කඩොල් ඇතා

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    නියමයි...බොරු වල්පල් පෝස්ට් වෙනුවට වටිනා දෙයක්..!

    අපි නිතර දුටුගැමුණු රජතුමා ගැන කතා කරනවා උනාට සැබෑ වීරයා කාවන්තිස්ස රජතුමා කියල තොරතුරු ටිකක් ලැබුනා.. බුද්ධිමත් යුධ සැලැස්මක් එක්ක දීර්ඝකාලීන සංවර්ධන සැලැස්මක් රටට එකතු කරන්න උත්සහකල රජකෙනෙක් කියල තමයි කියන්නේ...දුටුගැමුණු කියන්නේ තරහයන, ප්‍රශ්න විසදිය යුත්තේ යුද්ධයෙන්ම කියපු රජ කෙනෙක්..නමුත් ඔහුත් සාර්ථක වුනා.
    කාවන්තිස්ස රජතුමා යමක් කරන්න උත්සහ කරා කියන එකට හොද කෙටි උදාහරණයක් තමයි දසමහ යෝදයෝ සහ කඩොල් ඇතා. මේ සියළු දෙනා සොයාගත්තේ කාවන්තිස්ස රජතුමා..

    බලමු වෙලාවක් තිබුනොත් විස්තර ටිකක් එක්ක කාවන්තිස්ස රජතුමා ගැන පොඩ්ඩක් කතා කරමු..
    මමත් මේ අහපු කතා ටිකක්. ගොඩක් ආසා හිතෙන මාතෘකාවක්..


    TFS...REP++++10
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මරුසිරා;18696116 said:
    දේශපාලන කුණු ත්‍රෙඩ් අස්සේ වටිනා ත්‍රෙඩ් එකක් .. රේප් +7

    well said
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    1000+Likes+fb+comment.jpg
     

    saveen_lakshith

    Junior member
  • Feb 16, 2007
    196
    2
    18
    London
    දුටුගැමුණු මහ රජුගේ රාජකීය හස්තියාවන කඩොල් ඇතාගේ දෙදළ කතරගම දේවාලයේ පුජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇත. මෙම දළ යුගල සෑම වසරක දීම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප‍්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යයි.

    මෙම ඇත් දළ යුගල දුටුගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දි ඌව අල්ලා ගත් ඕලන්දක්කාරයින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු හා විහාරස්ථාන විනාශ කරන විටදී දේවාලයේ ඇති වස්තුව රැක ගැනිමට කපු මහත්වරු හා නිළමේවරු කි‍්‍රයා කළහ. ඇත් දළ යුගල ද සැඟවුහ.

    ඇත් දළ යුගල සැඟවු ස්ථානය කිසිවකුට සොයා ගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශත වර්ෂයේ දී පමණ පාරම්පරික කපු මහතකු දුටු හීනයක් නිසා ඇත් දළ යුගල සඟවා තිබු ගල සොයා ගැනිමට හැකි වු බව කියති.

    දුටුගැමුණු මහ රජතුමා රජවීමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරුවන් හා යුද්ධ කළේය. බුත්තල යුදගනාව යුදපිටියයි. සද්ධාතිස්ස කුමරුන් කඩොල් ඇතු පිට සිටියේය. දුටුගැමුණු වෙළඹක පිට සිටියේය. දුටුගැමුණු කුමරු වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් කිහිපවරක්ම පන්නා ශිල්ප දැක්විය.

    කඩු පහරකින් තම සහෝදරයාගේ ගෙළ කපා දැමීමට හැකි වුවත් දුටුගැමුණු රජු එසේ නොකළේය. තම පිටට උඩින් අශ්ව වෙළඹක් පැන්න විමෙන් ඇත් පරපුරටම අවමානයට මුහුණ දුන් කඩොල් ඇතා තම පිට උඩ සිටින සද්ධාතිස්ස ඉතාම දුර්වලයෙක් යැයි සිතා පිට ගසා සද්ධාතිස්ස කුමරුන් බිමට දමා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් දණ ගැසීය.
    මෙම සිදුවීම බලා සිටි සියළුම සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය පැතු අතර කුමරුන් මුලින් රජවු දිනය එදා බව පැරැන්නන් පවසති.

    එදා සිට දුටුගැමුණු රජතුමා මිය පරලොව යන තෙක් විශේෂ කාර්‍යභාරයක් ඉටු කළ අප රටේ ඉතිහාස ගතවු හස්ති රාජයකු වන්නේ කඩොල් ඇතාය.

    දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ යුද්ධයේ දී ඉතා ඥානවත්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරිමට උරදුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවසේ.
    කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු ඇතා වන්නේ කඩොල් ඇතා බවයි . දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සාදන විට දී කඩොල් ඇතු ද රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවු දුටුගැමුණු රජතුමා මියගිය පසුව එම දුක දැනුණු කඩොල් ඇතු ද රෝගාතුර වු බව කියයි.
    මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට එද්දි දැඩි ලෙස රෝගාතුර වු බවයි. බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් කි‍්‍රයා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිපයකින් ඇතා මියගිය අතර එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඩිල්ල නැමැති ස්ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ බව ඉතිහාසය කියයි..



    කතරගම දේවාලයට නැඟෙන හිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහත්වරු එය පෙරහැරකින් ආ බව කතරගම මහා දේවාලයට රැගෙන ආහයි කියති.දළ යුගල සැඟවු ගල තවමත් එලෙසම පවති. දළ යුගල සැගවිමට හෑරූ කුහරය ද දැනටද දක්නට ඇත.


    a11.jpg




    මචන් මම අහල තියෙනවා රුවන්වැලි මහා සැයේ ඔය කඩොල් ඇතාගේ දල දෙක වළලලා තියෙනවා කියල.