කඨින පිංකමට කඩු ප්‍රහාරයක්...!!!!



වෙන්නප්පුව සිරිගම්පොල, කිරිමැටියාන වත්ත, ශ්‍රී ලංකා විහාරස්ථානයේ අද සවස පැවති කඨින පිංකමේදී සාහසිකයන් පිරිසක් පැන පුද්ගලයන් කිහිපදෙනෙකුට කඩුවලින් කපා බරපතල තුවාල සිදුකොට තිබේ. තුවාල කරුවන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එක් පුද්ගලයකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම සිද්ධිය පිළිබඳ දැඩි පරීක්ෂණයක් ආරම්භකර තිබේ. මේ ප්‍රහාරයට එරෙහිව තිස්සමහාරාමයේ සංඝානන්ද භික්ෂූන්වහන්සේ උපවාසයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා සහයෝගය පලකිරීමට ප්‍රදේශයේ ක්‍රිස්තියානි පූජකවරුන්ද පැමිණ තිබේ.



lakbima.lk




