කඩේක විකුණන මස් ත්‍රිකෝටික පාරිශුද්ධ ද..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩේක විකුණනන්ඩ තියෙන මස් හරි මාලු හරි ඒව මිලදී ගන්න කෙනා උදෙසා නෙමේ මරල තියෙන්නෙ කියල සැකයකින් තොරව ගන්ඩ පුලුහන්ද....ඒ කියන්නෙ මාංශ වල ත්‍රිකෝටික පාරිශුද්ධියේ 3 වෙනි කොටසෙ 3 වෙනි අවස්ථාවට අදාල නෑ කියල, අපරිසංකිත පාරිශුද්ධියේ,තදාභය විමුක්‌ත පරිසංකිතං කියන කොටසට අදාල වෙන්නෑ කියල.........තව බුදු හාමුදුරුවෝ මේ වගේ කඩේකින් අරන් හරි දායකයෙක් පිළිගන්වපු මස් මාංසයක් පිළිගත්ත අවස්ථා තියෙනවද....නැත්තන් රහතන් වහන්සේලා ඒ වගේ මස් මාංශ පිළිගත්ත අවස්ථාවක් හරි බුදු හාමුදුරුවෝ එහෙම පිළිගත්ත එකක් අනුමත කරපු තැනක් හරි..

    මරණව දැක්කෙ නැත්නම්,මරණව ඇහුනෙත් නැත්නම්,තමන් වෙනුවෙන් ඒ අදාල දානය වෙනුවෙන්ම සතා මැරුව කියල සැකයකුත් නැත්නම් ඒ දානය වැලදීම වරදක් නෙවෙයි කියලයි බුදුහාමුදුරුවො දේශණා කරල තියෙන්නෙ..දානය බෙදනකොට ඕනිම හාමුදුරුවො කෙනෙක්ට මස් බෙදන එක අතෙන් වලක්වන්ඩත් පුලුවන්නෙ..(ජීවක සුත්‍රය මතක හැටියට) :)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තෑන්ක්ස් කට්ටියටම, උත්තරයක් හම්බුණා....බුදු හාමුදුරුවෝ කඩෙන් ගෙනල්ල උයල පිළිගන්වපු මස් වළඳලා තියෙනවා...සීහසේනාපති සූත්‍රෙ තියෙන්නෙ මේ ගැන.....
    එතන පවත්ත මාංශ (කඩෙන් ගෙනාපු මස් ) සීහ සේනාපති බුදු හාමුදුරුවන්ට පිළිගන්වල,උන්වහන්සෙ වැළඳුවා කියල තියෙනව........පල්ලෙහා ලින්ක් වල ඕන්නන් වැඩි විස්තර ඇති බලන්ඩ......

    සීහසේනාපති සූත්‍රය
    http://www.divaina.com/2010/11/05/feature03.html