ඔය පැත්තේ ඩොලමයිට්, හුණුගල් වගේ සයිට් දැකල තියෙනවා.ඔය හරියේ නේද අර මොනවද මයිනින් සයිට් එකක් තියෙන්නේ
තව ඉස්සර සැහෙන්න බළල් දිවියෝ හිටියා. දැන් නම් අඩුයිලු.
අපි නොදැනම අපේ රටේ කොතරම් වෙනස්කම් වෙනවද.එකනේ
මේ වගේම ලෝකේෂන් එකක් තියෙන ජගත් වික්රමසිංහ රගපාන පුනරුප්පති කතාවක් බලලා තියෙනවා.මේ එතැනද කියලා ෂුවර් නැහැ...
PS:- එතන නෙමේ![]()
මට මතක නැනේ.
බෙල්වුඩ් මන් දැක්ක ඉතාම සුන්දර තැනක්. නුවරඑළිය, දියතලාව, වත්තේගමට පස්සේ සීතල වැඩියෙන්ම ඇගට දැනුන තැනක්.
මේක දැක්කම මේ කියමන මතක් උනා. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන එකම දේ නම් වෙනස්වීමය.
පවතින්න නම් හැඩගැසෙන්න ඕනේ.
හැබැයි ඒ වෙනස්වීම් වලින් වෙන්නේ ඉස්සරහට යනවට වඩා ආපස්සට යන එක නම් එතන ප්රශ්නයක් තියෙනවා. ඉස්සර මන් පොඩි කාලේ ගෙවල් පැත්තේ උදේට මීදුම තිබ්බා. වතුර එහෙම අල්න්න බෑ සීතලයි. සීතලම සීතල උදේ මීදුම අතරින් ඉර පායනකොට ඉබ්බා ඔලුව දානවා වගේ ඉරඑලිය යටට යනවා. උදේට ඉදල හිටලා වැලිමුවෝ එනවා මිදුලට. වත්තේ ඉත්තෑවෝ හාවෝ. රෑට ඌරො.
අපි ජපන් බයිසිකල් පැද්දට අපිට කලින් පරම්පරාව triumph, කුකුළා බැන්ටම් පැද්දා. එයාල ඒවා පදිනකොට ඊට කලින් පරම්පරාව matchless, velocette, harley davidson පැද්දා. දැන් අපි ආයේ hardly davidson (පුෂ් බයිසිකල්) පදිනව.
කොහොම උනත් බෙල්වුඩ් කඩල දැම්ම එක නම් අපරාදයක්.
------ Post added on Aug 30, 2022 at 10:26 PM
Last edited:
