මට Return එකක් දෙන්න විදිහක් කල්පනා උනේ නෑ.මුංට කොහොම හරි මාව ඒ වෙලාවෙ දවසේ බයිට් එක උනා කියලා විතරයි මට හිතුනෙ:baffled::baffled::confused:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Yako uba ethanidima Aith Customer care ekata call ekak aragena ahuwanan hari ne, Moda pol buruwa.:angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Yako uba ethanidima Aith Customer care ekata call ekak aragena ahuwanan hari ne, Moda pol buruwa.:angry::angry:

    Wadak na bun.. apahu katha kalata esella kata karapu kenawa hoyaganna ba...:nerd:Branch wala inna kattiya danne na head office eke wenne monawada kiayala.Ona ekaka coustomer service call kalama ithin denne thousan talks tami :rolleyes:...Hama thanama ohoma thami machan...
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Wadak na bun.. apahu katha kalata esella kata karapu kenawa hoyaganna ba...:nerd:Branch wala inna kattiya danne na head office eke wenne monawada kiayala.Ona ekaka coustomer service call kalama ithin denne thousan talks tami :rolleyes:...Hama thanama ohoma thami machan...

    ehema ba ne, katha karapu eka record wenawa, anika kawda katha kare kiyala track karanna puluwan, wrong info dunnoth eyawa ain karanna unath puluwan.:angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ehema ba ne, katha karapu eka record wenawa, anika kawda katha kare kiyala track karanna puluwan, wrong info dunnoth eyawa ain karanna unath puluwan.:angry::angry:

    Kawruth owa follow karanne nane machan...Anika api monawa kiwwath company eka hadanne kohomahari aga beragannane bun...