කඩ්ඩ..කඩුව හෙවත් English

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කඩ්ඩ..කඩුව හෙවත් English


    ලොව පුරා බිලියනයකට ආසන්න පිරිසක් මේ වන විට ලොව වටා ඉංග්‍රීසි භාවිතා කරනවා.. :P

    නමුත්........... :nerd:
    මැන්ඩලීන් හෙවත් චීන භාෂාව ලොව වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව වුවත් වර්තමානයේ දී ඉංග්‍රීසි ලොව නිලනොලත් ජාත්‍යන්තර භාෂාව බවට පත්වී තිබෙනවා.:yes:
    බ්‍රිතාන්‍ය කවුන්සිලයට අනුව වසර 2000 දී මිලියන 750ක පිරිසක් ඉංග්‍රීසි කතා කරනු ලබනවා..එලෙසම මිලියන 375 කට අධික පිරිසක් දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කරනවා.. :D

    ලොව ජාත්‍යන්තර භාෂාවක් ලෙසද විවිධ ජාතීන් අතර අදහස් හුවමාරුවට ප්‍රභලවම භාවිතා කරන භාෂාව ලෙසද වර්තමානයේ ඉංග්‍රීසී යොදා ගනු ලබනවා.. :yes:

    අපිත් කඩ්ඩ, කඩුව එක එක නම් කියලාකතා බහට.. ලියන්න කියවන්න ඉංග්‍රීසිය යොදා ගත්තට එහි අතීතය,භාෂාවේ ආරම්භය ගැන නම් දන්නේ නෑ.. :P:P

    අහම්බයෙන් “චාමිකයට“ ඒ ගැන හොයන්න සිදුවුන හින්දා ඒ ගැන ඉසව්ව කියවන අයටත් දැනගන්නත් එක්ක ලිපියක් දාන්න ඕන කියලා හිතුනා.. :rolleyes:
    Chamikawpblogspotcom6-39.jpg

    ගොඩාක් ගැඹුරට තොරතුරු නැතත් ඉංග්‍රීසියේ විකාශය කෙටියෙන් මෙහි දැක්වෙනවා.. :yes:

    වෙනදා වගේම තොරතුරුහා ජායාරූප සියල්ල අන්තර්ජාලයෙන් තමා සොයා ගත්තේ! ;)

    එහි ඉතිහාසය පටන් ගන්නේ ක්‍රි.පු.05 සියවසේ ඒ ඇන්ගල්[FONT=&quot] (Angle),සැක්සන්[FONT=&quot] (Saxons)[/FONT] හා ජුට්ස්[FONT=&quot] (Jutes)[/FONT] නම් වු ජර්මානු ග්‍රෝත්‍රයන් උතුරු මුහුද හරහා පැමිණෙමින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරීමත් එක්කයි. :nerd:
    [/FONT]
    ඔවුන් පැමිණි මුහුදු සීමාව අද හදුන්වන්නේ ඩෙන්මාර්කය හා උතුරු ජර්මනිය ලෙසයි. මේ ආක්‍රමණයත් එක්ක දේශිය සෙල්ටික් [FONT=&quot](Celtic ) නම් වු භාෂාවක් කතා කරමින් සිටි සෙල්ට් [FONT=&quot](Celts) [/FONT]බ්‍රිතාන්‍ය වැසියන්ව වර්තමානයේ වේල්සය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය ලෙස හදුන්වන උතුරු හා බටහිරට පලවා හරින්නට වුනා.:yes:[/FONT]
    Chamikawpblogspotcom4-48.jpg


    ජර්මනියේ ඇන්ගලන්ඩ් [FONT=&quot](Angle land) නැමැති ප්‍රදේශයෙන් පැමිණි ඇන්ගල්වරු[FONT=&quot](Angle)[/FONT] එංගලන්තය ලෙසත්
    [/FONT]​
    [FONT=&quot]Angle land --------[FONT=&quot]> Engla Land -------[/FONT]> [FONT=&quot]England[/FONT][/FONT][FONT=&quot]

    [/FONT]​
    ජර්මනියේදී තමන් භාවිත කල ඉංග්ලිස්ක් ([FONT=&quot]Englisc )යන්න වෙනස් වෙමින් ඉංග්‍රිලිෂ්[FONT=&quot] (English)[/FONT] වු බව සඳහන් වෙනවා..:P[/FONT]
    වර්තමාන ජර්මනියේ [FONT=&quot]Angeln නැමැති ප්‍ර දේශයක් පවතිනවා. :yes:[/FONT]

    මෙලෙස අද දක්වා පැමිණි ඉංග්‍රීසි කාල පරාසයන් පහකට බෙදා දක්වනවා..:yes:

    එනම් ක්‍රි.ව. 450 -1100 දක්වා පැරණි ඉංග්‍රීසි
    ආක්‍රමණික ග්‍රෝත්‍ර මීට සමාන භාෂාවක් කතා කලත් බ්‍රිතාන්‍ය යේදී එය තවත් දියුණු වෙමින් අප මේ හදුන්වන පැරණි ඉංග්‍රීසිය නිර්මාණය වී තිබුනා. :D

    එහේත් වර්තමාන ඉංග්‍රීසි මෙන් නොව එහි වචන ශබ්ද කිරීම හා පෙනුම බොහෝමත්ම වෙනස් කම් තිබුනා.. එහේත් වර්තමාන ඉංග්‍රීසියේ බොහෝ වචන පැමිණ තිබෙන්නේ මේ කියන පැරණි ඉංග්‍රීසියෙන්..:rolleyes:
    Chamikawpblogspotcom1-57.jpg

    උදාහරණයක් ලෙස [FONT=&quot]Water/Strong ආදිය දක්වන්න පුළුවන්..:yes:[/FONT]
    මේ වන විට විටනම් මේ පැරණී ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇතැයි පැවසෙන්නේ 1100 කටත් අඩු පිරිසකටයි.

    ක්‍රි.ව. 1100 -1500 - මධ්‍ය කාලීන ඉංග්‍රීසි
    1066 දී ප්‍රංශයේ විලියම් රජු බ්‍රිතාන්‍ය යටත් කර ගෙන එය පාලනය කිරීම ආරම්භ කරනවා.. :D
    Chamikawpblogspotcom5-43.jpg

    ඔහු නොමැන්ඩි හි ආදිපාදවරයා ලෙසද හදුන්වනවා..
    නොමැන්ඩි යනු වර්තමාන ප්‍රංශයේ කොටසකි. මේ ආක්‍රමණයත් එක්කම බ්‍රිතාන්‍යට පැමිණි නෝමන් වරු ප්‍රංශ භාවිතය ආරම්භ කල අතරම එය රාජ සභාවේත්,ව්‍යාපාරික කටයුතු වලත් මුලීක භාෂාව ලෙස යොදා ගන්නට වුනා. :D

    එහිදී බලතල සහිත උසස් පෙලපත් ප්‍රංශ භාෂාව කතා කිරීමට පටන් ගත් අතර පහත් ලෙස සැලකුණු සමාජය අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීම සිදුවුනා. :yes:
    Chamikawpblogspotcom2-53.jpg

    14 ශතවර්ෂයේදී නැවතත් බ්‍රිතාන්‍ය නිදහස් රාජ්‍යක් වීමත් සමඟ ඉංග්‍රීසි භාෂාව ඉස්මතු වු අතරම එයට ප්‍රංශ වචන රාශියක්ම එකතු වී තිබුනා...:D

    ක්‍රි.ව. 1500 -1800 - වර්තමාන ඉංග්‍රීසීයට පෙර
    16 වන ශත වර්ෂය ආරම්භයත් සමඟ ඉංග්‍රීසි භාෂාවේ උච්චාරණයේ නැත්නම් වචන කතාවේ වෙනස්කම් ගොඩක් ඇතිවුයේ බ්‍රිතාත්‍ය ලොව වටා විවිධ ජාතීන් හා සම්බන්ධ වීමත් සමඟයි.
    එලෙසම අලුත් වචන, උපමා රාශියක් භාෂාවට එකතු වුනා.. :yes:

    මුද්‍රණ කටයුතු සොයා ගැනීමත් එක්කම මෙකල තිබු ඉංග්‍රීසි භාෂාව හා ව්‍යාකරණ අක්ෂර යම් ස්ථීර තත්වයකට පත් වුයේ ඒවා මුද්‍රණයටත්, පොත පත් ලීවීමත් ආරම්භයත් එක්කයි.:D

    පොත් පත් වල අඩු මිල නිසා මිනිසුන් බොහෝම දෙනා කියවීමටත් ඒවා භාවිතා කිරීමටත් පෙලඹුනු අතර 1604 දි ප්‍රථම ශබ්ද කෝෂයද නිකුත් කරන ලදි. :D

    1800- සිට වර්තමාන ඉංග්‍රීසී
    වර්තමාන ඉංග්‍රීසීයට පෙර හා වර්තමාන ඉංග්‍රීසී අතර විශාලම වෙනස වන්නේ වචන මාලාවේ වෙනසයි.:oo:
    ඒ වර්තමාන දියුනුව සමඟම එක එක අංශ සඳහා වෙනම වචන මාලාවක්ද එකතු වීමයි.
    Chamikawpblogspotcom3-50.jpg

    (පරිගණක චචන, වෛද්‍ය ක්ෂේත්‍රය සදහා වන වචන) ආදීය. :rolleyes:

    එලෙසම ලොව වටා රටවල් ගණනාවක් බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට පත්වු නිසා එම රටවල භාෂාවන්ගේ වචනද වර්තමාන ඉංග්‍රීසීයට බෙහෙවින් එකතුවී තිබෙනවා.:D
    එලෙස එකතුවීමත් සමඟම ඉංග්‍රීසි භාෂාව ඇමරිකානු ඉංග්‍රීසී, ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසී,කැරිබියානු, ඉන්දියානු, දකුණු අප්‍රිකානු ලෙස වෙනත් නම් සමඟද හැදින්විම කරනු ලැබුවා. :D


    ඉංග්‍රීසියේ විකාශය ගැන දැනගන්න මේ යුටියුබ් විඩියෝ කොටස් වලිනුත් පුළුවන්...........

    ඉතුරිටික මේ පිටුවෙන් පිලිවෙලටම තියෙනවා... මෙතනින් යන්නකෝ.. :yes:
    වර්තමානයේ බොහෝමයක් වෙළඳ ව්‍යාපාර, බොහෝ වෛද්‍ය පොත්පත්, විදේශ සබඳතා වාගේම ලියනු ලබන නිවෙස්වල ලිපිනයන්ගෙන් 70% ලියනු කියනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර මේ ටයිප් කරන පරිගණකයත් බොහෝම විට ඉංග්‍රීසි භාෂාව සහිතව ක්‍රියාකරන ඒවායි.

    ඉතින් මේ දවස් වල නම් ඉංග්‍රීසී නැතුවම බෑ! :yes:

    මේ මොනවා වුනත් ඉස්කොලේ යද්දීනම් ඕක ඉගෙන ගන්න තිබුනේ මාර කම්මැලිකමක් නේ ! :rolleyes:

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]

     
    Last edited: