කඩොල් ඇත් රජු

chanaka

Well-known member
  • May 4, 2006
    3,231
    826
    113

    කඩොල් ඇත් රජු​


    මාගම් පුරවරයේ තොටු විල් ඉවුරේ (වර්තමාන රැකව කලපුව) පඳුරු අතරෙහි සිටින ඇත් පැටකු දුටු කණ්ඩුල නමැති මාළු මරන්නෙක් එවෙලෙහි ම කාවන්තිස්ස රජු හට දැනුම් දුන්නේය. රජු වහාම ඇත් පැටවා රෑගෙන එන ලෙස ඇත්ගොවුවන් අණ කරේය ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිට ඇත් පැටවා අල්ලාගෙන මාලිගාවට ගෙන්වා පෝෂණය කළේය. කණ්ඩුල නමැති තැනැත්තා මොහුව පළමුවෙන් දුටු නිසා ඒ ඇත් පැටියාට ‘කණ්ඩුල’ යන නම තැබීය.

    Gemini_Generated_Image_21oh5n21oh5n21oh (1).jpg

    එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක් වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී එළාර රජුගෙන් රට මුදාගැනීමට සේනා රැස් කරන්නට විය. එම කාලයේ දී කාවන්තිස්ස මරණයට පත්විය. සහෝදර තිස්ස කුමරු පිය රජුගේ ඇවෑමෙන් කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි කරගත්තේය. තම සොයුරාට බියෙන් මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගාවැවට ගිය බව දැනගත් ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහොදරයාට හසුන් යැවුවද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින්

    ගැමුණු රජු මාගමට ගොස්, නැවතත් සැට දහසක බලසේනාවකුත් රැගෙන යුද්ධයට ගොස් තමන්ගේ සහෝදර තිස්ස කුමාරයා සමග යුද්ධ ලෑස්ති විය.රජු දීඝථූනිකා වෙළඹගේ පිට මත සිටියේය. තිස්ස කුමාරයා කඩොල් ඇතුගේ පිටෙහි සිටියේය. සහෝදරයෝ දෙදෙනා එකිනෙකාට විරුද්ධව යුද්ධ කරන්ට රණබිමෙහි සූදානම්ව සිටියහ.

    රජු දීඝථූනිකා වෙළඹගේ පිට මත සිටියේය. තිස්ස කුමාරයා කඩොල් ඇතුගේ පිටෙහි සිටියේය. සහෝදරයෝ දෙදෙනා එකිනෙකාට විරුද්ධව යුද්ධ කරන්ට රණබිමෙහි සූදානම්ව සිටියහ. රජු තෝමරය දමා ගසන්ට සිදුරක් සොයමින් ඇතා වට කොට වෙළඹගේ පිටින් වළල්ලක හැඩයට වේගයෙන් දිව්වේය. එසේත් සිදුරක් සොයා ගැනීමට බැරි තැන ඇතාටත් තිස්ස කුමාරයාටත් ඉහළින් වෙළඹව පන්නා, ඇතාගේ පිට වසා තිබුනු සම් සැට්ටය සිදුරු වන ලෙසට තෝමරයෙන් දමා ගැසීය.

    5 (1).jpg
    ​

    සහෝදර සංග්‍රාමයෙන් තිස්ස කුමාරයාගේ දහස් ගණන් මිනිස්සු යුද්ධ කරන්නාහු මරණයට පත්වූහ. ඔහුගේ මහා බලය බිඳී ගියේය අනුරාධපුර ඉතිහාසයේ සූරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත රජරට පාලන බලය හිමි විය. සේන හ ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක් ද, අසේල රජු වසර 16ක් ද ඉන්පසු එළාර රජු වසර 40ක් ද ලෙස වසර 76ක් ද්‍රවිඩ පාලකයෝ මෙරට පාලන බලය ගෙන ගියහ

    ඔවුන්ගේ ප්‍රදනතම බලකොටුව විජිතපුර බලකොටුවයි විජිතපුර බලකොටුව පිහිටි නගරය දිය අගල් තුනකින් වටකොට තිබුණි. උස ප්‍රාකාරයකින් ආරක්ෂා වී තිබුණි. යකඩ දොරටුවකින් වසා තිබුණි. සතුරන්ට එය විනාශ කිරීමට ඉතා දුෂ්කරය. දුවිලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොල් ඇතු දුටුගැමුණු රජුගේ සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිව විජිතපුර මහා බලකොටුව අභියස මහා සටන ආරම්භවිය

    කඩොල් ඇතා දණ දෙකෙන් බිඳ නොයෙක් ගල් ආයුධත් ගඩොලුත් බිඳගෙන යකඩ දොර වෙත පැමිණියේය.යකඩ දොර උඩින් උසට කැටයම් කළ ගෝපුර නමැති තොරණෙහි සැඟවී සිටි දෙමෙල්ලු ඇතුට විවිධ ආයුධවලින් දමා ගැසූහ. ගින්දර මෙන් රත්කළ යකඩ ගුළිත් උණු කළ ලෝදිය පහළට වත්කළහ. කඩොල් ඇතුගේ පිටට ගින්නෙන් උණු කළ ලෝදිය වැටී දුම් දම දමා තිබුණි. මහත් වේදනාවට පත් වූ ඇතා දිය අගලට දුවගෙන ගොස් ජලයට පැන්නේය.

    එය දැකපු ගෝඨයිම්බර යෝධයා ‘
    එම්බල ඇත්රජෝ, මේ තට ජය අරගෙන සුරාපැන් බීමක් නොවෙයි. දැන් ම පලයාං. අපගේ සතුරන්ගේ යකඩ දොර බිඳපාං’ කියා කෑගසා කීවේය. ගෝපුරයෙහි සැඟවී, දෙමෙල්ලු විදින නොයෙක් ආයුධ පහරවල් කාගෙන හෙණ හඬ මෙන් ගුගුරුවාගෙන ගිය ඇත්රජා, දළ දෙකෙන් වසා තිබූ දොර පලුව බින්දේය. උළුවස්සට පයින් පහර දුන්නේය. දොරබා සහිත ඒ මහා යකඩ දොර මහා හඬ නංවාගෙන බිම වැටුනි

    Gemini_Generated_Image_d4sxtpd4sxtpd4sx (1).jpg


    යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමු වන අතර එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදළෙන් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදි.
    Gemini_Generated_Image_ke67vgke67vgke67 (1).jpg
    ​

    දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු පසු කලෙකදී තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පා වීම නිසා රෝගාතුර විය. ඒ පිළිබඳ කම්පාවූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට ඇතු රැගෙන යන ලදි. එසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුරවූ කඩොල් ඇතු යුධගනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මිය ගොස් ඇත කඩොල් ඇතුගේ දළ යුගල වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැක . ඇතැමුන් සඳහන් කරන්නේ එම දළ යුගල දුටුගැමුණු රජු ඉදි කළ මහාථූප මළුවේ තැන්පත් කර ඇති බවය. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගල තම ස්වාමියා කාලක්‍රියා කළ මහාථූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතු මත පදනම් වන බව පෙනේ.

    කඩොල් ඇතුගේ දළ යුගල සොයා යන අපගේ මීළග අවධානය යොමු වන්නේ රුහැණු කතරගම මහා දේවාලය වෙතය. සුමිත් රණසිංහ විසින් රචිත “ කතරගම් පුවත” නම් ග්‍රන්ථයේදී (2011 ප්‍රථම මුද්‍රණය) කතරගම ඇසළ පෙරහරේ චාරිත්‍ර ගෙනහැර පායි. පෙරහර මංගල්‍යයේ 6 වැනි දින චාරිත්‍ර අතරට කඩොල් ඇතුගේ දළ යුගල ප්‍රදර්ශනය කිරීම ද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේදී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනය ද සිදු කරන බවයි. දුටුගැමුණු මහරජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත්දළ දෙක ප්‍රධාන දේවාලයේ දොරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීමද මෙදින සිදුවේ. ” (පිටුව 84) කතරගම දේවාලය හා බැඳී ඇති ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමඟ පැවැති දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගල සද්ධාතිස්ස රජු දේවාලයට පූජා කරන්නට ඇති බවය

    ඇත් දළය ලෙස හඳුනාගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගලට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගල ප්‍රමාණයෙන් විශාල බව පෙනේ ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවය. මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජිතපුර බළකොටුවේ දොර අගුළු සිඳලූ ඒ විස්මිත ඇත් දළ යුගල වසරක් පාසා කතරගම පෙරහර මංගල්‍ය පවත්වන අවස්ථාවේදී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදා වෙන බව මෙහිදී සිහිපත් කිරීම වටී


    Gemini_Generated_Image_sdt9r6sdt9r6sdt9.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,577
    1,365
    113
    United States
    කඩොල් ඇතා විජිතපුර යකඩ දොර කඩපු කතාව නම් කී වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ. කතරගම දේවාලෙ තියෙන්නෙ ඒ දළ දෙක කියන එකත් මරු විස්තරයක්
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,136
    883
    113
    7_gen_gmn_perera.jpg

    https://alt.army.lk/lightinfantry/si/si-mascot

    මා ඉදිරියේ සිටිනා මේ යුද හමුදා හස්‌තියා කණ්‌ඩුලයි. මේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්‌තුවයි. ලොව සමහරක්‌ රටවල හමුදාවලද මංගල වස්‌තුවක්‌ සේ සලකන සතෙකු භාවිත කළත් ලොව අන් කිසිදු හමුදාවක මෙවැනි මංගල වස්‌තුවක්‌ නැත. හමුදාවක මංගල වස්‌තුව බවට පත් වූ ලොව එකම හස්‌තියා හෙවත් කණ්‌ඩුල ගේ කථාව අපූරුය -> කණ්‌ඩුල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,487
    102,762
    113
    7_gen_gmn_perera.jpg

    https://alt.army.lk/lightinfantry/si/si-mascot

    මා ඉදිරියේ සිටිනා මේ යුද හමුදා හස්‌තියා කණ්‌ඩුලයි. මේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්‌තුවයි. ලොව සමහරක්‌ රටවල හමුදාවලද මංගල වස්‌තුවක්‌ සේ සලකන සතෙකු භාවිත කළත් ලොව අන් කිසිදු හමුදාවක මෙවැනි මංගල වස්‌තුවක්‌ නැත. හමුදාවක මංගල වස්‌තුව බවට පත් වූ ලොව එකම හස්‌තියා හෙවත් කණ්‌ඩුල ගේ කථාව අපූරුය -> කණ්‌ඩුල
    පුදුමයි තාම ඌව අයින් කරලා නැති එක අපේ සත්ව වේදින් එකතු වෙලා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,312
    113
    35
    Spain
    ඇතා උඩින් වෙළඹ පැන්න නිසා කඩොල් ඇතාට තරහා ගිහින් තිස්ස කුමාරයා බිම ඇද දාලා යන්න ගියා. තිස්ස කුමාරයා දුවල ගිහින් විහාරයක භික්ෂූන් වහන්සේලාගෙන් ආරක්ෂා කරන්න කියල ඉල්ලුවා. භික්ෂූන්වහන්සේ තිස්ස කුමාරයාට ඇඳ යට සැඟවිලා ඉන්න කිව්වා. දුටුගැමුණු කුමාරයා සහෝදරයා ඇඳ යට සිටින බව දැනගත්තත භික්ෂූන් රැකවරණය යටතේ සිටි නිසා අනතුරක් කලේ නෑ.

    owa boru katha ban
    ජන ප්‍රවාද. කටවචනයෙන් පැවැත එන කතා.
    ------ Post added on Oct 22, 2026 at 6:45 PM
     
    • Like
    Reactions: EVC