කඩුවෙල_වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කඩුවෙල_වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

    කඩුවෙල වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්මික

    karate.jpg


    නවගමුව දේවාලය ආසන්නයේ ප්‍රජා ශාලාවක කරාටේ පන්ති පවත්වාගෙන යන බොහොම ක්‍රියාශීලී ජවසම්පන්න තරුණයෙකි. ඔහු නමින් ගල්හේනගේ ධම්මික ප්‍රදීප් පෙරේරා විය.

    හැඩිදැඩි සිරුරකට හිමිකම් කියූ මේ තරුණයා කරාටේ ක්‍රීඩාව ඉතාම භක්‌තියෙන් හැදැරූ අයෙකි. 90 දශකය මුල් කාල සීමාව වන විට නවගමුව ප්‍රදේශය පුරා කරාටේ ක්‍රීඩාව ඉතාම ජනප්‍රියව පැවතිණි. ප්‍රදේශයේ තරුණ තරුණියන් සෑහෙන පිරිසක්‌ ධම්මිකගේ කරාටේ පන්තියට සහභාගි වූහ.

    තම ගෝල බාලයන්ට කරාටේ ක්‍රීඩාව ක්‍රමානුකූලව ඉගැන්වීමට ඔහු හැම විටම උත්සාහ කළේය.

    කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දුප්පත් පවුලක හැදී වැඩුණු ධම්මික බොහොම දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ජය ගැනීමට කළේ විශාල සටනකි. වැඩිපුර මුදල් හරි හම්බ කිරීම ධම්මිකගේ එකම සිහිනය විය.

    ධම්මික කරාටේ ක්‍රීඩාවේ කළු පටි ශූරයෙකි. හත් අට දෙනකු සමග උවද එකවර සටන් කර ජය ගැනීමේ හැකියාවක්‌ ඔහුට තිබිණි. මේ හැකියාව නිසාම ඔහු කඩුවෙල ප්‍රදේශයේම ප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්ව සිටියේය. ධම්මික ප්‍රදීප් පෙරේරා "කරාටේ ධම්මික" ලෙස කඩුවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් වූයේ මේ කාල සීමාවේදීය.

    කඩුවෙල ප්‍රදේශයේ පාතාල ලෝකයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ වසන්තය. "කඩුවෙල වසන්ත" කියූ පමණින් පාතාල ලෝකයම හෙල්ලුම් කන චරිතයක්‌ බවට ඔහු පත්ව සිටියේය.

    මත්කුඩු ජාවාරම, කුලී මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් වසන්ත මහා පරිමාණයෙන් මුදල් ඉපයුවේය.

    කරාටේ ධම්මික කුඩා කල සිටම කඩුවෙල වසන්ත ඇසුරු කළේය. ධම්මික කරාටේ ශූරයකු වූ නිසා වසන්ත තුළද ඔහු කෙරෙහි තිබුණේ විශේෂත්වයකි.

    වසර ගණනක්‌ තිස්‌සේ කරාටේ පන්ති කළ ධම්මිකට ලැබුණේ ඉතාම සොච්චම් මුදලකි. මුදල් හම්බ කිරීමේ දැඩි ආශාවකින් සිටි ධම්මික කල කිරීමට පත්ව සිටියේය.

    "වසන්ත අයියා කරාටේ පන්ති කරලා ඔලුව උස්‌සන්න හම්බ වෙන්නෙ නැහැ. අතට ගාණක්‌ එන වැඩක්‌ කරන්න ඕනේ."

    ධම්මික සිය සමීපතම මිතුරා වූ වසන්තට කීවේය. ධම්මික බොහෝ අවස්‌ථාවලදී වියදමට මුදල් ඉල්ලා ගත්තේ කඩුවෙල වසන්තගෙන්ය.

    ප්‍රදර්ශනාත්මක කරාටේ තරගාවලි සඳහා ඉදිරිපත්වීම ධම්මික පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය. ඒ සෑම තරගයකින්ම ජයග්‍රහණය කළේ ධම්මිකය. මේ කරාටේ තරගාවලි නැරඹීමට යැම කඩුවෙල වසන්ත කොයි මොහොතකවත් අමතක කළේ නැත.

    "ධම්මිකයා අපේ ගමේ කොල්ලා ඌට සපෝර්ට්‌ කරන්න ඕනේ."

    කඩුවෙල වසන්ත සිය ගෝලබාලයන්ද සමග ත්‍රිරෝද රථවල නැඟී ධම්මික සහභාගි වන තරගාවලි නැරඹීමට ගියහ.

    ධම්මිකගේ ඥති සොහොයුරියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය කඩුවෙල වසන්ත පසුකලෙක ඇය විවාහ කර ගත්තේය. එය වසන්තගේ දෙවැනි කසාදය විය. ඥාති සොහොයුරිය විවාහ කර ගැනීමෙන් පසු ධම්මිකත් කඩුවෙල වසන්තත් තව තවත් සමීප වූහ.

    "උඹ මගෙත් එක්‌ක හිටපං. මම උඹව ගොඩදාලා දෙන්නම්. උඹට ඕනෙ ඉක්‌මනින් පොහොසතෙක්‌ වෙන්නනේ. අපි එකතුවෙලා වැඩ කරමු."

    කඩුවෙල වසන්ත කරාටේ ධම්මිකට කීවේය. ධම්මික කරාටේ ක්‍රීඩාවට මෙන්ම අවි ආයුධ පරිහරණයට ද දැක්‌වූයේ උපන් හපන්කමකි. ඕනෑම ගිනි අවියකින් ඉලක්‌කයට වෙඩි තැබීමේ හැකියාව ඔහු සතු විය.

    කරාටේ ධම්මික ඉක්‌මනින් මුදල් ඉපයීමේ මාර්ග සොයන්න වූයේය. කඩුවෙල වසන්ත සමීපව ඇසුරු කිරීම නිසා ඔහුට පාතාල ලෝකයේද කිසියම් තැනක්‌ ලැබී තිබිණි.

    තම සගයන් දෙදෙනකු සමග එක්‌ව අතුරුගිරියේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑමට කරාටේ ධම්මික සැලසුම් කළේ හොර රහසේමය.

    මංකොල්ලකෑම් කිරීම කඩුවෙල වසන්ත තදින්ම ප්‍රතික්‌ෂේප කළේය. තම කණ්‌ඩායමේ කිසිවකුටත් මංකොල්ලකෑමට ඔහු ඉඩ දුන්නේ නැත. කරාටේ ධම්මිකද ඒ බව හොඳින් දැන සිටියේය. ඒ නිසාම මේ මංකොල්ලය හොර රහසේ සිදුකිරීමට ඔහු හැම උත්සාහයක්‌ම දැරුවේය.

    1992 වර්ෂයේ එක්‌තරා දිනෙක කරාටේ ධම්මික සිය සගයන් දෙදෙනකුද සමග යතුරුපැදියකින් ගොස්‌ අතුරුගිරිය නගරයේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑවේය. මෙම සිද්ධිය වන විට අතුරුගිරිය පොලිසියේ කොස්‌තාපල් වරයකු වූ (994) අමරවංශ මහතා රාජකාරි කටයුත්තක්‌ නිමකර පොලිසිය වෙත යමින් සිටියේය.

    සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු සිගරැට්‌ වෑන් රථය කොල්ලකනු දුටු අමරවංශ රාළහාමි සිය ගිනි අවියෙන් කොල්ලකරුවන්ට වෙඩි තැබුවේය. අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් කරාටේ ධම්මික අන්දමන්ද වූයේය. කරාටේ ධම්මික සිය ගිනි අවියෙන් පොලිස්‌ නිලධාරියාට වෙඩි පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

    වෙඩි ප්‍රහාරවලින් කොස්‌තාපල් අමරවංශ මහතා මරුමුවට පත්විය. එහෙත් පොලිස්‌ නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ධම්මික සමග සිටි සගයකුද බරපතළ තුවාල ලබා බිම වැටී සිටියේය.

    තුවාල ලබා සිටි සිය සගයා අතහැර යැමෙන් කොල්ලකෑම පිළිබඳව සුලමුල හෙළිවන බව ධම්මික සිතුවේය. ඔහු රැගෙන යැමටද හැකියාවක්‌ නැත. දෙවරක්‌ නොසිතා ධම්මික තමන් සමග එකට සිට වෙඩි කෑ සගයාට පිට පිට වෙඩි තැබුවේය. තමන් සමග එකට සිටි සගයා මරා දැමීමට තරම් ඔහු තිරිසනකු බවට පත්විය.

    රුපියල් ලක්‍ෂ ගණනක මුදල් කොල්ලකෑ ධම්මික යතුරුපැදියේ නැගී ඉගිල ගියේය. මේ මහා අපරාධය මුළු කඩුවෙල ප්‍රදේශය පුරාම ප්‍රචාරය වන්නට වැඩි වේලාවක්‌ ගතවුණේ නැත. මේ පිළිබඳව සැලවීමෙන් කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝප වූවේය.

    "යකෝ බලු වැඩ කරන්න එපා. මම උඹට හැමදාම කියනවා මංකොල්ලකන්න එපා කියලා. සල්ලි නැත්නම් මගෙන් ඉල්ලපන් ජරාවැඩ කරන්නෙ නැතිව."

    කඩුවෙල වසන්ත ධම්මිකට බැන වැදුණේය. ධම්මික නිහඬව සියලු ඇනුම් බැනුම් ඉවසා සිටියේය. කඩුවෙල වසන්තගේ අවවාද අනුශාසනා කිසිවක්‌ පිළිනොගත් ධම්මික තවත් මහා පරිමාණ මංකොල්ලයකට සැලසුම් සකස්‌ කළේය.

    කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රන් ආභරණ වෙළෙඳසලක්‌ කොල්ලකෑමට කරාටේ ධම්මික ඇතුළු සගයන්ට හැකි විය.

    මෙම කොල්ලකෑම්වලින් රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ කරාටේ ධම්මිකට උපයා ගැනීමට හැකිවිය. ධම්මිකගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව කඩුවෙල වසන්ත දැක්‌වූයේ දැඩි අප්‍රසාදයකි. වසන්ත කීපවරක්‌ම ධම්මිකට අනතුරු ඇඟවූයේය.

    "උඹ ඔය කරන වැඩේ නතර කරපං. එහෙම නොවුණොත් මම නරක මිනිහා කියන්න එපා. කඩුවෙල චණ්‌ඩි දෙන්නෙක්‌ ඉන්න බැහැ."

    කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. වසන්තත් ධම්මිකත් අතර ඇතිවී තිබූ විරසක බව දෙගුණ තෙගුණ කිරීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකි. ඔහු කඩුවෙල ගල් චන්දරේ නම් විය. මොවුන් දෙදෙනාගේ විරසක වීම මහා ගැටුමක්‌ දක්‌වා දුරදිග යැමට හේතු වූයේ ගල් චන්දරේගේ කේලාම් නිසාය.

    යුද හමුදා සහ පොලිස්‌ නිල ඇඳුම් වලින් සැරසී ගොස්‌ මහා පරිමාණ කොල්ලකෑම් සිදුකිරීම ධම්මික ඇතුළු කල්ලිය ක්‍රියා කළේ වසන්තගෙන් එල්ල වූ තර්ජන ගර්ජන කිසිවක්‌ ගණනකට නොගෙනය.

    ඒ වන විට කරාටේ ධම්මික වෙනම පාතාල කල්ලියක්‌ කඩුවෙල ප්‍රදේශයේ බිහිකරගෙන සිටියේය. ආමි රොෂාන් ධම්මිකගේ සමීපතම ගෝලයා විය. යුද හමුදාවෙන් පළා ආ සෙබළකු වූ ආමි රොෂාන් දක්‍ෂ වෙඩික්‌කරුවෙකි.

    "හැමදාම වසන්තයට බයේ ඉන්න බැහැ. ඌව ඉවරයක්‌ කරලා දාන්න ඕනේ."

    2002 වර්ෂය වන විට කඩුවෙල ප්‍රදේශයේ පාතාල කිරුළ සඳහා ද්වන්ධ සටනක්‌ හටගෙන තිබිණි. තම සෙවනේ හැදී වැඩුණු ධම්මික තමන්ට අභියෝගයක්‌ වීම ගැන වසන්ත සිටියේ දැඩි වෛරයකිනි. ධම්මික ප්‍රසිද්ධියේම කඩුවෙල වසන්තට අභියෝග කළේය.

    අධිකරණ නියෝගයක්‌ මත කඩුවෙල වසන්ත සෑම සතියකම ඉරිදා දිනයේ නවගමුව පොලිසියේ පෙනී සිටිය යුතුවිය. කරාටේ ධම්මිකගේ ගෝල බාලයන් වසන්ත පරලොව යෑවීමේ සැලසුම් සකස්‌ කරමින් සිටියහ. ඔවුන් වසන්තගේ ගමන් බිමන් පිළිබඳව හොර රහසේම සොයා බලන්නට වූහ.

    2002 වර්ෂයේ මැයි මස 26 වැනි වෙසක්‌ පොහොය දින කඩුවෙල වසන්ත පොලිසිය ඉදිරියේ පෙනී සිටින බව ධම්මිකගේ ගෝලයන් සොයා ගත්තේය.

    ඔවුන් ඒ බව කරාටේ ධම්මිකට කීහ. එදින කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ සැලසුම කරාටේ ධම්මික ප්‍රමුඛ ගෝලබාලයන් විසින් සකස්‌ කරන්නට වූහ.

    "වසන්තත් එක්‌ක හැම වෙලාවෙම හත් අට දෙනෙක්‌ ඉන්නවා. උන් ආයුධ අරගෙන යන්නේ. ඒ නිසා වසන්තයට වැඩක්‌ දෙන එක බොහොම පරිස්‌සමට කරන්න ඕනේ."

    වසන්තගේ තරම හොඳින් දන්නා කරාටේ ධම්මික සිය ගෝලයන්ට කීවේය. ආමි රොෂාන් මොහොතක්‌ කල්පනා කළේය. වසන්තව විනාශ කිරීමේ පහසුම මාර්ගය කුමක්‌දැයි ඔවුන් සියලු දෙනා සිතන්නට වූහ.

    "අපි ආමි යුනිෆෝම් ගිහින් වසන්තව අතරමගදී උස්‌සමු. මිනිහා ආමි එකටයි පොලිසියටයි ඔළුව නවනවා. එහෙම ගියොත් කලබලයක්‌ නැතිව අපිට වසන්තව ඉවරයක්‌ කරලා දාන්න පුළුවන්."

    ආමි රොෂාන් කීවේය. ඔහුගේ අදහසට කව්රුත් එකඟ වූහ.

    "වසන්තගේ ගෲප් එකේ කට්‌ටිය අඳුනන්නේ නැති ටීම් එකක්‌ මේ වැඩේට දාන්න ඕනේ. එහෙම නොවුණොත් වසන්තලා කලබල කරන්න පුළුවන්. කොහේදී ඉස්‌සුවත් වසන්තයව මගේ දෙපතුළ ළඟට ගෙනල්ලා මරන්න ඕනේ."

    කරාටේ ධම්මික කීවේ දැඩි ස්‌වරූපයකිනි. ආමි රොෂාන් කඩුවෙල ප්‍රදේශයට ආගන්තුකයකු නිසා මෙම මෙහෙයුමට නායකත්වය දීමේ කාර්ය ඔහුට පැවරිණි. යුද හමුදාවෙන් පලා ආ සෙබළුන් පස්‌ දෙනකු මෙම මෙහෙයුමට එක්‌ වූහ.

    කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි, එස්‌. 84 වර්ගයේ අවි, පිස්‌තෝල ඇතුළු ස්‌වයංක්‍රීය ආයුධ රාශියක්‌ ලබා දීමට කරාටේ ධම්මික පියවර ගත්තේය.

    යුද හමුදා අංක තහඩු යෙදූ වෑන් රථයක්‌ද මේ සඳහා යොදා ගැනීමට සූදානම් කළේය. වෙසක්‌ පොහොය දින වසන්ත නවගමුව පොලිසිය හමුවේ පෙනී සිට ආපසු එද්දී අතරමගදී ඔහු පැහැර ගැනීමට සියලු සැලසුම් සකස්‌ කෙරිණි.

    පොලිසිය හමුවේ පෙනී සිටීමට යද්දී නිරායුධව යැම වසන්තගේ පුරුද්දක්‌ විය. 26 වැනිදා උදේවරුවේ වසන්ත සිය ගෝලබාලයන් කීප දෙනකු ද සමග නවගමුව පොලිසිය වෙත ගියේ හිතවතකුගේ බස්‌ රථයකින්ය.

    වෙසක්‌ පොහොය දින කඩුවෙල නගරයේ දන්සල් කීපයක්‌ වසන්තගේ අතින් විවෘත කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා වසන්ත කල්වේලා ඇතිව පැමිණෙන අදහසින් පොලිසියෙන් පිටත් වූවේය.

    කරාටේ ධම්මික සහ ඔහුගේ සහචරයන් තමන් එනතුරු මග රැකගෙන සිටින බව කඩුවෙල වසන්ත දැන සිටියේ නැත.

    මෙහෙයුමට නායකත්වය දුන් ආමි රොෂාන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ නිල ඇඳුමක්‌ ඇඳ සිටියේය. සෙසු සගයන් පස්‌ දෙනා යුද හමුදා ඇඳුම් ඇඟලාගෙන සිටියහ.

    කරාටේ ධම්මික වෙනත් වාහනයක නැගී නවගමුව බෝමිරිය ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක රැකවල්ලාගෙන සිටියේ ආමි රොෂාන් ඇතුළු සගයන් කඩුවෙල වසන්ත තම දෙපාමුලට ඇදගෙන එනතුරුය.

    ආමි රොෂාන් ඇතුළු පිරිස නවගමුව පොලිසියෙන් බෝමිරිය හන්දියත් අතර ස්‌ථානයක මාර්ග බාධකයක්‌ යොදවාගෙන කඩුවෙල වසන්ත එනතුරු බලා සිටියහ. වසන්ත පිටත්වෙන වේලාවල් පිළිබඳව සෙවීමට යොදවා සිටි ඔත්තුකරුගෙන් ආමි රොෂාන්ට ඇමතුමක්‌ ලැබිණි.

    "වසන්තය බස්‌ එකක එනවා. අපි උන්ව අතර මගදී බස්‌සවලා වෑන් එකට දාගමු. ආමි රොෂාන් සගයන්ට කීවේය."

    කඩුවෙල වසන්ත ඇතුළු සගයන් පස්‌ දෙනකු රැගත් බස්‌ රථය හමුදා ඇඳුමින් සැරසී සිටි ධම්මිකගේ ගෝලබාලයන් පිරිස නතර කළහ.

    පොලිස්‌ නිල ඇඳුමින් සැරසී සිටි ආමි රොෂාන් බස්‌ රථයට ගොඩ වූවේය.

    "උඹලා ළඟ ආයුධ තියෙනවා කියලා ඉන්ෆොමේෂන් එකක්‌ ආවා. අපිට චෙක්‌ කරන්න ඕනේ. බස්‌ එකෙන් බැහැපල්ලා."

    ආමි රොෂාන් කෑගැසුවේය.

    "අපි ළඟ ආයුධ නැහැ සර්. අපි නවගමුව පොලිසියට ගිහින් එනගමන් වසන්ත කීවේ ඇඟට පතට නොදැනෙන්නටය.

    "ඒකට කමක්‌ නැහැ උඹලා ආමි වෑන් එකට නැගපල්ලා. අපිට උඹලාගෙන් ප්‍රශ්න කරන්න තියෙනවා."

    ආමි රොෂාන් වසන්තට තර්ජනය කළේය. අණට කීකරු වූ වසන්ත ඇතුළු සගයන් පස්‌දෙනා හමුදා අංක තහඩු යෙදූ වෑන් රථයට ගොඩ වූහ.

    ඒ අතරතුර සිය ජංගම දුරකතන යෙන් කරාටේ ධම්මිකට ඇමතුමක්‌ ලබාගත් ආමි රොෂාන් වසන්ත ඇතුළු පිරිස රැගෙන එන බව කීවේය.

    "කලබල කරන්න දෙන්නෙ නැතිව වසන්තයව මගේ ළඟට ගේන්න. ඕකගේ ලොකුකම යන්න මගේ ඉස්‌සරහාපිටදීම පරලොව යවන්න ඕනේ." ධම්මික සිය සගයාට කීවේය.

    කඩුවෙල වසන්ත ඇතුළු පිරිස නංවාගත් වෑන් රථය පහළ බෝමිරිය දෙසට වේගයෙන් ධාවනය කරන්නට විය. හමුදා අංක යෙදූ වෑන් රථය පදවාගෙන ගියේ ධම්මිකගේ කිට්‌ටුවන්තම සගයෙකි. කඩුවෙල වසන්තගේ ගෝලයකු ධම්මිකගේ සගයා හඳුනාගත්තේය.

    "වසන්ත අයියා අපිට වැඩේ වැරදිලා වගෙයි. මුන් සේරම ධම්මිකයගෙ ගෝලයෝ. "තමන් පැහැරගෙන යන්නේ ධම්මිකගේ ගෝලබාලයන් බව දැනගත් කඩුවෙල වසන්ත කෝපාවිෂ්ඨ වූවේය. තොපිට පුළුවන්ද කඩුවෙලට ඇවිත් අපිට මේ වගේ දෙයක්‌ කරන්න. මම තොපිව ඉතුරු කරන්නේ නැහැ."

    කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන් ධම්මිකගේ සගයන් සමග පොර බදන්නට වූහ. සියලු සැලසුම් ව්‍යර්ථ වූ බව ආමි රොෂාන්ට පෙනී ගොස්‌ තිබිණි. තවදුරටත් වසන්ත ඇතුළු පිරිස වෑන් රථයේ රැගෙන යැම අවදානම් බව ඔහුට තේරුම් ගියේය.

    රොෂාන් එකවරම ටී 56 ගිනි අවිය කඩුවෙල වසන්ත ඇතුළු පිරිස වෙත එල්ල කරමින් පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

    මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් කඩුවෙල වසන්ත ඇතුළු සගයන් පස්‌ දෙනාම අවසන් ගමන් ගියහ. හතර අතට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෑන් රථයේ ඉන්ධන ටැංකියටද හානි සිදුවී තිබිණි. පහළ බෝමිරිය මේධානන්ද මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වූ වෑන් රථය එකවරම අතරමග නතර විය. ඉන්ධන ටැංකියට හානි වී ඉන්ධන ගලා යැම නිසා වෑන් රථය ඉදිරියට රැගෙන යැම දුෂ්කර වී තිබිණි.

    "දැන් වෙන කරන්න දෙයක්‌ නැහැ. වාහනේ මග දාලා අපි පනිමු." ආමි රොෂාන් සිය සගයන්ද සමග වෑන් රථය මේධානන්ද මාවතේ නතර කර දමා ඉන් පැන ගියහ.

    "ධම්මික අයියා වැඩේ වැරදුණා. වසන්තයා අතරමගදී කලබල කරන්න ගත්තා. අපි ඌට වෙඩි තිබ්බා."

    රොෂාන් සිය ප්‍රධානියාට සියල්ල දැනුම් දුන්නේය. කෙසේ හෝ වසන්ත පරලොව යැම ගැන ධම්මික සතුටු වූවේය. තමන් ඉදිරිපිටදී වසන්ත මරා දැමීමට නොහැකි වීම ගැන ඔහු තුළ ඇතිවූයේ පසුතැවිල්ලකි.

    වසන්ත ඇතුළු පිරිස මහ දවල් අමුඅමුවේම මරා දැමූ ධම්මික ඇතුළු සගයන් කෙළින්ම ගියේ බේරුවල ජර්මන් සුනිල්ගේ හෝටලය වෙතය. ජර්මන් සුනිල් කරාටේ ධම්මිකගේ සමීපතම මිතුරකු විය. තමන් මෙවැනි අපරාධයක්‌ සිදුකර පැමිණි බව සුනිල්ට නොකීමට ධම්මික ඇතුළු සගයන් වගබලා ගත්හ.

    එවකට බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව සිටියේ සිරිසේන හේරත් මහතාය. මෙම කෲර ඝාතනය කරාටේ ධම්මික ඇතුළු සගයන් විසින් සිදුකළ බව අනාවරණය කර ගැනීමට පොලිසියට වැඩි දවසක්‌ ගතවූයේ නැත.

    පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ධම්මික ඇතුළු සගයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

    ජර්මන් හෝටලයේ සැඟවී සිටි කරාටේ ධම්මික ඇතුළු සගයන් සියලු දෙනා අවි ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

    කරාටේ ධම්මික මුල්වරට බන්ධනාගාරගත වන්නේ මේ සිද්ධියෙන් පසුවය. මහා පරිමාණ මංකොල්ලකෑම්වලට ප්‍රසිද්ධියක්‌ ඉසිලූ කරාටේ ධම්මික පාතාල ලෝකයේ මහා කෙරම්කාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේද කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ සිද්ධියත් සමඟය.

    වැලිකඩ බන්ධනාගාරයේදී කරාටේ ධම්මිකට ලැබෙන්නේ විශේෂ වරප්‍රසාදයකි. ඒ වන විට පාතාල ලෝකයේ කිරුළු නොපලන් රජකුව සිටි කඩුවෙල වසන්ත ඝාතනය කිරීම නිසා ධම්මිකට අපරාධ ලෝකයේ ඉහළම තැනක්‌ ලැබී තිබිණි.

    අවි ආයුධවලින් පමණක්‌ නොව අතින් පයින් පවා ඕනෑම පුද්ගලයකු සමග සටන් කිරීමේ හැකියාවක්‌ තිබීම නිසා බන්ධනාගාරයේ චණ්‌ඩින්ද ධම්මිකට අතක්‌ එසවීමට ආවේ නැත.

    බන්ධනාගාරයේ සිටියදී පවා ධම්මික දෛනිකව සිය ව්‍යාපාර කටයුතුවල නිරත වූවේය. දිනපතාම පැය කීපයක්‌ යෝගී ව්‍යායාම් කිරීමද ධම්මික පුරුද්දක්‌ ලෙස කළේය.

    වසරකට ආසන්න කාලයක්‌ කරාටේ ධම්මික වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කෑවේය. ආමි රොෂාන් ඇතුළු සගයන්ද ඔහු සමග වූහ. පසුව ඇප මත මුදා හැරීමෙන් පසු කරාටේ ධම්මික කඩුවෙලට ආවේය.

    ධම්මික නැවත කඩුවෙලට එන්නේ පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු ලෙසය. කරාටේ ධම්මිකගේ නම කියූ පමණින් මුළු ප්‍රදේශයේම ජනතාව දැඩි ලෙස භීතියට පත්වූයේ මොහුගේ ඇති තිරිසන් ගති පැවතුම් නිසාය.

    සිත්පිත් නැති ආකාරයට මිනිසුන් මරා දැමීම ධම්මිකට බොහොම සුළු දෙයක්‌ බව කා අතරත් ප්‍රචලිතව තිබිණි. ඉන් උපරිම ප්‍රයෝජන ගත් කරාටේ ධම්මික කඩුවෙල, නවගමුව, බෝමිරිය, හංවැල්ල, පාදුක්‌ක ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත්තේය.

    කඩුවෙල නවගමුව ප්‍රදේශවල ගල් වළවල් වලින්ද ඔහු දෛනිකව කප්පම් මුදලක්‌ එකතු කළේය. ප්‍රදේශයේ පස්‌ කැපීමේ ව්‍යාපාරයද කරාටේ ධම්මික හරහා සිදුවිය.

    ඉඩමක්‌ විකුණන ඕනෑම පුද්ගලයකු ලැබෙන මුදලින් කොටසක්‌ කරාටේ ධම්මිකට ලබාදිය යුතුය. එසේ නොදුන්නොත් ඉඩම විකුණන පුද්ගලයාට සිදුවන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    බන්ධනාගාරයෙන් ඇපමත මුදා හැරීමෙන් පසු කඩුවෙලට පැමිණ ධම්මික අධිකරණයේ විභාග වූ නඩුවලට පෙනී සිටීමට කිසිදු දිනක ගියේ නැත. නඩුවලට ඉදිරිපත් නොවීම නිසා ධම්මිකට අධිකරණ වරෙන්තු නිකුත් කෙරිණි. එහෙත් කිසිම දිනක පොලිසියට ධම්මික අත්අඩංගුවට ගන්නවා තබා ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට නොහැකි විය. ඒ තරමටම ඔහු රහසිගත ජීවිතයක්‌ ගත කළේය.



    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මන්නා පිහි කල්ලිය තරුණයකුගේ දෑතම සිඳිති!

    dam.jpg


    කඩුවෙල වසන්ත සමඟ ද්වන්ධ සටනට මැදිව සිටි කාල සීමාවේ කරටේ ධම්මික කොළඹ එක්‌තරා ජනප්‍රිය දේශපාලනඥයකු ළඟින් ඇසුරු කළේය.

    ජනහිතකාමී දේශපාලනඥයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි මොහු එවකට පාතාල ලෝකයේ මහා කෙරුම් කාරයන් සියලු දෙනා සමඟද සම්බන්ධතා පැවැත්වූයේය. මේ කාලසීමාව වන විට ඒ දේශපාලනඥයා රජයේ බොහොම ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටියේය.

    ජනහිතකාමී දේශපාලනඥයාට තිබූ දේශපාලන බලය සහ ධන බලය නිසාම පාතාල අපරාධකරුවන් ඔහු වටා රොක්‌ව සිටියාය. ඒ වෙන කිසිවක්‌ නිසා නොව දේශපාලනඥයා හරහා තමන්ට රැකවරණයක්‌ ලබා ගැනීමටය. මෝදර ප්‍රදේශය සිය අණසක පත්කර ගෙන සිටි කිඹුලා ඇලේ ගුණා මෙන්ම බොරැල්ල ප්‍රදේශයේ සිය පාතාල ආධිපත්‍ය පතුරුවාගෙන සිටි ඕල්කොට්‌ මේ දේශපාලනඥයාගේ සමීපමතයන් වූහ. පාතාල ලෝකයේ තවත් කෙරුම්කාරයකු වූ ජිබෝයි ද මේ ජනප්‍රිය දේශපාලනඥයාගේ සෙවණේ රැකවරණය ලැබුවේය.

    වසර තුනක්‌ තිස්‌සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරබත්කමින් සිටි කරාටේ ධම්මික ඇපමත මුදාහැරීමෙන් පසු පිටතට එන්නේ 2005 වර්ෂයේදීය. කරාටේ ධම්මික බන්ධනාගාරයෙන් පිටවී එන බව ජනප්‍රිය දේශපාලනඥයා කලින්ම දැන සිටියේය.

    අධි සුඛෝපභෝගී පැජරෝ ජීප් රථ කීපයක්‌ පිරිවරාගෙන වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණි දේශපාලනඥයා කරාටේ ධම්මික හරසරින් පිළිගෙන ඔහුගේ බලකොටුව වෙත රැගෙන ගියේ රාජකීය ලීලාවෙන්ය. කරාටේ ධම්මිකගේ බිරිඳගේ උපන් ගම වූයේ වැලිකඩ කලපළුවාව ප්‍රදේශයයි. වසන්ත මරා දැමීමෙන් පසු කඩුවෙල පදිංචිය අතහැර දැමූ ධම්මික කලපළුවාව බුද්ගමුව අඹගහන්දිය ප්‍රදේශයේ සුවිසල් දෙමහල් මැදුරක්‌ ඉදි කළේය.

    කඩුවෙල නවගමුව ඇතුළු ප්‍රදේශ රැසක සිය පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියදී ඔහු ඒ ප්‍රදේශවල පදිංචියට ගියේ නැත. තම ආරක්‍ෂාව පිළිබඳව සුවිශේෂී ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ අනුගමනය කළ කරාටේ ධම්මික ඉතාම රහසිගත ජීවිතයක්‌ ගත කළේය.

    සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා කලපළුවාවේ පිහිටි සුවිසල් නිවසේ පදිංචි කල ධම්මික ඔවුන්ට අවශ්‍ය සියලු සැප සම්පත් ලබා දුන්නේය.

    දරුවන් දෙදෙනා ගියේ සුපිරි පාසල්වලටය. දරුවන් පාසල් රැගෙන යැමට සහ අනෙකුත් ගමන් බිමන් සඳහා සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ලබාදී තිබිණි. ඒ රථය පදවාගෙන දරුවන් පාසල් රැගෙන ගියේ ධම්මිකගේ බිරිඳය.

    බිරිඳ සහ දරුවන් බැලීමට ධම්මික නිවසට ආවේ ඉඳහිටය. එසේ නිවසට එන්නේ ද ඉතාම ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින්ය. සිය ඔත්තුකරුවන් කණ්‌ඩායමක්‌ කල්තියා කලපලුවාව ප්‍රදේශයට යවා දැඩි පරික්‍ෂාවට ලක්‌ කර අනතුරක්‌ නොමැතිනම් පමණක්‌ ඔහු සිය දරුවන් බැලීමට කලපලුවාවට ආවේය.

    කරාටේ ධම්මික හොර රහසේම කලපළුවාවේ නිවසට එන බව පොලිසියටද සැලවී තිබූ අතර අවස්‌ථා කීපයකදීම වැටලීම් කළද ඔහු සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ නැත.

    කඩුවෙල සමුල ඝාතනයෙන් පසු කරාටේ ධම්මික කිසියම් තැන්පත් දිවියක්‌ ගත කිරීමට උත්සහ කළේය. ඔහු ඩුබායි රටට ගොස්‌ වසර කීපයක්‌ එහි රැකියාව කළේද වෙනසක්‌ බලාපොරොත්තුවෙන්ය.

    එහෙත් දේශපාලනඥයන්ගෙන් ධම්මිකට ගැලවීමක්‌ ලැබුණේ නැත. තම අපරාධ අවශ්‍යතාවන් එක දෙක ධම්මික හරහා කරවා ගැනීමට දේශපාලනඥයන් උත්සාහ කළහ. විදේශගතව සිටි ධම්මික 2007 වර්ෂයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. පසුව ඔහු සුපුරුදු අපරාධ ලෝකයට යොමු වන්නේ ඇතැම් දේශපාලනඥයන්ගේ තිබු වැරදි නිසාය.

    මේ කාලසීමාව වනවිට පොලිසිය පාතාල අපරාධකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරමින් සිටියහ. ඒ වන විට රටේ සිටි නමගිය පාතාල නායකයන් රැසක්‌ම පොලිස්‌ වෙඩි ප්‍රහාරවලින් නොයෙන ගමන් ගොස්‌ සිටියහ.

    මේ තත්ත්වය උඩ කරටේ ධම්මිකට ද එල්ලවී තිබුණේ විශාල තර්ජනයකි. පාතාල කෙරුම්කාරයන්ගේ නම් ලැයිස්‌තුවල ඉහළින්ම කරාටේ ධම්මිකගේ නමද ලියෑවී තිබිණි.

    පොලිසියෙන් බේරිලා ඉන්න එකම ක්‍රමය හොඳ පවර්µqල් දේශපාලනඥයකුට හේත්තුවෙලා ඉන්න එක" කරාටේ ධම්මික සිය ගෝලබාලයන්ට නිතරම කීවේය. නේවි රුවන්, ආමි රොෂාන්, චෝචා, දෙමටගොඩ චමින්ද, ගලබඩ නොහොත් තත්පරකට්‌ට, ගයාන් ඇතුළු පාතාල සගයන් රැසක්‌ ඒ වනවිට කරාටේ ධම්මිකගේ කල්ලියට එක්‌ව සිටියහ.

    එහෙත් පසු කලෙක ආමි රොෂාන් වෙනම පාතාල කල්ලියක්‌ බිහිකරගෙන මතුගම ප්‍රදේශයට ගොස්‌ විවිධ අපරාධවල නිරත වූහ.

    මේ කාල සීමාව වනවිට දේශපාලන ලෝකයේ විවිධ හැල හැප්පීම් සිදුවෙමින් පැවතිණි. කාලයක්‌ තිස්‌සේ තම එකම රැකවලා ලෙස සිටි ජනහිතකාමී දේශපාලනඥයාගේ බලය ටිකෙන් ටික පිරිහෙමින් තිබිණි. ඔහුගේ දේශපාලන බලය මෙන්ම මුදල් ශක්‌තියද ටිකෙන් ටික දියාරුවෙද්දී පාතාල ලෝකයේ කෙරුම්කාරයන් ද එකාදෙන්නා ප්‍රබල දේශපාලනඥයන් සොයන්නට වූහ.

    ජනහිතකාමී දේශපාලනඥයාගේ බලය හීන වෙද්දී ඒ තැන ගැනීමට එන්නේ තවත් තරුණ කඩවසම් දේශපාලනඥයෙකි. පක්‍ෂ මාරුකරමින් විශාල ජනප්‍රියතාවක්‌ ද සමඟ දේශපාලන කරලියට එන තරුණ දේශපාලනඥයා මුල්කාලයේ මහජනතාවගේ ආදරය දිනාගෙන සිටියේය.

    කරාටේ ධම්මික, ඕල්කොට්‌, කටා රොෂාන් ඇතුළු පාතාල ලෝකයේ ඒ වනවිට ප්‍රබලයන්ව සිටි විශාල පිරිසක්‌ මේ තරුණ දේශපාලනඥයා වටා රොක්‌ වන්නේ ඔහු වෙත තිබු මහා දේශපාලන බලපුළුවන්කාරකම නිසාය.

    අතදිගහැර මුදල් වියදම් කිරීමේ හැකියාවක්‌ද ඔහු සතුවිය. තමා සමඟ කුළුපගවීමට එන සියලු පාතාල ප්‍රබලයන් තම දේශපාලන ගමන ඉදිරියට කරගෙන යැම සඳහා හවුල්කර ගැනීමට මේ තරුණ දේශපාලනඥයා කටයුතු කළේය. එමෙන්ම විවිධ ව්‍යාපාර සඳහා ද මේ අපරාධකරුවන්ගේ සහාය හොඳටම ලැබී තිබිණි.

    එහෙත් මේ අපරාධකරුවන් සමීප කර ගැනීම කිසියම් දිනක තමාටම පාරාවළල්ලක්‌ වනු ඇතැයි ඔහු කිසිවිටකත් නොසිතුවා විය හැක.

    මේ තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මික වෙත ලබාදී තිබුණේ සුවිශේෂී ස්‌ථානයකි. තමාට අවශ්‍ය ඕනෑම දෙයක්‌ මේ දේශපාලනඥයා මාර්ගයෙන් කරගැනීමට කරාටේ ධම්මිකට හැකි විය. ඇතැම් අවස්‌ථාවලදී මේ තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මිකගේ සුවච කීකරු ගෝලයකු ලෙසද ක්‍රියා කළේ මතුව තිබූ කිසියම් බිය පක්‍ෂපාතීකමත් නිසාය.

    මේ කාලසීමාව වනවිට කරාටේ ධම්මික විශාල ධනස්‌කන්ධයක්‌ උපයමින් සිටියේය. මහාපරිමාණයෙන් කප්පම් මුදලක්‌ එකතු කිරීම මත්කුඩු ජාවාරම ඉඩම් ගොඩ කිරීම මංකොල්ලකෑම් ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ විය. මේ ජාවාරම්වලින් ඔහු මාසිකව රුපියල් කෝටි ගණනක මුදලක්‌ ඉපයුවේය.

    සමහර ව්‍යාපාරිකයන්ගෙන් ධම්මික මාසිකව කප්පම් ලබා ගත්තේය. ඒ කප්පම් මුදල් ලබා ගැනීමට ගියේ ධම්මිකගේ බිරිඳය. නැත්නම් සමීපතම ගෝලයකු යෑවීමට ඔහු කටයුතු කළේය.

    කොළඹ හෝ අවට ප්‍රදේශවල වටිනා ඉඩමක්‌ විකිණීමට තිබුණොත් ඊට අත ගැසීම ධම්මිකගේ පුරුද්දක්‌ විය. ඒ ඉඩම විකුණා ලැබෙන මුදලින් කොටසක්‌ ධම්මිකට ගෙවිය යුතුය. එසේ නොකළොත් ඉඩම් හිමියාට සිදුවන්නේ ඊට ජීවිතයෙන් වන්දිගෙවීමටය.

    කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් වටිනා ඉඩමක්‌ අංගොඩ ප්‍රදේශයේ තිබිණි. ඉඩම් හිමි කාන්තාව ධම්මිකගේ බිරිඳගේ ඥතිවරියකි. මේ ඉඩමේ පවුල් හත අටක්‌ අනවසරයෙන් පදිංචිව සිටියහ. දීර්ඝකාලයක්‌ තිස්‌සේ ඔවුන් ඉඩමේ පදිංචිව සිsටීම සහ එම පදිංචිකරුවන් ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක්‌ වුනේ නැත.

    ඉඩම් හිමි කාන්තාව ධම්මිකගේ බිරිඳ මුණ ගැසී මේ ඉඩම් පලහිලව්ව ඇයට කිsව්වේ කිසියම් පිළිසරණක්‌ ලබා ගැනීමටය.

    මම ධම්මික අයියට කියන්නම්. එයාට පුළුවන් මේක විසඳලා දෙන්න. ධම්මිකගේ බිරිඳ කීවාය. 2009 වර්ෂයේ මුල්කාල සීමාවේ දිනක ඉඩම් හිමි කාන්තාව කරාටේ ධම්මික මුණ ගැසුණේ ඔහුගේ බිරිඳගේ මාර්ගයෙන්ය.

    ඉඩමේ ඉන්න කට්‌ටිය අයින් කරලා මේක හොඳ ගානකට විකුණලා දෙන්න. ලැබෙන මුදලින් කොටසක්‌ දෙනවා ඉඩම්හිමි කාන්තාව ධම්මිකට කීවාය.

    කරාටේ ධම්මික මේ ඉඩම් ආරවුලකට අතගසන්නේ එතැන් සිටය. ධම්මික සිය මිතුරන් කීපදෙනෙකුට මේ ඉඩම පිළිබඳව තොරතුරු කීවේය. ධම්මිකට හිතවත් ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවකු ඉඩම මිලදී ගැනීමට ඉදිරිපත් වූවේය.

    ඉඩමේ බලෙන් ඉන්නට අයට ගානක්‌ දීලා අපි මේක ක්‌ලියර් කරගමු. ධම්මික කොන්ත්‍රාත්කරුවාට කීවේය. ඉඩම් හිමි කාන්තාවට අත්තිකාරම් ලෙස මුලින් ලක්‍ෂ 50 ක මුදල් ගෙවීමට කොන්ත්‍රාත්කරුවා කටයුතු කළේ ධම්මිකගේ උපදෙස්‌ මතය.

    ඉඩම වසර ගණනක්‌ තිස්‌සේ බලා කියාගත් පුද්ගලයාටද රුපියල් ලක්‍ෂ 25 ක්‌ ලබා දුන්නේය. මේ සියලු ගනුදෙනු සිදුවෙද්දී අංගොඩ පිහිටි ඉඩමට තවත් අයිතිකරුවකු ඉදිරිපත් වූයේ කිසිවකු නොසිතූ මොහොතකය.

    නීතිඥවරයෙකු වූ ඒ හිමිකරු අධිකරණයේ නඩුවක්‌ ද පැවරුවේ ඉඩමේ අයිතිය ලබා ගැනීමටය. ඒ වන විට කොන්ත්‍රාත්කරු රුපියල් ලක්‍ෂ 75 ක්‌ ඉඩම වෙනුවෙන් ගෙවා තිබිණි.

    ඉඩම ආරවුල් සහිත වීම නිසා එය විකිණීමට නොහැකි විය. ඉඩම විකිණීමෙන් විශාල මුදලක්‌ තමන් සතුකර ගැනීමට ධම්මික මාන බලමින් සිටියේය. එහෙත් ඒ වනවිට එය ව්‍යර්ථ වී තිබිණි. කොන්ත්‍රාත්කරුට රුපියල් 75 ලක්‍ෂයද අහිමිවී තිබිණි.

    කරාටේ ධම්මික ඉඩම හිමිකාරියට කථා කර රුපියල් අසුලක්‍ෂයක්‌ ඉල්ලා සිටියේය. ඉඩම වෙනුවෙන් තමන් වෙහෙස මහන්සිවීම නිසා වහාම එය ලබාදෙන ලෙස දැනුම් දුන්නේය.

    කරාටේ ධම්මිකගේ නියෝගය හමුවේ ඉඩම් හිමිකාරිය දැඩි ලෙස අසරණ වූවාය. ඉඩම් හිමිකාරියට පුත්‍රයෝ දෙදෙනෙකු සහ දියණියක්‌ සිටිති. ඉඩම විකුණා ලැබෙන මුදල ඔවුන්ට බෙදා දීමට ඇය පොරොන්දු වී සිටියාය. එහෙත් ඉඩම් විකුණා දැමීමට නොහැකිවීමත් ධම්මික විශාල මුදලක්‌ ඉල්ලා සිටීමත් නිසා ඇය දැඩි අසීරුතාවකට පත්වූවාය.

    ඉඩම් හිමිකාරියගේ දරුවන් තිදෙනා පදිංචිව සිටියේ කඩුවෙල ප්‍රදේශයේය. කරාටේ ධම්මික සිය ගෝලබාලයන් යොදවා මේ පවුලේ සමාජිකයන්ට විවිධ හිංසා පීඩා කිරීමට පටන් ගත්තේය.

    ඉඩම් හිමිකාරියගේ බාලපුත්‍රයා කඩුවෙල වසන්තගේ කිට්‌ටුවන්තයකු ලෙස සිටි අයෙකි. වසන්ත ඝාතනය කිරීමත් සමඟම ඔහුද ඉතාම රහසිගත ජීවිතයත් ගත කිරීමට පුරුදුව සිටියේය.

    කරකියා ගත දෙයක්‌ නොමැතිව අසරණව සිටි ඉඩම්හිමි කාන්තාව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත ගොස්‌ මේ බව පැමිණිලි කළාය.

    එවකට එහි ස්‌ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩි. පී. අමරබන්ධු මහතාය. ඒ වන විටත් අමරබන්ධු මහතා කරාටේ ධම්මික අත්අඩංගුවට ගැනීමේ පරීක්‍ෂණ ක්‍රියාත්මක කරමින් සිටියේය.

    ඉඩම් ආරවුල පොලිසිය වෙත පැමිණිලි කළ බව සැලවීමත් සමඟම කරාටේ ධම්මික දැඩි ලෙස කෝප වූවේය.

    මම උඹලගෙ පවුල් පිටින් විනාශ කරනවා. මගෙත් එක්‌ක සෙල්ලං කරන්න එන්න එපා.

    ධම්මික ඉඩම්හිමි කාන්තාවට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කිරීමට පටන් ගත්තේය.

    ඉඩම්හිමි කාන්තාවත් ඇගේ පවුලේ සාමාජිකයන් පිළිබඳවත් ඔත්තු බැලීමට සිය ගෝලබාලයන් යෙදවීමට ධම්මික කටයුතු කළේ ඔවුන්ගෙන් පළිගැනීම සඳහාය.

    ඇතිවී තිබෙන තත්ත්වය ඉතාම බරපතළ බව අමරබන්දු මහතාට තේරුම් ගොසි තිබිණි. දේශපාලන බලපුළුවන්කාරකම් හමුවේ ඉතාම ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටි කරටේ ධම්මික කොයි මොහොතක හෝ මේ පවුල පිsටින් සමූල ඝාතනය කිරීමට ඉඩ ඇති බව පොලිසියට පෙනී ගොස්‌ තිබිණි.

    ඉඩම් හිමි කාන්තාව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත කැඳවූ අමරබන්ධු මහතා ඇයත් පවුලේ සාමාජිකයනුත් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කළේය.

    ඉඩම්හිමි කාන්තාවගේ මහ ගෙවල් තිබුණේ කොටදෙණියාව ප්‍රදේශයේය. ඇගේ පවුලේ සාමාජිකයන් 15 දෙනෙකු කොළඹ සිට කොටදෙණියායට රැගෙන ගිය පොලිස්‌ නිලධාරීන් ඔවුන් මහගෙදර නතර කිරීමට පියවර ගත්හ. ඊට අමතරව දිනපතාම පොලිස්‌ නිලධාරීන් සිවු දෙනා බැගින් ඔවුන්ගේ ආරක්‍ෂාවට යෙදවීමට අමරබන්දු මහතා කටයුතු කළේ ධම්මිකගේ තරම හොඳින් දන්නා නිසාය.

    ඒ අතරමග කරාටේ ධම්මික අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ද ආරම්භ කිරීමට අමරබන්ධු මහතා කටයුතු කළේය. කොතරම්ම ආරක්‍ෂිත වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කළද වැඩි දවසක්‌ ගතවන්නට පෙර ඉඩම්හිමි කාන්තාව සහ පවුලේ සාමාජිකයන් සැඟවී සිටින ස්‌ථානය සොයා ගැනීමට ධම්මිකට හැකි වූයේය.

    කරාටේ ධම්මික සිය ගෝල බාලයන් කීප දෙනෙකු යතුරු පැදිවලින් කොටදෙණියාව ප්‍රදේශයට යෑව්වේය. ඉඩම්හිමි කාන්තාව සහ පවුලේ සාමාජිකයන් පිළිබඳව සොයා බලා ඔවුන් සියලුදෙනා පරලොව යෑවීම ධම්මිකගේ අරමුණ විය.

    මාස 2 කට ආසන්න කාලයක්‌ පොලිස්‌ නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඉඩම්හිමි කාන්තාව සහ පවුලේ සාමාජිකයන් සැඟවී සිටියහ. ධම්මිකගෙන් එල්ලවී තිබූ තර්ජන නිසා ඔවුන් සියලු දෙනා දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටියහ. ජීවිතය කොයිමොහොතෙදැයි අවිනිශ්චිතයි.

    ""මේ වැඩේ හැමදාම කරන්න බැහැ. මම ධම්මිකට හොඳ පාඩමක්‌ උගන්වනවා. එක්‌කෝ ඌ ජීවත්වෙයි නැත්නම් මම ජීවත්වෙයි.

    කඩුවෙල වසන්ත සමඟ සම්බන්ධතා පැවැත්වූ ඉඩම්හිමි කාන්තාවගේ බාල පුත්‍රයා කිසියම් තීරණයකට එළඹියේය. ඔහු හොර රහසේම කඩුවෙල ප්‍රදේශයට පැමිණියේ කිසියම් සැලැසුමක්‌ ඇතිවය.

    වසන්තගේ ගෝලයන් සතුව ඇති ටී 56 ගිනි අවියක්‌ සොයා ගැනීම ඔහුගේ එකම අරමුණ විය. වැඩි දවසක්‌ ගත වන්නට පෙර මේ බව කරාටේ ධම්මිකගේ කනට වැකුණි.

    කරාටේ ධම්මික වහාම ක්‍රියාත්මක වූවේය. නුගේගොඩ මාදින්නාගොඩ ප්‍රදේශයේ සංවිධානාත්මක කල්ලියක්‌ වූහ. ඔවුන් සියලු අපරාධ කළේ මන්නාපිහි යොදාගෙනය. කොන්ත්‍රාත් ක්‍රමයට කපා කොටා ඝාතනය කිරීම අතපය කපා දැමීම වැනි ක්‍රියා සඳහා මේ කල්ලිය ප්‍රසිද්ධියක්‌ ඉසිලුවේය. මාදින්නාගොඩ මන්නාපිහි කල්ලිය ලෙස මේ පිරිස ප්‍රසිද්ධව සිටියහ.

    කරාටේ ධම්මික මේ කල්ලියට කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන්නේය. ඉඩම්හිමි කාරියගේ බාල පුත්‍රයා කපාකොටා ඝාතනය කිරීමට ධම්මිකගෙන් නියෝග ලැබිණි.

    ඒ වනවිට මොහු සිටියේ තලංගම තලාහේන ප්‍රදේශයේ නිවසකය. මන්නාපිහි කණ්‌ඩායම ත්‍රිරෝද රථයකින් තලාහේනට ගියහ. ඉඩම් හිමිකාරියගේ පුත්‍රයා නිවසින් පිටතට ආවේ වෙළඳසලකට යැමටය.

    ත්‍රිරෝද රථයෙන් පිටතට ආ මන්නාපිහි කල්ලිය මහපාරේදීම ඉඩම්හිමි කාරියගේ පුත්‍රයා මන්නාපිහිවලින් කැපූහ.

    තරුණයාගේ අත්දෙකම වෙන් වන තරමට කැපූ සාහසිකයන් ඔහුගේ හිස දෙපලු වන තරමටම මන්නාපිහි ප්‍රහාර එල්ල කළහ.

    තරුණයා මියගිය බව සිතූ සාහසිකයින් ආපසු ත්‍රීරෝද රථයෙන් පලා ගියහ. මේ සිද්ධිය සැලවූ වහාම එම ස්‌ථානයට ගිය පොලිසිය ලේ විලක්‌ මැද වැටී පනනල අදිමින් සිටි තරුණයා රෝහලට ගෙන යැමට කටයුතු කළේය.

    දැත් වෙන් වන තරමට එල්ල වී තිබු පිහි ප්‍රහාර ඉතාම දරුණු විය. පැය ගණනක්‌ තිස්‌සේ ශල්‍යකර්මවලින් පසු තරුණයාගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් සමත් වූහ.

    මේ ආකාරයේ කෲර අපරාධවලින් ධම්මිකගේ අපරාධ ගිණුම දිනෙන් දිනම වර්ධනය විය. ධම්මිකට ලැබී තිබූ දේශපාලන හයිය ඉතාම ශක්‌තිමත් එකකි. ඒ වන විට පාතාල ලෝකයේ ගෝර්ඩ් ෆාදර් ලෙස ජීවත්වූ කරාටේ ධම්මික කොයිම අවස්‌ථාවකදීත් ප්‍රසිද්ධ ස්‌ථානවල පෙනී සිටියේ නැත. ඔහු හැම විටම අනුගමනය කළේ පාතලේ ගෝර්ඩ් ෆාදර් අනුගමනය කළ න්‍යායයි.

    නාවල නිහාල් බොහෝ අපරාධ කළේ විවිධ පුද්ගලයන් යොදාගෙනය. පාතාල සාමාජිකයන් කෙටවීමෙන් තමන්ට අවශ්‍ය ඉලක්‌කය සපුරා ගැනීමට නාවල නිහාල් තරම් දක්‍ෂයකු නොවීය. කරාටේ ධම්මිකද බොහෝ විට මේ න්‍යාය අනුගමනය කළේ නීතියෙන් තමන් නිර්දොaෂී පුද්ගලයෙකු වීමටය.

    ඒ වන විට පොලිසිය සහ පොලිස්‌ විශේෂ බළකාය කරාටේ ධම්මික පසුපස ලුහුබඳිමින් සිටියහ. තරුණ දේශපාලනඥයා ධම්මික වෙනුවෙන් පෙනී සිටීමට හැකි හැම ක්‍රියාවක්‌ම කළේය.

    කරාටේ ධම්මික බේරා ගැනීමට ඔහු යන්නට පුළුවන් ඉහළම තැන්වලට පවා ගියේය.



    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    භාරත ඝාතනය ධම්මිකට පරාවළල්ලක්‌ වේ


    dammika1.jpg


    පසුගිය මහ මැතිවරණයේදී මේ තරුණ දේශපාලනඥයා කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කළේය. මොහු ජයග්‍රහණය කරවීම සඳහා කරාටේ ධම්මික ඇතුළු සගයන් දැඩි ලෙස වෙහෙස මහන්සි වූහ.

    කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ජයසිංහ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවකු විය. ජයසිංහගේ වැඩිමහල් සොහොයුරා කරාටේ ධම්මික අතින් මැරුම් කෑවේ 2002 වර්ෂයේදීය. කඩුවෙල වසන්ත ඝාතනය කළ අවස්‌ථාවේ සිටි සෙසු සාමාජිකයන් අතර ජයසිංහගේ අයියා විය.

    මේ සිද්ධිය නිසා ජයසිංහ සිටියේ කරාටේ ධම්මික කෙරෙහි දැඩි වෛරයකින්ය. කොයි මොහොතක හෝ ධම්මිකගෙන් පළිගන්නා බව ඔහු හැම විටම කීවේය. ඒ බව කරාටේ ධම්මිකටද සැලවී තිබිණි.

    තරුණ දේශපාලනඥයා කොළඹට තරග කරද්දී ජයසිංහද ඔහුට ආධාර කිරීමට ඉදිරිපත් වූයේය. පක්‍ෂය මාරු කළ ජයසිංහ තම සගයන් විශාල පිරිසක්‌ද සමඟ තරුණ දේශපාලනඥයාගේ සහායට එක්‌වූවේය. ජයසිංහ තරුණ දේශපාලනඥයාට කිට්‌ටුවීම කරාටේ ධම්මිකට එතරම් රිස්‌සුවේ නැත. ඔහු ජයසිංහට එරෙහිව මරණ වරෙන්තු නිකුත් කළේය. සිය ගෝලයන් දෙදෙනකු යොදාගෙන කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ජයසිංහට වෙඩි තබා ඝාතනය කරවීමට ධම්මික පියවර ගත්තේය.

    මේ ඝාතනයෙන් තරුණ දේශපාලනඥයාද අන්දුන් කුන්දුන් වූයේය. ඝාතනය පිටුපස කරාටේ ධම්මික සිටින බව දේශපාලනඥයා දැන සිටියේ නැත.

    ජයසිංහ ඝාතනය පිළිබඳ පරික්‍ෂණ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ආරම්භ කළේය.

    විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සති කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණවලින් පසු ජයසිංහට වෙඩි තිබූ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

    ඒ මිනීමරුවා වැලිගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ජයසිංහ මරා දැමූ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අපරාධ වැලක තොරතුරු අනාවරණය වන්නට විය.

    තමන් මේ ඝාතනය කළේ කරාටේ ධම්මිකගේ නියෝග මත බව ඝාතකයා පිළිගත්තේය. එමෙන්ම කරාටේ ධම්මික විසින් සැලසුම් කර තිබූ ඝාතන රැසක තොරතුරු ද මේ ඝාතකයාගෙන් හෙළිදරව් වූවේය. ඉන්පසු දේශපාලන පොරපිටිය පමණක්‌ නොව පාතාල ලෝකයද රත්විය.

    එවකට දේශපාලන ලෝකයේ බලකණුවක්‌ව සිටි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා ඝාතනය කිරීමට කරාටේ ධම්මික සැලසුම් කරගෙන සිටි බවට සියලු තොරතුරු ඒ වන විට හෙළිවී තිබිණි.

    මේ කාලසීමාව වන විට ධම්මික කලින් උපකාර කළ ජනහිතකාමී දේශපාලනඥයා සහ දේශපාලන කරලියට අලුතින් එක්‌වූ තරුණ දේශපාලනඥයා අතර බද්ද වෛරයක්‌ හටගෙන තිබිණි. පොලිසිය කරාටේ ධම්මික පසුපස ලුහුබඳින්නට වූහ. මේ කාලසීමාව වන විට පොලිස්‌ විශේෂ කාර්යබලකායේ සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්‌ඩායමක්‌ද පාතාල නායකයන් සොයා දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි.

    තරුණ දේශපාලනඥයාගේ රැකවරණය මැද සිටි පාතාල ලෝකයේ නොම්මර එකේ අපරාධකරුවකු වූ ඕල්කොට්‌ කොටුවන්නේ මේ කාල සීමාවේදීය. ඉතාම රහසිගතව සුපිරි ජීවිතයක්‌ ගත කරමින් සිටි ඕල්කොට්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් කුරුණෑගලදී අත්අඩංගුවට ගත්තේය.

    තරුණ දේශපාලනඥයාගේ ඉහමොල රත්විය. ඕල්කොට්‌ බේරා ගැනීමට ඔහු දස අතේ දිව්වේය. ඕල්කොට්‌ විසින් ඒ වනවිට කර තිබූ මිනීමැරුම් ප්‍රමාණය පමණක්‌ 50 කට ආසන්න වී තිබිණි. කෙසේ හෝ ඕල්කොට්‌ට පොලිස්‌ විශේෂකාර්ය බලකායෙන් ගැලවීමක්‌ ලැබුණේ නැතැ

    අන්තිමේදී ඕල්කොට්‌ට සිදුවූයේ තමන් සිදු කළ මහා අපරාධවලට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    ඔල්කොට්‌ මියයැමෙන් පසු කරාටේ ධම්මික තව තවත් ආරක්‍ෂාවීමට කටයුතු කළේ කොයි මොහොතක හෝ පොලිසිය තමන්ද කොටුකර ගන්නා බව ඉවෙන් දැන සිටි නිසාය.

    කරාටේ ධම්මික කොළඹ ප්‍රදේශය අතහැර දකුණු පළාතට පැන යන්නේ පොලිස්‌ ඇසට වැලිගසමින්ය සිය ජීවිතය බේරා ගැනීමේ අරමුණු ඇතිවය.

    කොළඹ නගරය අතහැර දැමූ කරාටේ ධම්මික ඉතාම කුප්‍රකට ජීවිතයක්‌ ගත කිරීම සඳහා ගාල්ල නෙළුව ප්‍රදේශයට ගියේය. ගාල්ල ප්‍රදේශයේ රජයේ ප්‍රබලම දේශපාලනඥයකුගේ බාල සොහොයුරා ධම්මිකගේ කිට්‌ටුතම මිතුරෙකි. ටික කලක්‌ රහසිගතව සිටීමට ධම්මික ඔහු සොයා ගියේය.

    "උඹ මගේ ළඟ ඉන්න එපා. පොලිසියයි එස්‌.ටී.එෆ් එකයි පිස්‌සු බල්ලො වගේ උඹව හොයනවා. මම උඹට හැංගිලා ඉන්න තැනක්‌ හොයලා දෙන්නම්."

    දේශපාලනඥයාගේ සොහොයුරා ධම්මිකට කීවේය. ධම්මිකට නවාතැන් ගැනීමට සූදානම් කර තිබුණේ නෙළුව ප්‍රදේශයේ එක්‌තරා විහාරස්‌ථානයකි. ධම්මික එහේ සිටියේ වෙනත් නමකින්ය. මේ පුද්ගලයා මුළු රටම හෙල්ලූ පාතාල නායකයකු බව විහාරාධිපති හිමියන් හෝ ගමේ කිසිවකුත් දැන සිටියේ නැත. වැඩි දවසක්‌ ගතවන්නට පෙර ධම්මික ප්‍රදේශවාසීන්ගේත් විහාරයේ ස්‌වාමීන්වහන්සේලාගේත් හොඳ හිතා දිනා ගත්තේය. කාලයක්‌ තිස්‌සේ යෝගී ව්‍යායාම්වල නිරතව සිටීම සහ සිත එකඟ කරගෙන භාවනා කිරීමේ හැකියාව ධම්මික සතු විය. විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුවන්ට සහ පිටස්‌තර පුද්ගලයන්ට භාවනා පංති කිරීමට ද ධම්මික කටයුතු කළේය.

    ධම්මික නිරතුරම දුරකථන මාර්ගයෙන් සිය බිරිඳට සහ දරුවන්ට ඇමතුම් ලබාගැනීමට අමතක කළේ නැත. ජංගම දුරකථන නිතර පාවිච්චිය පොලිස්‌ ඇස තමන් වෙත යොමු වීමට හේතුවනු ඇතැයි ධම්මික නොසිතුවා විය හැක. කරාටේ ධම්මික පසුපස ලුහුබඳිමින් සිටි පොලිසිය ජංගම දුරකථන අංක කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා ඔහු සිටින ඉසව්වන් පිළිබඳව තොරතුරු සොයා ගත්තේය. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ඕ. සී. අමරබන්ධු මහතා ඇතුළු නිලධාරීන් ගාල්ල නෙළුව ප්‍රදේශය පීරන්නට පටන් ගත්හ. තමන් සිටින ස්‌ථානය පිළිබඳව පොලිසියට ඉව වැටී ඇති බව ධම්මිකගේ ඔත්තුකරුවන් මාර්ගයෙන් කන වැකිණි. ඔහු වහාම නෙළුවේ පන්සල අතහැර දමා සිය සමීපතම තරුණ දේශපාලනඥයා සොයා ආවේය.

    "ධම්මික අයියා කිසිදේකට බය වෙන්න එපා. මම ඔයාව ආරක්‍ෂා කර ගන්නම්. ඔයාව ආරක්‍ෂා කර ගන්න යන්න ඕනෙ ඉහළම තැනටත් මම යනවා."

    තරුණ දේශපාලනඥයා සිය සමීපතම සගයාට කීවේය.

    මේ කාල සීමාව වනවිට තරුණ දේශපාලනඥයා පාතාල අපරාධකරුවන්ට රැකවරණය සලසන තවත් දේශපාලනඥයකු සමඟ දැඩි වෛරයකින් පසු වූවේය. ඒ දේශපාලනඥයාගේ පාතාල සගයන්ට තර්ජන එල්ල කිරීම සඳහා කරාටේ ධම්මික පාවිච්චි කිරීමට තරුණ දේශපාලනඥයා පියවර ගත්තේය. ඒ වනවිට කොළඹ පාතාලයේ ප්‍රබලයා බවට පත්ව සිටි ප්‍රින්ස්‌ කොලම්ස්‌ ද මරුමුවට පත්ව සිටියේය. පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ නාගරික මන්ත්‍රීවරයකු කොළඹ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ ගෙන සිටියේ මේ කාල සීමාවේය.

    තරුණ මන්ත්‍රීවරයා මේ නාගරික මන්ත්‍රීවරයා සමඟ කෝප වුණේය.

    "උඹට කොළඹ රජකරන්න දෙන්න බැහැ. පණට ආදරයක්‌ තියෙනවානම් මෙහෙන් පලයන්. නැත්නම් මම උඹව ඉතුරු කරන්නෙ නැහැ."

    තරුණ මන්ත්‍රීවරයා නාගරික මන්ත්‍රීවරයාට තර්ජනය කළේය. දේශපාලන හයිය මුදල් බලය ඇති තරුණ මන්ත්‍රීවරයා සමඟ ගැටුම් ඇතිකර ගැනීම සිය දිවි නසාගැනීමක්‌ වැනි බව නාගරික මන්ත්‍රීවරයා දැන සිටියේය.

    ඒ අතර කරාටේ ධම්මික සිය ගෝලබාලයන් යොදවා කුඩුවලට ප්‍රසිද්ධ නාගරික මන්ත්‍රීවරයාගේ පක්‍ෂ කාර්යාල ඇතුළු දේපොළ රැසකට පහරදී විනාශ කළේය. තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටියොත් තමන්ට මරණය අත්වනු ඒකාන්ත බව නාගරික මන්ත්‍රීවරයාට තේරුම් ගොස්‌ තිබිණි.

    දෙවරක්‌ නොසිතා ඔහු රට හැර එංගලන්තයට ගියේ තරුණ දේශපාලනඥයාගෙන් සහ කරාටේ ධම්මිකගෙන් එල්ල වී ඇති ජීවිත තර්ජන නිසාවෙනි.

    ඒ වන විට ශ්‍රී ලංකාවේ පාතාල ඉතිහාසයේ නම් දරා ගෙන සිටි මහා අපරාධකරුවන් අතුරින් ඉතිරිව සිටියේ කරාටේ ධම්මික පමණි.

    කිඹුලා ඇලේ ගුණා, තෙල්බාලා, රත්ගම නදුන් වැනි නම් දරූ ප්‍රබලයන් සියලු දෙනා ඒ වන විට දිවි ගලවා ගැනීම සඳහා රට හැර ගොස්‌ සිටියහ.

    පාතාලයේ ගෝර්ඩ් පාදර් ලෙස නම් දරා සිටි කරාටේ ධම්මික සිය ආරක්‍ෂාව තව තවත් තර කර ගත්තේය. කිසිම අවස්‌ථාවක මේ අපරාධකාරයො ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. බිරිඳ සහ දරුවන් හමුවූයේද කොළඹින් පිටත කොහේ හෝ රහසිගත ස්‌ථානයකදීය.

    තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මික ආරක්‍ෂා කර ගැනීමට නොගත් උත්සාහයක්‌ නැත. තරුණ දේශපාලනඥයා ධම්මිකට දැක්‌වූයේ හිතවත් කමකට වඩා බිය පක්‍ෂපාතී බවකි. ධම්මික කියන ඕනෑම දෙයක්‌ එක පයින් ක්‍රියාත්මක කිරීමට තරුණ දේශපාලනඥයා කටයුතු කළේ ඒ නිසාය.

    කොළඹට සහ තදාසන්න ප්‍රදේශවල පොලිස්‌ ප්‍රධානීන් කීප දෙනකුම පෞද්ගලිකව මුණ ගැසුණු තරුණ දේශපාලනඥයා ධම්මිකගේ ආරක්‍ෂාවට සහතිකයක්‌ ලබා ගත්තේය. ධම්මික සහ සගයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා තරුණ දේශපාලනඥයා පොලිසියේ ඉහළම පුටු සොයා ගියේය.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ඉමහත් කීර්තියක්‌ දිනාගෙන සිටි සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා (මහඔයදී ඉකුත්දා සිදුවූ ෙ€දනීය සිදුවීමෙන් මියගිය) කරාටේ ධම්මික සෙවීමට මෙහෙයුමක්‌ රහසිගතව ආරම්භ කර තිබිණි. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඉහළම පුටු නම්මාගත්ත ද සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතාගෙන් ධම්මිකට කිසිම ගැලවීමක්‌ නොලැබෙන බව තරුණ දේශපාලනඥයා හොඳින් දැන සිටියේය.

    මේ අතර තම කිට්‌ටුවන්තම සගයකු වූ "කටා රොෂාන්" නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියෙන් තරුණ දේශපාලනඥයා අන්දුන් කුන්දුන්ව සිටියේය.

    පාතාල ලෝකයේ තවත් නමගිය අපරාධකරුවකු වූ "කටා රොෂාන්" ඝාතනය තරුණ දේශපාලනඥයා වෙත එල්ල වූ මරුපහරක්‌ විය. කටා රොෂාන් ඝාතනයේ චෝදනාව කෙළින්ම එල්ල වූයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා සහ එහි නිලධාරීන් වෙතය.

    තරුණ දේශපාලනඥයා තමාට කිට්‌ටුවන්තම පොලිස්‌ නිලධාරියකු සොයා ගියේය. (මේ වන විට විශ්‍රාමික)

    බලන්න අංකල් මහ ජරාවැඩක්‌ කරලා තියෙන්නෙ. මාගේ දේශපාලන ජීවිතේම ඉවරයි. මේ මනුස්‌සයා මට කොච්චර උදව් කළාද? මේක කරපු අයට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕනෙ....

    තරුණ දේශපාලනඥයා දැඩි ආවේගයෙන් කතා කළේය. දේශපාලනඥයා සනසාලු පොලිස්‌ ලොක්‌කා වහාම පරීක්‍ෂණයක්‌ ආරම්භ කළේය. පාතාලයේ නමගිය අපරාධකරුවකු වූ කටා රොෂාන් ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට රහස්‌ පොලිසිය සහ තවත් පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යෙදවීමට පොලිස්‌ ලොක්‌කා පියවර ගත්තේය.

    රට වෙනුවෙන් අපරිමිත සේවයක්‌ කළ සහකාර පොලිස්‌ අධිකාරී සිසිර කුමාර මහතා දින තුනක්‌ තිස්‌සේ රහස්‌ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කළේ පාතාල නායකයකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු සෙවීමටය.

    තරුණ දේශපාලනඥයාගේ ඉල්ලීම මත පොලිස්‌ ලොක්‌කා විසින් සිසිර කුමාර මහතා වහාම අම්පාර මහඔය කඳවුර වෙත මාරුකර යෑව්වේය.

    සිසිර කුමාර මහතා අකල් මරණයකට ගොදුරු වූයේ මහඔය කඳවුරේ සේවය කරමින් සිටියදීය.

    සහකාර පොලිස්‌ අධිකාරිවරයා මරාදැමූ පුවත ඇසූ සැණින් තරුණ දේශපාලනඥයා කරාටේ ධම්මික ඇතුළු පාතාල සහචරයෝ ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. රතිඤ්ඤා පත්තු කරමින්ද සිය සතුට ප්‍රකාශ කළහ. ඉන් නොනැවතුණු කරාටේ ධම්මික සිය සහෝදරයා බඳු තරුණ දේශපාලනඥයා සමඟ එක්‌ වී සිසිර කුමාර මහතා ඝාතනය වීමේ සතුට වෙනුවෙන් විශාල සාදයක්‌ද පැවැත්වීමට කටයුතු කළේය. කරාටේ ධම්මිකගේ ආරක්‍ෂිත නිවස්‌නය පිහිටා තිබුණේ නුගේගොඩ පරණ කැස්‌බෑව පාරේ නිවසකය. තරුණ දේශපාලනඥයා සිය පක්‍ෂ කාර්යාලය පවත්වාගෙන ගියේද මේ නිවසේය. ඊට අමතරව රට පුරා ප්‍රදේශ කිහිපයකම කරාටේ ධම්මික ආරක්‍ෂිත නිවාස කීපයක්‌ම මිලදී ගෙන සිටියේ අවශ්‍ය අවස්‌ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහාය.

    රඹුක්‌කන වල්පොල ප්‍රදේශයේදී රුපියල් අට ලක්‍ෂයකට ඉඩමක්‌ සමඟ නිවසක්‌ මිලදී ගත් ධම්මික එය සිය සගයකු වූ අනුර සම්පත් නමැත්තාට භාර දුන්නේය. මේ නිවසේ කාන්තාවන් දෙදෙනෙක්‌ ද පදිංචිව සිටියහ. එක්‌ කාන්තාවක්‌ ධම්මිකගේ අනියම් බිරිඳකි. අනුර සම්පත් නමැත්තාද නවාතැන් ගෙන සිටියේ මේ නිවසේය.

    කරාටේ ධම්මික මාසයකට දෙකකට වතාවක්‌ හොර රහසේම රඹුක්‌කන වල්පොල පිහිටි නිවසට ගොස්‌ නිදහසේ දින කීපයක්‌ එහි ගත කර ඒමට පුරුදුව සිටියේය. මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් විය. කොළොන්නාව නගර සභාවේ අපේක්‍ෂකයකු ලෙස තම පුංචි අම්මාගේ පුත්‍රයා ඉදිරිපත් කිරීමට කරාටේ ධම්මිකට අවශ්‍ය විය.

    කොළොන්නාව සංවිධායක වූ දුමින්ද සිල්වා මහතාට සිය අදහස ධම්මික ඉදිරිපත් කළේය.

    "මූ .... අපේ එකා. කොහොම හරි කොළොන්නාව නගරාධිපති කරන්න ඕනෙ."

    ධම්මිකගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. ධම්මිකගේ ඥති සොහොයුරා කොළොන්නාව නගර සභාවේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කළා පමණක්‌ නොව ඔහු නගරාධිපති කරවීමට අවශ්‍ය සහාය ලබා දීමටත් දුමින්ද සිල්වා පොරොන්දු වූවේය.

    ඒ වන විට කොළොන්නාව තනිකරම කුඩු පුරයක්‌ බවට පත්ව තිබිණි. පාතාල අපරාධකරුවන්ගේ පාරාදීසයක්‌ ලෙසද කොළොන්නාව ප්‍රසිද්ධ විය.

    මේ පාතාල ක්‍රියා සහ මත්කුඩු ජාවාරම් වලට එරෙහිව හිටපු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා නැගී සිටියේය. කොළොන්නාවේ නගරාධිපති කිරීමට ප්‍රසන්න සෝලංගආරච්චි මහතාට සහාය වීමට භාරත ලක්‍ෂ්මන් ඉදිරිපත් වූවේය. භාරතත් දුමින්දත් අතර ගැටුම් හට ගත්තේ එතැන සිටය. කාලයක්‌ තිස්‌සේ මොවුන් දෙදෙනා විරසකව සිටියද එළිපිටම ඔවුන් සටනට බැස්‌සේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සමයේදීය.

    විරුද්ධ පාක්‍ෂිකයන් මෙන්ම සෝලංගආරච්චි මහතාට පක්‍ෂ පුද්ගලයන්ද හිංසාවට ලක්‌ කිරීම ඔවුන්ගේ ඡන්ද වැළැක්‌වීම වැනි කාර්ය සියල්ල භාර ගෙන තිබුණේ කරාටේ ධම්මිකය. ඔහු සිය ගෝලබාලයන් යොදවා කොළොන්නාවේ යූ. එන්. පී. පාක්‍ෂිකයන්ට පුළුවන් තරම් හිරිහැර කළේය. ඉන් නොනැවතුණු ධම්මික සෝලංගආරච්චිට සහාය දෙන පුද්ගලයන්ට ඔවුන්ගේ පක්‍ෂ කාර්යාලවලට පහර දුන්නේය.

    නගර සභා මැතිවරණයට දින කීපයකට පෙර තලංගම ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක්‌ වෙත කඩාවැදුණු කරාටේ ධම්මිකගේ ගෝලබාලයන් එහි බලෙන් ඇතුළුවීමට උත්සාහ කළහ. ඒ වන විට රාත්‍රී සමාජශාලාව අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා වසා දමා තිබිණි. එහෙත් සිය පාතාල බලය පාවිච්චි කළ මැරයන් එහි ඇතුළුවීමට උත්සාහ කළ ද හිමිකරුවන් ඊට ඉඩ දුන්නේ නැත. අන්තිමේදී ධම්මිකගේ ගෝලබාලයන් රාත්‍රී සමාජ ශාලාව වෙත වෙඩි වරුසාවක්‌ එල්ල කර නගර සභා අපේක්‍ෂක සෝලංගආරච්චි මහතාගේ නිවස අසලට ගියහ.

    ඒ වන විට සෝලංගආරච්චි මහතා නිවසේ සිටියේ නැත. ධම්මිකගේ මැරයන් සෝලංගආරච්චි මහතාගේ නිවස සහ ඒ අවට ප්‍රදේශයට වෙඩි පිට වෙඩි තබන්නට වූහ. මුළු ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගොස්‌ සිටියහ. කොළොන්නාව ප්‍රදේශය යුද්ධයට මැදි වූ නගරයක්‌ මෙන් විය. කරාටේ ධම්මිකගේ පාතාල කල්ලිය මුළු කොළොන්නාව පුරාම දැඩි භීතියක්‌ පතුරුවා තිබිණි. කරාටේ ධම්මික මේ සියලු ක්‍රියාවන් කළේ සෝලංගආරච්චි නගරාධිපති වීම නවතා සිය ඥති සොහොයුරාට ඒ ස්‌ථානය ලබාදීමටය.

    නගර සභා මැතිවරණයට පෙර දින එනම් ඔක්‌තෝබර් 7 වැනිදා රාත්‍රී කොළොන්නාව ප්‍රදේශයේ මිනිස්‌ ඝාතනයක්‌ සිදුවිය. ඝාතනයට ලක්‌ වූයේ දුමින්ද සිල්වාගේ ආධාරකරුවෙකි. යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයාට වෙඩි තබා පලා ගියහ.

    මේ ඝාතනයෙන් දුමින්ද සිල්වා දැඩි ලෙස උරණ වූවේය. කරාටේ ධම්මික ද සිටියේ දැඩි කෝපයකින්ය. තරුණයා ඝාතනය කළේ භාරත ලක්‍ෂ්මන් මහතාගේ පාර්ශ්වයේ පිරිසක්‌ විසින් බවට ප්‍රචාරයක්‌ ද පැතිර ගොස්‌ තිබිණි. පළාත් පාලන මැතිවරණය පැවති දින මුල්ලේරියාවේ සිදුවූ ෙ€දවාචකයට මුල් වූයේ කරාටේ ධම්මිකගේ මේ ඡන්ද සටනය. එසේ නොවන්නට භාරත ලක්‍ෂ්මන් මහතා ද අද ජීවතුන් අතර සිටියි. භාරත මහතා සමඟ සිට ජීවිතයෙන් සමුගත් අහිංසකයන් සිව් දෙනාද තවමත් ජීවතුන් අතරය.

    භාරත ඝාතනයෙන් දුමින්ද සිල්වා බරපතළ තුවාල ලැබීමත් තමන්ට පාරාවළල්ලක්‌ වනු ඇතැයි ධම්මික කීප විටක්‌ නොසිතුවා විය හැක.

    භාරත මහතාට වෙඩි තැබුවේද කරාටේ ධම්මිකගේ ළඟම ගෝලයන් වූ දෙමටගොඩ චමින්ද තත්පර කට්‌ටා යන පාතාල සගයන් බව පරීක්‍ෂණවලින් පවා හෙළි විය. මුල්ලේරියාවේ සිද්ධියෙන් පසු දැඩි ලෙස අපහසුතාවට පත් වූයේ කරාටේ ධම්මිකය. කොයි මොහොතක හෝ ආරක්‍ෂක අංශ තමන් පසුපස එන බව ධම්මික හොඳාකාරවම දැන සිටියේය. තම එකම ආරක්‍ෂකයාටද තමන්ට පිහිට විය නොහැකි මොහොතක නොසිතූ මොහොතක සිදුවූ විනාශයකින් අන්දමන්දව සිටි කරාටේ ධම්මික කෙළින්ම ගියේ රඹුක්‌කන වල්පොල පිහිටි තම ආරක්‍ෂිත නිවස්‌නය වෙතය.

    අධිසුඛෝපභෝගී ජීප් රථයෙන් පැමිණි ධම්මික දින කීපයක්‌ තිස්‌සේ රඹුක්‌කන නිවසේ ඉතාම රහසිගත ලෙස නවාතැන් ගෙන සිටියේය.

    එහෙත් අපරාධකාරයාගේ ජීවිතය කෙටිය. කළ අපරාධ වලට වන්දි ගෙවිය යුතු කාලය එළැඹ තිබිණි.

    ඔක්‌තෝබර් 22 වැනිදා උදේ 6.00 ට පමණ සුදු පැහැති වෑන් රථයක්‌ ධම්මික නවාතැන්ගෙන සිටි රඹුක්‌කන වල්පොල නිවසට කඩා වැදුනේය. ටී 56 අවි අවිවලින් සන්නද්ධව සිටි 12 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ නිවසට කඩා පැන්නහ.

    පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකුව සිටි කරාටේ ධම්මිකගේ බෙල්ලෙන් අල්ලාගත් සන්නද්ධ පිරිස ඔහු ඇදගෙන ගොස්‌ වෑන් රථයට දමා ගත්හ. මිනීමැරුම් තිස්‌ ගණනකට වගකිවයුතු මේ පාතාල නරුමයා පිළිබඳ අද වනතුරුත් කිසිදු හෝඩුවාවක්‌ නැත. මුල්ලේරියාවේ සිද්ධිය නොවන්නට කරාටේ ධම්මික නමැති චරිතය අදටත් පාතාල ලෝකයේ වැජඹෙන චරිතයක්‌ වනු නොඅනුමානය.




    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
    gun-shooting.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked: මචන් නිකන් හරියට හින්දි ෆිල්ම් එකක් වගේ..අපි ජීවත් වෙන පරිසරෙයෙත් මෙහෙම සීන් වෙන බව දැනගත්තම සිරාවටම හොල්මන් බන්:shocked::shocked:
     
    • Like
    Reactions: and
  • Jun 30, 2011
    31
    5
    8
    යකෝ... බලන් යද්දි වසන්තයා ටිකක් හරි හොඳයිනේ...:angry::angry::angry::angry: අර තරුණ මන්ත්‍රීන් දෙන්නගේ නම් දෙක කියන්න පුලුවන්නම් එල.....:confused::confused::confused::confused: අපරදේ මූට වද දීලා මරන්න තිබ්බේ.. කවුද දන්නේ, මේකා හොරෙන්ම මහරජා එක්ක සෙට්වෙලාද දන්නෙත් නෑ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: and