කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    cankersore_Mouth_ulcer.jpg

    සමහර අයට තියන ගැටලුවක්නේ කට තුවාල වෙන එක. වෙලාවකට කෑම කනකොට කට හැපිලා තුවාල වෙනවා. තවත් වෙලාවකට ටූත් බ්‍රශ් එක වැදිලා කට තුවාල වෙනවා. එහෙමත් නැත්තං උශ්න කෑමක් කෑවම වෙලාවකට කට තුවාල වෙනවා. ඔය සෝස් වලට එහෙම විශේෂයෙන් මෙහෙම වෙනවා. ඉතිං ඔය වගේ උනහම කන්න අමාරුයි, බොන්න අමාරුයි (වතුර, තේ එහෙම ඈ..), කටහෝදන්න අමාැරුයි, දත්මදින්න අමාරුයි එකි මෙකී අව්ල් ගොඩයි. ඉතිං මේකට විසදුමක් දෙන්නේ කොහොමද කියන එක තමයි මම කියන්න යන්නේ.

    1) ලුණූ වතුරෙන් කට සේදීම
    salt-water-rinse-300x175.jpg

    සරළම ලිපියම මේක තමයි. ලුනු තේ හැන්දක් විතර ටිකක් රස්නේ වතුර කෝප්ප බාගයකට විතර කලවම් කරලා කට හෝදන්න ඕනේ. හැබැයි කට හෝදපු ගමන් නම් දනවා. නමුත් ඉක්මනින් හොදවෙනවා.

    2) අයිස් කැට තියන්න පුලුවන්
    ef9af8becf9b4c1d914275f1977f28d1.jpg

    ලුනු වතුර වැඩෙන් හොද උනාට ඒකට දවසක් වත් යනවා. එතකන් ඉතිං විදවන්න වෙනවට තියන විසදුම තමයි අයිස් කැටයක්, ටිකක් වෙලා තියලා එතන තියන සංවේදී භාවය අඩු කරන එක.

    3) බෙහෙතක් පාවිච්චි කිරිම
    උඩ කියපු දෙක කරන්න අමාරුනම්, වගේම ඉක්මන් සහනයක් ඕනි නම් මේකට කටේ තුවාලවල ගාන්න තියන බෙහෙත් එකක් පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ එක බෙහෙත් එකක් තමයි මේ.
    Orasore
    img-ora-sore.jpg


    මේකේ තියන විශේෂත්වය විදිහට මම දැක්කේ ඉක්මනින් වේදනාව නැති වෙන එක. ඕකේ තියන විදිහටම ගාලා විනාඩි දෙකක් වගේ යනකොට වේදනාව නැති වෙනවා. ඒ වගේම දවසට 3 න් 4 වතාවක් ගැවම පහුවෙනිද වගේ වෙද්දි තුවාලය හොද වෙනවා. ටියුබ් එක 200 ගානක් වෙන්නේ

    නැත්තං මේකත් හොදයි
    orrepaste
    6.jpeg

    හැබැයි මේකෙන් අර වේදනාව ඉක්මනට අඩු වෙන්නෙ නම් නෑ. හැබැයි දවසෙන් වගේ හොද වෙනවා.

    තොල පැලෙනව නම් / වේලෙනව නම්
    1) කෝමාරිකා කෑල්ලක් අරගෙන ගාලා ඉන්න පුලුවන් නම් හොද වෙනවා.

    2)තොල පැලෙනව නම් වගේම තොල් වේලෙනව නම් රෑට ග්ලිසරින් ගාලා නිදා ගන්න. උදේ වෙනකොට හොද වෙනවා.

    3)තොල් වේලෙන එක පොල් තෙල් ගෑවම හොද වෙනවා කියනවා. ඒත් මම නම් කරලා නෑ.

    4) තොල් වේලෙන එකට මී පැනිත් හොද බේතක්. මීපැනි ගාලා හිටියම වේලුනු ගතිය හොද වෙනවා.

    මේ හැම දෙයක්ම ලිව්වේ පුද්ගලික අත්දැකීම් වලින් :)
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    TFS. Mata oka henata wenawa. :(

    මගෙත් උෂ්නෙට මේව වෙනව අම්මියෝ ඉන්න බෑ රිදෙනව රෙප්++++

    මගෙත් බං. මට මෙච්චර කාලෙකට ඕකට එවෙලෙම වේදනාව නැති කරගන්න ක්‍රමයක් නැතුව හිටියේ. Orasore කියන එක අහුඋන නිසයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මගෙත් බං. මට මෙච්චර කාලෙකට ඕකට එවෙලෙම වේදනාව නැති කරගන්න ක්‍රමයක් නැතුව හිටියේ. Orasore කියන එක අහුඋන නිසයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.
    orrepaste නම් ඒ වෙලාවට විතරයි වගේ ඒත් රිදෙන එක අඩු වෙනව පොඩ්ඩක් Orasore හොඳයිද? 200ක් නෙමේ 2000ක් ගියත් කමක් නෑ ඉක්මන්ටම හොඳ වෙනවනම්:(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    orrepaste නම් ඒ වෙලාවට විතරයි වගේ ඒත් රිදෙන එක අඩු වෙනව පොඩ්ඩක් Orasore හොඳයිද? 200ක් නෙමේ 2000ක් ගියත් කමක් නෑ ඉක්මන්ටම හොඳ වෙනවනම්:(

    Orasore හොදයි මචං :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    Orrepaste වලට දවස් දෙක තුනකින් හොඳ වෙනවා. ඒකත් තුවාලේ තියෙන බරපතලකම අනුව තමයි. මම නම් කතුරුමුරුංගා කනවා. තව මිරිස් තියාගෙන ඉන්නවා. දිවේ තොලේ තියෙන තුවාල ගිණි උනුවතුරෙන් පුච්චලා දානවා. එතකොට සංවේදීතාවය නැතිවෙලා රිදෙන එක අඩුවෙනවා.
     
    • Like
    Reactions: Sinhala King

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    ඔය උඩම රූපෙ තියෙන තැන හැදුනම තමා....අම්මෝ මතක් වෙනකොටත් රිදෙනව වගේ
     
    • Like
    Reactions: Sinhala King
    May 24, 2016
    39
    7
    0
    අම්මෝ මටත් ඕක වෙනවා. මගේ කට ඇතුලෙන් හක්කේ දත් දෙකකට කම්මුල ඇතුලේ කොටස හැපෙනව සමහර වෙලාවට. උහුලන්න බැ ඒ වෙලාවටනම්. බොහොම වටිනවා මේක.:(:(:(:(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Orrepaste වලට දවස් දෙක තුනකින් හොඳ වෙනවා. ඒකත් තුවාලේ තියෙන බරපතලකම අනුව තමයි. මම නම් කතුරුමුරුංගා කනවා. තව මිරිස් තියාගෙන ඉන්නවා. දිවේ තොලේ තියෙන තුවාල ගිණි උනුවතුරෙන් පුච්චලා දානවා. එතකොට සංවේදීතාවය නැතිවෙලා රිදෙන එක අඩුවෙනවා.

    :shocked: අම්මෝ උඹ කරන ඒවා.
    කතුරු මුරුංග නම් හොදයි තමයි.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අම්මෝ මටත් ඕක වෙනවා. මගේ කට ඇතුලෙන් හක්කේ දත් දෙකකට කම්මුල ඇතුලේ කොටස හැපෙනව සමහර වෙලාවට. උහුලන්න බැ ඒ වෙලාවටනම්. බොහොම වටිනවා මේක.:(:(:(:(

    අපෝ ඔව් එකන ආවම කෙල ගිලගන්නවත් අමාරුයි.