කට_ඇරීමේ_නිදහස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කට_ඇරීමේ_නිදහස

පොන්ත නෝනක්කාගේ නිදහස සහ චතුරලාට ලැබුනු කට ඇරීමේ නිදහස

Media_freedom_Sri_Lanka.jpg




රටක ජනතාවගේ මුර බල්ලා වනුයේ මාධ්‍යයි. එම මාධ්‍ය ස්වාධීනව කටයුතු කරන්නේ නම් කිසිදු වංචනිකයකුට දූෂිතයකුට බේරී සිටිය නොහැක. එහෙත් අද යම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිර්ලජ්ජී ලෙස වංචනිකයන් දූෂිතයන් රැකීමට කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ. තවත් සමහරුන් අද කතා කරන්නේ මාධ්‍ය නිදහස නැත්තටම නැති වී ඇතුවා වාගේය. එය හුදෙක්ම දේශපාලන වාසි තකා කරන රඟපෑමකි. අද එදා මෙන් මාධ්‍යවේදීන් පසුපස සුදු වෑන් එන්නේ නැත, මරණ තර්ජන එල්ලවන්නේ නැත, දේශපාලන බලපෑම්ද නැත, පත්තරවල ශීර්ෂ පාඨ වෙනස් කිරීමට ලොකු තැන් වලින් ඇමතුම් එන්නේද නැත.

වර්තමානය වන විට එය ඇස් පනා පිට ඔප්පු වී හමාරය. දෙරණේ ‘චතුර‘ නමැත්තා එහි හොඳම උදාහරණය යි. චතුරට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි රටටම ඇහෙන්න ආමන්ත්‍රණය කෙළේය. නමුත් චතුරට මරණ බිය හෝ කිසියම් බියක් දැනුනාද? නැත. ඔහුට එසේ දැනෙන්නට හේතුවක්ද නැත. මන්දයත් යහපාලන ආන්ඩුවට පාතාල මැර කල්ලි හෝ අතුරු හමුදා හෝ නැති බැවිනි.

ආචාර ධර්ම හා නීතිය යනු මාධ්‍යයටද බලපාන ප්‍රධාන සාධක දෙකකි. මේවාට යටත්ව මාධ්‍ය කටයුතු කළ යුතුය. මාධ්‍ය ආචාරධර්ම විග්‍රහ කරනවිට ප්‍රධාන මූලධර්ම හතරක් ඇත. එනම් සත්‍යවාදී බව, නිදහස් බව, වගකීම් සහගත බව හා සමාජය නොකැළඹෙන අයුරින් ඒවා ප්‍රකාශ කිරීමයි.

ජනතාවද මෙහිදී තේරුම්ගත යුතු දෙයක් තිබේ. මාධ්‍යවේදියා යනු කව්රුන් හෝ ලියවා දුන් දෙයක් කියවන පුද්ගලයා නොවේ. ඔහුට කියන්නේ ඉදිරිපත් කරන්නා කියාය. උදාහරණක් ලෙස ඔබ රෝගී වූ විට බෙහෙත් ලබා ගන්නේ වෛද්‍යවරයාගෙනි. වෛද්‍යවරයා ඔබව පරීක්ෂාකොට බලා සුදුසු පරිදි බෙහෙත් නියම කරයි. ඔබ ඉන්පසුව එම තුන්ඩුව රැගෙන එම වෛද්‍යවරයාගේම ඩිස්පෙන්සරියෙන් බෙහෙත් මිලදී ගනී. එවිට එහි සේවය කරන කව්රුන් හෝ අයෙකු (බොහෝ විට එවැනි ස්ථාන වල සේවය කරන්නේ ගමේ රැකියා විරහිත තරුණයෙක් හෝ තරුණියක්. ඔවුන් දන්නා වෛද්‍ය දැනුමක් නැත) බෙහෙත් ටික ලබාදෙයි .එවිට වෛද්‍යවරයා හා අර සේවකයා සමාන වනවාද? නැත එසේ වන්නේ නැත. මාධ්‍ය කේෂ්ත්‍රයද එසේමය. අප ජනතාව තවම එය තේරුම්ගෙන නැත. සැබෑ මාධ්‍යවේදියා යනු අප සැමටම පෙනෙන දේ පවසන ඉදිරිපත් කරන පුද්ගලයා නොව අපට නොපෙනෙන දේ පෙන්වන තෙවැනි ඇසකින් ලොව දකින පුද්ගලයාය. ඒ සඳහා තියුණු බුද්ධියක්, සූක්ෂම මොළයක් හා හොඳ හදවතක් තිබිය යුතුය. එවැනි මාධ්‍යවේදීන් දැන් අඩුය.

චතුරගේ ගැටලුවට හේතු වූ රූපවාහිනී වැඩසටහන ගැනද යමක් කිවයුතුමය. දිනෙන් දින සංකීර්ණ හා කාර්ය බහුල වන ජීවිතයන්ට එවැනි වැඩසටහන් තිබීම හොඳය. උදෑසන යම්කිසි වැඩක නිරතවෙමින් සිටිනා විටකදී එදා දවසේ පුවත්පත්වල සිරස්තල, උප සිරස්තල දැනගන්නට ලැබීම වටී. අතීතයේද මෙවැනි වැඩසටහන් තිබුණි. ප්‍රවෘත්ති පසුබිම යනුවෙන් එකල රසවත්, හරවත්, වැඩසටහනක් තිබුණු අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ විද්වත් මාධ්‍යවේදීහු දායක වූහ. නමුත් වර්තමානය වනවිට එම තත්ත්වය උඩුයටිකුරු වී ඇත. කිසියම් හෝ රූපවාහිනී නාලිකාවකින් අළුත් ආරක වැඩසටහනක් ප්‍රෙක්ෂකයාට හඳුන්වා දුන්විට අනෙකුත් නාලිකාද කරන්නේ තරඟකාරී නව ආරක නිර්මාණශීලි වැඩසටහන් නිශ්පාදනය කිරීම පසෙක තබා එක රොත්තට එය අනුකරණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස උදේට පත්තර නොකියවන නාලිකාවක් සොයාගැනීමට නොහැක. ලෝකයේ ශිෂ්ඨාචාරයක් සහිත වෙනත් රටවලද මෙවැනි වැඩසටහන් ඇත. ඒවායේ රූපවාහිනී වල පුවත් පත් වල ශීර්ෂ පාඨ කියවීමට ගන්නා උපරිමය විනාඩි දහයකට පමණ සීමා වේ. නමුත් ලංකාවේ සියලුම පුවත්පත් රැගෙන වාඩිවන සමහරුන් තමන්ට රිසි පරිදි පත්තර කියවයි. සමහරුන් ඒවා ඉදිරිපත් කරන්නේ ගෙදර පිළිකන්නෙ වාඩි වී තමන්ගේ මෝඩ අඹුවට ඇසෙන්නට පත්තරේ කියවන පුද්ගලයන් මෙනි. තමන් කැමති පුවත් මහා ලොකුවෙන්ද, අතිනුත් ටිකක් දමාද, අකමැති පුවත් ලිස්සා යාමෙන්ද, සමහර පුවත් උපහාසයෙන්ද කියවාගෙන යයි. ගෙදරදි අඹුවට ඇසෙන්නට පත්තර කියවන විට තමන්ගේ හිතු මතයට ගැලපෙන අයුරින් හැසිරුනාට අපට කමක් නැත. නමුත් රූපවාහිනියකට පැමිණ අපට ඇසෙන්න එසේ කිරීම නින්දා සහගතය. මාධ්‍යවේදීන් නොවන මේ බෙහෙත් තෙල් විකුණන්නන් පුවත්පතේ ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියාටද කරන්නේ නිගරුවකි.

අනෙක් ප්‍රධානම කරුණ නම් වර්තමානයේ මහා මාධ්‍යවේදීන් කියාගන්නා බොහෝ අයට මාධ්‍ය වෘත්තිය ගැන සත පහකවත් දැනුමක් නැති වීමයි. ලෝකයේ ශිෂ්ඨාචාරගත රටවල මාධ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයක් ලබා නොගත්තෝ වෘත්තියට ඇතුලු කරගන්නේ නැත. අප රටේ එවැන්නක් නැත. අප රටට ආසන්න ඉන්දියාවේ වුවද එසේ තිබේ. චතුරලා වැනි බොල් චරිත පිළිගත් අධ්‍යාපනක් සහිතව මෙම කේෂ්ත්‍රයට පිවිසෙන්නේ නම් බොහෝ විට ඔලමොට්ටල කම් නවතිනු ඇත.

අද මාධ්‍ය නිදහස නැතැයි කෑ ගසන බොහෝ අයට මාධ්‍ය නිදහස නැතිවීම කුමක්දැයි මතක් කර දිය යුතුය. මේ ලිපිය ලියවෙන්නේ 2016 පෙබරවාරි 08 වෙනිදාය. එනම් ලංකාවේ මාධ්‍ය ලෝකයේ පතාකයෙකු ඝාතනය කොට හරියටම වසර හතකුත් මාසයක් පිරෙනදාය. 2009 ජනවාරි 08 වැනිදා සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේය. ඔහු ඝාතනය වන බව ඔහු ඊට පෙර දැන සිටියේය. ඒ බව ඔහුගේ අවසන් කාලයේ ලිපි වලින් ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ලසන්ත ඝාතනයෙන් නොනැවතුන ඔව්හු ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කළහ, ලංකා ඊ නිවුස් ගිනිබත් කළහ, සිරසට ගිනි තැබූහ, පෝද්දල ජයන්තගේ කකුල් කඩා දැමූහ, පුවත්පත් මුද්‍රණාල ගිනි තැබූහ. එවැනි යුගයක් පසු කළ අපට චතුරලා පෙන්වන්නේ කුමක්ද? පොන්ත නෝනක්කාට නිදහස ලැබුනා වැනි තත්ත්වයකි. පොන්ත නෝනක්කාට නිදහස ලැබුනු විට පොන්ත නෝනක්කා මිරිස් වතුරෙන් පුක හෝදා ගත්තාය. ‘පොන්ත නෝනක්කගේ පිටුපස පොන්ත නෝනක්කට කැමැත්තක්‘ කියා ජනතාව අහක බලා ගනු ඇත. දැවිල්ල හැදෙනුයේ බලා සිටින ජනතාවට නොව චතුරලාට ම ය.

-මේනක අඹේපිටිය-
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හොඳට ඇරලා ගනින් පොනිල්ගේ සුට්ටි එක කටට..
උඹලට දැන් ඒ නිදහස තියෙනවා..
 
  • Like
Reactions: toiya

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකා e news එකේ ඒවා දානවා ඉතින් රේප් හිඟා කන්න...

    කට අරන් ඉඳපන් සිරිකොතට ගිහින් , කට පුරවල හම්බ වෙයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද ඔච්චර මැරුවනම් ඇයි එකක්වත් අල්ලන්න බැරි..අල්ලල අවුරුදු 20ක්වත් හිරේ දැම්මනම් කනක් ඇහිල ඉන්න තිබ්බ බන් UNP එවුන් ඕවමනෙ මතුරන්නෙ.
     
    • Like
    Reactions: joono and redhat

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    නායකයෙක් උනාම අපහාස උපහාස ඉවසන්න පුරුදු වෙන්න ඕනේ ...ඕකෙන් වෙන්නේ සිරිසේන තවත් පච වෙන එක
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නායකයෙක් උනාම අපහාස උපහාස ඉවසන්න පුරුදු වෙන්න ඕනේ ...ඕකෙන් වෙන්නේ සිරිසේන තවත් පච වෙන එක


    ඔව් ඔව් මචන් ඒකාලේ මහින්දයට ඉවසන්න බැරි කොට කලේ මාධ්‍යවේදී ගාතනය කරන එක. ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ , සහ තරුණ මාධ්‍යවේදීන් ගාතනය කලේ අමු අමුවේ. ඇයි බන් ගොන් මහින්දයට ඉවසන්න බැරි උනේ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ලංකා e news එකේ ඒවා දානවා ඉතින් රේප් හිඟා කන්න...

    කට අරන් ඉඳපන් සිරිකොතට ගිහින් , කට පුරවල හම්බ වෙයි


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් ඔව් මචන් ඒකාලේ මහින්දයට ඉවසන්න බැරි කොට කලේ මාධ්‍යවේදී ගාතනය කරන එක. ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ , සහ තරුණ මාධ්‍යවේදීන් ගාතනය කලේ අමු අමුවේ. ඇයි බන් ගොන් මහින්දයට ඉවසන්න බැරි උනේ.

    මහින්ද ට ඉවසගන්න බැරි උනා කියල මයිත්‍රී ත් එහෙම කරන්න ඕනෙද? එක කරන්න නම් මොකටද ගොනෝ අලුත් ජනපති කෙනෙක් පත් කර ගත්තේ? ඕක තමා උඹලා වගේ ගොන් චන්ද දායකයන්ට තේරෙන්නේ නැත්තේ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් ඔව් මචන් ඒකාලේ මහින්දයට ඉවසන්න බැරි කොට කලේ මාධ්‍යවේදී ගාතනය කරන එක. ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ , සහ තරුණ මාධ්‍යවේදීන් ගාතනය කලේ අමු අමුවේ. ඇයි බන් ගොන් මහින්දයට ඉවසන්න බැරි උනේ.

    amu amuwe ei uba dekkad?ubl ithin madyata den mona kalt paran caset dala eka hodai kiyn ekane krnne..