නවගමුව දේවාලය ආසන්නයේ ප්‍රජා ශාලාවක කරාටේ පන්ති පවත්වාගෙන යන බොහොම ක්‍රියාශීලී ජවසම්පන්න තරුණයෙකි. ඔහු නමින් ගල්හේනගේ ධම්මික ප්‍රදීප් පෙරේරා විය.
හැඩිදැඩි සිරුරකට හිමිකම් කියූ මේ තරුණයා කරාටේ ක්‍රීඩාව ඉතාම භක්තියෙන් හැදැරූ අයෙකි. 90 දශකය මුල් කාල සීමාව වන විට නවගමුව ප්‍රදේශය පුරා කරාටේ ක්‍රීඩාව ඉතාම ජනප්‍රියව පැවතිණි. ප්‍රදේශයේ තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ධම්මිකගේ කරාටේ පන්තියට සහභාගි වූහ.
තම ගෝල බාලයන්ට කරාටේ ක්‍රීඩාව ක්‍රමානුකූලව ඉගැන්වීමට ඔහු හැම විටම උත්සාහ කළේය.
කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දුප්පත් පවුලක හැදී වැඩුණු ධම්මික බොහොම දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ජය ගැනීමට කළේ විශාල සටනකි. වැඩිපුර මුදල් හරි හම්බ කිරීම ධම්මිකගේ එකම සිහිනය විය.
ධම්මික කරාටේ ක්‍රීඩාවේ කළු පටි ශූරයෙකි. හත් අට දෙනකු සමග උවද එකවර සටන් කර ජය ගැනීමේ හැකියාවක් ඔහුට තිබිණි. මේ හැකියාව නිසාම ඔහු කඩුවෙල ප්‍රදේශයේම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටියේය. ධම්මික ප්‍රදීප් පෙරේරා "කරාටේ ධම්මික" ලෙස කඩුවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් වූයේ මේ කාල සීමාවේදීය.
කරාටේ ධම්මික
කඩුවෙල ප්‍රදේශයේ පාතාල ලෝකයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ වසන්තය. "කඩුවෙල වසන්ත" කියූ පමණින් පාතාල ලෝකයම හෙල්ලුම් කන චරිතයක් බවට ඔහු පත්ව සිටියේය.
කඩුවෙල වසන්ත (වම්පස පළමු පුද්ගලයා)
මත්කුඩු ජාවාරම, කුලී මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් වසන්ත මහා පරිමාණයෙන් මුදල් ඉපයුවේය.
කරාටේ ධම්මික කුඩා කල සිටම කඩුවෙල වසන්ත ඇසුරු කළේය. ධම්මික කරාටේ ශූරයකු වූ නිසා වසන්ත තුළද ඔහු කෙරෙහි තිබුණේ විශේෂත්වයකි.
වසර ගණනක් තිස්සේ කරාටේ පන්ති කළ ධම්මිකට ලැබුණේ ඉතාම සොච්චම් මුදලකි. මුදල් හම්බ කිරීමේ දැඩි ආශාවකින් සිටි ධම්මික කල කිරීමට පත්ව සිටියේය.
"වසන්ත අයියා කරාටේ පන්ති කරලා ඔලුව උස්සන්න හම්බ වෙන්නෙ නැහැ. අතට ගාණක් එන වැඩක් කරන්න ඕනේ."
ධම්මික සිය සමීපතම මිතුරා වූ වසන්තට කීවේය. ධම්මික බොහෝ අවස්ථාවලදී වියදමට මුදල් ඉල්ලා ගත්තේ කඩුවෙල වසන්තගෙන්ය.
ප්‍රදර්ශනාත්මක කරාටේ තරගාවලි සඳහා ඉදිරිපත්වීම ධම්මික පුරුද්දක් ලෙස කරගෙන ගියේය. ඒ සෑම තරගයකින්ම ජයග්‍රහණය කළේ ධම්මිකය. මේ කරාටේ තරගාවලි නැරඹීමට යැම කඩුවෙල වසන්ත කොයි මොහොතකවත් අමතක කළේ නැත.
"ධම්මිකයා අපේ ගමේ කොල්ලා ඌට සපෝර්ට් කරන්න ඕනේ."
කඩුවෙල වසන්ත සිය ගෝලබාලයන්ද සමග ත්‍රිරෝද රථවල නැඟී ධම්මික සහභාගි වන තරගාවලි නැරඹීමට ගියහ.
ධම්මිකගේ ඥති සොහොයුරියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කඩුවෙල වසන්ත පසුකලෙක ඇය විවාහ කර ගත්තේය. එය වසන්තගේ දෙවැනි කසාදය විය. ඥාති සොහොයුරිය විවාහ කර ගැනීමෙන් පසු ධම්මිකත් කඩුවෙල වසන්තත් තව තවත් සමීප වූහ.
"උඹ මගෙත් එක්ක හිටපං. මම උඹව ගොඩදාලා දෙන්නම්. උඹට ඕනෙ ඉක්මනින් පොහොසතෙක් වෙන්නනේ. අපි එකතුවෙලා වැඩ කරමු."
කඩුවෙල වසන්ත කරාටේ ධම්මිකට කීවේය. ධම්මික කරාටේ ක්‍රීඩාවට මෙන්ම අවි ආයුධ පරිහරණයට ද දැක්වූයේ උපන් හපන්කමකි. ඕනෑම ගිනි අවියකින් ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව ඔහු සතු විය.
කරාටේ ධම්මික ඉක්මනින් මුදල් ඉපයීමේ මාර්ග සොයන්න වූයේය. කඩුවෙල වසන්ත සමීපව ඇසුරු කිරීම නිසා ඔහුට පාතාල ලෝකයේද කිසියම් තැනක් ලැබී තිබිණි.
තම සගයන් දෙදෙනකු සමග එක්ව අතුරුගිරියේදී සිගරැට් වෑන් රථය කොල්ලකෑමට කරාටේ ධම්මික සැලසුම් කළේ හොර රහසේමය.
මංකොල්ලකෑම් කිරීම කඩුවෙල වසන්ත තදින්ම ප්‍රතික්ෂේප කළේය. තම කණ්ඩායමේ කිසිවකුටත් මංකොල්ලකෑමට ඔහු ඉඩ දුන්නේ නැත. කරාටේ ධම්මිකද ඒ බව හොඳින් දැන සිටියේය. ඒ නිසාම මේ මංකොල්ලය හොර රහසේ සිදුකිරීමට ඔහු හැම උත්සාහයක්ම දැරුවේය.
1992 වර්ෂයේ එක්තරා දිනෙක කරාටේ ධම්මික සිය සගයන් දෙදෙනකුද සමග යතුරුපැදියකින් ගොස් අතුරුගිරිය නගරයේදී සිගරැට් වෑන් රථය කොල්ලකෑවේය. මෙම සිද්ධිය වන විට අතුරුගිරිය පොලිසියේ කොස්තාපල් වරයකු වූ (994) අමරවංශ මහතා රාජකාරි කටයුත්තක් නිමකර පොලිසිය වෙත යමින් සිටියේය.
සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු සිගරැට් වෑන් රථය කොල්ලකනු දුටු අමරවංශ රාළහාමි සිය ගිනි අවියෙන් කොල්ලකරුවන්ට වෙඩි තැබුවේය. අනපේක්ෂිත ප්‍රහාරයෙන් කරාටේ ධම්මික අන්දමන්ද වූයේය. කරාටේ ධම්මික සිය ගිනි අවියෙන් පොලිස් නිලධාරියාට වෙඩි පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.
වෙඩි ප්‍රහාරවලින් කොස්තාපල් අමරවංශ මහතා මරුමුවට පත්විය. එහෙත් පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ධම්මික සමග සිටි සගයකුද බරපතළ තුවාල ලබා බිම වැටී සිටියේය.
තුවාල ලබා සිටි සිය සගයා අතහැර යැමෙන් කොල්ලකෑම පිළිබඳව සුලමුල හෙළිවන බව ධම්මික සිතුවේය. ඔහු රැගෙන යැමටද හැකියාවක් නැත. දෙවරක් නොසිතා ධම්මික තමන් සමග එකට සිට වෙඩි කෑ සගයාට පිට පිට වෙඩි තැබුවේය. තමන් සමග එකට සිටි සගයා මරා දැමීමට තරම් ඔහු තිරිසනකු බවට පත්විය.
රුපියල් ලක්ෂ ගණනක මුදල් කොල්ලකෑ ධම්මික යතුරුපැදියේ නැගී ඉගිල ගියේය. මේ මහා අපරාධය මුළු කඩුවෙල ප්‍රදේශය පුරාම ප්‍රචාරය වන්නට වැඩි වේලාවක් ගතවුණේ නැත. මේ පිළිබඳව සැලවීමෙන් කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝප වූවේය.
"යකෝ බලු වැඩ කරන්න එපා. මම උඹට හැමදාම කියනවා මංකොල්ලකන්න එපා කියලා. සල්ලි නැත්නම් මගෙන් ඉල්ලපන් ජරාවැඩ කරන්නෙ නැතිව."
කඩුවෙල වසන්ත ධම්මිකට බැන වැදුණේය. ධම්මික නිහඬව සියලු ඇනුම් බැනුම් ඉවසා සිටියේය. කඩුවෙල වසන්තගේ අවවාද අනුශාසනා කිසිවක් පිළිනොගත් ධම්මික තවත් මහා පරිමාණ මංකොල්ලයකට සැලසුම් සකස් කළේය.
කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රන් ආභරණ වෙළෙඳසලක් කොල්ලකෑමට කරාටේ ධම්මික ඇතුළු සගයන්ට හැකි විය.
මෙම කොල්ලකෑම්වලින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් කරාටේ ධම්මිකට උපයා ගැනීමට හැකිවිය. ධම්මිකගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව කඩුවෙල වසන්ත දැක්වූයේ දැඩි අප්රසාදයකි. වසන්ත කීපවරක්ම ධම්මිකට අනතුරු ඇඟවූයේය.
"උඹ ඔය කරන වැඩේ නතර කරපං. එහෙම නොවුණොත් මම නරක මිනිහා කියන්න එපා. කඩුවෙල චණ්ඩි දෙන්නෙක් ඉන්න බැහැ."
කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. වසන්තත් ධම්මිකත් අතර ඇතිවී තිබූ විරසක බව දෙගුණ තෙගුණ කිරීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකි. ඔහු කඩුවෙල ගල් චන්දරේ නම් විය. මොවුන් දෙදෙනාගේ විරසක වීම මහා ගැටුමක් දක්වා දුරදිග යැමට හේතු වූයේ ගල් චන්දරේගේ කේලාම් නිසාය.
යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම් වලින් සැරසී ගොස් මහා පරිමාණ කොල්ලකෑම් සිදුකිරීම ධම්මික ඇතුළු කල්ලිය ක්‍රියා කළේ වසන්තගෙන් එල්ල වූ තර්ජන ගර්ජන කිසිවක් ගණනකට නොගෙනය.
ඒ වන විට කරාටේ ධම්මික වෙනම පාතාල කල්ලියක් කඩුවෙල ප්‍රදේශයේ බිහිකරගෙන සිටියේය. ආමි රොෂාන් ධම්මිකගේ සමීපතම ගෝලයා විය. යුද හමුදාවෙන් පළා ආ සෙබළකු වූ ආමි රොෂාන් දක්ෂ වෙඩික්කරුවෙකි.
"හැමදාම වසන්තයට බයේ ඉන්න බැහැ. ඌව ඉවරයක් කරලා දාන්න ඕනේ."