කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?
සමහර අයට තියන ගැටලුවක්නේ කට තුවාල වෙන එක. වෙලාවකට කෑම කනකොට කට හැපිලා තුවාල වෙනවා. තවත් වෙලාවකට ටූත් බ්‍රශ් එක වැදිලා කට තුවාල වෙනවා. එහෙමත් නැත්තං උශ්න කෑමක් කෑවම වෙලාවකට කට තුවාල වෙනවා. ඔය සෝස් වලට එහෙම විශේෂයෙන් මෙහෙම වෙනවා. ඉතිං ඔය වගේ උනහම කන්න අමාරුයි, බොන්න අමාරුයි (වතුර, තේ එහෙම ඈ..), කටහෝදන්න අමාැරුයි, දත්මදින්න අමාරුයි එකි මෙකී අව්ල් ගොඩයි. ඉතිං මේකට විසදුමක් දෙන්නේ කොහොමද කියන එක තමයි මම කියන්න යන්නේ.
1) ලුණූ වතුරෙන් කට සේදීම
සරළම ලිපියම මේක තමයි. ලුනු තේ හැන්දක් විතර ටිකක් රස්නේ වතුර කෝප්ප බාගයකට විතර කලවම් කරලා කට හෝදන්න ඕනේ. හැබැයි කට හෝදපු ගමන් නම් දනවා. නමුත් ඉක්මනින් හොදවෙනවා.
2) අයිස් කැට තියන්න පුලුවන්
ලුනු වතුර වැඩෙන් හොද උනාට ඒකට දවසක් වත් යනවා. එතකන් ඉතිං විදවන්න වෙනවට තියන විසදුම තමයි අයිස් කැටයක්, ටිකක් වෙලා තියලා එතන තියන සංවේදී භාවය අඩු කරන එක.
3) බෙහෙතක් පාවිච්චි කිරිම
උඩ කියපු දෙක කරන්න අමාරුනම්, වගේම ඉක්මන් සහනයක් ඕනි නම් මේකට කටේ තුවාලවල ගාන්න තියන බෙහෙත් එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ එක බෙහෙත් එකක් තමයි මේ.
Orasore
මේකේ තියන විශේෂත්වය විදිහට මම දැක්කේ ඉක්මනින් වේදනාව නැති වෙන එක. ඕකේ තියන විදිහටම ගාලා විනාඩි දෙකක් වගේ යනකොට වේදනාව නැති වෙනවා. ඒ වගේම දවසට 3 න් 4 වතාවක් ගැවම පහුවෙනිද වගේ වෙද්දි තුවාලය හොද වෙනවා. ටියුබ් එක 200 ගානක් වෙන්නේ
නැත්තං මේකත් හොදයි
orrepaste
හැබැයි මේකෙන් අර වේදනාව ඉක්මනට අඩු වෙන්නෙ නම් නෑ. හැබැයි දවසෙන් වගේ හොද වෙනවා.
තොල පැලෙනව නම් / වේලෙනව නම්
1) කෝමාරිකා කෑල්ලක් අරගෙන ගාලා ඉන්න පුලුවන් නම් හොද වෙනවා.
2)තොල පැලෙනව නම් වගේම තොල් වේලෙනව නම් රෑට ග්ලිසරින් ගාලා නිදා ගන්න. උදේ වෙනකොට හොද වෙනවා.
3)තොල් වේලෙන එක පොල් තෙල් ගෑවම හොද වෙනවා කියනවා. ඒත් මම නම් කරලා නෑ.
4) තොල් වේලෙන එකට මී පැනිත් හොද බේතක්. මීපැනි ගාලා හිටියම වේලුනු ගතිය හොද වෙනවා.
මේ හැම දෙයක්ම ලිව්වේ පුද්ගලික අත්දැකීම් වලින්

Last edited:

අම්මෝ උඹ කරන ඒවා.
කියල වැඩක් නෑ