කඩචෝරු - කාටද මතක මේවා

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Me too had a such kind of friend(Girl). It wasn't a relationship but something, don't know what :yes: Missed her after grade 5, but even today sometimes come to my mind. This story took me past. it's a wonderful feeling:love::love::love:. we both didn't know anything about love & stuff those days like today kids. just childhood :)
    @windows_ubuntu මෙහෙ එන්න :rolleyes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉස්සර ඉස්කෝලෙ සීයා කෙනෙක් අයිස් ක්‍රීම් විකුණනවා. එකක් රුපියලයි. අර කෝට්ටෙ ගහලා දෙන එවා. මම හැමදාම අත් දෙකට දෙකක් අරන් එනවා ඉන්ටවල් එකට. එනකොටම පංතියෙ හිටපු එක පිරිමි ළමයෙක් හැමදාම ඒක උඩ පැනලා සපත්තුවෙන් ගහලා කඩනවා.. :( මම ගෙදර ගිහින් කියුවම අම්මා කියුවා එයාටත් එක්ක හතරක් අරන් එයාටත් දෙකක් දීලා කන්න කියලා. :rolleyes: ඊළග දවසෙ මම එහෙම අරන් ගිහින් දුන්නම එයාගෙ අයිස් දෙක අරන් මගේ අයිස් දෙකට ආපහු පයින් ගහලා කැඩුවා.:growl::( එදා නම් හොදටම දුක හිතුනා.:sorry::confused: ඒත් මොනව උනත් කාටවත් පේන්න මං අඩන්නෙ නෑ පොඩි කාලෙ ඉදන්ම. මම සද්ද නැතුව හිටියා. මට එක එක ඒවා කිය කිය හිනා වෙවී එයා ඒක කෑවා. ඔහොම සතියක් විතර උනා මතක විදියට. ඊට පස්සෙ දවසෙ මම අයිස් ගන්න ගියේ නෑ වැඩක් නෑනෙ ගත්තත් ඒක නිසා. ඉන්ටවල් එකේ පිට්ටනිය මැද තිබුණු ලොකු චීන ගහ යට වාඩි වෙලා හිටියා. එක පාරටම අර පිරිමි ළමයා ආවා. මම කියුවා අද මම අයිස් ගත්තෙ නෑ ඔයාට කඩන්න කියලා. ඊට පස්සෙ එයා හිනා වෙලා අතේ පිටිපස්සට කරන් ඉදලා අයිස් දෙකක් මට දුන්නා. මම ගනන් ගත්තෙ නෑ ඕනෙ නෑ කියලා හිටියා. ඊට පස්සෙ හැමදාම එයා අයිස් ක්‍රීම් කැඩුවට සොරි කියලා මේක කාලා මාත් එක්ක යාළු වෙනවද ඇහුවා. මං ඒකාලෙ මහ ගොනානෙ හා කියලා ඒක කෑවා.:baffled: එයා අහලා තියෙන්නෙ ලව් එෆෙයාර් එකක් ගැන.:oo::angry: ඒ දවස් වල කොහෙද ඕවා දන්නෙ තුන වසරෙදි හරි හතර වසරෙදි හරි.

    ඒක කනකන් එයත් මං ළග වාඩි වෙලා හිටියා. මගෙ ඔලුවත් අතගෑවා මම කනකොට මට තාම මතකයි.:lol::rolleyes: මෙන්න ඉන්ටවල් ඉවර වෙලා පන්තියට එද්දි එයාගෙ නම කිය කිය මුළු පංතියෙම ළමයි මට හිනා වෙනවා. මේකා පංතියෙ ළමයින්ට කියලා මම එයත් එක්ක යාළු උනා කියලා. මගේ යාළුවොත් හොදටම දන්නවා හැමදාම මගෙ අයිස් එකම පයින් ගහලා කඩනවා කියලත් ඒත් එයාලත් කියුවට පිළිගන්නෙ නෑ. පොඩි කාලෙ ඉදලම නෝන්ඩි කරන්න තැනක් හම්බුණොත් මගේ හිත මිතුරු කැල ඒක මග හරින්නේ නෑ. ඔහොම ගොඩක් කල් යනකන් එයාගෙ නම කියුවා මට. අර ඩෙස් වල එහෙම + මාර්ක් දාලා නම් ලියනවා එක විකාරයයි.

    ඊට පස්සෙ මම අයිස් ගත්තෙ නැති උනාට එයා මට අයිස් දෙකක් අරන් ඇවිත් දෙනවා. මම ගන්නෙ නෑ. ඒත් ළගින් තියලා යනවා. (අපරාදෙනෙ මං ඉතින් කනවා🤭) ඔහොම 5 වසර ඉවර වෙනකන්ම මට අයිස් ගෙනත් දුන්නා. ගනන් එහෙම දන්නෙ නැති උනාම මගෙන් අහගන්නවා. කවුරු හරි කොල්ලෙක් මට සද්දයක් දැම්මොත් එයා ඇවිත් මාව බේර ගන්නවා. මගේ හිතේ කවදාවත් යාලු වෙන්න අදහසක් තිබුණෙ නැහැ. එයාගෙ හිතෙත් එහෙම තියෙන්න නැතුව ඇති පොඩි කාලෙ තේරෙන්නෙ නෑනෙ ඔහොම කියුවට. මම ශිෂ්‍යත්වෙන් පස්සෙ 6 වසරෙ මුල් කාලෙදි වගේ වෙන ඉස්කෝලෙකට ගියා. එදායින් පස්සෙ එයාව දැක්කෙ නැහැ. ඒත් දැන් ඒ දේවල් මතක් වෙද්දි අමුතුම හැගීමක් හිතට එනවා. ඒ කාලෙ හරිම සුන්දරයි. :love:

    මම දැන් යාළු වෙලා ඉන්නෙ එයාගෙ හොදම යාළුවා එක්ක.:love: එයාගෙ තාත්තට මාරුවක් ඇවිත් ඒ කාලෙම කොහේද දුර පළාතකට ගියා කියුවා. මේ පින්තූර දකිද්දි මට ඒ සිද්දිය මතක් උනා. :)

    තව මම පොඩි කාලෙ අපේ පොඩි මාමා තරුණ කාලෙ එයා මට වඩා අවුරුදු 15ක් විතර වැඩිමල්.. එයාට රට වටේම කෙල්ලො. මම පාරෙ යද්දි ඒ නැන්දලා දන්න්නවා මම අපේ මාමාගෙ දූ කියලා. අක්කලා තුන් දෙනෙක් ඉන්නවා කඩවල් තුනක එක අක්කා කෙනෙක් දහම් පාසල ගාව කඩේ. අනිත් එක්කෙනා ටියුෂන් එක ළග කඩේ. අනිත් අක්කා ඉස්කෝලෙ ගාව. මට කඩේ ළගට යන්න විතරයි තියෙන්නෙ පොඩි මාමගෙ නම කියලා ඒ මාමා නේද කියලා අහලා එක එක ඒවා ගොඩක් දෙනවා කෑම ජාති. දහම් පාසල ගාව අක්කා බුල්ටෝ අහුරක්ම දෙනවා. ඒ කාලෙ සත 25ද කොහේද එකක්. අපරාදෙ කියන්න බෑ පොඩි මාමා හැමෝටම මාව අදුන්වලා දීලා තියෙනවා. :D

    කඩ චෝරු සම්භන්ධව නම් සිද්දි ගොඩක් තියෙනවා. මොනවා උනත් ඒ මතක හරිම සුන්දරයි. :love:
    1627049161852.png

    මෙන්න මං ගානේ ඔයාට.