කණට ගහලා මංකොල්ලකෑම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොයම් කැපිලි,පෑගිලි නිසා කාලෙකට මේ පැත්තේ එන්නත් බැරි වුනා.වෙල මැද ඉද්දී තමයි මේ දවස්වල අව්වේ තරම දැනෙන්නේ.ඌෂ්නේ කොච්චරද කියනවා නම් මේ පාර අත් වල වතුර බිබිලිත් ඇවිත්.වී ටික ගොඩ දාගත්තා විතරයි වැස්සත් පටන් ගත්තා.කවද වැහැපු වැහිද මේවා.පහුගිය අවුරුදු ගාණ ඇතුලේ දේශගුණය පුදුම විදියට වෙනස් වෙලා.

    අද අපේ කතාව පටන් ගන්න කලින් වදුරෝ ගැන පොඩි දෙයක් කියලා ඉන්න ඕනේ.වදුරෝ ගත්තම ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදෙනවා.ඒ තමයි ඕල්ඩ් වර්ල්ඩ් සහ නිව් වර්ල්ඩ් වදුරන්.

    1.අලුත් ලෝකයේ වදුරෝ

    2.පැරණි ලෝකයේ වදුරෝ

    මොනවද මේ අලුත් ලෝකය,පැරණි ලෝකය කියන්නේ බලනවා ඇති කට්ටියට.ඒ කාලේ ඉතිහාස පාඩම් එහෙම මතක නම් කොලොම්බස් ඉන්දියාව හොයාගෙන ගිය සිද්ධිය අමතක වෙන්න බෑ.පොර ඉන්දියාව හොයාගෙන ගිහින් අන්තිමට නතර වුනේ ඇමෙරිකාවේ.ඔන්න ඔය ඇමෙරිකාවට තමයි "අලුත් ලෝකය" කියන නම පටබැදිලා තියෙන්නේ.දකුණු සහ උතුරු ඇමෙරිකා මහද්වීපවල ජීවත් වෙන වදුරෝ අලුත් ලෝකේ වදුරෝ කියලා හඳුන්වනවා.

    පැරණි ලෝකේ කිව්වේ අප්‍රිකාව,යුරෝපය සහ අපි ඉන්න ආසියා මහද්වීපය.අප්‍රිකාවේ සහ ආසියාවේ ඉන්න වදුරෝ පැරණි ලෝකේ වදුරෝ කියලා හඳුන්වනවා.

    මේ දෙගොල්ලන්ගේ වෙනස්කම් මොනවද?

    1.පැරණි ලෝකයේ වදුරෝ ගත්තම උන් වැඩි පුරම ගැවසෙන්නේ බිම - ඒ වුනාට මුන්ගේ වාසස්ථාන වැසි වනාන්තර,තණබිම් වලට ඉදලා කඳුකරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා.

    4UUp7fQ.jpg



    අලුත් ලෝකයේ වදුරෝ ගස් උඩ තමයි ජීවත් වෙන්නේ වැඩි කාලයක්.ඒ හින්දා උන් දැක ගන්න ලැබෙන්නේ උස් ගස් තියෙන වැසි වනාන්තර ආදියේ.

    CkYRjro.jpg



    2.මුන් දෙගොල්ලන්ගේ ලොකුම වෙනස තියෙන්නේ වලිගයේ.අලුත් ලෝකයේ සමහර වඳුරන්ට තියෙනවා ගහක්,නැත්නම් අත්තක් තදින් අල්ල ගන්න පුලුවන් වල්ගයක්.ගහෙන් ගහට යන්න,බැලස්න් එක තියාගන්න වගේ වැඩවලට මේ නැට්ට හරි ප්‍රයෝජනවත් වෙනවා.

    fea8Za2.jpg


    පැරණි ලෝකයේ වඳුරන්ටත් වල්ග තියෙනවා.ඒත් අර වගේ අත්තක් අල්ල ගන්න තරම් හැකියාවක් ඒවාට නෑ.හැබැයි මුන් හුගක් වෙලාවට බිම ඇවිදිමින් ,ඉදගෙන ඉන්න නිසා,උන්ගේ පස්ස පැත්ත ඒකට හරියන්නට අනුවර්තනය වෙලා තියෙනවා.දැකලා ඇතිනේ සමහර වදුරන්ගේ පස්ස පැත්තේ මේ වගේ කොට්ටයක් වගේ තියෙනවා.

    Iwz3dpT.jpg



    3.අලුත් ලෝකයේ වදුරෝ ගස් උඩම ජීවත් වෙන නිසා වැඩිපුරම කන්නේ පළතුරු ජාති.පැරණි ලෝකයේ වදුරෝ පලාජාති,තණකොළ සහ පළතුරු වගේ දේවල් කන්නේ.

    ඕවා තමයි මේ වදුරු කණ්ඩායම් දෙක අතර තියෙන ප්‍රධානම වෙනස්කම් කිහිපය.



    මේ ඉන්න අද කතාවේ කතා නායක.නම lion tailed macaque .දැන බලනවා ඇති මොකක්ද මේ සිංහ වල්ග කතාව මොකක්ද කියලා.

    7d2KGdr.jpg


    මුන්ගේ වලිගේ කෙලවර හරියට සිංහයෙක්ගේ වල්ගය වගේමයි.ඒ කියන්නේ කළු පාට රෝම බිස්සක් තියෙනවා කෙළවර.ඔය තියෙන්නේ නැටි දෙකම.

    FWYWg71.jpg

    මේ වදුරා අපි කතා කරපු කණ්ඩායම් දෙකෙන් මොකකට වැටෙන්නේ කියලා කියන්න පුලුවන්ද?

    මූ ඇවිල්ලා පැරණි ලෝකයේ වදුරෙක්.ඉන්නේ අල්ලපු රටේ.දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ වනාන්තරවලට මූ ඒකදේශික සතෙක්.කොහොමද ඩයල් එකේ පෙනුම.සිංහයෙක් වගේ නැට්ටක්,මූණ පුරා සුදු කේශර..

    kq5ccWc.jpg


    අනෙක් වදුරෝ වගේ තමයි මූත් රංචුවක් විදියට තමයි ගමන් බිමන් යන්නේ.හුගක් වෙලාවට ගමන බිමින් තමයි.පළතුරක් එහෙම සෙට් වුනොත් තමයි ගහකට ගොඩ වෙන්නේ.නැත්නම් සතුරෙක්ගෙන් බේරෙන්න.

    මේ වෙද්දී අපේ කොස් වාරෙත් පටන් අරන්.කතාවේ ඉන්න හාදයාගේ ආසම කෑමක් තමයි ඉදුණු කොස්.ඒ කියන්නේ වරකා,නැත්නම් වැල.වැල සහ වරකා කියලා දෙවර්ගයක් තියෙනවානේ.මදුලු හයිය එක වරකා.වැල ගෙඩියක් නම් බිම වැටුණොත් කනවා බොරු.ගෙඩි පැලිලා මදුළු සී සී කඩ විසිවෙලා යනවා.

    oiqpv2E.jpg


    අපේ කතා නායකත් කොස් වාරය එද්දී බොහොම විමසිල්ලෙන් ඉන්නේ.කොස් ඉදිලා සුවඳ හමද්දී කට්ටියම ගස්වල.

    ඒත් වැඩේ කියන්නේ මේ වදුරට හොඳට ඉදුණු කොස් ගෙඩිය තෝර ගන්න බෑ.ඉදිලා නැත්නම් මේක කඩලා කොහොම කන්නද නේද.

    දැන් ඉතින් කොහොමයි වරකා මදුලක රස බලන්නේ?ගානට ඉදුණු කොස් ගෙඩියක් හොයා ගන්න දක්ෂයෙකුත් මේ කැලෑවේ ඉන්නවා.ඌ තමයි මේ ඉන්නේ.නම ඉන්දියානු යෝධ දඬුලේනා.යෝධ දඬුලේනුන්ගේ උප විශේෂයක් ලංකාවේත් ඉන්නවා.ලංකාවේ එකා නම් අලුපාටට හුරුයි.අපේ කතාවේ එන ඉන්දියන් නැත්නම් මලබාර් දඩුලේනා නම් ඒකදේශික සතෙක්.මූ බලලෙක් තරම් ලොකුයි.අපේ එකාට වඩා මුගේ ලස්සන තද පාටක් තියෙනවා.

    yAuQ3S6.jpg


    වරකා සුවඳට ඉතින් දඩුලේනත් ඇදිලා එනව කොස් ගස්වලට.කොස් වාරය ආවාම අපේ කතා නායක වදුරාත් මේ දඩුලේනාගේ ගමන් බිමන් දිහා ඇහැගහගෙන ඉන්නේ.

    හොඳට ඉදුණු කොස් ගෙඩියක් දඩුලේනා හොයාගන්නවා උගේ තියුණු ආඝ්‍රහණ හැකියාවෙන්.දඩුලේනා පස්සෙන් වදුරු රැලත් එනවා.උගේ පස්සෙන් ගහෙන් ගහට යනවා.දඩුලේනා ඉදුණු ගෙඩිය අදුරගත්ත ගමන් ඌට වැඩ වරදිනවා.

    දඩුලේනා ගෙඩිය ඉදුල් කරන්න කලින් වදුරා වැඩේ පටන් ගන්නවා.ඌ දඩුලේනාගේ මූණට අතින් ගහනවා.දඩුලේනා වරකා ගෙඩිය ගැන ආසාව අතහැරලා පසුබහිනකම් මේ කම්මුල් පාරවල් කන්න වෙනවා.

    KPc1bpk.jpg


    jKNJHwj.jpg


    වදුරා එක්ක හැප්පෙන්න බැරි නිසා දඩුලේනා පසුබසිනවා.යනවා වෙන වරකා ගෙඩියක් හොයාගෙන.ලග පාත වදුරෝ සෙට් එක හිටියොත් දඩුලේනාට වරකා නම් කන්න ලැබෙන්නේ නෑ.මොකද ඌ හොයාගන්න ඉදුණු වරකා ගෙඩි ඔක්කොම වදුරෝ බලහත්කාරයෙන් ඩැහැගන්නවා.

    TmKHgSF.jpg


    දඩුලේනා පසුබැස්සේ නැත්නම් ඒකටත් උපක්‍රමයක් වදුරෝ ගාව තියෙනවා.උන් වරකා ගෙඩිය නැට්ටෙන් කඩා බිම දාගන්නවා.උන් දන්නවා දඩුලේනා බිමට බහින්නේ නැති විත්තිය.බිම පුරුදු පැරණි ලෝකයේ මේ වදුරු විශේෂය බිම තප්පලන් ගහගෙන වරකා ගෙඩිය බුක්ති විදිනවා.මෙච්චර වෙලා කතා කරපු සිද්ධිය බීබීසී අර්ත් චැනල් එකෙන් දාපු වීඩියෝ එකක අපූරුවට සටහන් වෙලා තියෙනවා..

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Good Job Bro 👍👍

    ලේන පව්
    මට නන් සක්කිලි වදුරො පේන්න බෑ, දෙන්නෙ ගල් ගෙඩි / පොලු පාර දැක්ක තැන :angry:

    දඩු ලේන්නු එනව අපෙ ගෙදර කුරුම්බ බොන්න, හෙන පාඩුවක් කරන්නෙ උන්, එත් කියුට් සතා නෙහ් :love2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    වඳුරු රැලත් ආණ්ඩුව වගේ. මහජනතාව නැමති ඳඩු ලේනා විසින් බලය නැමති වරකා ගෙඩිය සොයා දුන් පසු ආණ්ඩුව විසින් මහජනයාට කනේ පාර ගසයි.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඒක නිකන් ආදරේට තට්ටු දානව වගේ.. නැත්තන් වදුරො ගහන්නෙ ඔහොම නෙවෙයි..හූරනව හපනව 🔫 🔫 🔫
     
    • Like
    Reactions: Walter White