කඩවල්වල විකාරරූපී නාම පුවරු-->
වෙළෙඳ සලකට නාම පුවරුවක් සවි කරන්නේ ඒ වෙළෙඳ සල කාට කාටත් හඳුනා ගැනීමටය. ඒ වෙළෙඳසලෙන් නොඑසේනම් සාප්පුවෙන් මහජනයාට ඇත්තේ කවර පලප්‍රයෝජනයක්දැය�� � දැන කියා ගත හැකි වන්නේ නාමපුවරුවකිනි.පරි� ��ණක අප රටේ නැති කාලේ වෙළෙඳසල්වල නාමපුවරුද නිර්මාණය වුණේ අතින් ඇඳි අකුරුවලිනි. ඊට මනා හැකියාවක් ඇති අක්ෂර චිත්‍ර ශිල්පීයෝ එකල සිටියහ. “කඩේක බෝඩ් එකක්” ඇඳීමෙන් ඔවුන්ට සැලකිය යුතු මුදලක්ද ලැබුණේය.එකල යම් නාමපුවරුවක් ඇන්දේ කවුරුන්දැයි කිව හැකි අනන්‍යතාවක්ද ඒ ලැකර්, ඩිස්ටෙම්පර් ආදියෙන් ඇඳි අකුරුවලින් පිළිබිඹු වුණේය.
වෙළෙඳසල් හිමියා අසවල් වෙළෙඳ සල යනුවෙන් බෝඩ් තහඩුවේ අඳින්නැයි ඇණවුම් කළ විට ශිල්පියා වැඩේ පටන් ගන්නේ හිමියා කියන විදියටය. අසවල් වර්ණ භාවිත කොට අඳින්නැයි ඇතැම්විට කීවද මෙසේ ඇඳිය යුතුයි කියන්නේ නැත. වෙළෙඳසල් හිමියා වෙළෙඳසලට නමක් දෙන්නේ වෙළෙඳ සලේ අලෙවි කරන්නේ මොනවාදැයි දන්නේ ඔහුම නිසාය. තමන්ගේ නමින් ඒ වෙළෙඳසල පවත්වන බැවින් අලෙවිකරන දේට මුලින් තමන්ගේ නම හෝ නමෙහි කොටසක් හෝ යෙදීම සාමාන්‍ය සිරිතය. පසුකාලයකදී තමන්ගේ නම වෙනුවට තම පවුලේ කෙනෙකුගේ නම යොදා නාම පුවරුව වෙළෙඳසල ඉදිරියේ රඳවයි. එල්ලා තැබෙයි. අබේනායක මෝටර්ස්, සිල්වා සයිකල් වර්ක්ස්. වර්ෂවිතාන බේකරිය, නිලන්ති ස්ටූඩියෝ, කමල් ඡායාරූප ශිල්පියෝ වැනි නම් යෙදූ නාම පූවරු අප රටේ සෑම තැනකම වාගේ දැකිය හැකිය. එසේම හවුල් ව්‍යාපාර කරන ඇත්තෝ අසවල් සහෝදරයෝ යැයි යොදති. හවුල් ව්‍යාපාරය අවුල් වූ විට ඒ හවුලේ සිටි කෙනෙකු වෙන්වී ගොස් ආරම්භ කරන ව්‍යාපාරය මුලට තම නම යොදන්නේ “නව” නැතිනම් “නිව්” යන වචනයද සමගය. හරමානිස් සහෝදරයෝ නිව් හරමානිස් වන්නේ එසේය.
යටත් විජිත සමයේ වෙළෙඳාම පුරුදු පුහුණු වූ අය සහ ඔවුන්ගේ පරම්පරා පවත්වාගෙන එන වෙළෙඳසල් හැඳින්වීමට ඉංගිරිසි නම්ද යොදා ගැනෙයි. තේරුමක් නැති,ගැළපීමක් නැති හා විකාරරූපී නම් ඇති නාම පුවරු දකින්නට පටන් ගන්නේ විවෘත ආර්ථීකයෙන් පසුවය. අප රටට සියලු දොරවල් හැරුණු එකල යහපත් මෙන්ම අයහපත් දේද ගලා ආවේය. විකිණීම සුලභ වූ අතර සමාජය අනුකාරක ලක්ෂණවලින් ඉස්පාසු නැති විය. එසේම සටකපටභාවයද චාරිත්‍රානුකූල ස්වරූපයකට පෙරැළී ඇත.
අප රටට පරිගණක ආවේ අධ්‍යාපනය හරහා නොවේ. සියලු ප්‍රවාහයන් එන පරිද්දෙන් පරිගණකයද ආවේ අක්‍රමවත්වය. ඒ ඇවිත් මුලින්ම අතපත් වන්නේ ඒ වන විට ලඝු යතුරුලියමින් සිටි කාර්යාල ලිපිකාර ප්‍රජාව අතටය. ටයිප්රයිටරය සමග ඔට්ටු වෙමින් රැකියාකළ ඒ මානවිකාවන්ට විස්මය අත්කර දෙමින් පතිත වූ පරිගණකය නිසා දෙපයින් මහපොළොවේ ඇවිද ගිය ඔවුන් ගමනේ යෙදුනේ මහත් ආඩම්බරයෙනි; මහපොළොවට මදක් ඉහළිනි.
ඔවුන්ට ඉතා ලෙහෙසියෙන් පරිගණකයෙන් අකුරු ටයිප්කිරීම “ටයිප් සෙටින්” වශයෙන් හඳුනා ගන්නට ලැබුණු අතර වෙළෙඳ අවකාශයේද ටයිප්සෙටින් කඩවල් බිහිවිය. ඒ සියල්ලටම අක්ෂර නිමැවුණේ අප මිත්‍ර පුෂ්පානන්ද ඒකනායක විසිනි. ටයිප් කෙරුණේ ඇමෙරිකාවේ මයිකේරාසෝෆ්ට් ආයතනයෙන් ව්‍යාප්ත කෙරුණු “වර්ඩ්” නම් මෘදුකාංගය උපයෝගී කර ගනිමිනි.එහෙත් ඒ සීමිත පරිගණක දැනුම හා හැකියාව ටික කලකින් වෙනත් මුහුණුවරක් ගත්තේය. “සොෆ්ට්වෙයා” නොහොත් ක්‍රමලේඛන වැඩසටහන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් මිලදී ගත හැකි මට්ටමට පැමිණීම නිසා “ටයිප් කිරීම” ඉක්මවා ගිය වැඩසටහන් පද්ධති සමාජගත වීමට පටන් ගත්තේය.
විශේෂයෙන් මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය පහසුකම මෙමගින් සැලැසුනි. එසේම මානව සම්පත පරදා පරිගණක දැනුම් සම්පත් සක්‍රීය වීමට පටන් ගත්තේය. ගණනයන් ඉක්මවා ගිය වැඩ කිරීමේ පහසුව ඉතා වේගයෙන් දියුණු තත්ත්වයට පත්විණි.වර්ණ අතින් ඇල්ලීමෙන් තොරව ඕනෑම මුද්‍රණ කාරණයකට යොදා ගත හැකි විණි. ලිපිගොනු විනාශ කෙරී ඒවා පරිගණකය තුළ ආරක්ෂා විණ. බොත්තම් එබිමෙන් කළ සියලු කටයුතු මේ වන විට ස්පර්ශ කිරීමෙන් සක්‍රීය කළ හැකි තරමට තොරතුරු තාක්ෂණය වේගයෙන් දියුණුව කරා එළැඹෙයි.
මෙසේ වන විට තරාදියේ අනෙක් පැත්ත පහළට එල්බෙන ස්වරූපයක් හඳුනා ගත හැකි වෙයි. මව්බස විකාරයට පත්වීම, යම්යම් සම්මුති දෙදරා විසුණු වීම. සාර්ධර්ම, ගුණධර්ම වියුක්තිය සේම මනුෂ්‍යත්ව වටිනාකම් අවපාතයට හෙළීම පිරිහීම නම් අර්ථයේ අංග බවට පත්වෙයි.වෙළෙඳ සල්වල නාම පුවරු දැකීමෙන් ඕනෑම කෙනෙකුට පහළවන සිත් අතර;නොයෙක් විපරීත අදහස් පහළ විය හැකිය. ඊට හේතුව ඒවා නම් කිරීමේදී සිදුවූ දෝෂ හේතුකොට ගෙනය. දෝෂවලට මුල නොදන්නාකමය. නැතහොත් නොසැලකිල්ලය. එසේත් නැතිනම් ඒ දෙකමය. නොදන්නාකමට සමාවක් දිය හැකි වුවද නොසැලකිල්ලට සමාවක් දිය නොහැකි නොසැලකිල්ල සැලකිල්ලට පරිවර්තනය කළ හැකි ආකාරය නම් වැඩයට අනුගත ක්‍රියා පිළිවෙළ අනුගමය කිරීමය.මේ උදාහරණය ඊට කදිමයැයි සිතෙයි.
හෝමාගමට නුදුරු හයිලෙවල් පාරේ එක් පසෙක ඇති වෙද මැදුරක “පාරම්පරික කැඩුම් බිඳුම්වලට ප්‍රතිකාර” යනුවෙන් නාම පුවරුවක් දිස්වෙයි. එය දුටු සැණින් ඇතිවන්නේ පාරම්පරික කැඩුම් බිඳුම් යනු මොනවාද? ඒවා අම්මා මුත්තා කාලේ පටන් හොඳ කරන කැඩුම් බිඳුම්දැයි යන ප්‍රශ්නයි.
එහි පාරම්පරික කැඩුම් බිඳුම් යන වැකිය විශාල අකුරිනුත් ප්‍රතිකාර කිරීම කුඩා අකුරිනුත් යෙදී ඇති ඩිජිටල් තාක්ෂණයේ පිහිටෙන් තහඩුවක් මත ඇලවුණු නාම පුවරුවකි. එතැන කිසිදු රෝගියකු දක්නට නොලැබුණේ ඔවුන් පාරම්පරික කැඩුම්බිඳුම් සහිතව නොපැමිණි අය නිසා විය හැකිය. ඇත්ත වශයෙන්ම නාම පුවරුවේ සඳහන් විය යුත්තේ කැඬුම් බිඳුම්වලට පාරම්පරික වෙදකම් යනුවෙනි. නමුත් වෙද මහතා සොයන්නේ පාරම්පරික කැඩුම්බිඳුම් ඇති මිනිසුන් හා ගැහැනුන්ය.
මේ පටලැවිල්ල වෙද මහතා නොදැන සිටිනවා විය නොහැකිය. ඔහුට මේ වැරැද්ද නිවැරැදි කිරීමට විශාල මුදලක් වැය වෙයි. ඒ නිසා තිබෙන විදිහට තියෙන්න අරිනවා විය හැකිය. එහෙත් පුවරුව දකින කවුරුත් බලා ඉන්නවා ඇත්තෙ පාරම්පරික කැඩුමක් බිඳුමක් හමුවන තෙක්ය.වැරැදි අකුරු යෙදීම මෙන්ම වැරැදි යෙදුම්ද දක්නට ලැබිම අද සුලභය. තවත් වැරදි හා අනුචිත යෙදුම් බොහොමයක් වත්මන් නාම පුවරු දක්නට ලැබේ.සඳඑළිය කොන්ක්‍රීට්වර්ක්�� �්, මංජුල ඇඹරුම්හල, සෙනෙහස බැටරි වර්ක්ස්, අභූත නාම පුවරු කිහිපයකි. ඉංග්‍රීසි සහ සිංහල අකුරු මිශ්‍රකොට තැනු වචන යෙදු නාම පුවරු මෙන්ම පෝස්ටර්ද දක්නට ලැබේ. ආර්ථික විද්‍යාව ඔවුන් ලියන්නේ අතික විද්‍යාව ලෙසය. ර්චං එවැන්නකි.තවත් එක් කැඩුම් බිඳුම් වෙදමහතකු හමුවීමට යාමේදී ඔහු සිටින නිවසට හැරෙන මංසන්ධියේ ප්‍රදර්ශනය කෙරුණු දැව නාම පුවරුව කැඩී එල්ලා වැටෙමින් තිබුණේ එය යම් පොළොවට සම්බන්ධ කෙරුණු දැඩ දඬුවද කැඩී නැමී ගොසිනි.කැඩුම් බිඳුම් වෙද මහතාගේ කැඩුණු බිඳුණූ නාම පුවරුවට බෙහෙත් බඳින්නට ඉදිරිපත් විය යුත්තේද කැඩුම් බිඳුම් වෙද මහත්තයා දැයි එවෙලේ මට සිතිණි.